TopBuy.lk

TopBuy.lk Online Shopping

10/02/2020

කාරුණික දැනුම් දීමයි.

භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීම ක්‍රමවේදය ( Cash on Delivery ) යටතේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට වඩාත් ඵලදායී හා විශිෂ්ථ සේවාවක් ලබා දීමේ අරමුණින් අද සිට පහත සදහන් කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

ඔබ විසින් එවිය යුතු කරුණු.

ඔබට මිල දී ගැනීමට අවශ්‍ය නිශ්පාදනය හා ප්‍රමාණය.
ඔබගේ නම.
ඔබගේ ලිපිනය සම්පූරනයෙන්ම එවිය යුතු අතර එය පැහැදිලි විය යුතුය.
ඔබගේ දුරකථන අංක දෙකක් අනිවාර්‍ය වේ. ( දෙවන අංකය ඔබගේ නිවසේ හෝ කාර්‍යාලයේ අංකයක් වුවද ගැටළුවක් නැත. )

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.

බොහෝ අලෙවි ආයතනයන්හි භාණ්ඩ බෙදා හැරීම සිදු කරනුයේ වෙනත් බෙදා හැරීම් ආයතනයක් ( Deliver Company ) වන බැවින් ඒ සදහා ගත වන කාලය පිලිබදව සහතික විය නොහැක.එම නිසා ඔබ ඇණවුම සිදු කල පසු භාණ්ඩ ලැබෙන තෙක් සතියේ රාජකාරී දින 5ක් ඉවසා සිටීමට හැකිනම් පමණක් ඇණවුම සිදු කරන්න.මක් නිසාද යත් යම් හෙයකින් ඔබ දින දෙකකින් ඇණවුම අවලංගු කලද අලෙවි ආයතනයන් විසින් බෙදා හැරීම් සිදු කරන ආයතනයන් හට අදාල ගෙවීම් ( Delivery Fee ) සිදු කල යුතු බැවිනි.

යම් හෙයකින් ඇණවුම සිදු කොට දින 3ක් තුලදී ඔබගේ ඇණවුම නොලැබුනේනම් අපගේ පාරීභෝගික සේවාව අමතා එය දන්වා සිටින්න.එවිට ඔවුන් එය ඔබට කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

යම් නිශ්පාදනයක් ඔබට අවශ්‍යමනම් පමනක් ඇණවුම් කරන්න.එමෙන්ම ඔබ ඇණවුමක් සිදු කලේනම් ඇණවුම සදහා ගෙවිය යුතු මුදල් සූදානම් කොට තබා ගන්න.මක් නිසාද යත් ඇනවුම සිදු කල අවස්ථාවේ සිට රාජකාරී දින 5ක් තුල ඕනෑම අවස්ථාවක එය ඔබට ලැබීමට ඉඩ ඇති හෙයිනි.

මේ වන විටද කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි ඇණවුම් පැය 24 ත් 48 ත් තුල ලබා දීමට අප කටයුතු යොදා ඇත.ඔබට විශිෂ්ථ සේවාවක් ලබා දීම අපගේ ප්‍රධානම අරමුණයි.

ස්තූතියි !

Address

Colombo
10100

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94771595527

Website

Alerts

Be the first to know and let us send you an email when TopBuy.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share