Classical movie reviews - English, Hindi & Sinhala

Classical movie reviews - English, Hindi & Sinhala පැරණි චිත‍්‍රපට, වෙන වෙනම ගෙන ඒවායේ කථාව (සැකෙවින්), රඟපාන නළු නිළියන් ගේ විස්තර, චිත‍්‍රපටයේ ගුණ

දාස් බූට් DAS BOOT (The Boat) 1981ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම සිනෙමාපටයේ විදහා දැක්වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය සමයේ ක්‍රියා...
04/03/2021

දාස් බූට් DAS BOOT (The Boat) 1981

ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම සිනෙමාපටයේ විදහා දැක්වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය සමයේ ක්‍රියාන්විතයන්ට දායක වූ නාසි සබ්මැරීනයක (U-Boat) ඇතුළත සිදුවන සැබෑ සිදුවීම් ය. මෙහි ආරම්භක ස්තානය එවකට ජර්මනියට යටත් වී තිබූ ප්‍රංශයේ ලා රොෂේල් වරාය වේ. කාලය 1941 ඔක්තෝබර් මාසයයි. අංක U-96 දරණ ජර්මන් සබ්මැරීනයේ යුධ වාර්තා නිලධාරියා ලෙස එයට එක්වීමට ලුතිනන් වර්නර් හට අණ ලැබේ. සියළුම සබ්මැරීන සහ නැව් තුල සිදුවන දේ බර්ලිනයේ නාසි බලධාරීන්ට වාර්තා කිරීමට මෙවැනි වාර්තා නිලධාරීන් පත් කර තිබිණි. එහෙත් මේවායේ කාර්‍ය මණ්ඩලයට නම්, බර්ලිනයට කේළාම් කියන මෙවැනි නිලධාරීන් මහත් හිසරදයක් විය. මේ නිසා ලුතිනන් වර්නර් හටද, සබ්මැරීනයේ කපිතාන් ඇතුළු අනිකුත් නිලධාරීන්ගේ ඇනුම්පද වලට ලක්වීමට සිදුවේ. සමහරු වර්නර් ඉදිරිපිටම හිට්ලර් ඇතුළු නාසීන් විවේචනය කළහ. එහෙත් ඔහු ඉවසීමෙන් යුතුව තමාට පවරා ඇති දේ නිසි සේ ඉටු කරයි. බ්‍රිතාන්‍ය යුධ නැවක පහර දීමට ලක්වන ඔවුන් දින තුනක්ම මුහුද පතුලේ සැඟවී සිටින අතර, මෙම කාලය තුල මොවුන්ගෙන් පළවන්නේ අපේක්ෂා භංගත්වය සහ මරණ බිය පමණි. පසුව ඉන්ධන සහ ආයුධ ලබා ගැනීම සඳහා ඔවුන් වීගෝ වරායට පැමිණේ. මෙහිදී ඔවුන්ට අණ ලැබෙන්නේ ජිබ්‍රෝල්ටාව පසු කර ඉතාලියේ ලා ස්පෙසියා වරායට වහාම යන ලෙසය. බ්‍රිතාන්‍යයන්ට අයත් ජිබ්‍රොල්ටාව පසුකර යන්නේ සිය ජීවිත පරදුවට තබමිණි. මේ කාලය තුල ලුතිනන් වර්නර් ද නැවියන්ගේ ඇනුම් පද වලට නිරතුරුවම ලක්වේ. අවසානයේ ඔවුන් ලා ස්පෙසියා වරායට ගොඩ බැස්සද එම මොහොතේ ම එම වරායට එල්ලවන ගුවන් පහර දීමකින් සබ්මැරීනයේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මියයයි. සබ්මැරීනයද විනාශ වේ. වර්නර් කඳුළු පිරි දෙනෙතින් එම විනාශය දෙස බලා සිටී.

මෙම සිනෙමාපටය නිර්මාණය කර ඇත්තේ මෑත කාලයේ ජර්මනියේ පහළ වූ, ඉතා දක්ෂ නිර්මාණකරුවෙකු වූ වුල්ෆ්ගෑන් පීටර්සන් (Wolfgang Petersen) ය. මෙහි රඟන සියලුම ශිල්පීන් ඉතා දක්ෂ රංගනයන් ඉදිරිපත් කරන අතර කැමරාව සහ සංස්කරණය ද ඉතා හොඳ තත්වයේ පවතී. යුද්ධය කවරෙකුගේ අවශ්‍යතාවය මත කෙරුණත් එයට සහභාගි වන්නන් ඒ සඳහා කරන කැපවීම සහ විඳින දුක මෙම සිනෙමාපටයෙන් පෙන්නා දේ. මෙය විස්තර කළ හැක්කේ යුධ විරෝධී කලා නිර්මාණයක් ලෙසය.

චන්දන පී. චන්ද්‍රසේකර call: 077 2485084
[email protected]

ප්‍රිටී බේබි  (PRETTY BABY) 1978කාලය 1917, නිව් ඔර්ලියන්ස් නගරයේ පවත්වා ගෙන යනු ලබන උසස් පංතියේ ගණිකා නිවාසයක හැටී නමැති...
02/03/2021

ප්‍රිටී බේබි (PRETTY BABY) 1978

කාලය 1917, නිව් ඔර්ලියන්ස් නගරයේ පවත්වා ගෙන යනු ලබන උසස් පංතියේ ගණිකා නිවාසයක හැටී නමැති ගණිකාවක් සේවය කරයි. ඇයගේ 12 හැවිරිදි කුඩා දියණිය වූ වයලට් ද මෙහිම ඇය සමඟ සිටී. උපතේ සිටම ගණිකා නිවාසයේ දිවි ගෙවන වයලට් හට එහි සිදුවන සියලු දේ පිළිබඳ අවබෝධයක් ඇත. අර්නස්ට් බෙලොක් නම්වූ කැමරා ශිල්පියෙකු කාන්තාවන්ගේ නිරුවත් සේයා රූ ගැනීම සඳහා මෙහි පැමිණේ. හැටී ඔහුගේ සේයා රූ සඳහා පෙනී සිටීමට එකඟවේ. ඔහු මෙම සේයා රූ ගන්නේ කුඩා වයලට්ද ඉදිරිපිටය. මේ අතර දිනක් ගණිකා නිවාසයේ අයිතිකාරිය වන නෙල් අමුතුම යෝජනාවක් කරයි. කුඩා වයලට් තව දුරටත් කුඩා දැරියක් නොවන බවත් ඇයටත් ළමා ගණිකාවක් ලෙස සේවය ආරම්භ කල හැකි බවත් නෙල්, හැටී හට කියා සිටී. මවගේද අනුමැතිය සහිතව නෙල්, කුඩා වයලට් ගේ කන්‍යා භාවය ඉතා ඉහළ ලංසුවකට වෙන්දේසි කරයි. විශාල මුදලකට දොළොස් හැවිරිදි දැරියව මිලදී ගන්නා වයස්ගත ධන කුවේරයෙක් ඇයව දූෂණය කරයි. මේ අතර හැටී ගැන පැහැදුණු ඇගේ එක් පාරිභෝගිකයෙක් ඇයව ගණිකා නිවාසයෙන් මුදාගෙන විවාහ කරගනියි. නැවත පැමිණ වයලට්ව රැගෙන යන බවට පොරොන්දුවී හැටී ඇගෙන් සමුගෙන යයි. සිය මවගේ නික්මයාමෙන් පසු වයලට් ද ගණිකා නිවාසයෙන් පළායයි. ඇය ළඟාවන්නේ කැමරා ශිල්පී බෙලොක් ගේ නිවසටය. බෙලොක් කුඩා වයලට් ව සිය අනියම් බිරිය ලෙස තබා ගන්නා අතර පසුව වංචාකාරී ලෙස ඇයව විවාහ කරගනියි. ඔහුට අවශ්‍ය වන්නේ සෑම දිනකම ඇගේ නිරුවත් සේයා රූ ගැනීම මිස ඇයට ඕනෑ කරන සෙනෙහස ළබාදීම නොවන බව තේරුම් ගත් වයලට් නැවතත් ගණිකා නිවාසයට පළාගියද ඒ වන විට ජනතා උද්ගෝෂණ හේතු කොට ගෙන එය වසා දමා තිබූ බැවින්, බෙලොක් වෙතටම පැමිණේ. අවසානයේ ඇය රැගෙන යාම සඳහා, මව සිය සැමියා සහ අළුත උපන් බිළිඳු දරුවා ද සමග පැමිණේ. මුලින්ම බෙලොක්, වයලට් සිය බිරිය බවත් ඇයව දීමට තමා සූදානම් නොමැති බවත් කීවත්, ලාබාළ දැරියක විවාහ කරගැනීමේ වරදට ඔහුව හිරේ යැවීමට වුවත් හැකි බව මවගේ සැමියා කී පසු ඇයව ගෙනයාමට ඉඩ දේ. සිනෙමාපටය අවසන් වන්නේ වයලට් සිය පවුලේ අයත් සමග ගම් බලා යාම සඳහා දුම්රිය පලට ලඟා වීමත් සමඟය.

මෙම සිනෙමාපටය සදාචාර විරෝධී එකක් ලෙස හංවඩු ගැසී තිබූ අතර, ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මෙය පෙන්වීම තහනම් කරන ලදී. ඇත්තෙන්ම වයලට් නම් දැරියගේ චරිතය රඟන බෲක් ෂීල්ඩ්ස් (Brooke Shields) එවකට දොළොස් වැනි වියේ පසුවිය. දොළොස් හැවිරිදි දැරියකගේ සම්පූර්ණ නිරුවත් දර්ශණ මෙම සිනෙමා පටයේ තිබීමම ඉතා මතභේදයට තුඩුදුන් කරුණක් විය. මෙම කරුණ හැරුනු කොට මෙම සිනෙමාපටය ඉතා හොඳ නිර්මාණයකි. මෙය නිර්මාණය කල ලුවී මාලේ (Louis Malle) නම්වූ කලාකරුවා, ප්‍රංශ නවරැල්ලට මුල්වූවන්ගෙන් ගෙන් කෙනෙකි. ඔහු මෙයට කලින්ද මෙවැනිම මතභේදාත්මක නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. ළමා ගණිකාවක් වටා ගෙතුණු මෙවැනි සිනෙමා පටයක් මීට කලින් අප දැක නැති බැවින්ද, මෙම කතාව ඉතාමත් සංවේදී අයුරින් ඉදිරිපත් කර ඇති බැවින්ද මෙය ඉතා හොඳ සිනෙමාපටයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. එසේම හැටී ගේ චරිතය රඟන සුසාන් සරන්ඩන් (Susan sarandon) සහ බෙලොක් ගේ චරිතය රඟන කීත් කැරාඩීන් (Keith Carradine) තම රංගන හැකියාව මනාව ඔප්පු කර ඇත.

චන්දන පී.චන්ද්‍රසේකර call: 077 2485084
[email protected]

එලයිව් (ALIVE) 1993දකුණු ඇමරිකාවේ උරුගුවේ රටට අයත් උරුගුවේ ගුවන් හමුදා මගී යානයක් (අංක 571) 1972, ඔක්තෝබර් 13 දින මොන්ටි...
28/02/2021

එලයිව් (ALIVE) 1993
දකුණු ඇමරිකාවේ උරුගුවේ රටට අයත් උරුගුවේ ගුවන් හමුදා මගී යානයක් (අංක 571) 1972, ඔක්තෝබර් 13 දින මොන්ටිවීඩියෝ නගරයෙන් පිටත් වූයේ එක් විශේෂ පිරිසක් රැගෙනය. එරට ජාතික රග්බි කණ්ඩායම රග්බි තරඟාවලියකට සහභාගි වීම සඳහා චිලී රටේ සන්තියාගෝ නගරයට යාම සඳහා ගුවන් යානයට ගොඩවූහ. මොවුන් සමඟ ගමනට සහභාගී වූ ඔවුන්ගේ හිතවතුන් කීප දෙනෙක් සහ කාර්ය මණ්ඩලය ඇතුලුව 45 ක පිරිසක් ගුවන් යානය තුල සිටියහ. යානය ඇන්ඩීස් කඳුවැටිය පසුකර යද්දී එහි කඳුමුදුනක ගැටීමෙන් අනතුරට ලක්වීම නිසා නියමුවන් දෙදෙනා ඇතුළු කීප දෙනෙක් එම අවස්තාවේදීම මියගිය අතර, ඉතිරි පිරිස ගහක් කොලක් නොමැති සදාකාලිකව හිමෙන් වැසුනු කන්දක් මත තනිවූහ. යානයේ පසුපස කොටස වෙනත් තැනක ට කඩාවැටී තිබූ බැවින් රේඩියෝ පණිවුඩ යැවීමට ද හැකියාවක් නොමැතිව ඔවුන් අසරණ වූහ. මේ අතර තුවාල ලබා සිටි තවත් කීප දෙනෙක්ම මිය ගියහ. තමන් සතු ආහාර අවසන් වන විට ඔවුන් අපූරු තීරණයකට පැමිණේ. මියගිය හිතවතුන්ගේ මස් අනුභව කර හෝ සිය ජීවිත රැක ගැනීමට ඔවුන් පෙළඹේ. රග්බි කණ්ඩායමේ නායක ඇන්ටෝනියෝ, දිවි ගලවා ගත් පිරිසේ ද නායකයා ලෙස විශාල කාර්ය යක් ඉටු කරයි. මේ අතර ගුවන් අනතුරෙන් දිවි ගලවාගත්තවුන් සෙවීමේ කාර්යය අත් හැර දැමූ බව ගුවන් විදුලියට සවන් දුන් ඇන්ටෝනියෝ තම සගයන්හට හෙළිකරයි. මේ වන විට මොවුන් මේ හිම කතරේ තනිවී දින 60 ක් ගතවී ඇති අතර, ගුවන් යානයේ සිටි 45 දෙනාගෙන් දැනට ඉතිරිව සිටින්නේ 16 දෙනෙක් පමණි. මුළු ලොවම සිතන්නේ ඔවුන් සියළු දෙනාම මියගොස් ඇති බවය. නැන්ඩෝ සහ කැනෙසා නම් තරුණයන් දෙදෙන හිම කඳු තරණය කර මිනිස් වාසයක් සොයා යාම සඳහා ඉදිරිපත් වේ. දින 12 ක කටුක ගමනකින් පසුව අවසානයේ ඔවුන් දෙදෙනා චිලී රටේ ගමකට සේන්දුවේ. ගුවන් අනතුරෙන් දින 72 කට පසුව හෙලිකොප්ටර් දෙකකින් ගොස් ඉතිරි 14 දෙනාගේද දිවි ගලවා ගනියි.
1972 වසරේ සිදුවූ මෙම ආශ්චර්යමත් සැබෑ සිදුවීම, 1974 දී පියර්ස් පෝල් රීඩ් විසින් පළකල “Alive – The Story of the Andes Survivors” නමැති පොත මගින් ලොවට හෙළි කෙරිණි. මෙම පොතේ සිංහල අනුවාදය 1982 පමණ සිළුමිණ පුවත්පතේ සති ගණනක් තිස්සේ පළවූ අතර මා හටද එය කියවීමට අවස්තාවක් ලැබිණි. දින 72 ක් හිමෙන් වැසුණු කඳු මුදුනක සිරවී දිවි ගලවා ගත් මෙම විරුවන් 16 දෙනා පිළිබඳ සැබෑ කතාව සිනෙමා පටයකට නැගෙන්නේ 1993 දීය. ෆ්රෑමන්ක් මාර්ෂල් අතින් නිර්මාණය වන “එලයිව්” නම්වූ මෙම සිනෙමා පටයට Ethan Hawke, Josh Hamilton ඇතුළු හොලිවුඩ් නළුවන් රැසක් රංගනයෙන් දායක වේ. මෙහි සියළුම රංගන ශිල්පීන් ඉතා දක්ෂ රංගනයක යෙදෙන අතර, කැමරාකරණය සහ සංස්කරණය ඉතාමත් ඉහළ තලයක පවතී. අභියෝගයන්හට මුහුණ දී ජයගන්නා සැබෑ මිනිසුන් පිළිබඳ කතා සිනෙමා රූප මගින් දැකීමට ආසා කරන ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුවූ සිනෙමාපටයකි.
චන්දන පී. චන්ද්‍රසේකර
[email protected]

KILOMETERS AND KILOMETERS  2020  Malayalam Language movie (India)ඉන්දියාවේ ඇති ප්‍රාන්ත රාජ්‍ය 29 අතුරින් උගතුන් සහ නිර්...
25/02/2021

KILOMETERS AND KILOMETERS 2020
Malayalam Language movie (India)

ඉන්දියාවේ ඇති ප්‍රාන්ත රාජ්‍ය 29 අතුරින් උගතුන් සහ නිර්මාණකරුවන්ගේ ප්‍රතිශතය වැඩිම රාජ්‍ය වන්නේ ඉන්දියාවේ දකුණේ පිහිටි කේරළයයි. එහි තැනූ සිනෙමාපට නරඹද්දී මෙය මනාව ඔප්පුවේ. 80’ දශකයේ නිර්මාණය කරන ලද “පිරවි” වැනි සිනෙමාපට වල සිට අද තැනෙන ඒවා දක්වාම දක්නට ලැබෙන්නේ එකිනෙකට වෙනස් වෙනම අනන්‍යතාවයන් සහිත කතන්දරය. මෑතකදී මා නැරඹූ “කිලෝමීටර්ස් ඇන්ඩ් කිලෝමීටර්ස්” සිනෙමාපටය මෙයට ඉතා හොඳ නිදසුනකි. මෙහි කතාව සැකෙවින් මෙසේය.

ජෝස්මොන් කේරළයේ ගමක වෙසෙන රැකියා විරහිත තරුණයෙකි. එහෙත් ඔහු ගමේ ඇති සියලුම ලොකු කුඩා කාර්මික වැඩ කරදෙයි. මින් ලැබෙන ආදායමෙන් එදා වේල පිරිමහ ගැනීමට හැකි වූවත්, පරණ ණය ගෙවීමටවත්, නැගණියගේ උසස් අධ්‍යාපනය සඳහා වත් ඉන් පිටිවහලක් නොමැත. අවසානයේ සිය ගැටලු විසඳා ගැනීමට සිය මිය ගිය පියාගෙන් ලැබුනු එකම වස්තුව වන “බුලට්” වර්ගයේ පැරණි යතුරු පැදිය විකුණා දැමීමට ඔහු තීරණය කරයි. ඔහුගේ ජීවිතයේ ඉරණම්කාරිය හමුවන්නේ මේ අවස්තාවේදීය. ඇය කැතී නමැති ඇමරිකානු ජාතික සංචාරක තරුණියකි. ඇයට අවශ්‍ය වන්නේ ඉන්දියාව පුරාම ඇති සුන්දර තැන් නැරඹීමට යතුරු පැදියකින් තමාව ගෙනයා හැකි ගයිඩ් කෙනෙකි. ඉංග්‍රීසි බස හොඳින් නොදන්නා නිසා ඔහු මුලින්ම මෙයට අකමැතිවේ. එහෙත් ලැබෙන මුදල නිසා ඇයව රැගෙන සිය සංචාරය කේරළයෙන් පටන්ගෙන තමිල්නාඩු, කර්ණාටක, මහාරාෂ්ට්‍ර හරහා රාජස්තානයට පැමිණේ. සියලු ගැටලු ආරම්භවන්නේ මෙහිදීය. ඔවුන් දෙදෙනාගේ ගමන් මලු කිසිවෙකු විසින් සොරාගනී. මුදල්, පාස්පෝට් ඇතුලු සියලු දේ අහිමි වන කැතී හට ජෝස්මොන් නමැති ඉන්දීය තරුණයා උදව් කරන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොව අවංක චේතනාවෙනි. අවසානයේ මෙය ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇතිවීම දක්වාම දුරදිග යයි. ඔහු තම පණමෙන් සලකන යතුරු පැදිය විකුණා, ඇයට ආපසු ඇමරිකාවට යාමට ටිකට්පත ගැනීම සඳහා එම මුදල් වැය කරයි. පසුව ඇය නැවතත් ඉන්දියාවට පැමිණෙන අතර ඔහුගේ යතුරු පැදිය නැවතත් ඇගේ මුදලින් මිලදී ගෙන සිය සංචාරය නැවතත් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටී.
මෙම සිනෙමාපටයේ ප්‍රධාන චරිත දෙක රඟන, ට්‍රෙවිනෝ තෝමස් (ජෝස්මොන්) නමැති මලයාලම් නළුවා සහ ඉන්ඩියා ජාර්විස් (කැතී) නමැති අමෙරිකානු නිළිය ඉතාමත් දක්ෂ රංගනයක යෙදේ. මෙය කොමඩියක් ලෙස සමහරු අර්ත දැක්වූවත් මා මෙම සිනෙමාපටය දකින්නේ කොමඩියකට එහා ගිය විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙසය. මාගේ ඉල්ලීම නම් ඔබත් මෙම සුන්දර සිනෙමාපටය නරඹා රස විඳින ලෙසය.

චන්දන පී. චන්ද්‍රසේකර
[email protected]

NOWHERE IN AFRICA (Nirgendwo in Afrika)  2001ජර්මන් ජාතික කැරොලින් ලින්ක් (Caroline Link) විසින් තිර පිටපත ලියා නිර්මාණය...
23/02/2021

NOWHERE IN AFRICA (Nirgendwo in Afrika) 2001

ජර්මන් ජාතික කැරොලින් ලින්ක් (Caroline Link) විසින් තිර පිටපත ලියා නිර්මාණය කරන ලද මෙම සිතුවම් පටය 2001 වසරේ තිරගත විය. මෙහි කතාව 1995 දී ස්ටෙෆානි ස්වීග් (Stefanie Zweig) විසින් ලියන ලද මෙම නමම රැගත්, සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියූ නවකතාව අනුව නිමවිය. මෙහි කතාව සැකෙවින් මෙසේය.
1938 වසරේදී යුදෙව් ජාතික රෙඩ්ලිච් (Redlich) පවුල, ඔවුන් ජීවත්වූ ජර්මනියේ සයිලේසියා (Silesia) පලාතේ සිට කෙන්යා වේ ඈත වනගත පලාතක ගොවිපලකට පැමිනෙන්නේ ඉදිරියට පැමිනෙන බවට සැකකරන නාසීන්ගේ යුදෙව් සංහාරයෙන් මිදීමටය. ජර්මනියේ දක්ෂ නීතීවේදියෙකු වූ වෝල්ටර් සහ ඔහුගේ බිරිඳ ජෙටෙල් හට අලුත් පරිසරයට පුරුදු වීමට අපහසු වූවත් ඔවුන්ගේ කුඩා දියණිය වූ රෙජිනා ඉතා ඉක්මනින් කෙන්යා වැසියන්ගේ බස වූ ස්වාහිලි බස ඉගෙන ගෙන ඔවුන් සමග මිතුරු වේ.
මේ අතර 1939 දී කෙන්‍යා වේ එවකට සිටි පාලකයන් වන බ්රි තාන්ය යන් ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කල බැවින්, එහි සිටින සියලුම ජර්මන් ජාතිකයන් අත් අඩංගුවට ගෙන පිරිමින් සහ කාන්තාවන් වෙනම වෙන්කොට නයිරෝබි නුවර අසල පිහිටි හෝටල් වල රඳවා තබයි. මෙහිදී තනිවන ජෙටෙල් තමාට උදව් කිරීමට ඉදිරිපත් වන ජර්මන් බස කතා කල හැකි තරුණ ඉංග්‍රීසි හමුදා නිලධාරියෙකු සමඟ අනියම් සබඳතාවයක් ද අරඹයි.
රැඳවුම් කඳවුරෙන් ඔවුන් නිදහස් වන (යුදෙව්වන් බැවින්) අතර වෝල්ටර් බ්‍රිතාන්‍ය හමුදාවට එක්වේ. දියණිය රෙජිනා නයිරෝබි හි නේවාසික බාලිකා පාසැලකට ඇතුලත් කර, ජෙටෙල් හටද නයිරෝබියට පැමිනීමට වෝල්ටර් ඉල්ලා සිටියද, මේ වන විට කෙන්යානුවන්ගේ බස ඉතා මනා ලෙස ඉගෙන ගෙන සිටි ඇය, කලු ජාතික ඔවුඕර් (Owuor) සමග එක්ව ගොවිපල දිගටම කරගෙන යාමට කැමැත්ත පල කරයි. මේ අතර ජර්මනියේ සිටින ඔවුන්ගේ ආදරණීයයන් බොහෝ දෙනෙක් නාසීන් විසින් මරා දමා ඇති බව දැනගත් ජෙටෙල් ජර්මනියට වෛර කිරීමට පටන් ගනියි.
දෙවෙනි ලෝක යුද්ධය අවසන් වන අතර වෝල්ටර් නැවතත් ගොවිපලට පැමිණ සිය බිරිඳ සහ දියණිය සමඟ එක්වේ. ඔවුන් අතර තිබූ මතභේද අවසන් වන අතර වොල්ටර් ඉතාමත් අපහසුවෙන් ආපසු ජර්මනියට යාම සඳහා ජෙටෙල් සහ රෙජිනා ව කැමති කර ගනී. මේ අතර වෝල්ටර් සමඟ අඹු සැමි සබඳතා යලිත් අලුත් කරගන්නා ජෙටෙල් නැවතත් ගැබ් ගනී. අවසානයේ ඔවුන් ඔවුඕර් ඇතුලු සිය කලු ජාතික හිතවතුන් ගෙන් ඉතාමත් වේදනාබර ලෙසින් සමුගෙන ජර්මනිය බලා ගමන් ආරම්භ කරයි.
මෙම සිතුවම් පටය තුල දැකිය හැකි විශේෂතම ලක්ෂණය වන්නේ එහි මුල සිටම ගලාගෙන යන්නා වූ කාව්‍යමය ගතියයි. එමෙන්ම මෙහි රඟන සියලු ශිල්පීන්ගේ දක්ෂ රංගනය සාර්තකත්වයට හේතුවී එති බව පෙනේ. වෝල්ටර් ගේ චරිතය මෙරාබ් නිනිඩ්සේ (Merab Ninidze) ද, ජෙටෙල් ගේ චරිතය ජුලියාන් කොහ්ලර් (Juliane Köhler)ද, කුඩා රෙජිනා ගේ චරිතය ලී කුර්කා (Lea Kurka)ද, ඔවුඕර් ගේ චරිතය කෙන්යා ජාතික නලු සිඩේඩෙ ඔන්‍යුලෝ (Sidede Onyulo)ද රඟයි. නව මඟක් ගන්නා කතා තේමාවන් අනුව ගොඩ නැගුණු සිතුවම් පටවලට ආදරය කරන සියලු රසිකයන් අනිවාර්යෙයෙන්ම නැරඹිය යුතු නිර්මාණයකි.

ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර්  1965  For a few Dollars Moreචිත්‍රකතා පත්තර කලාව ඉතා බලවත් වූ මීට අවුරුදු 40 කට පමණ පෙර, කව්බෝ...
30/11/2020

ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර් 1965 For a few Dollars More
චිත්‍රකතා පත්තර කලාව ඉතා බලවත් වූ මීට අවුරුදු 40 කට පමණ පෙර, කව්බෝයි සිනෙමාපටයක් ඇසුරින් ඇඳි එක්තරා චිත්‍ර කතාවක් මාගේ මතකයට පැමිණේ. එහි ආරම්භයේ තිබූ වැකිය මෙසේය. “ජීවිතයට මිලක් නොතිබූ කලක මරණයට මිලක් තිබිණි. එහෙයින් මුදලට ලොල්ව මරණය හඹායන දඩයක්කරුවන් බිහිවිය. මොවුන් දෙදෙනෙකු පිලිබඳ කතාවයි මේ ........” ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර් යනු මෙම කතාවට පාදකවූ සිනෙමාපටයයි. මූලික චරිත දෙකම මුදල් වෙනුවෙන් අපරාධකරුවන් මරාදමන (Bounty Hunters) දෙදෙනෙකු වන තරුණ මැන්කෝ (Clint Eastwood) සහ තරමක් වයස්ගත හිටපු හමුදා නිලධාරියෙකුවූ කර්නල් ඩග්ලස් මෝර්ටිමර් (Lee Van Clief) වෙති. ඔවුන් දෙදෙනා විසින් භයානක මිනීමරු කොල්ලකරුවෙකු වන “එල් ඉන්ඩියෝ” (Gian Maria Volante) සහ ඔහුගේ මිනීමරු කල්ලියට එරෙහිව කරන සටනත් අවසානයේ ඔවුන් සියලු දෙනාම මරාදමන අයුරුත් මෙහි දැක්වේ. මුලින්ම මැන්කෝ සහ මෝටිමර් එකිනෙකාට එරෙහිව සටන් වදින අතර පසුව සමගිවී රජයෙන් ලැබෙන තෑගි මුදල සමව බෙදා ගැනීමට එකඟවේ. අවසානයේ සොරුන් මරා දැමූ පසු සම්පූර්ණ මුදලම මැන්කෝට ගැනීමට ඉඩදෙන අතර, මෝටිමර් සිය නැගනිය සහ ඇගේ සැමියාගේ මරණ වලට එල් ඉන්ඩියෝ ගෙන් පලිගත් බව පවසයි. මෙය ඉතාලි ජාතික නිර්මාණකරුවෙකුවූ සර්ජියෝ ලියෝනේ (Sergio Lione)ගේ නිර්මාණයකි.
චන්දන . පී . චන්ද්‍රසේකර 077 2485084
[email protected]

ද මැග්නිෆිසන්ට් සෙවන්  1960 The Magnificent Seven උතුරු මෙක්සිකෝවේ පිහිටි දුප්පත් ගමක්, කැල්වේරා (Elli Wallach) නමැති භය...
27/11/2020

ද මැග්නිෆිසන්ට් සෙවන් 1960 The Magnificent Seven
උතුරු මෙක්සිකෝවේ පිහිටි දුප්පත් ගමක්, කැල්වේරා (Elli Wallach) නමැති භයානක සොරෙකුගේ නායකත්වයෙන් යුත් සොරු රැලක් නිසා පීඩාවට පත්වෙයි. ඔවුන් නිතරම පැමිණ ගැමියන් සතු වස්තුව සහ ආහාර කොල්ලකති. මේ අතර අසල පිහිටි ඇමෙරිකාවෙන් පැමිනෙණ කව්බෝයිලා 7 දෙනෙකුගේ කල්ලියක්, ගම් වැසියන් හට ආයුධ පුහුණුව ලබාදී, මංකොල්ලකරුවන් නැවත පැමිණියහොත් ඔවුන්ට පහර දීමට ගම් වැසියන් සූදානම් කරයි. අවසානයේ වීරයන් 7 දෙනාගේ නායකත්වයෙන් ගම්වැසියන් මංකොල්ලකරුවන් හා සටන් වැදී ඔවුන් මරාදමයි. එහෙත් මෙම සටනේදී වීරයන් 4 දෙනෙකු ද මරු දකී. මෙම වීරයන් 7 ලෙස රඟ පෑ රංගන ශිල්පීන් පසු කලක හොලිවුඩ් සිනෙමාව තුල විශාල නමක් දිනාගත් නලුවන් වන නායක ක්‍රිස් ඇඩම්ස් (Yul Brynner), වින් ටැනර් (Steve McQueen), හැරී ලක් (Brad Dexter), බර්නාඩෝ ඕරීලි (Charles Bronson), බ්‍රිට් (James Coburn), ලී (Robert Vaughn) සහ චිකෝ (Horst Buchholz) වෙති. මෙහි කතාව 1953 දී නිෂ්පාදිත අකිරා කුරොසෝවා ගේ “සෙවන් සමුරායි” නමැති ජපන් සිනෙමාපටයේ කොපියකි. එමෙන්ම මෙහි කොපියක් වූ සිංහල සිනෙමාපටයක් ද 1967 දී “කොලඹ හාදයෝ” නමින් තිරගත විය. (ලයනල් දැරණියගල සහ පියදාස විජේකෝන් රඟන).
චන්දන . පී . චන්ද්‍රසේකර 077 2485084
[email protected]

26/11/2020

ලොව නිර්මාණයවූ හොඳම කව්බෝයි සිනෙමාපට 10
The best 10 Cowboy movies ever made
1. ද මැග්නිෆිසෙන්ට් සෙවන් 1960
2. ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර් 1965
3. ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් දි අග්ලි 1966
4. අ ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස් 1965
5. 100 රයිෆල්ස් 1969
6. රෙඩ් සන් 1971
7. හයි ප්ලේන්ස් ඩ්රි්ෆ්ටර් 1973
8. දි අන්ෆොර්ගිවන් 1992
9. හයි නූන් 1952
10. ඩ්ජැන්ගෝ අන්චේන්ඩ් 2012
මෙම ලෝක පූජිත සිනෙමාපට 10 එකින් එක පිලිබඳ ව පිලිවෙළින් විස්තර කිරීමට අදහස් කරමි.

සෙන්ට්‍රල් ස්ටේෂන්  (Central do Brasil)  1998විශ්‍රාමික ගුරුවරියක වන ඩෝරා බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ නගරයේ විශාලතම දුම් රි...
21/11/2020

සෙන්ට්‍රල් ස්ටේෂන් (Central do Brasil) 1998
විශ්‍රාමික ගුරුවරියක වන ඩෝරා බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ නගරයේ විශාලතම දුම් රිය ස්තානය තුල, ලිවීමට කියවීමට නොදත් අයට මුදල් අයකර ලියුම් ලියාදෙයි. දිනක් සිය කුඩා පුතුද කැටුව පැමිනෙන එක් තරුණ මවක්, ඉතා ඈත උතුරුදිග නගරයක වසන, දිගු කලකින් නොදුටු සිය සැමියාට ඩෝරා ලවා ලිපියක් ලියවාගෙන එය තැපැල් කිරීමටද ඇයටම භාරදී නික්ම යයි. මොහොතකින් පාර පනිද්දී බසයක හැපී තරුණ මව මියයන අතර තනිවන කුඩා දරුවා වන ජෝෂුවා දිව එන්නේ ඩෝරා ළගටය. ඩෝරා තම සියලු වැඩ නවතා දමා, කුඩා ජෝෂුවා ද සමග දුර ගමන් බසයක නගින්නේ, ලිපියේ සදහන් බොම් ජීසස් නමැති නගරයේ ජීවත්වන දරුවාගෙ පියා සොයා යාමටයි. මෙම දිගු චාරිකාව තුල ඩෝරා ආච්චිඅම්මා සහ කුඩා ජෝෂුවා අතර ගොඩනැගෙන්නේ අසීමිත ආදරයකි. අවසානයේ එම නගරයට සේන්දු වූවද ඔවුන්ට ආරංචි වන්නේ දරුවාගේ පියා මියගොස් ඇති බවය. එහෙත් පියාගේ පෙර විවාහයක පුතුන් දෙදෙනෙකු ඔවුන්ට හමුවන අතර ඔවුන් සිය බාල සොහොයුරා පිලිබද වගකීම භාරගනී. අවසානයේ ඩෝරා ආච්චිඅම්මා කුඩා ජෝෂුවා ගෙන් සමුගනියි. පුරුතුගීසි බසින් නිමවා ඇති මෙම සිනෙමාපටය වෝල්ටර් සාලෙස් (Walter Salles) ගේ නිර්මාණයකි. ඩෝරා ලෙස ෆර්නැන්ඩා මොන්ටෙනීග්රෝ (Fernanda Montenegro)රගන අතර විනිසියස් ඩි ඔලිවෙයිරා (Vinicius de Oliveira) කුඩා ජෝෂුවා ලෙස රගයි.
චන්දන . පී . චන්ද්‍රසේකර 077 2485084
[email protected]

පාරාදීසයේ ආදරය (Paradise Love) 2012වයස අවුරුදු 50 ද ඉක්මවූ තරබාරු තෙරේසා නම් ඕස්ට්‍රියානු ජාතික එක් දරු මවට, සිය ඒකාකාරී...
20/11/2020

පාරාදීසයේ ආදරය (Paradise Love) 2012
වයස අවුරුදු 50 ද ඉක්මවූ තරබාරු තෙරේසා නම් ඕස්ට්‍රියානු ජාතික එක් දරු මවට, සිය ඒකාකාරී ජීවිතයෙන් මිදී කොහේ හෝ යාමට සිත්වේ. සිය දියණිය ගිම්හාන කදවුරකට යවන ඇය, මිතුරියන් කීප දෙනෙකුද සමග කෙන්යාසවේ සංචාරයකයට යයි. කෙන් යාවේ මනරම් වෙරළ තීරයකදී ඇය තමාහට වඩා බෙහෙවින් තරුණ කලු තරුනණයෙකු සමග ආදරයෙන් බැදේ. එහෙත් මෙම පාරාදීසය තුල ආදරය යනු තවත් එක ව්‍යාපාරයක් බව ඇය තේරුම් ගන්නේ පසුවය. ඕස්ට්රිීයාවේ ජර්මන් බසින් නිමවන ලද මෙම සිනෙමාපටය උල් රිච් සෙයිඩ්ල් (Ulrich Seidl)ගේ නිර්මාණයකි. තෙරේසාගේ චරිතයට පණදෙණ මාගරීට් ටියෙසෙල් (Margarete Tiesel)සහ තරුණයාගේ චරිතය රගන පීටර් කසුන්ගු (Peter Kazungu) දක්ෂ රංගනයක යෙදේ.
චන්දන . පී . චන්ද්‍රසේකර 077 2485084
[email protected]

Address

Dileepa Movie World, 462/A, Highlevel Road
Delkada
10280

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94772485084

Alerts

Be the first to know and let us send you an email when Classical movie reviews - English, Hindi & Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Classical movie reviews - English, Hindi & Sinhala:

Shortcuts

Share