22/04/2021
Uppena (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)“ආදරේ ශ්‍රේෂ්ඨයි කියලා ඉතිහාස පොත් වලයි, සොහොන් කොත් වලයි පේන්න තිබුණට, කසාදයක් කරගෙන, ළමයි හදාගෙන, ගෙදරදි නිතර දකිද්දි, ඒකෙ වටිනාකම අඩු වෙනවා. ඒකයි…ආදරේ නිතරම ඉතිහාස පොත් වලම තියෙන්නේ. ඒකට අනාගතයක් ඇත්තෙ නෑ..”
2020 අප්‍රේල් 2 වෙනිදා තිරගත වීමට නියමිත වුන මෙම චිත්‍රපටිය 2021 පෙබරවාරි 12 වන දින රිදී තිරයට පැමිණියා. කෝටි 22ක පමණ බජට් එකකින් හදපු මේ චිත්‍රපටිය වැඩිකල් යන්නත් මත්තෙන් කෝටි 100යේ සීමාවද පහු කරේ 2021 වසරේ පැමිණි අනෙකුත් ඉහළෙ පෙලේ චිත්‍රපටිද පසු කරමිණි. දෙවන පෙලේ නළුවෙක් සහ නිලියකට හැකි උනා ලොකු ජයග්‍රහණයක් ලබාගන්න.
වෛෂ්නව් තේජ් කියන්නේ සායි ධරම් තේජ් නැත්නම් සුප්‍රීම් හීරෝ කියලත් කියනවා, ඔහුගෙ මල්ලි තමයි වෛෂ්නව්. වෛෂ්නව්ගෙම කියන පළවෙනි චිත්‍රපටිය තමයි මේක. නිළිය ගැන කථා කලාම, අවුරුදු 17ක් වෙන මේ නිළිය මෙහි රඟපාන විට වයස 15-16 අතර තමයි ඉන්න ඇත්තෙ. වයස ඉලක්කමක් විතරයි කියලා හිතාගත්තා මමනම්. මැය මීට පෙර රිතික් රෝෂන්ගෙ Super 30 කියන චිත්‍රපටියේ ළමා චරිතයකට පෙනී හිටියා. ඉතිං මැයගෙ තෙළුගු ආගමනය තමයි මේ. දෙන්නගෙම පළවෙනි තෙළුගු චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි.
රායනම් කියන්නේ ගමේ නම්බුකාර ජීවිතයක් ගත කරන ප්‍රභූ පැලැන්තියකින් පැවත එන්නෙක්. කෙටියෙන්ම කියනවනම් හාමු කෙනෙක්. ඉතිං රායනම්ට හැමදේටම වැඩිය ” නම්බුව” තමයි වැදගත්. නම්බුව ඉදිරියේ කිසිවක් ඔහුට පේන්නෙ නෑ. ඔහුගෙ බසින්ම කියනවනම් , “රායනම්ට පණ වෙනයි නම්බුව වෙනයි නෙවෙයි බං, දෙකම එකක්” ඉතිං මේ රායනම්ගෙ නම්බුව තමයි ඔහුගෙ දියණිය “බේබම්මා” .. රායනම් තම නම්බුව වෙන බේබම්මව කොලේජ් එකට යවන්නෙත් ඇයටම විතරක් වෙන් වුන බස් එකකින්.
ආසී කියන්නේ දුප්පත් ධීවරයෙක්ගෙ පුතෙක්. ආසිගෙ දෛනික කටයුතු වල එක කටයුත්තක් තමයි පොඩි කාලෙ ඉදන් ආදරේ කරන ගැහැණු ළමයගෙ මූණ කොහොම හරි බලාගන්න එක. ආසිට මුළු ලෝකෙම අමතක වෙනවා ඇයව දුටුවම. ඇය වෙන කවුරුත් නෙවෙයි බේබම්මා. ඇය නම් මොහු පස්සෙන් එන වගක්වත් දන්නෙ නෑ.
දීර්ඝ සංචාරයකින් පස්සෙ, මොවුන්ගෙ ආදරය මල්ඵල දරන්නේ මුළු ලොවටම හොර රහසේ. මුළු ලොවටම රහසින් පෙම්බදින මොවුන්ගෙ ආදර අන්දරයට රායනම් ඇතුල් වෙන්නේ සියළු බලාපොරොත්තු බිද දමමින්. රායනම්ගෙ නම්බුව ධීවර කොල්ලෙක් එක්ක කරක්ගහනවා කිව්වම ඉතිං හිතල බලන්නකො, කොහොමට දැනෙයිද කියලා ඔහුට. රායනම් කියන්නේ අනික් චිත්‍රපටිවල වගේ සම්බන්දය ගැන දැනගත්ත වෙලේ ඉදන් මැරයො යව යව නිතරම නළුවගෙන් ගුටි කකා ඉන්න ජාතියේ කෙනෙක්නම් නෙවෙයි. කරන දේ කෙලින්ම ශොට් එකටම කරන ජාතියේ කෙනෙක්.
චිත්‍රපටිය භයානක ආරම්භයක් එක්ක රළු දෙබස් ටිකකින් ආකර්ෂණීයව ඇරඹෙනවා. එතනින්ම හැමෝටම ඉගියක් දෙනවා ආදර සම්බන්ධයට රායනම් ලොකුවටම බලපෑම් කරලා කියලා. කතාව ගැන නම් කියන්නෙ නෑ. ට්‍රේලර් එකෙන් දැක්ක ටිකම තමයි උඩ තියෙන්නෙ. ඔයාලම ෆිල්ම් එක බලන්නකො.
පැය 02යි විනාඩි 27 පුරා දිවෙන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය වගේම තිර රචණය “Bucchi Babu Sana” විසිනුත් සංගීතය DSP එහෙමත් නැත්නම් Devi Sri Prasad අතින් නිමවෙනවා. වගේම මෙයට IMDb 6.9ක අගයක් ලැබිලා තියෙනවා.