01/03/2023
්නට_මග Post 5
අද post එකෙන් කියවෙන්නේ IELTS වල අවශ්‍යතාවය ගැන.
Ielts වල තියනවා Ielts exam කීපයක්ම මුලින්ම ඒ මොනවද කියලා බලමු 😉.
- IELTS Academic - in centre (on paper or on computer)
- IELTS General Training - in centre (on paper or on computer)
- IELTS Academic for UKVI - in centre (on paper or on computer)
- IELTS General Training for UKVI - in centre (on paper or on computer)
- IELTS Life Skills (A1 and B1) - in centre (on paper)
මෙතනින් UK එන කෙනෙක් ඉගෙනගන්න UK එනවනම් කරන්න ඕනි Ielts Academic for Ukvi කියන exam එක. ඒකෙත් computer base එක හෝ paper exam දෙකෙන් එකක් තෝරගන්න පුලුවන්.
ඔතනදි තියනවා exam 4ක්.
- Reading
- Listening
- Speaking
- Writing
සාමාන්‍යෙන් UK university එකකින් Overall Ban score එක 6.0 වගේ ඉල්ලනවා.. ඒක ගන්න එක තමයි ඉතිං ගේම 🙃. අව්ලක් නෑ ඇත්තටම ගේමක් ගහගන්න පුලුවන් තනියම උනත්.
අපේ අත්දැකීම ගත්තොත් ,ඇත්තටම studies වලට යන්නෙ මගෙ wife නිසා wife තමයි Ielts කලේ.. ඕකට class වලට යන්න ඕනිම කියලා එකක් නෑ. Wife, self study කරලා තමයි exam එක කලේ... Classes ගියෙ නෑ.. මෙන්න මේ ලින්ක් ටික බලලා. Youtube , Google වලින් හොයලා වීඩියෝ එහෙම බලලා තමයි exam එක කලේ..තනියම කරගන්න පුලුවන් වගේනම් ඇත්තටම classes වලට වියදම් කරන්න ඕනි නෑ...
ඒත් තනියම කරගන්න අමාරුනම් classes යන එක තමයි හොඳම. මෙන්න මේ ලින්ක් වලට ගිහිං පොඩ්ඩක් ඉන්න ගමන් බලන්න.
Cambridge Ielts කලින් exam ටිකේ link ටික මේ link එකෙන් ගිහිං බලන්න පුලුවන්. මේ ටික practise කරන එක තමයි කරන්න ඕනි.
https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/
Reading exam tips ටිකක් මේ චැනල් වලින් ගන්න පුලුවන්
https://youtu.be/KadZ3KYzM0I
https://youtu.be/ELGrKUR0EH4
Listening exam එකටනම් අනිවාරෙන්ම කලින් දාපු practise link එක තමයි හොඳම. මේ තියෙන්නෙ ඒ link එක
https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/
Speaking වලට අපි බලපු youtube playlist එක
https://youtube.com/playlist?list=PL1VV_9yqK5azhpaeU7BYDfMtOXaZz_xcQ
Writing exam එකට මේ වීඩියො එක බලන්න
https://youtu.be/qywjKFDMhcM
ඊට අමතරව මේ FastTrack ielts කියලා group එකක් තියනවා ඒකෙ හැමතිස්සෙම ielts වල questions කරනවා නිකම් test වගේ පුරුදු වෙන කෙනෙක්ට හොඳයි. ඒ group එකේ 60000 කට වඩා members ලා ඉන්නවා.. ඒකටත් join වෙලා බලන්න.
https://t.me/IELTSFasTrack
ඔය තියෙන්නෙ ඒකෙ link එක.
ඉතිං, ඉස්සරනම් ඇත්තටම university ගොඩක් Ielts ඉල්ලුවෙ නෑ UK වල. ඒත් දැන්නම් එහෙම ඉල්ලන්නෙ නැති university එකක් නැති තරම්. හැම එකේම අනිවාරෙන්ම ielts බලලා තමයි ගන්නෙ.. ඒ නිසා දැං අනිවාරෙන්ම UK ඉගෙනගන්න එනවනම් අනිවාරෙන් Ielts කරන්න ඕනි..
අපි University එකෙන් Unconditional Letter එක ගද්දිවත් ielts must තිබ්බෙ නෑ. දැංනම් මේ මාස දෙක තුනට හැම එකෙන්ම next batches වලින් ielts ඉල්ලනවා.. ඒක නිසා කරන්නම වෙනවා.
එතනදිත් මෙහෙම දෙයක් තියනවා.. දැං Masters එකකට UK එනකොට අපිට Dependents ලව අරගෙන එන්න පුලුවන්නෙ. එතනදි ඇත්තටම Ielts ඕනි study කරන කෙනාට විතරයි. Dependent යන අයට ielts අත්‍යවශ්‍ය නෑ. ඉගෙනගන්න කෙනාට University එකෙන් ඉල්ලන condition එකක් නිසයි Ielts ඕනි. ඒ නිසා dependent යන අය දැංම බොරුවට කරන්න අවශ්‍ය නෑ. දැනටනම්
එහෙමයි තියෙන්නෙ.. ඒත් ඉස්සරහට මොකක් වෙයිද කියන්නත් බෑ 🥲.
January Intake එකට මේ දවස් වල ගොඩක් කට්ටිය UK දානවා.. එතනදි කට්ටිය දකින්න ඇති දැං Ielts must කියලා..
UK නැතුව වෙන කොහෙ හරි studies වලට යනවනම් ඔතනින් කරන්න ඕනි Ielts Academic එක. ඒකෙත් computer base එක හෝ paper exam දෙකෙන් එකක් තෝරගන්න පුලුවන්.
UK jobs වලත් Ielts must jobs තියනවා.. ඒත් ielts අතයවශ්‍යම නෑ. Ielts අවශ්‍ය නැති ඕන තරම් jobs තියනවා.. ඒ නිසා කිසිම අව්ලක් නෑ.
දැනට ලංකාවෙ British Council එක recomend කරන්න පුලුවන් ඔයාලට ielts කරනවනම්.
මම ඒකෙ ගනන් ටිකත් පහලින් දාන්නම්.
- IELTS Academic - in centre (on paper or on computer) - රුපියල් 50000.00
- IELTS General Training - in centre (on paper or on computer) - රුපියල් 50000.00
- IELTS Academic for UKVI - in centre (on paper or on computer) - රුපියල් 59000.00
- IELTS General Training for UKVI - in centre (on paper or on computer) - රුපියල් 59000.00
- IELTS Life Skills (A1 and B1) - in centre (on paper) - රුපියල් 41000.00
ඇත්තටම wife Ielts කලේ Computer base. Computer base කලාම එක දවසින්ම exam ඉවරයි. අනික දවස් 5 ක් ඇතුලත result එනවා. ඒත් paper exam එකනම් දවස් දෙකක් exam තියනවා වගේ මතක විදියට. Result එන්නත් ටික දවසක් යනවා..
2021 october වල තමයි wife Ielts කලේ. ඒ කරන කාලෙ රුපියල් 20000 යි. දැං ඉතිං ගනන් ගිහිං. ඉස්සරහටත් කෝම වෙයිද දන්නෙ නෑ.
තව අවුරුද්දකින් විතර studies වලට UK එනවම කියලා හිතාගෙන ඉන්නවනම් දැංම කරලා තියාගත්තා කියලා පාඩුවකුත් නෑ. මොකද Ielts එකපාරක් කලාම ඒක two years වෙනකම් valid. ඒ නිසා දැං කලා කියලත් පාඩුවක් නෑ 😉.
හරි එහෙනම් ඔය ටික තමයි මතකෙ තියාගන්න ඕනි. කෝමත් දැං Ielts නැතුව UK studies වලට එනවා කියන්නෙ හීනයක් වගේ සීන් එකක්.. ඒ නිසා අනිවා කරලා තියාගන්න.
එහෙනම් අපි ඊළඟ Post එකෙන් සෙට් වෙමු ☺️❤️.
✍🏻❤️