𝐂 & 𝐇 𝐂𝐑𝐀𝐅𝐓

𝐂 & 𝐇 𝐂𝐑𝐀𝐅𝐓 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐂 & 𝐇 𝐂𝐑𝐀𝐅𝐓, Shopping & retail, Colombo.

කාලයත් එක්ක වැළලුණු ඒ අතීතය 💔🥺රු.12/= 😮වෑම් 🥺
25/07/2025

කාලයත් එක්ක වැළලුණු ඒ අතීතය 💔🥺

රු.12/= 😮
වෑම් 🥺

කෝ බලමු ?
25/07/2025

කෝ බලමු ?

මගේ ගෙදර, ඉඩම  අම්පාරෙ බුද්ධංගල අභයභූමිය මායිම කිට්ටුවම තියෙන්නෙ..මගේ ඉඩමටත් අලි එනවා.මගේ පොල්පැල තිස් හයක් පීදෙන්න ඔන්න...
24/07/2025

මගේ ගෙදර, ඉඩම අම්පාරෙ බුද්ධංගල අභයභූමිය මායිම කිට්ටුවම තියෙන්නෙ..
මගේ ඉඩමටත් අලි එනවා.
මගේ පොල්පැල තිස් හයක් පීදෙන්න ඔන්න මෙන්න තිබුන ගස් හතරක් එක්ක අලි කෑවා මම ගෙදර ඉද්දිම.
කෙහෙල් පඳුරු හත අටක් කෑවා එදාම..
දුකයි තමයි.
වැඩ ඇරිල ඇවිත්,මහ රෑ නල ලිඳෙන් වතුර බාස්කට් දෙක ගානෙ අරන් ඇවිත් පොල් පැල ටික ලඟ ඉඳන් නෑවෙ ඒවට වතුර වැටෙන්න.
එහෙම ලොකු කරගත්ත පැල..
මගේ අවුරුදු තුන හතරක මහන්සිය සමතලා කරල දාන්න අලින්ට එක රැයයි ගෙවුනේ.
උදේ වත්ත දිහා බලනකොට පපුව පැලෙන්න වගේ දුකයි..
මට මගේ වැඩපලේ තුවක්කුවක් හදන එක, හක්කපටස් හදන එක සුලු දෙයක්.
ඊටත් වඩා දරුණු ආයුධයක් හදන්න උපකරණ වගේම දැණුම මට ඕන තරම් තියෙනව..
ඉඩම වටේම කරන්ට් කම්බියක් අදින වැඩේ කරන්නත් ඕන තරම් මට පහසුකම් තියෙනව..
ඒත්,
මට අලියෙක් ගේ පන ගන්න තරමට ඒ අහිංසකයෝ කිසිම වැරද්දක් කරලා නෑ.
මට, උඹලට, අපිට කොස්, පොල්, දෙල්,ගොයම්,කෙසෙල් උනාට ඒ අසරණයන්ට ඒ කෑම විතරමයි..
උන් කෑම කෑවා..
උන් දන්නෙ එච්චරයි.

කෙහෙල් ගහක් පොල් ගහක් මංඥොක්කා පඳුරක් උක් පඳුරක් වී ගෝනියක් වටිනවද බං අලියෙක් ගේ ජීවිතය තරමට..?
අලි මගේ වත්තට ආපු හැම දවසකම මම ගේ වටේ ලයිට් ටික දාල හිතින් හිතපු එකම දේ මගේ ගේ නොකඩා මගේ කිසිම එකෙක්ට කරදරයක් නොකර උඹලට ඕන දෙයක් කාල පරිස්සමට පලයල්ලා කියන එක විතරයි..
කවදාවත්ම මම අලි වෙඩි වත් වනජීවී එකෙන් අරගෙන නෑ.
එක රතිඥ්ඥ කරලක් පත්තු කරල උන්ව බය කරල නෑ. කරන්නෙත් නෑ.
මේ ලඟදි වත්ත පහල ටැප් එක කඩලා වතුර බීලා.
එලි වෙනකල් වතුර ගිහින්..
මට ඕන නම් රුපියල් දාහක් වතුර බිල මේ පාර වැඩි වෙයි..
ඒ රුපියල් දාහ නිසා මම හිඟන්නෙක් වෙයිද ?
මගේ කෙහෙල් පඳුරු ටික කෑව කියල මම හිඟන්නෙක් උනාද..?
මගේ පොල්පැල පැල ටික කෑව කියල මම හිඟන්නෙක් උනාද..?
මම දන්නෙ නෑ උඹල මේ අසරණයෝ දස වද දීලා මරල දාල මොන වාසියක් මොන ජීවිතයක් බලාපොරොත්තු වෙනවද කියල..
පුලුවන්නම් මනුස්සයෝ වෙයල්ලා.
ඒ ඇති..
පව් නැද්ද බං මේ අහිංසක අසරණ සත්තු.
උන් කොච්චර අසරණද..?
උඹල මේ අපරාධ කරල හෘද සාක්ෂිය එක්ක ජීවත් වෙන්නෙ කොහොමද..?
උඹල මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නෙ වැරදීමකින් වෙන්න ඕන...
මම සාප කරන්නෙ නෑ මිනිස්සුන්ට.
ඒත් උඹල වගේ මිනිස්සු කියන්නෙම මේ ලෝකෙට සාපයක්..
අලි මරන එකෙක්ට හරි, අලි මරන්න, උන්ට මොනම ආකාරයක හෝ හිංසාවක් කරන්න හිතන් ඉන්න එකෙක්ට දකින්න ලිව්වට මේක දකින 99% ක් එහෙම අය නෙවෙයි කියල මම දන්නව...
හිත හදාගන්න මේක ලිව්වෙ..
අපිට රටේ උන් හදන්න බෑ.
තනි තනිව හැදියල්ලා.
එතකොට රටම හැදෙයි.

මිලා..

උපුටාගැනීම අවසන්.

මෙන්න නියම මනුෂ්‍යත්වය ♥️🙏

මෙම පොස්ට් එක දැමූ එතුමාගේ ඡායාරූපයක්ද මෙසේ මා පල කරන්නෙමි.

Milinda Chanaka Kumarasinghe ♥️🙏♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂 & 𝐇 𝐂𝐑𝐀𝐅𝐓 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share