Dayawansa Publication and Printers

Dayawansa Publication and Printers Bookstore, Publications, printers

20/05/2020
 #යකඩ මාවත මිල රු.650/=පරිවර්තනය සේනාරත්න වීරසිංහමුල් කර්තෘ චීන ජාතික වාංග් දුලූ“එහිදී සැහැ­සිලේ වැගි­රීම් හා මිනිස් ඝාත...
20/05/2020

#යකඩ මාවත
මිල රු.650/=
පරිවර්තනය සේනාරත්න වීරසිංහ
මුල් කර්තෘ චීන ජාතික වාංග් දුලූ

“එහිදී සැහැ­සිලේ වැගි­රීම් හා මිනිස් ඝාත­න­යන්ට ප්‍රමු­ඛ­තාව දෙනු වෙනු­වට ඔහු තම නව­ක­තාව ඔස්සේ සියුම් චරිත විකා­ශ­න­යට මිනිස් සංවේ­දිතා ගවේ­ෂ­ණ­යට, මනු­ෂ්‍යත්ව‍ය ඔප් නැංවී­මට මෙන් ම පොදු බව නැමැති සංක­ල්පය මූර්ති­මත් කිරීම උදෙසා ද සිය නිර්මාණ සිය නිර්මාණ ශක්‍ය­තාව භාවි­ත­යට ගන්නා අයුරු දැක­ගත හැකි ය.”

යකඩ මාවත ඊට මනා නිද­සු­නක් වේ. විශේ­ෂ­යෙන් ම ෂු ලියන්ගේ චරි­තය එහි ඇති සුවි­ශේෂ සට­න්කාමී ජීව ගුණය මතු නොව පොදු ස්ත්‍රී දුර්ව­ලතා ඉස්මතු වීම් ඉතා පැහැ­දි­ලිව පෙන්වා දෙන්නේ පෙර කියූ තත්ත්වය යි.
විශේ­ෂ­යෙන් ම සිය නිර්භීත සට­න්කාමී පෙම්වතා වන මුබායි ද්වන්ද සට­නක් හමුවේ මර­ණ­යට පත් වීමෙන් පසු, ඔහු ගේ හරිත අසි­පත ද ලොවින් තුරන් කොට තෙමේ ද හුදෙ­කලා වන ආර­ණ්‍ය­ගත ජීවි­ත­යක් කරා පිය නග­න්නට ගත් තීර­ණය ඒ ආකා­ර­යෙන් ම නොපැ­වැත නිහඬ වෘකයා ගේ ඇසුර, ස්නෝවාස්ට ගුරු­ව­රි­යක් හා දෛවයේ අසි­පතේ උරු­මය හමුවේ ඇය ඇති කර­ගන්නා නො ඉව­සිල්ල කතු­ව­රයා සට­න්කාමී චරිත නිරූ­ප­ණ­යට දක්වන්න වූ සාමා­ර්ථ්‍ය­යට මනා නිද­සු­නක් වේ.

කියවන්න වටිනම පොතක්. දැන් අපගේ ශාඛාවෙන් ඔබට මිලට ගත හැක.

📚දයාවංශ පොත් ප්‍රකාශකයෝ සහ මුද්‍රණාලය

 #1984මිල රු.540/=පරිවර්තනය - ආරියවංශ රණවීරමුල් කර්තෘ ජෝර්ජ් ඕවල්තමුසෙට මං කීවද දන්නෙ නෑ යාලූවා. මගේ පුංචි එවුන් අර මාරක...
20/05/2020

#1984
මිල රු.540/=
පරිවර්තනය - ආරියවංශ රණවීර
මුල් කර්තෘ ජෝර්ජ් ඕවල්

තමුසෙට මං කීවද දන්නෙ නෑ යාලූවා. මගේ පුංචි එවුන් අර මාරකැට්ටු වෙළෙන්දියගේ ගවුමට ගිනි තියපු කතාව, පස්සෙන් ගිහිල්ලා ගිනිකූරක් ගහලා. මොකක්ද දන්නව ද හේතුව. ඒ ගෑණි ලොකු සහෝදරයාගෙ පින්තූරේ තියෙන පෝස්ටරයක සොසේජස් ඔතලා. ඒකයි. ගැණි හොඳටම පිච්චිලා මං හිතන්නෙ. බලනවා මේ ඇට්ටරයන්ගෙ වික‍්‍රම. හරියට අබ ඇට වගේ තීක්ෂණයි උන්.’’
පිටුව 99

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගනිමින්කපිල කුමාර කාලිංග ලියූ නවකතාව- #සත්කාරිකා“අමුත්තන්ගේ කාම...
20/05/2020

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගනිමින්
කපිල කුමාර කාලිංග
ලියූ නවකතාව-
#සත්කාරිකා

“අමුත්තන්ගේ කාමරයේ අසුනක හිඳගත් පියසිරි වටපිට බැලුවේ ය. ගජසිංහ කටපුරා සිනාසී ගෙන විපක්ෂ නායකතුමාට ආචාර කරන අයුරු දක්වන ලොකු ඡායාරුපයක් බිත්තියේ එල්ලා ඇත. රන් පැහැති රාමු සහිත එබඳු ඡායාරුප තිහිපයක් ම තැන තැන විය. ඉන් කිහිපයක පිරිස අතර සාරා ද සිටිනු දුටු පියසිරිගේ විස්මය දෙගුණ තෙගුණ විය. පසුගිය කාලය තුළ ගමට ගෙදරට නොදැනී කුමක් හෝ ලොකු විපර්යාසයක් සිදු වී ඇති සේ ය.”
📚දයාවංශ් ප්‍රකාශකයෝ සහ මුද්‍රණාලය
පිටු 488
මිල රුපියල් 700
****

 #සෙංකොට්ටං -මහින්ද ප්‍රසාද් මස්ඉඹුලමෙය දැනටමත් කියවා නැති අය වෙතොත් , ඔබ සියලු දෙනා විසින්ම කියවිය යුතු නවකතාවකි. ජීවිත...
20/05/2020

#සෙංකොට්ටං -
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මෙය දැනටමත් කියවා නැති අය වෙතොත් , ඔබ සියලු දෙනා විසින්ම කියවිය යුතු නවකතාවකි.

ජීවිතේ කියන්නෙම වෙනස් වීම් රාශියක්. ලාංකීය ජන සමාජයෙහි පරිවර්තනය වීමක් සෙංකොට්ටං පොතෙන් මතු වෙනවා..මිනිසා ජීවත් වීමට දරන ධෛර්යය. පංති භේදය..ගොවිගම රදව රොඩී යන ලෙස කුල බෙදී තිබුන සමයක ලියවුන කතාවක්...මිනිසා හොඳ නරක ලෙස බෙදෙන්නේ කුලයෙන්ය යන බව ආරූඪ කරගත් සමාජයක් තිබුන කාලයක්..ඇත්තටම පහත් කුලයක ඉපදීම නිරයේ ඉපදීමක්මය. එය කොපමණ කටුක දැයි මස්ඉඹුල කතුවරයා මනාව ඔපදමා ඇත...

ලාංකීය ජන සමාජයෙහි එක් පරිච්ඡේදයක් යලි යලිත් ආවර්ජනය කිරීමට මහින්ද ප්රාසද් මස්ඉඹුල කතුවරයා අලංකාර වෑයමක් සෙංකොට්ටං තුලින් දරා ඇත.

📚දයාවංශ පොත් ප්‍රකාශකයෝ සහ මුද්‍රණාලය
රුපියල්.450/=

Address

Maradana Road
Colombo
08

Website

Alerts

Be the first to know and let us send you an email when Dayawansa Publication and Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category