Homeplus Electricals

Homeplus Electricals ලංකාවේ අඩුම මිලගනන් යටතේ ඉහළ ගුණත්වයෙන් යුතු LED Bulbs , CCTV කැමරා සහ
සියලුම නිවාස වයරින් උපකරණ

Shout out to my newest followers! Excited to have you onboard! Dinuka Abeykoon, Nuwan Gunarathne, යූ.පී.කේ. මඩපාත
28/01/2026

Shout out to my newest followers! Excited to have you onboard! Dinuka Abeykoon, Nuwan Gunarathne, යූ.පී.කේ. මඩපාත

👉 ටෙක් එකක කෝස් එකක් කරන්නේ නැතුව NVQ 3, NVQ 4 සහතිකයක් ගන්න ක්‍රමයRPL ( (Recognition of prior learning ) ජාතික වෘත්තිය ...
24/01/2026

👉 ටෙක් එකක කෝස් එකක් කරන්නේ නැතුව NVQ 3, NVQ 4 සහතිකයක් ගන්න ක්‍රමය

RPL ( (Recognition of prior learning ) ජාතික වෘත්තිය සුදුසුකම් සහතික පිරිනැමීම

ඔබගේ රැකියාව මෙතෙක් කල් පැවතුනේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ
පිළිගැනීමක් ඇති සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් අප අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇත. ඒ අන් කිසිවක් නොව
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා දීමේ වැඩ පිළිවෙලයි.

1. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරුද්ද පමණක් අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති
සහතිකයක් බැවින් විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.

2. මෙමගින් ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම් දක්වා යා හැකි බැවින් ඔබට අභිමානයෙන් යුතුව වෘත්තීය මග
සැළසුම් කරගත හැක.

3. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාර්ය නම් කරන පුහුණු
මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවයක් හැකියාව සහතික කරවා ගත හැක.

📌️ අවශ්‍ය සුදුසුකම් 📌️

⭕ NVQ 2/3 වන මට්ටම් සඳහා

👉 අයදුම් කරන වෘත්තියට අදාළව වසර එකහමාරක වෘත්තීය පළපුරුද්ද ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
(සේවා සහතිකයේ නිවැරදිව සේවය කරන තනතුර, අදාළ සේවා කාලය නිසි ආකාරයෙන් සදහන් කළ යුතුය.)

හෝ

👉 අයදුම් කරන වෘත්තියට අදාලව වසර එකහමාරක ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ එම ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන යන බවට හා අයදුම්කරු විසින්
අදාළ වෘත්තියේ නියැලෙන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය

හෝ

👉 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්නම්,

1. මාස 6-12 එක් වසරක වෘත්තීය පළපුරුද්ද

2. මාස 12-24 මාස නවයක වෘත්තීය පළපුරුද්ද

3. මාස 24-36 මාස හයක වෘත්තීය පළපුරුද්ද

❌ අයදුම්පත් යොමු කරන දින වන විට ඔබ වයස 18 සම්පුර්ණ වුයෙක් විය යුතුය.

⭕ NVQ 4 මට්ටම සඳහා

👉 අයදුම් කරන වෘත්තියට අදාළව වසර හතරක වෘත්තීය පළපුරුද්ද ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
(සේවා සහතිකයේ නිවැරදිව සේවය කරන තනතුර,අදාළ සේවා
කාලය නිසි ආකාරයෙන් සදහන් කළ යුතුය.)

හෝ

👉 අයදුම් කරන වෘත්තියට අදාලව වසර හතරක ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය සහ එම ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන යන බවට හා අයදුම්කරු විසින් අදාළ වෘත්තියේ නියැලෙන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය

හෝ

👉 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්නම්,

1. මාස 6-12 වසරක තුනක වෘත්තීය පළපුරුද්ද

2. මාස12-24 වසර දෙකක වෘත්තීය පළපුරුද්ද

3.මාස 24-36 වසර එක එකහමාරක වෘත්තීය පළපුරුද්ද

හෝ

👉 NVQ 2 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම් වසර 3 වෘත්තීය පළපුරුද්ද

👉 NVQ 3 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම්, වසර 2 වෘත්තීය පළපුරුද්ද

❌ අයදුම්පත් යොමු කරන දින වන විට ඔබ වයස 21 සම්පුර්ණ වු අයෙක් විය යුතුය.

📌️ ගාස්තු ගෙවීම් 📌️

1. ලියා පදිංචි ගාස්තුව-

Level 3 : 1000/=
Level 4 : 1000/=

(NAITA-NVQ-RPL නමින් මහජන බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ඇති අංක 174100150021659
දරණ ගිණුමට තැන්පත් කල යුතුය.)

2. සහතික පත්‍ර සහ අධීක්ෂණ ගාස්තු-

Level 3 : 500/=
Level 4 : 500/=

(අධ්‍යක්ෂ ජනරාල් ,TVEC නමින් මහජන බැංකුව බොරැල්ල, ශාඛාවේ ඇති 078100172266044
දරණ ගිණුමට මුදල් තැන්පත් කල යුතුය.)

3.න්‍යායික පරීක්ෂණ ගාස්තු-(රූපලාවන්‍ය ශිල්පී, කේෂාලංකරණ ශිල්පී, සැළසුම් ශිල්පී, ශිත කරණ හා වායු සමීකරණ ශිල්පී, පෙර පාසල් ගුරු, මොටර් රථ කාර්මික ශිල්පී, විදුලි කාර්මික ශිල්පී,තොරතුරු තාක්ෂණ ශිල්පී, හෙද සහායක ශිල්පී, බේකරි ශිල්පී, සුපවේදි, ප්‍රමාණ සමීක්ෂණ සහායක, ගොඩනැගිලි ඉදිකිරිම් සුපරීක්ෂක )

Level 3 : -
Level 4 : 500/=

(TVEC නමින් 078100172266044 දරණ ගිණුමට
මුදල් තැන්පත් කල යුතුය.)

4. අවසාන ඇගයීම් පරීක්ෂණ ගාස්තු

Level 3 : 5000/=
Level 4 : 6000/=

(NAITA-NVQ-RPL නමින් මහජන බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ඇති අංක 174100150021659
දරණ ගිණුමට තැන්පත් කල යුතුය.)

5. අවසාන ඇගයීම් පරීක්ෂණ මධ්‍යස්ථාන ගාස්තුව

Level 3 : 4000/=
Level 4 : 5000/=

(අදාල විභාග මධ්‍යස්ථානයට ගෙවිය යුතුය.)

( 👉👉 ගෙවීම් ගැන පැහැදිලි නැත්තන් ඔරිජිනල් පෝස්ට් එකේ පලවෙනි කමෙන්ට් එක බලන්න.මං ෆොටෝ එකක් දාන්නම් )

📌️ අදාල ලේඛන 📌️

ඉහත ක්‍රම වේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම්, NVQ-RPL සඳහා ලියාපදිංචි විය හැක.

1. ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද (සාමවිනිසුරු විසින්) ඡායා පිටපත

2. සේවා සහතිකයේ සහතික කරන ලද (සාමවිනිසුරු විසින්) ඡායා පිටපත

👉 ඔබ විදේශ රටක සේවය කර එම සේවා සහතික ඉදිරිපත් කරන්නේ නම්,සේවා සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය හා විසා පිටුවල පිටපත් යොමු කළ යුතු වේ.

3. බැංකු රිසිට්වල මුල් පිටපත්

👉 ඉහත අංක 01,02 යටතේ සඳහන් ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වනු ලබන වෘත්තීන් සඳහා පමණක් NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3,දරණ ගෙවීම් කළ යුතුය.

❌ ඔබ ඉදිරිපත් කරන සියළුම ඡායා පිටපත් සාම විනිසුරු විසින් සත්‍ය පිටපත් බවට සහතික කල යුතුය.

(සැ.යු.උක්ත ගිණුම් සදහා තැන්පත් කරන ලද මුදල් නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන් ඇගයීම මාස 06ක් වනතුරුත් ඔබගේ සහතිකය නොලැබුණ හොත් වහාම අපව දැනුවත් කර මාස 06 ක් තුළ සහතිකය ලබා ගන්න.)

📌️ අයදුම්පත් යොමු කිරීම

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරිය
NVQ-RPL අංශය
නො.971, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය
දුරකථන අංක - 0112888783-5

උපුටාගැනීමකි

www.naita.gov.lk

⭕ විදුලි කාර්මිකයන්ට බලපත්‍රයක් අනිවාර්යයි: NVQ සුදුසුකම නැති අයට නොමිලේ සහතිකයක්විදුලිබල ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ වෘත්තීය ...
24/01/2026

⭕ විදුලි කාර්මිකයන්ට බලපත්‍රයක් අනිවාර්යයි: NVQ සුදුසුකම නැති අයට නොමිලේ සහතිකයක්

විදුලිබල ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා මෙරට සියලුම විදුලි කාර්මිකයන්ට වෘත්තීය බලපත්‍රයක් ලබා ගැනීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනිවාර්ය කර තිබේ. විදුලිබල පනතේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනතේ විධිවිධාන යටතේ මෙම නව නීතිය ක්‍රියාත්මක වේ.

මෙම නව ක්‍රමවේදය යටතේ බලපත්‍රලාභී විදුලි කාර්මිකයන් ලෙස පිළිගැනීමට අවශ්‍ය සුදුසුකම් මෙසේය:

2026 සිට 2029 දක්වා: අවම වශයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ NVQ 3 මට්ටම තිබිය යුතුය.

2030 සිට: අවම වශයෙන් NVQ 4 හෝ ඊට වැඩි සුදුසුකමක් තිබීම අනිවාර්ය වේ.

දැනට වෘත්තියේ නියැලී සිටින නමුත් විධිමත් NVQ සහතිකයක් නොමැති කාර්මිකයන් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ සහන වැඩසටහනක් හඳුන්වා දී ඇත. ඒ යටතේ ඔවුන්ට තම පළපුරුද්ද පදනම් කරගෙන (RPL ක්‍රමය හරහා) NVQ 3 මට්ටමේ සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙහි ඇති සුවිශේෂී වාසිය නම්, විභාග ගාස්තු සහ දින දෙකක විශේෂ පුහුණු පාඨමාලාව සඳහා වැය වන වියදම කොමිෂන් සභාව විසින් දරනු ලැබීමයි.

මෙම බලපත්‍රය හිමිවීම හරහා විදුලි කාර්මිකයන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළේ ද ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂවරයාගෙන් (077 294 3193) ලබාගත හැකිය.

දන්න ළමයි ඉන්නවා නම් දැනුම් දෙන්න.O/L ළමයින්ටත් පුලුවන් . ඔයටික share  කරලා දෙන්න.071 3 350 300 call සහ whatsapp (සම්පත්...
22/01/2026

දන්න ළමයි ඉන්නවා නම් දැනුම් දෙන්න.
O/L ළමයින්ටත් පුලුවන් . ඔයටික share කරලා දෙන්න.

071 3 350 300 call සහ whatsapp (සම්පත් සර් හමුවන්න)

එන්න ළමයි ඉන්නවා නම් නම whatsapp කරන්න කියන්න.

මේවර නොමිලේ.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හික්කඩුව(නාරිගම) පුහුණු මධ්‍යස්ථානයේ

*විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව*

ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම පාඨමාලාවේදී
- එකලා සහ තෙකලා විදුලි පරිපථ ස්ථාපනය
- නිවාස සහ කර්මාන්තශාලා වයරින් කිරීම.

- විදුලි උපකරණ නඩත්තු සහ සේවා කිරීම(රයිස් කුකර්,බ්ලෙන්ඩර්,හීටර්,අවන්,රෙදි සෝදන යන්ත්‍ර , ෆෑන්, අයන්, LED බල්බ 💡 නිෂ්පාදනය ..)

- ⚡ තනිකලා/තෙකලා විදුලි මෝටර් අලුත් වැඩියාව.

- මෝටර් පාලන පද්ධති ස්ථාපනය.

- නිවාස ආරක්ෂණ පද්ධති ස්ථාපනය.

- CCTV පද්ධති ස්ථාපනය.

- ජෙනරේටර් ක්‍රියාත්මක කරවීම නඩත්තු කිරිම

- PLC පද්ධති
- (ස්වංක්‍රීය පද්ධති) ස්ථාපනය

- ඇස්තමේන්තු සැකසීම.
- විදුලි පරිපත සටහන් ඇදීම,කියවිම..
ආදී බොහෝ දේ පාඨමාලාවේ ඇතුලත් වේ.

පාඨමාලාව අවසානයේ *NVQ 4 සහතික පත්‍රයක්* පිරිනැමේ.

එසේම රැකියා සදහා යොමු කෙරේ.

පාඨමාලා කාලයේදී සිසුවාට
මාසිකව 5000/= දීමනාවක් පාඨමාලාව අවසන් වනතුරු (*සිසු සවිය* ) ලබා දේ.

සිසුන් සදහා ලංගම වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ද සිදුකල හැකිය.

*ලියාපදිංචි කිරීම් මේ දිනවල සිදු කරනු ලැබේ.*
*සීමිත සිසුන්*
පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ  හික්කඩුව(නාරිගම) පුහුණු මධ්‍යස්ථානයේ *විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව*ආරම්භ කිරීමට ක...
22/01/2026

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හික්කඩුව(නාරිගම) පුහුණු මධ්‍යස්ථානයේ

*විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව*

ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම පාඨමාලාවේදී
- එකලා සහ තෙකලා විදුලි පරිපථ ස්ථාපනය
- නිවාස සහ කර්මාන්තශාලා වයරින් කිරීම.

- විදුලි උපකරණ නඩත්තු සහ සේවා කිරීම(රයිස් කුකර්,බ්ලෙන්ඩර්,හීටර්,අවන්,රෙදි සෝදන යන්ත්‍ර , ෆෑන්, අයන්, LED බල්බ 💡 නිෂ්පාදනය ..)

- ⚡ තනිකලා/තෙකලා විදුලි මෝටර් අලුත් වැඩියාව.

- මෝටර් පාලන පද්ධති ස්ථාපනය.

- නිවාස ආරක්ෂණ පද්ධති ස්ථාපනය.

- CCTV පද්ධති ස්ථාපනය.

- ජෙනරේටර් ක්‍රියාත්මක කරවීම නඩත්තු කිරිම

- PLC පද්ධති
- (ස්වංක්‍රීය පද්ධති) ස්ථාපනය

- ඇස්තමේන්තු සැකසීම.
- විදුලි පරිපත සටහන් ඇදීම,කියවිම..
ආදී බොහෝ දේ පාඨමාලාවේ ඇතුලත් වේ.

පාඨමාලාව අවසානයේ *NVQ 4 සහතික පත්‍රයක්* පිරිනැමේ.

එසේම රැකියා සදහා යොමු කෙරේ.

පාඨමාලා කාලයේදී සිසුවාට
මාසිකව 5000/= දීමනාවක් පාඨමාලාව අවසන් වනතුරු (*සිසු සවිය* ) ලබා දේ.

සිසුන් සදහා ලංගම වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ද සිදුකල හැකිය.

*ලියාපදිංචි කිරීම් මේ දිනවල සිදු කරනු ලැබේ.*
*සීමිත සිසුන්*
පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින්

ගාල්ල දිස්ත්‍රික්කයේ කෙවිල්ටන් ආයතනයේ සාමාජිකත්වය ලබාගත් විදුලිකාර්මික ශිල්පී මහත්මාවරුන්ගේ හැදුනුම්පත් මෙහි දක්වා ඇති  ...
20/01/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ කෙවිල්ටන් ආයතනයේ සාමාජිකත්වය ලබාගත් විදුලිකාර්මික ශිල්පී මහත්මාවරුන්ගේ හැදුනුම්පත්
මෙහි දක්වා ඇති යම් ප්‍රමාණයක් අප ආයතනයට මේ වනවිට ලැබී ඇති අතර මෙහි ඔබේ හිතවත් ශිල්පියෙකුවේ නම් ඔවුන්ට අප ආයත්නයෙන් මෙම හැඳුනුම්පත් ලබාගන්නා ලෙස දැනුවත්කරන මෙන් ඉල්ලා සිටිමු.ඉදිරියේදීත් ලැබෙන අනුපිළිවෙළින් ඉතිරි හැඳුනුම්පත් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නෙමු.

-homeplus-

17/01/2026

Address

No: 39, Baddegama Road, Pathana
Hikkaduwa

Telephone

+94772913351

Website

Alerts

Be the first to know and let us send you an email when Homeplus Electricals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Homeplus Electricals:

Share

Category