Babbu

Babbu Collection of adorable and affordable baby items to celebrate their milestones 💝
(312)

අපි දැන් 4 දෙනෙක්.. මෙහෙම ෆැමිලි එකක් තියනවානම් හාට් කමෙන්ට් එකක් දාගෙන යමුද..
11/06/2026

අපි දැන් 4 දෙනෙක්.. මෙහෙම ෆැමිලි එකක් තියනවානම් හාට් කමෙන්ට් එකක් දාගෙන යමුද..

😔 Stretch Marks නිසා තාමත් දුකෙන්ද?ගර්භණී කාලයේදී හෝ බබා ලැබුණට පස්සේ ඇතිවන Stretch Marks නිසාද? 🤰💔එහෙම නැත්නම්,✔️ හදිසි...
10/06/2026

😔 Stretch Marks නිසා තාමත් දුකෙන්ද?

ගර්භණී කාලයේදී හෝ බබා ලැබුණට පස්සේ ඇතිවන Stretch Marks නිසාද? 🤰💔

එහෙම නැත්නම්,
✔️ හදිසියේ බර වැඩිවීම නිසා
✔️ බර අඩුවීම (Weight Loss) නිසා
✔️ වයසත් සමඟ සම ඇදීම නිසා
✔️ ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවන Stretch Marks සහ Scars නිසාද?

✨ Mantra Stretch Marks & Scars Repairing Oil – ස්වාභාවික ආයුර්වේද සත්කාරයක්!

🌿 Rosehip Oil, Almond Oil, Black Seed Oil, Sunflower Oil සහ තවත් පෝෂණීය හර්බල් සාර රැසකින් නිෂ්පාදිතයි.

💛 ගර්භණී කාලයේදී සහ පසු ප්‍රසව සමයේ භාවිතයට ඉතා සුදුසුයි.

✅ Stretch Marks සහ Scars පෙනුම අවම කිරීමට උපකාරී වේ
✅ සමේ තෙතමනය සහ ප්‍රත්‍යස්ථතාව (Elasticity) රැකගනී
✅ සම මෘදු, පැහැපත් සහ නිරෝගී පෙනුමකින් තබා ගනී
✅ දිනපතා භාවිතයෙන් සතියෙන් සතිය හොඳ වෙනසක් දැකගත හැක

💆‍♀️ භාවිතා කරන ආකාරය
Stretch Marks සහ Scars ඇති ස්ථානවල උදේ සහ රාත්‍රී ආලේප කර මෘදුව මසාජ් කරන්න.

📦 Mantra Stretch Marks & Scars Repairing Oil
💰 Rs. 2,290/-
📏 100ml

📩 ඇණවුම් කිරීමට Inbox එකට Message කරන්න.

💕 අම්මිලාගේ විශ්වාසය නිසාම ආදරය ලැබූ Stretch Mark Care Solution එක! ✨🤰💛

මෙහෙම පුතාලා ඉන්න අම්මලා එයාගේ නම ලියාගෙන යමුද... #අම්මියිපුතුයි  #පුතා   #අම්මිලාගේඅත්දැකීම්  #ආදරය    #බබ්බුසිතුවිලි  ...
07/06/2026

මෙහෙම පුතාලා ඉන්න අම්මලා එයාගේ නම ලියාගෙන යමුද...

#අම්මියිපුතුයි #පුතා #අම්මිලාගේඅත්දැකීම් #ආදරය #බබ්බුසිතුවිලි #බබ්බුගේඅම්මා

05/06/2026

චූටියට මුලින්ම delivery room එකේදි අන්දන්න warm suits හොයනවද? අපි ලස්සන collection එකක් ගෙනාවා 😍
අම්මිටයි තාත්තිටයි ඩිසයින් බලන්න INBOX එන්න💓

We have curated a beautiful collection of warm suits for lil newborns💕 Message us now to get all your needs from babbu💌

අලුත උපදින චූටි පැටියට මුලින්ම අන්දන්න ඇදුමක් ගත්තද ? 👶🏻
චූටියාට deliery room එකෙදි අන්දන්න මුලින්ම ඔනෙත් මේ warm suits ඇදුම..

අම්මිගේ hospital bag එකට අවශ්‍යයම දෙයක් 💞 බබාව උණුසුමෙන් තියෙන බබාගේ මුලු ඇගම වැහෙන්න චූටි කකුල් මෙස් එකකුත් එක්කම එන නිසා චූටියට අම්මිගෙ බඩේ ඉන්නව වගේ හැගීමක් එන ඇදුමක් 🤱🏻

මොකද බබා අම්මිගේ බඩේ උණුසුමෙන් ඉදලා එලියට ආවාම එයාට සනීපෙන් ඉන්න ස්ලේපින් සුට් තමයි ගැලපෙන්නේ.. 💛 දැන්ම අරන් තියාගන්න ඔයාගෙ හොස්පිටල් යනකොට බෑග් එකට..

අපිට දැන්ම message එකක් දාන්න fb හරි instagram වලින් හරි.. නැත්නම් whats app කරන්න 📞 (77) 331 4194.. තව website එකෙනුත් බලලා order කරන්න පුලුවන් - www.babbu.lk 💻

Cash on Delivery/ Bank Deposit/ Card Payments
ඔක්කොම අපි ගාව තියෙනවා.. ඉක්මනින් අපිට කතා කරලා ලස්සන පාට ඉවර වෙන්න කලින් ගන්න ❤️

Your can easily place your order by messaging us on FB, Instagram or whats app 📞 (77) 331 4194.. You can also browse through our entire collection on our website www.babbu.lk 💻

You order and relax at home we will deliver to your door step 🚚 Cash on Delivery/ Bank Transfers and Card Payments available for your convenience 😍 Message us now to select from the best colors and designs before it’s too late❤️

30/05/2026

විශිෂ්ටයන් බිහි⁣වන්නේ පුහුණුවෙනි ❤️

😔 Stretch Marks නිසා තාමත් දුකෙන්ද?ගර්භණී කාලයේදී හෝ බබා ලැබුණට පස්සේ ඇතිවන Stretch Marks නිසාද? 🤰💔එහෙම නැත්නම්,✔️ හදිසි...
30/05/2026

😔 Stretch Marks නිසා තාමත් දුකෙන්ද?

ගර්භණී කාලයේදී හෝ බබා ලැබුණට පස්සේ ඇතිවන Stretch Marks නිසාද? 🤰💔

එහෙම නැත්නම්,
✔️ හදිසියේ බර වැඩිවීම නිසා
✔️ බර අඩුවීම (Weight Loss) නිසා
✔️ වයසත් සමඟ සම ඇදීම නිසා
✔️ ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවන Stretch Marks සහ Scars නිසාද?

✨ Mantra Stretch Marks & Scars Repairing Oil – ස්වාභාවික ආයුර්වේද සත්කාරයක්!

🌿 Rosehip Oil, Almond Oil, Black Seed Oil, Sunflower Oil සහ තවත් පෝෂණීය හර්බල් සාර රැසකින් නිෂ්පාදිතයි.

💛 ගර්භණී කාලයේදී සහ පසු ප්‍රසව සමයේ භාවිතයට ඉතා සුදුසුයි.

✅ Stretch Marks සහ Scars පෙනුම අවම කිරීමට උපකාරී වේ
✅ සමේ තෙතමනය සහ ප්‍රත්‍යස්ථතාව (Elasticity) රැකගනී
✅ සම මෘදු, පැහැපත් සහ නිරෝගී පෙනුමකින් තබා ගනී
✅ දිනපතා භාවිතයෙන් සතියෙන් සතිය හොඳ වෙනසක් දැකගත හැක

💆‍♀️ භාවිතා කරන ආකාරය
Stretch Marks සහ Scars ඇති ස්ථානවල උදේ සහ රාත්‍රී ආලේප කර මෘදුව මසාජ් කරන්න.

📦 Mantra Stretch Marks & Scars Repairing Oil
💰 Rs. 2,290/-
📏 100ml

📩 ඇණවුම් කිරීමට Inbox එකට Message කරන්න.

💕 අම්මිලාගේ විශ්වාසය නිසාම ආදරය ලැබූ Stretch Mark Care Solution එක! ✨🤰💛

සැනසීම..🙏යසාරලගේ ගේ ටිකක් ලොකුයි. කාමරම හතක් තියෙනවා. ඉස්සරහ කාමර දෙක තියෙන්නේ සාලයට ඉදිරියෙන් ඇති වැරන්ඩාව දෙපැත්තෙන්. ...
30/05/2026

සැනසීම..🙏
යසාරලගේ ගේ ටිකක් ලොකුයි. කාමරම හතක් තියෙනවා. ඉස්සරහ කාමර දෙක තියෙන්නේ සාලයට ඉදිරියෙන් ඇති වැරන්ඩාව දෙපැත්තෙන්. ඒකට වෙනමම ඇතුල්වෙන්න පුළුවන්. ඉස්සර යසාරලගේ සීයා විවාහ රෙජිස්ටාර්වරයෙක්. ඉතින් මේ කාමර දෙකම පාවිච්චි කළේ කාර්යාලයක් විදිහටයි. දැන් සීයා නැතිවෙලා. මේ ගේ සීයා ලිව්වේ යසාරාගේ තාත්තටයි.
මේ මහ විසාල ගෙදර උන්නේ යසාරයි යසාරාගේ තාත්තයි අම්මයි විතරයි. කාමර හතරක් විතර හිස්. ඉස්සරහට දුවගේ වියදම් එහෙමත් තියෙන නිසා මේ අමතරව තියෙන කාමර හතරේ බෝඩිම් ළමයි ටිකක් නවත්තගමු කියලා යෝජනා කළේ යසාරාගේ අම්මා.
"මෙතන කොල්ලෝ ගෙනත් දාගන්න පුළුවන්ද දූලගේ අම්මේ…මේ ගෑණු ළමයෙක් ඉන්න තැන…"
යසාරාගේ තාත්තා ඇහුවා.
"එන ළමයෙක්ව පරිස්සම් කරගන්න වෙන්නේ අපේ ගෑනිගෙන් තමයි…ඒ තරමට නපුරුයි…එහෙම මොනවත් වෙන්නේ නෑ. මමත් මෙතන ඉන්නවනේ…ගෑණු ළමයි ආවොත් එහෙමයි පිරිමි ළමයි ආවොත් එහෙමයි..."
"එහෙමනම් බලමු..."
"කෑම ටිකක් දෙන්නත් පුළුවන්නේ. ඒකෙනුත් කීයක්හරි එනවනේ..බෝඩිම් සල්ලි එහෙමම පොතකට දාමු..දැන් කාමරයක් දොළහකට දෙන්න පුළුවන්.."
"ඊටත් වැඩිය පුළුවන්..."
ඉතින් යසාරලාගේ ගෙදර බෝඩිම් ගෙයක් වුනේ එහෙමයි. සමහරු කොළඹ නැවතිලා රස්සාවල් කරන අය. තවත් අය කැම්පස් එකේ අය. කොහොමහරි කාමර හතරම පිරිමි ළමයි හය හත්දෙනෙක් ගත්තා. එක කාමරයක් විතරක් එක කොල්ලෙක් වැඩියෙන්ම දීලා ගත්තා.
"ම..ට මිසිස් රාමනායක තනි කාමරයක් ඕන..මේ ස්ටඩීස් වගයක් කරනවා..."
කොල්ලා ඇවිත් කිව්වා. 'එයාගේ අලි ඔළුව වගේ…' යසාරාට හිතුණා.
"එහෙමනම් පහළොවක්වත් ගන්න වෙනවා…"
කොල්ලා කැමති වුණා.
"මේ ළමයා කෑම එහෙම ගන්නේ..."
"මට මොනවාහරි කන්න පුළුවන්…ඕනකමක් වුනොත් මම මිසිස් රාමනායකට කියන්නම්…"
‘’අපෙන් කෑම කන්නත් කැමති නෑ…කවුද මෙයා. අලි පොරක්ද..' යසාරා හිතුවා.
ඉතින් දවස් ඔහොම ගෙවීගෙන ගියා.
බෝඩිමේ අයට රෑ නමයට කෑම දානවා. ඇතුළේ පොඩි මේසයක. කොල්ලෝ හය හතක් අටක් ඇවිත් කෑම කනවා.
"මේ ඇ..න්..ටි…"
කොල්ලෝ කතා කරනකොට යන්නේ ඇන්ටි නෙමේ. ඇන්ටිගේ දුව.
"ඇයි.."
යසාරා ටිකක් සද්දෙට අහනවා. කෙල්ල කොල්ලෝ එක්ක එක ගාණකට ඉන්නේ.
"නෑ මේ නි..කං කතා කළේ නංගී…"
"ඇයි කෑම රස නැද්ද…"
"අනේ අම්මේ එහෙම වෙනවද. මෙන්න පරිප්පු. අම්මගේ පරිප්පු හොද්ද වගේ…"
යසාරා හිනාවෙලා යනවා.
"ඔය කතා කළේ කෑමවල මොකක්හරි කියන්න. මම ගිය නිසා කිව්වේ නෑ…"
"අ..ද බෝල්ලෝ මාළුනේ තිබ්බේ. ඊයේ සාලයෝ…කොල්ලෝ ඒවට ආස නෑ…"
"ආ…නැත්නම් මෙයාලට තෝර කෑලි බැදලා දෙන්නද…මේ නිකං ඉන්න අම්මා…රුපියල් එකසිය අසූවයි කෑම එකකට ගන්නේ. ඒකට දීපන්කෝ කෑලි මාළු…"
කෙල්ල එහෙමයි.
"හෙට කෙලවල්ලෝ ටිකක් ගෙනත් බලනවා…"
"අනිත් දවසේ හැමදාම මාළු දෙන්නත් තියාගන්න එපා. දවසක බිත්තර දෙන්න. ඒකත් පලුවක්. අනිත් දවසේ හාල් මැස්සෝ තෙල් දාන්න. ඔය පෝය දවසක සෝයා කරියක් තිබ්බත් ඇති. පෝ..ය..නේ…"
කෙල්ලත් හොඳ නල්ල මලේ කෙල්ල කියලා අම්මටත් හිතෙනවා.
"මේ අම්මා…"
"ම්…"
"අර ඉස්සරහ කාමරේ ඉන්නේ..කවුද මේ අර…"
යසාරාත් දන්නේ නැති පාට් එකෙන් කතාව.
"ජීවන්ත පුතාද..?”
"අප්පද බොල එයා කොහොමද පුතා වුනේ…"
"අනේ හොඳ කොල්ලා චූටි…"
"මෑන් කෑම එකක්වත් ගේනවා දකින්නේ නැනේ අම්මා…මොනවද කන්නේ…. මං ඊයෙත් බලාගෙන…"
යසාරා ඇහුවා.
"කිව්වත් වගේ…අහන්නෝන වෙලාවක…"
"පෙරේදා ඉරිදා දවසෙම හිටියේ කාමරේ. මෙ‌ලෝ දෙයක් ගන්න ගියේ නෑ. මං බලාගෙන හිටියා අඩුම ගානේ මේ සද්ද පාන් කාරයාගෙන්වත් මොනවාහරි ගනී කියලා…ඒත් නෑ. මොනවද මේ යකා කන්නේ අම්මේ…"
එයා මොනවා කෑවම මට මොකද කියලත් යසාරාට හිතෙනවා. ඒත් ඒකම හිතෙන්නේ ඇයි කියලා කෙල්ලටත් තේරෙන්නේ නෑ.
"කිව්වත් වගේ…"
රෑට තාත්තා නිව්ස් බලන වෙලාවට යසාරා ගේට්ටුව වහන්න යනවා. රෑ නමයෙන් පස්සේ බෝඩිම් කාරයන්ට ඇතුල්වීම තහනම්. පිටවීමත් තහනම්. එහෙම යනවා එනවානම් වේලාසන කියන්න ඕන. ඒ නීතිය දැම්මේ යසාරාගේ තාත්තා.
"අනේ ඇන්ටි මේ අද පුංචි ලෙඩ වෙලා. බලන්න නැෂනල් හොස්පිට්ල් එකට යනවා. එනකොට දහයවත් වෙයි. ඒ නිසා මට මේ පාස් එකක් ඕන. රෑ වෙලා එන්න…"
එහෙම දවසට යසාරාගේ තාත්තා ඇහැරලා ඉන්නවා. නැත්නම් මේ කොල්ලෝ එක්ක බෑ කියලා ඔහු දන්නවා. 'රෑට මොකාව ඇතුළට එක්කගෙන එනවද කියලා දන්නේ නෑනේ…' ඔහු හිතනවා. කොහොමත් බෝඩිම් කාමරවලට පිටින් එන්ට්‍රන්ස් හදලා තියෙන්නේ. ඒත් නීතිය නීතියමයි.
රෑට ගේට් එක වහන්න යනකොට යසාරාගේ රබර් ඇස් දෙක ජීවන්තගේ කාමරේ පැත්තට යනවා. කීයට ගියත් ඒ කාමරේ විදුලි පහද දැල්වෙනවා. 'මේකා ත්‍රස්තවාදියෙක්ද මන්දා. කන්නේ නෑ බොන්නේ නෑ. ඇතුළට වෙලා මොනවද කරන්නේ…ඒත් දැන් ටෙරරිසම් නෑනේ…' යසාරා හිතනවා. නිදාගන්න ගිහිල්ලත් ඇය හිතනවා.
යසාරාගේ තාත්තාගේ උපන් දිනේ දවසේ සියළුම බෝඩිම්කාරයන්ට කිරිබත් මේසයක් දැම්මා.
"අර ජීවන්ත පුතාටත් එන්න කියන්න චූටි. අද මගේ බර්ත් ඩේ එක කියලා. කිරිබත් කටක් කන්න…"
ඉතින් කෙල්ල යනවා. කොහොමත් ඒ පැත්තේ ඇන්ටනාවක් දාන්න කෙල්ලටත් ඕනකමක් තියෙනවා. යසාරා යනකොට කොල්ලා නාලා සුදු තුවා කෑල්ල පිටින් ඉන්නේ.
"මේ.."
ඒ කටහඩ ඇහිලා කොල්ලා කලබල වෙනවා. අරහෙට මෙහෙට දුවනවා.
“ම..ම එ..න්..න..ම් නංගී…"
ජීවන්ත සරමකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන එනවා. යසාරා කොල්ලගේ මුහුණ හරියටම බලාගත්තේ අද. 'මොකක්ද අහිංසන පාටකුත් තියෙනවා…' ඇය හිතනවා.
'මේ මො..ක..ක්..ද මේ.."
කෙල්ලට කියන්න් ආවේ මොකක්ද කියලත් අමතක වෙනවා. 'කොහෙද ගල් ඉබ්බෙක් වගේ බලාගෙන ඉන්නකොට කියන්න ආපු දේත් අමතක වෙනවනේ…'
"ආ..මේ අපේ තාත්තගේ අද හැපී බර්ත් ඩේ එක. කිරිබත් කටක් කන්න එ..න්..න කියලා කිව්වා…"
කෙල්ල කියනවා.
"මම එන්නම් නංගී…"
ඔහු කියනවා. තවත් මොනවාහරි කියයි කියලා කෙල්ල බලාගෙනත් උන්නා. ඒත් එහෙම කිව්වේ නෑ.
කොල්ලෝ ටික වටවෙලා කිරිබත් කෑවා. ඒක පුදුම කෑමක්. 'අර පිස්සා එන්නෙත් නෑ. මුන් ටික එයාට කිරිබත් කෑල්ලක් ඉතුරු කරන එකක් නෑ…' කෙල්ල හිතනවා. ඇය කට්ට සම්බෝල පීරිසිය අතින් අරගෙන කුස්සියට අරගෙන යනවා. 'ඒක ටිකයි තියෙන්නේ…ඉතුරු කරන එකක් නෑ…' ඇයට හිතෙනවා.
ජීවන්ත එන්නේ හැම බෝඩිම්කාරයෙක්ම කාලා ගියාටත් පස්සේ. 'අමාරුවෙන් කිරිබත් ටිකකුයි කට්ට සම්බෝල ටිකකුයි තියාගත්තේ..මගේ කට්ලට් දෙක තමයි දෙන්න වෙන්නේ. පිස්සෙක් මේ. කන්න එන්න කියන වෙලාවට එන්නේ නෑ…'
ජීවන්ත එන්නේ පිළිවෙලට ඇඳගෙනයි.
"ආ එන්න පුතා. අද මගේ උපන් දිනේ. ඉතින් මේ කිරිබත් කටක් කන්න එන්න කියලා කිව්වේ…"
ජීවන්ත එන්නේ අතේ මොකක්ද පාර්සලයකුත් අතැතිවයි. 'අප්පද බොල තෑගිත් අරන්ද එයා එන්නේ. මුන් අට දෙනෙක් කාලා ගියා. නිකම්ම හැපී බර්ත් ඩේ අන්කල් කිව්වා විතරයිනේ…" කෙල්ල හිතනවා.
"අන්කල්ට තෙරුවන් සරණින් කිසිම ලෙඩක් දුකක් නොවී සතුටින් සැනසීමෙන් හැමදාමත් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…"
ජීවන්ත කියනවා. 'එච්චර දිග විෂ් එකක්…' ඒ ප්‍රාර්ථනාව කොච්චර හැගීම්බර කියනවානම් තාත්තගෙයි අම්මගෙයි දෙන්නගේම ඇස්වල කඳුළු පිරෙනවාත් ඇය බලාගෙනයි. 'අපිටත් ඇඩෙනවානේ…' ඇයට හිතෙනවා.
"මේ අන්කල්ට මගෙන් පුංචි තෑග්ගක්…"
ඔහු අතේ තියාගෙන උන්න තිළිණය යසාරාගේ තාත්තට දෙනවා.
"අනේ පුතා තෑගිත් ගෙනත්නේ…මේවා මොකටද…"
"ඒක මොකක්ද අන්කල්. මේ මම මගේ තාත්තට ගිහින් දෙන්න අරන් තියාගෙන හිටපු ෂර්ට් එකක්. අන්කල්ටත් තියෙන්නේ අපේ තාත්තට වගේම කෙට්ටු නිරෝගී ඇඟක්. ගොවිතැන්නේ කරන්නේ අන්කල්…"
"අනේ ඉතින් තාත්තට ගත්ත දේ පුතේ…"
"මට තාත්තාට අලුත් එකක් අරන් දෙන්න පුළුවන්. අන්කල්ව දකින හැම වෙලාවේම මට මගේ තාත්තව මතක් වෙනවා. එයත් අන්කල්මයි…නිකං විනාඩියක් ඉන්නේ නෑ. වැඩම තමයි. අනික මොන වැඩේ තිබුණත් එයත් අටට නිව්ස් බලනවා…"
ජීවන්ත කියද්දී ඇය ඇස් ලොකු කගෙන අහගෙන ඉන්නවා. 'පුදුමයි අද කතා කරනවා…' ඇයට හිතෙනවා.
"ඉඳගන්න අයියේ…"
කෙල්ල දැන් ටිකක් ඩිම්වෙලා ඉන්නේ. කවදාවත් කිසිම ‌බෝඩිම් කාරයෙක්ට ඇය අයියේ කියලා නෑ. කොල්ල දැන් අයියෙත් කියන්න අරන්.
“ඇන්ටිට ෂෝක් කැකුළු හාලක් ලැබිලා තියෙන්නේ කිරිබතට…"
"පුතා හාල් ගැන දන්නවා වගේ…"
"අපි ඇන්ටි මේ අලුත් කැකුළු හාලෙන්ම හැදිච්චි අයනේ…"
යසාරාට අද මේ ඔහුගේ පැමිණීම පුදුමයි.
"පුතා කෑම එහෙම ගන්නේ කොහොමද…"
කොල්ලා හිනාවෙනවා.
"මම එ..ච්..ච..ර කෑම පස්සේ පන්නන්නේ නෑ ඇන්ටි. වේලක් දෙවේලක් නොකා ඉන්නත් පුළුවන්…"
ජීවන්ත කියන්නේ ගාණකට නැතුවයි. 'ඒක වෙන්න ඇති මෙච්චර කෙට්ටුත්…" ඇයට හිතෙනවා.
පස්සේ දවසක යසාරා මිදුලේ ඉන්නකොට ඔහු එනවා. අතේ රෝස් පාන් ගෙඩියකුයි පොඩි ඇඹුල් කෙසෙල් ගෙඩි තුනකුයි. 'අනේ රෑට එහෙමද කන්නේ…'
"ගු..ඩ් ඊ..වි..නිං අ..යි..යේ…"
"ගු..ඩ් ඊ..වි..නිං නංගී…”
ඔහු කියාගෙනම යනවා.කෙල්ල තවත් මොනවද කියන්න හදනකොට ඔහු ගිහිල්ලත් ඉවරයි. 'මෙතන වෙන කොල්ලෙක්ට කිව්වානම් පැයකට මෙතනින් හෙලවෙන්නේ නෑ…මේකා ගිහිල්ලත් ඉවරයිනේ…' ඇයට පුදුමත් හිතෙනවා. 'සත්තුත් දැක්කා…මෙහෙම පිරිමි සතෙක්නම් දැකලා නෑ…' ඇය හූල්ලමින් වගේ ගෙදරට යනවා.
"අ..ද කන්නේ රෝස් පානුයි ඇඹුල් කෙසෙල් ගෙඩි තුනකුයි…"
කෙල්ල ගිහින් රහසින් වගේ අම්මට කියනවා.
"ඒයි කියලා අපි කන්න කතා කරන්නද චූටි…"
"ඒකනේ… මේ නිකං පරිප්පුවක්නේ…නේද…"
එච්චරයි. ඒත් එච්චරම නෙමේ. කෙල්ලගේ පපුව දනවා. ඇවිලෙනවා. ඒක පුදුම දෙයක්. 'අද ෂෝක් තක්කාලි හොද්දකුත් අම්මා හැදුවා…දෙන්ඩත් හිතෙනවා දීසියකට දාලා ගිහින්…මෙයා අමුතු සතානේ..බයයි…ඔන්නොහේ ඇඹුල් කෙසෙලුයි රෝස් පානුයි කාපුදෙන්…ඒකත් මරු කෑමනේ…’ ඇය අන්තිමට එහෙම හිතලා හිත හදාගන්නවා.
සතියේ දවසක උදේ ඔහු කොහෙද යන්න සුදට ඇඳගෙන වැරන්ඩාවට ආවා. එතනම යසාරා උන්නා. පත්තරයක් බලමින්.
"ඒ ලෙවල් කරලා දැන් කොච්චර කාලයක් වෙනවද…?”
ජීවන්ත ඇහුවා.යසාරා ගැස්සෙනවා. ඇස් ලොකු කරනවා. සායත් හදාගන්නවා. 'මෙයා නම් සාය උස්සගෙන හිටියත් බලන කෙනෙක්නම් නෙමෙයි හැබැයි…'
"මේ අ..යි..යා ම..ගෙ..න්..ද ඇහුවේ…"
යසාරා අහනවා. කෙල්ලට ගොතත් ගැහෙනවා.
"ඔව් නංගිගෙන් තමයි…"
"මේ දැන් මේ අවුරුදු එකහමාරක් වෙනවා අයියේ.."
ඇය කිව්වා. 'මොකටද මගෙන් ඒවා අහන්නේ..'
"දැන් මොකද කරන්නේ…"
"දැන් මේ මොනවත් නෑ අයියේ…"
"බෝඩිම් කාරයන්ට බත් මේසේ දාදා ඉන්නවා…එහෙමද…අනිත් වෙලාවට ටීවි එක ළග…"
කෙල්ලට පුදුමයි. 'මේ ඇයි අනේ… තාත්තාවත් මට මෙහෙම කියලා නෑනේ…පුදුමයිනේ…'
"ඔහොම ඉන්න එපා. කිසිම වටිනාකමක් නැති කෙල්ලෙක් වෙනවා…අදම බලලා තව මොනවාහරි ඉගෙන ගන්න. නැත්නම් හෙට අනිද්දා බැඳලා ළමයි හදාගෙන බඩවල් උස්සගෙන ඉන්න වෙයි. ඊට පස්සේ එක ළමයෙක්ව මෙහෙම එල්ලගෙන තවත් ළමයෙක්ව මෙහෙම අල්ලගෙන බත් මුට්ටි පිටින් තම්බ තම්බ ඉඳී. එතනින්ම ජීවිතේ නවත්තගන්න වෙයි…එහෙමස ආස?’’
කෙල්ලගේ තොලකට වේලෙනවා ඇය ජීවන්ත දෙස බලාගෙනම ඉන්නවා. 'ඒක පුදුම බණක්නේ දෙයියනේ…කවුරුවත් එහෙම කියලා දීලා නෑනේ…'
"මේ ම..ම අ..යි..යේ මේ..එ..හෙ..ම මොනවාහරි ඉගෙන ගන්න ආ..ස..යි.."
"අසනම් ඉගෙන ගන්න. තාත්තා වියදම් කරයි. නිකම්ම නිකං කෙල්ලෙක් වෙන්න එපා. මේ දවස් ආයේ එන්නේ නෑ. මං දැන් අවුරුද්දක් වෙනවා මේ කාමරේට ඇවිත්. හැමදාම එකම විදිහට ඔයාව දැක්කේ. වීක්එන්ඩ් පත්තරයක් අරන් බලන්න මොනවද ඉගෙනගන්න තියෙන්නේ කියලා. නැත්නම් වෘත්තීය සුදුසුකමක් හදාගන්න. එහෙමත් නැත්නම් තමන්ගේම දෙයක් කරන්න…"
"ඒ කිව්වේ අයියේ…"
"කෙනෙක් වෙන්න…එහෙම කිව්වාම හැම කෙල්ලෙක්ම වගේ ගිහින් රූපලාවන්‍ය පන්තියකට බැදෙන්න එපා. වටිනාකමක් ඇති දෙයක් කරන්න. මේ මහ පාර. බලන්න වාහන කීයක් දවසකට මොතනින් යනවද කියලා. ලක්ෂ ගාණක්. මේ ඉස්සරහ ඉඩම බලන්න. කොච්චර වටිනවද. ඔයාට පුළුවන් ඔයාගේම දෙයක් කරන්න ගන්න. ඒ වෙනුවෙන් ඉගෙන ගන්න. මේ බෝඩිම් කාරයන්ට බත් ඇද ඇද අන්තිමට කාත් එක්කහරි එල්ලිලා යන්න හිතන්න එපා. තේරැණාද? බත් තම්බන වැඩ අම්මා කරයි. ඔයා යමක් ඉගෙන ගන්න. ආයේ මෙහෙම වැටට හිටවපු ඉන්න වගේ ඉන්න එපා තේරුණාද.ම්…තමන්ගේ ජීවිතේට කවුරුවත් වටිනාකමක් දෙන්නේ නෑ. ඒක තමන්ම දෙන්න ඕන…ආස නැද්ද ලස්සනට සාරියක් ඇඳගෙන වටිනාකමක් තියෙන කෙනෙක් වගේ ජිවත් වෙන්න.”
ඇගේ ඇස්වල කඳුළුත් පිරුණා.
"හරි ආ..ස..යි අයියේ…"
"ම්..මටත් ඔයා වගේම නංගි කෙනෙක් ඉන්න නිසා කිව්වේ. හිත රිදෙන දෙයක් කිව්වානම් සමාවෙන්න…"
ජීවන්ත යන්නේ ඇගේ හිස අතගාගෙනමයි. කෙල්ලට පාත්වෙලා ඔහුට වඳින්න පවා හිතෙනවා. ඇය පැයක් විතර එහෙමම ඉඳගෙන මිදුල දෙස බලාගෙන ඉන්නවා. 'මේ කාමරවලට ආපු වටිනාම කෙනා ඔයා. සාමාන්‍ය කෙනෙක් නෙමේ. මේ ඉන්න ඔක්කොටමත් වඩා ඔයා විශේෂ කෙනෙක්. කන්නේ රෝස් පාන් ගෙඩියයි ඇඹුල් කෙසෙල් ගෙඩියයි. නැත්නම් ප්ලේන්ටියයි ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු පැකට් එකයි…ඒත් ඔයා පුදුම කෙනෙක්..මාරයි..' ඇය මුළු හදවතින්ම හිතනවා.
ඊටත් පස්සේ ඇය ඇගේ ජීවිතේ ගැනම පඩිය උඩ ඉඳගෙන හිතනවා. මේ විදිහට තව අවුරුද්දක් උන්නොත් වෙන්නේ මොකක්ද කියලා ඔහු සිංහලෙන්ම අද කියලා දුන්නා නේද කියලා ඇයට හිතෙනවා. 'කිසිම වටිනාකමක් නැති කෙල්ලෙක් වෙනවා. අදම බලලා තව මොනවාහරි ඉගෙන ගන්න. නැත්නම් හෙට අනිද්දා බැඳලා ළමයි හදාගෙන බඩවල් උස්සගෙන ඉන්න වෙයි. ඊට පස්සේ එක ළමයෙක්ව මෙහෙම එල්ලගෙන තවත් ළමයෙක්ව මෙහෙම එල්ලගෙන එතනින්ම ජීවිතේ නවත්තගන්න වෙයි…එහෙමද ආස..' ඔහුගේ වචන ඇයට සිහිවෙනවා. 'ඔයා මට නින්දාවක් කළේ නෑ. මම කිසිම වටිනාකමක් නැති කෙල්ලෙක් කියලා කිව්වේ නෑ. ඒත් මෙහෙම ගියොත් එහෙම වෙනවා කියලා අනතුරැ ඇඟෙව්වා…'

*** *** *** *** *** *** *** ***

එක දවසක උදේක ඇය ඔහු එනතුරු කාමරය ළග බලාගෙන උන්නා. සුදු අත් දිග කමිසය වැළමිට දක්වා නවාගෙන කළු කළිසමට ඇඳලා ඔහු එන්නේ පිරිසිදු මලක් වගේ.
"ගුඩ් මෝනිං අයියේ…"
"මෝනිං.."
ඔහු ඕනවට වඩා හුරතලයට එන්නේ නෑ.
"මේ පොඩි උපදෙසක් ගන්න කියලා බලාගෙන උන්නේ.."
"කියන්න…"
'අම්මේ තියෙන ගෑස්…චුට්ටක් නැලවිලා කතා කරන්නකෝ අනේ…' ඇයට කියන්න හිතෙනවා. ඒත් මේ තද ඝනකම් ගතියට දැන් ඇය ආසයි.
"මේ ෆාමසියුටිකල් එග්සෑම් එකට ඉන්න කියලා…මට ආසයි ඒ පැත්තට…"
"ෂෝක්…අනාගතේ ලෙඩ්ඩු විතරයි මේ රටේ ඉතුරුවෙන්නේ. මේ බඩජහරි කෑම නිසා. ඒක හොඳ දෙයක්. අනික ආසයිනේ ඒ පැත්තට නේද?”
“ඔව් අයියේ..”
“ඒක කරන්න. ඒත් රස්සාවක් කරන්න එපා. මේ ඉස්සරහ තාත්තට කියලා හොඳ ෆාමසියක් පොඩියට හරි දාගන්න. හොඳ අනාගතයක් තියෙනවා…කරන්න…"
ජීවන්ත කිව්වා.ඇයට හරි සතුටුයි.
"හොඳ ක්ලාස් එකක් තියෙන තැනක් මම හොයලා කියන්නම්…"
"ලොකු පිනක් අයියේ…"
ඇය කිව්වා.
"ඒ ගමන් ඉංග්‍රීසි ටිකකුත් ඉගෙන ගන්න. ඒකට ඕනමයි. සිංහල බෙහෙත් බඩු කඩයක් නෙමේනේ දාන්නේ…ම්…"
ඇය එහෙම හිතලම තිබුනේ නෑ.
"මං අදම ය..න්..න..ම්…"
"ම්. මං යනවා…"
"මේ පො..ඩ්..ඩ..ක් අයියේ…"
ඇය යන්න ගිය ඔහුව නැවැත්තුවා. ජීවන්ත බැලුවා. යසාරා බිම දණ ඔබලා ඔහුට වැන්ඳා. ජීවන්ත ඇගේ හිසට අතක් තැබුවා.
"මට මාර්ගයක් පෙ..න්..න..ලා දුන්නට අයියට පින්…"
"තමන්ගේ ජීවිතේට කාටවත් වටිනාකමක් දෙන්න ඉඩක් දෙන්න එපා. හැම වෙලාවේම එයාලා දෙන්නේ අඩු වටිනාකමක්. තමන්ම තමන්ගේ ජීවිතේට වටිනාකමක් දෙන්න.මං යනවා.” තෙරුවන් සරණයි..’’
ඔහු වෙනදා වගේම ඇගේ හිස අතගාලා ගියා. ඇය කඳුළු පිරි දෙනෙතින් බලාගෙන උන්නා.
කෙල්ල මේ කතාවම අම්මටයි තාත්තටයි කිව්වා. දෙන්නටම පුදුමයි.
"මේ ඉන්න හැම කොල්ලෙක්ටම වඩා ඒ දරුවා වෙනස් කියලා මමත් දැනගෙන උන්නා…ඒ පුතා කියන්නේ ඇත්ත…ඔයත් අතනට මෙතනට වෙලා ඉන්නකොට අම්මයි මායි හිතුවෙත් හෙට අනිද්දා කවුරුහරි හොයලා බන්ඳලා දෙන්න…එහෙම වුනොත් වෙන්නේ පුතා කිව්ව දේම තමයි. ජීවිතේට අමුතු වටිනාකමක් නෑ…හරිම සාමාන්‍ය ජීවිතයක්…"
"මම එහෙම වෙන්නේ නෑ තාත්තා…මම ගොඩක් වෙනස් වෙනවා. තව අවුරුදු පහකට මගෙන් කසාඳයක් ගැන අහන්න එපා…"
තාත්තයි අම්මයි දෙන්නම හිනාවුණා. ඒ වගේම සිතින් ජීවන්තට පින් දුන්නා. හැම පිරිමි දරුවෙක්ටම මේ හාස්කම කරන්න බෑ කියලා දෙන්නම දැනගෙන උන්නා. ගොඩක් පිරිම දරුවෝ වැඩකිඩ දන්නවා. ඒත් හාස්කම් කරන්න දන්නේ නෑ.

*** *** *** *** *** ***

එක සිකුරාදා හවසක හරි දුක හිතෙන දෙයක් වුණා. ජීවන්ත දවස පුරාම කාමරයට වෙලා කාමරය අස් කළා. පසුව දවල් කාමරය හොඳින් සෝදලා මොප් කළා. ඔහු කාමරය හෝදනවා කියලා යසාරාගේ අම්මා දන්නෙත් හවසයි.
"අනේ පුතා අද කාමරෙත් සෝදලානේ. මම මේ වතුර කොහෙන්ද කියලා බැලුවාමයි දන්නේ…"
"හිටපු තැනනේ ඇන්ටි…"
කොල්ලා කිව්වේ එච්චරයි.
"අන්කලුත් ආවාම මට ටිකක් කතා කරන්න ඕන. නංගිත් අද පරක්කුයි නේද ඇන්ටි…"
"ක්ලාස් ගිහින් එනකොට ටිකක් පරක්කු වෙනවනේ පුතේ…ඔයා පෙන්නපු පාරෙනේ ඔය යන්නේ…
"හැමෝටම එහෙම පාර පෙන්නුවට යන්න බෑ ඇන්ටි. නංගි වාසනාවන්ත දරුවෙක්…"
කොල්ලා එච්චරයි කිව්වේ. අම්මගේ ඇස්වල කඳුළු.
එදා රෑ යසාරයි අම්මගේ තාත්තයි කෑම කන වෙලාවෙත් කතා කළේ ජීවන්ත කාමරේ හෝදපු එක ගැනයි. 'ඒකේ මොකක්ද දෙයක් තියෙනවා…' යසාරාට හිතුණා. ජීවන්ත නිවසට ආවෙත් තුන්දෙනා කෑම කන වෙලාවෙයි.
"අනේ අන්කල්ලා කෑම කනවනේ…මං පස්සේ එන්නම්…"
"මෙහේ එන්නකෝ පුතේ. අපිත් එක්ක කෑම ටිකක් කමුකෝ…"
ජීවන්ත සිනාසුණා.
"එන්න අයියේ…මං පිඟානක් ගේන්නම්…"
"ක..මු..කෝ එහෙනම් බත් කටක් ඇන්ටිගෙන්…"
ජීවන්ත දැන් කනවා. කන ගමන් යසාරා ඒ මුහුණ දෙස බැලුවා. 'අද ටිකක් වෙනස්…ඇයි කාමරේ හේදුවේ…'
"මට මේ ඇන්ටිටයි අන්කල්ටයි කියන්න හිටියේ…"
"කියන්න පුතා…"
"මම අන්කල් හෙට පාන්දර යන්න කියලා…"
කෙල්ලගේ පපුවම ඇවිලෙනවා 'අනේ යන්න…'
"කිව්වේ පුතා…"
"මගේ ඉගෙනීමේ වැඩ ටික ඉවරයි අන්කල්. ඉතින් ගමට යනවා…"
"මේ හ..දි..ස්..සි..යේ පුතා…"
"කරන්න යුතුකම් ටිකක් තියෙනවා අන්කල්…"
"අපි හිතුවා මෙහේ රස්සාවක් කරයි කියලා…"
"ම්..දැන්මම එහෙම හිතුවේ නෑ…ඇන්ටියි අන්කලුයි නංගියි මට තමන්ගේම කෙනෙක්ට වගේ සැළකුවා. ඒකට ගොඩාක් පින්. මම ඇඩ්‍රස් එක දීලා යන්නම්. මිහින්තලේ පැත්තේ එන වෙලාවක අපේ දිහා බත් කටක් කාලා යන්න එන්න අන්කල්. නංගි හැමදේම පිළිවෙලට කරගෙන යන්නෝන…"
කෙල්ලගේ ඇස්වලින් කඳුළක් වැටුණා.
"මෙ..ච්..ච..ර ඉක්මනට අයියා යයි කියලා අපි හිතුවේ නෑ…"
"ආවොත් යන්න වෙනවා නංගියේ. ඒ මේ සාංසාරේ හැටි…"
ඉතින් උදේම ඔහු යන්න ලෑස්තිවුණා. කෙල්ල දොර ළග හිටියා.
"ලස්සනට හැමදේම කරගන්න ඕන..ම්…"
"මට අ..යි..යේ කතා කරන්න න..ම්..බ..ර් එකක්…"
"මං මොබයිල් යූස් කරන්නේ නෑනේ නංගියේ…මේ ඇඩ්‍රස් එක. ඒ පැත්තේ එන වෙලාවක එන්න..ම්…පරිස්සමින් ඉන්න…යහපත් දේ විතරක් කරන්න. ප්‍රතිඵල යහපත් වෙනවා…“
කෙල්ල දණ ගහලා ඔහුට වැන්ඳා. එපමණයි. ජීවන්ත ගියා. 'හිටපු වටිනම කෙනෙක් නැතිවුණා කියලා මට හිතෙන්නේ…ඔයාට කොහේ ගියත් හරියන්න ඕන අයියේ…' ඇය පැතුවා.

*** *** *** *** *** *** *** ***

ජීවිතය හරි හයියෙන් ගලාගෙන ගියා. යසාරා ඔෳෂධවේදී විභාගයෙන් සමත් වුණා. ඊටත් වසරකට පස්සේ ඇය නිවස ඉදිරිපිට ඇගේම ‘යසාරා ෆාමසිය’ පටන් ගන්න හැමදේම සූදානම් කළා.
"මාව මේ පාරට දැම්ම අයියට ඕපනින් එක කියන්නම ඕන…එයාගේ අතින් පහනක් පත්තුකරන්න ඕන තාත්තා…"
"ඉතින් අපි යමු පුතේ මිහින්තලේ. ඇඩ්‍රස් එක ඇතිනේ…"
"ම්…මං ලියුම් දෙක තුනක්ම දැම්මා. ඒත් උත්තර නෑ. එක පාරක් පොඩි ලියුමක් එවලා තිබ්බා…තෙරුවන් සරණයි කියලා. එච්චරයි. අපි යන්…"
ඉතින් සෙනසුරාදාවක තුන්දෙනාම මිහින්තලේ ගියා. ඔහුව දැකගන්න ඇය හරි ආසාවෙන් උන්නේ. 'ජීවිතේ හිටපු වටිනාම පිරිමියා ඔයානේ…' ඇයගේ හිත කියනවා.
"කිව්ව හැටියට පුතේ මේක වෙන්නෝන ගේ. මේ ලොකු උන්නැහේ…"
යසාරාගේ තාත්තා පාරේ ගිය වියපත් කෙනෙක්ට කතා කළා.
"මේ සෙනවිරත්න මහත්තයලගේ ගෙදර නේද මේ…"
"ඒක තමයි…අනේ අපේ සෙනවි අයියා නැතිවුණානේ මහත්තයෝ…දැන් අවුරුද්දක් වෙනවා.."
කෙල්ලගේ පපුව කැපීගෙන ගියා. 'ඔයා තාත්තට හරි ආදරෙයි…'
ඒ නිවසට යනවිට උන්නේ තරුණ වයසේ කාන්තාවක්. 'ඔයාගේ නෝනද…' එහෙම වෙන්න එපා කියලා ඇය පැතුවේ.
"මේ අපි දුව කොළඹින් ආවේ…ජීවන්ත පුතාව හම්බවෙන්න කියලා…අපේ දිහා තමයි කොළඹ ඉන්නකොට හිටියේ.."
"මේ එතකොට ය..සා..රා නංගි…"
"ඔව් මං තමයි…"
"අපිට නංගි ගැන කියලා තියෙනවා… එන්න ගෙට…"
නිවසට ඇතුළු වුණාම නිවන් ගියා වගේ දැනුණේ. ඒක හරිම නිවිච්ච නිවසක්.
"මේ දුව ජීවන්ත පුතාගේ…"
"මම නංගි…එකම නංගී…තාත්තා නැතිවුණානේ මහත්තයා…"
"අනේ අපිට මගදී ආරංචි වුණා. මේ දරුවා අපිට කිව්වේ වත් නෑනේ දුව…"
යසාරාට මහ අමුත්තක් දැනුණා. ඒක විස්තර කරන්න බැරි දෙයක්.
"ජී..ව..න්..ත අ..යි..යා දැන් කෝ අක්කේ…"
යසාරා උගුරෙන් ව‌ගේ ඇහුවා.
"අයියා දැන් ගෙදර නෑ නංගී. මේ ගෙවල් අයියට අකැපයිනේ…"
ඇයට අර අමුත්ත ආයෙත් දැනුණා.
"කි..ව්..වේ දුව.."
"අයියා ම..හ..ණ වුණානේ මහත්තයා. ඒක එයාගේ ආසාව. තාත්තා ළගටම වෙලා හැම සත්කාරයක්ම කළා. ඊට පස්සේ මේ ගේත් මගේ නමට ලියලා මට ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙන්නත් උගන්නලා. හැම යුතුකමක්ම කරලා. එ..යා සා..ස..නේ..ට ගියා…"
ඇගේ ඇස්වලින් ගැලූ කඳුළුවලට සමාන කඳුළු දහරාවක් යසාරාගේ ඇස්වලිනුත් ගලාගෙන ගියා.
"ම..හ..ණ වු..ණා…"
"ම්.. දැන් මිහින්තලේ පන්සලේ… මෙහේ ඉස්කෝලෙත් උසස් පෙළට එකෝන් උගන්වනවා. අපි යන් එහේ නංගි. නංගිව දකින්නත් උන්නාන්සේ කැමති ඇති…හරි හිතවත්. ඔයා වගේමයි කියලා මට කිය කිය හිටියේ ඉස්සර…"
යසාරාට ඇඩුණා. ඒ ඇඩුම් වැඩිවුනේ මිහින්තලේ පන්සලේදී මිහින්තලේ ධම්මජීව පොඩි හාමුදුරුවන්ව දැක්කට පස්සෙයි.
"අ..පේ හා..මු..දු..රැ..ව..නේ ඔ..බ වහන්සේ…"
"තෙරැවන් සරණයි. නැගිටින්න නංගී. ඉතින් කොහොමද අන්කල්…ඇන්ටි…"
හැමෝගේම ඇස්වල කඳුළු තිබුණා.
"මේ චීවරේට මං හරි තෘෂ්ණාවෙන් උන්නේ අන්කල්. ජීවිතේ යුතුකම් ටිකක් නිසා හැමදේම පරක්කු වුනේ. දැන් නිදහස්. ඉතින් නංගි. අපේ ෆාමසිය දැම්මද…"
උන්නාන්සේ ඇසුවා.
"ඒක මේ දාන්න ලබන සතියේ දිනත් දාගෙන අපේ හාමුදුරුවනේ…අයිය නැතුව බෑ කිව්වේ. පහන පත්තු කරන්න ඕන අයියා කියලා කිව්වේ…මේ ඒ නිසා ආවේ…"
"මම වඩින්නම්…පිරිත් ටිකක් කියලා අපි පටන් ගමු…"
එදා බෝ මළුවේදී මිහින්තලේ ධම්මජීව හාමුදුරැවෝ යසාරාව තනි කරගෙන එක කතාවක් කිව්වා.
"මම දවසක් කිව්වේ නංගී…කාටවත් තමන්ගේ ජීවිතේට වටිනාකමක් දෙන්න දෙන්න එපා. තමන්ම ඒක දෙන්න. මේ මම මගේ ජීවිතේට දීපු වටිනාකම. ම්…අපි එදාට හොඳ හිතින් ලස්සනට හැමදේම කරමු. මම වඩිනවා…"
"ම..ට සමාවෙන්න අපේ හාමුදුරැවනේ…"
"ඇයි අර…"
"ඔ..බ වහන්සේ ගැන මම මේ ගිහි ජීවිතේ තෘෂ්ණාබර දෙයකින් හිතුවට…"
උන්නාන්සේ හිනාවුණා.
"ඒක වැරදි නෑ නංගී. මටත් එහෙම හිතුන වාර අනන්තයි. අපි හිත පාලනය කරගන්න ඕන. දැන් ඔය යන පාරේ යන්න…ම්..ලස්සනයිනේ…"
"එහෙමයි…ඔබ වහන්සේ වඩින්නම ඕන…"
"ඒක කරනවා…අ‌පේ නංගිගේ වැඩේනේ…"
යසාරා උන්නාන්සේගේ දෙපා පාමුළ වැටිලා වැන්ඳා.
"අනේ රෑ පුරා මෙ..හෙ..ම බඩගින්නේ ඉන්නේ කොහොමද කියලා හිතුවා…ඒකයි මේ…"
යසාරා කියද්දී උන්නාන්සේ හිනාවුණා.
"යන ගමන් ශ්‍රි මහා බෝධියටත් ගිහින් වැඳලම යන්න. දුප්පත් අම්මා කෙනෙක් බෙහෙත් තුණ්ඩුවක් අරගෙන එයි. මාරු සල්ලි ටිකක් උන්ඩි කරගෙන. සල්ලි ටිකක් මදිවෙයි. ඒක බලලා දෙන්න. ඒ පින නංගිගේ අර අම්මට ලැබෙයි..ම්…"
"එ..හෙ..ම..යි අපේ හාමුදුරැවනේ.."
යසාරා ඇස්වල කඳුළු පුරවාගෙන කිව්වා.

නිමි.

සුජීව ප්‍රසන්න ආරච්චි ලියූ කතාවක්.

නිවැරදි යහපත් පාරේම යන්න…
ඔයාටත් දෙයක් ලැබෙනවාමයි…
වීර්යයෙන් යන්න නංගියේ.. මල්ලියේ…
හැගීම් පාලනය කරගන්න…
දෙයක් ලැබෙයි...

මේ කතාව ෂෙයා කර මේ උතුම් අදහස ඔබේ මිතුරන්ට කියවන්නට සලස්වන්න. එය අද වැනි උතුම් දිනයක විය යුතුම දෙයක්. බුදු සරණයි

🙏 Copywright සුජීව ප්‍රසන්න ආරච්චි

අසුරු සැනෙකින් නැතිවෙන්නේ 'සිහියයි'.. වඩාත්ම අමාරුවෙන් රැක ගත යුත්තේද 'සිහියයි'.. ජීවිතයට අමාරුම දුෂ්කරම වේදනා ගෙන දෙන්න...
30/05/2026

අසුරු සැනෙකින් නැතිවෙන්නේ 'සිහියයි'.. වඩාත්ම අමාරුවෙන් රැක ගත යුත්තේද 'සිහියයි'.. ජීවිතයට අමාරුම දුෂ්කරම වේදනා ගෙන දෙන්නේ 'සිහිය' අහිමිවූ විට කළ දේවල් නිසාමයි. බුදුන් වහන්සේ 'සචිත්තමනුරඛ්කත' කියා දේශනා කළේද මෙයයි. එනම් 'තම සිත රැකගන්න' කියායි. සිත නොරැකෙන්නේ යම් තැනකද එතනදී ඇතිවෙන ඛේදවාචකය ඔබට සිතාගන්නටවත් බැරිවේවි.
මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී
අන් කවරක් නැතත්
ඔබේ සිතත්
සිහියත් රැකගෙන
සම්මා සතියෙන්
ජීවත්වෙන්නට පින් ලැබේවා🙏🙏🙏
පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏

අම්මිට king size bed එකක් ගත්තත් වැඩක් නෑ…මාස 9 වෙනකොට තාත්තිට ඉතුරු වෙන්නේ postage stamp size ඉඩක් විතරයි! 🤣🤣👶💙
29/05/2026

අම්මිට king size bed එකක් ගත්තත් වැඩක් නෑ…
මාස 9 වෙනකොට තාත්තිට ඉතුරු වෙන්නේ postage stamp size ඉඩක් විතරයි! 🤣🤣👶💙

29/05/2026

🛁💛 බබාගේ පළමු නෑවීම (Baby’s First Bath) ඇයි වැදගත්?

👶✨ බබාගේ පළමු නෑවීම යනු පිරිසිදු කිරීම පමණක් නොව, බබාගේ සෞඛ්‍යය හා සුවපහසුව සඳහා වැදගත් පියවරකි.

✔️ සම මත ඇති අපද්‍රව්‍ය හා දූවිලි ඉවත් කිරීමට
✔️ බබාගේ සම පිරිසිදුව හා සුවපහසුවෙන් තබා ගැනීමට
✔️ සමේ සෞඛ්‍යය රැක ගැනීමට
✔️ අම්මා සහ බබා අතර ආදරණීය බැඳීම තවත් ශක්තිමත් කිරීමට
✔️ බබාට සුවපහසු හා සන්සුන් හැඟීමක් ලබා දීමට

💦 මෘදු, බබාට සුදුසු නිෂ්පාදන භාවිතා කරමින් ආදරයෙන් නෑවූ විට, එය බබාට ආරක්ෂිත සහ සතුටුදායක අත්දැකීමක් වේ. 💕

👶🛁💛

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Babbu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Babbu:

Share