14/09/2026
ඇයි අපි QubeBots ආයතනය හරහා Drones 250ක fleet එකක් ලංකාවේ ඇතුලේ හැදුවේ?
2020 වගේ වෙද්දි ඕනම කෙනෙක්ට කඩෙන් ලේසියෙන්ම drone එකක් ගන්න පුලුවන් උනා. හැබැයි අපෙ අය දැකලා තිබුන දේවල් එක්ක මේක videography වලට හරි hobby එකක් විදිහට හරි fly කරන දෙයක් කියලා කට්ටිය පටු විදිහට හිතන්න අරගෙන තිබ්බේ. අදටත් ඒකෙ ලොකු වෙනසක් නෑ. අපිට ලංකාවේ ඇතුලෙම මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියලා මම ගොඩක් ආයතන එක්ක කරපු හැම discussion එකකදිම උනේ අපි කරන්න බැරිදෙයක් පස්සේ යනවා කියන හරි එහෙම නැත්තම් අපි හැමෝම කරනවා වගේ පිටරටින් parts ගෙනල්ලා assemble කරන්න යනවා කියන එක හරි.
Circuit එකේ ඉඳන්ම design කරලා මුල ඉඳලම firmware එක code කරලා මේක හදන එකේ vision එක කාටවත් තේරුණේ නෑ. ඉතින් මේ project එක පටන්ගන්න ලොකුම motivation එක දුන්නෙ, මේක කරන්න බැරි දෙයක් කියලා අපිට කියපු කට්ටිය. හැබැයි අපි මේක අද වෙද්දි පිටරට university 15කට විතර යවනවා. ඒ වගේම ශ්රී ලංකා ගුවන් හමුදාවත් අපි එක්ක 2024 දී එකතු වෙනවා එයාලගෙ engineers ලව පුහුණු කරන්න අපේ platform එක අරගෙන.
මේකෙ තියන price point එකත් එක්ක අපි තීරණය කරනවා අපි මේක ලංකාව ඇතුලේ promote කරන්නෙ නෑ කියලා මොකද තාමත් අපේ අය programmable drone කියන concept එකට පුරුදු නෑ. හැබැයි අපිව හොයාගෙනම ඇවිල්ලා මේක එයාලගෙ curriculum එකට ඇතුලත් කරපු STEM Academies 3ක් සහ ඉස්කෝල දෙකක් තියනවා මේ වෙද්දි.
අපි කරන මේ වගේ top notch වැඩවලින් 20%ක් වගේ තමයි මට ඔයාලව motivate කරන්න කියන්න පුලුවන්. අනිත් හැමදෙයක්ම අපි disclose කරන්නේ නැති projects විදිහට යනවා. මේ ගැන වැඩිදුර ප්රශ්න තියනවා නම් page එකේ උඩම තියන guidelines වලට අනුව අහන්න පුලුවන්. මොකද මෙතන මම බලාපොරොත්තු වෙන්නෙ තමන්ට වැඩක් කරගන්න කැමති උගත් පිරිසක් හදන එක නිසා, ඒවට අනුගත නොවෙන දේවල් page එකෙන් අයින් කරන්න කියලා මගේ social media team එකට මම උපදෙස් දීලා තියනවා. ඒ විදිහට එන ප්රශ්න වලට උත්තර මම වෙනම video එකක් හරහා ඉස්සරහට දෙනවා.
මේ වගේ post එකක් දාන හැමවෙලාවකම වැඩිපුරම අහන ප්රශ්න දෙක තමයි ගාන කීයද, ගන්න තියෙන්නෙ කොහෙද කියලා. ඇත්තටම මේක පාවිච්චි කරන්න අවශ්යතාවයක් තියන කෙනෙක්ට ඒ දේවල් හොයාගන්න අමාරු නෑ. මොකද මම හිතනවා ඒ පොඩි දේවත් හොයාගන්න බැරි තරම් උනන්දුවක් නැති කෙනෙක්ට මේ platform එකෙන් වැඩක් ගන්න අමාරුයි කියලා. ඇත්තටම බලන්න මේ post එක බාගෙට කියවලා කීදෙනෙක් මේක අහයිද කියලා.