04/09/2026
රේවතී ශාන්තකුමාර් වැල්ලම්පිටිය Keells Outlet හි Retail Manager ලෙසින් සේවය කරනවා. රේවතී පවසන්නේ Keells ආයතනය සමඟින් ගත කළ කාලය තුළ ඇයට ජීවිතයේ සහ වෘත්තීය ගමනේ බොහෝ දේ අත්කර ගැනීමට හැකි වූ බවයි. තම හැකියාවන් වර්ධනය කරගනිමින් ඉදිරියට යාමටත්, ඉහළ තනතුරු කරා යාමට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබා ගැනීමටත් Keells තුළ හොඳ අවකාශයක් ඇති බව ඇය විශ්වාස කරනවා. 2024 වසරේ CRO ලෙසින් සේවය කරන අතරතුර She Rises සම්මානය සඳහා ඇයව නම් කරනු ලැබුවා. එම වසරේම Executive තනතුරට උසස් වූ අතර She Inspires සම්මානයටද, Employee Of the Year සම්මානයටද තේරී පත් වුණා. ඉන්පසු 2025 වසරේදී ඇය Retail Manager තනතුරට පත් වුණා.
තම පවුලේ වගකීම් රැසක් දරමින්, පවුලේ සියලු කටයුතු ඉටු කිරීමට හැකි වී තිබෙන්නේ Keells ආයතනයෙන් ඇයට ලැබෙන රැකියාව සහ වැටුප නිසයි. දුෂ්කර පළාතක සිට පැමිණි රේවතී වැනි තවත් බොහෝ දෙනෙකුටත් Keells ආයතනය රැකියාවක් ලබාදෙන ස්ථානයක් පමණක් නොව, ජීවිතය වෙනස් කරගැනීමට සහ ඉදිරියට යාමට අවස්ථාව ලබාදෙන විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් බව ඇය පවසනවා.
දයාව | අවංකත්වය | නව්‍යත්වය | විශිෂ්ටත්වය
කාර්යක්ෂම වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම උදෙසා Keells අපි නිරන්තරයෙන් ඔබ සමඟින්
#අපේවටිනාකම්