Picture Framing & Pirikara - by NANDA

Picture Framing & Pirikara - by NANDA All kinds of Ata pirikara & picture framing Contact 0112673515
0714702197

01/04/2024

රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැදමැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ. එනම් ඒ ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි .

රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදු කළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි .හවසටත් රුවන්වැලි මහා සෑයටත් වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේ .දවසක් රජතුමාට යෙදිළා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොදටම හවස් වුණා.ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාළිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා.බත් පිඩ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා.

රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයන් ගෙන් බත් පිඩක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා "අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ කලේ නැහැ "නේද කියල .එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළි ගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි .

රාජ් පුරුෂයා රජතුමාට කියනවා "දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ "කියලා රජතුමා කලබලයට පත් වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඩ ආපහු රන් තලියට දමන නැගිට්ටා .ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා වුනා .දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා .කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා .එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා .

භාතිය මේජතුමාට ඇහුනා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා.මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා .පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ .කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ .හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඩ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතූ ගර්භයේ ඇතුලතින් කියලා රජතුමාට වැටහුණා.

එදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨාන කළා ."චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා " කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.

භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන් ගේ ආසන උණු වෙන්න පටන් ගත්තා.සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා .ඒ ගැන වටහගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා.ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා.ඒ පිරිත් හඩ තමයි රජතුමාට අහන්න ලැබුණේ.

පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍර්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා.ඒ රහතන් වහසේ ඍර්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජ්තුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා.රජතුමාගේ හිතේ හැටිය ධාතූ ගර්භය වන්දනා කරගන්න සැලැසුවා.නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.

සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍර්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා.බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති.අන්න ඒ ආකාරයට තමයි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍර්ධිබලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතූ ගර්භය වන්දනා කරවන්න ඇතුලට ගෙන ගියේ.

ධාතූ ගර්භය තුල සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැදුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොදයි කියලා කළ්පණා කළා.රජතුමා රන්කරුවන් ළවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාළිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතූ ගර්භයෙහි ආකෘතියක් සකස් කළා.භාතිය රජතුමා වසරක් පාසාම නගර වාසීන්ට තමන් දුටු ඒ ධාතූ ගර්භයෙහි සැළැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත් වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුළ දරුවන් පැවිදි වූ බවත් ථුපවංශයෙහි සදහන් වෙලා තියෙනවා .

ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි.

රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදි සුවද මල් වගා කෙරෙව්වා.දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා.එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහා සෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා.සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා එවැනි ශද්ධාවන්ත රජ කෙනෙකුගේ ප්‍රථිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.

එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදු කළ ඒ පූජාවන් ගැන සිහි කරද්දි රුවන්වැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොදින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා.

මහාවංසයෙහි සදහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා.මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල්වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සදහන් වෙනවා.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

01/11/2023

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!

තුන් හෙළයම එක්සේසත් කල, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කල ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවින් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

02/09/2023

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!

තුන් හෙළයම එක්සේසත් කල, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කල ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවින් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..

සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

02/09/2023

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමින් දවස ආරම්භ කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.

ඉති‘පි - (ඉති+අපි) මෙසේ ද
සෝ - ඒ භගවා - භාග්‍යවතුන් වහන්සේ

1. අරහං - රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.

2. සම්මා සම්බුද්ධෝ - දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ - විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ - යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.

5. ලෝකවිදූ - සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී - දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං - දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.

8. බුද්ධෝ - චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

9. භගවා - අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.

ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.

Fiber Buddha Statue 26"
25/08/2023

Fiber Buddha Statue 26"

02/02/2023
Thai Cotton Atapirikara
02/02/2023

Thai Cotton Atapirikara

Thai Challenger Large Atapirikara
02/02/2023

Thai Challenger Large Atapirikara

Thai Challenger Atapirikara
02/02/2023

Thai Challenger Atapirikara

Challenger Atapirikara
02/02/2023

Challenger Atapirikara

ඩොලමයිට් බුදු පිලිම
05/01/2023

ඩොලමයිට් බුදු පිලිම

Address

4, Maligakanda Road, Colombo 10
Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 19:00

Telephone

+94718656488

Website

Alerts

Be the first to know and let us send you an email when Picture Framing & Pirikara - by NANDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share