02/04/2026
ගෙදර කුස්සියේ මුල්ලක තියෙන ගෑස් සිලින්ඩරය ඇතුළේ කොච්චර භයානක, ඒ වගේම කොච්චර පුදුම හිතෙන තාක්ෂණයක් හැංගිලා තියෙනවාද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? 🔵🔥
පිටින් බලද්දී මේක නිකන්ම නිකන් යකඩ ටැංකියක් වගේ පෙනුණට, මේක ඇතුළේ තියෙන්නේ අතිශය ඉහළ පීඩනයකට ලක් කරලා ද්‍රවයක් බවට පත් කරපු අතිවිශාල ශක්තියක්. මේක හරියට යකඩ කූඩුවක් ඇතුළේ නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ. ඒ නිසා මේ භයානක අමුද්‍රව්‍යය පොළවෙන් එළියට අරන්, ද්‍රවයක් බවට පත්කරලා, ගොඩක් ආරක්ෂිතව අපේ ගෙදරට ගේන්න ඉංජිනේරුවන්ට අතිශය සංකීර්ණ තාක්ෂණයක් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. 🏭⚡
මේ ගෑස් වල කතාව පටන් ගන්නේ මහපොළොව සහ සාගර පතුලෙ කිලෝමීටර් ගාණක් යටින්. අවුරුදු මිලියන ගාණක් තිස්සේ පරණ කාබනික ද්‍රව්‍ය ඝන පාෂාණ ඇතුළේ හිරවෙලා, අතිවිශාල පීඩනයකට ලක්වෙලා තමයි මේ ගෑස් හැදෙන්නේ. 🌍🛳️
මේවා හොයාගන්න මුහුදේ යන නිරීක්ෂණ නැව් වලින් Acoustic transmitters පාවිච්චි කරලා මුහුදු පතුලට ප්‍රබල ශබ්ද තරංග යවනවා. ඒවා පාෂාණ වල වැදිලා ආපහු එන දත්ත අරගෙන ත්‍රිමාණ සිතියම් හදලා තමයි ගෑස් තියෙන්න පුළුවන් අවසාදිත ස්තර පොළව යටින් හොයාගන්නේ.
ඊටපස්සේ මීටර් 9ක් වගේ දිග යකඩ බට එකට මූට්ටු කරලා අතිවිශාල ඩ්‍රිල් එකක් මුහුදු පතුලට යවනවා. මේකේ අග තියෙන Ultra-hard alloy teeth වලින් ගල් පවා කුඩු කරගෙන යටටම ඔවුන් හාරනවා. ඊටපස්සේ ඩොලර් මිලියන 50ක් 100ක් විතර වියදම් කරලා හාරපු මේ ළිඳ ඇතුළට සංවේදක සහිත ඉලෙක්ට්‍රොනික උපකරණයක් යවනවා. මේ මේ උපකරණයෙන් ගැමා කිරණ සහ විද්‍යුත් තරංග නිකුත් කරලා, ඒක ඇත්තටම ගෑස් තියෙන තැනක්ද නැත්නම් ඩොලර් මිලියන ගාණක් වතුරේ ගියපු හිස් වලක්ද කියලා හරියටම තහවුරු කරගන්නවා.
මේ වගේ තැනක පොළොව යට තියෙන පීඩනය කොච්චරද කිව්වොත්, පොඩි හරි වැරැද්දක් වුණොත් මේ තෙල් සහ ගෑස් පාලනයක් නැතුව මතුපිටට විදින්න පුළුවන්. මේකට කියන්නේ Blowout එකක් කියලා. මේකෙන් මුහුදු පරිසරය විනාශ වෙලා ඩොලර් බිලියන ගාණක මහා පාරිසරික විනාශයක් වෙන්න පුළුවන්. ⚙️🚧
මේක නවත්වන්න ළිඳ කටේ Blowout Preventer (BOP) කියන ටොන් දහස් ගාණක් බර දැවැන්ත යකඩ බ්ලොක් එකක් සවි කරනවා. මේකේ තියෙන අධි-පීඩන වෑල්ව් වලට පුළුවන් තත්පර කිහිපයකින් මුළු ළිඳම සම්පූර්ණයෙන්ම වහලා දාන්න. ඒ කියන්නේ මේක 10,000 PSI වගේ අතිවිශාල පීඩනයක් දරාගන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. මේ ආරක්ෂාව තහවුරු කළාට පස්සේ, ස්වභාවිකව තියන ඒ පීඩනයෙන් හරි, එහෙම නැත්නම් Artificial gas lifts පාවිච්චි කරලා හරි මේ ගෑස්, වතුර සහ වැලි මිශ්‍රණය උඩට ගන්නවා.
මේ ළිඳෙන් උඩට එන දේ නිකන්ම නිකන් පිරිසිදු ගෑස් විතරක් නෙවෙයි. ඒක ස්වභාවික ගෑස්, භූගත ජලය, සැහැල්ලු තෙල් සහ ඉතා සියුම් වැලි එකතු වුණ මහ අවුල් ජාලයක්. 🛢️💧
මේක වෙන් කරන්න මුහුද මැද තියෙන ප්ලැට්ෆෝම් එකේ Multistage Separator කියන දැවැන්ත තිරස් හෝ සිරස් යකඩ ටැංකි ඔවුන් පාවිච්චි කරනවා. මේකෙන් අර මිශ්‍රණය භෞතිකව කොටස් තුනකට වෙන් කරනවා. මෙතනින් ඉතුරු වෙන වතුර ටික දැඩි පාරිසරික නීති යටතේ පිරිසිදු කරලා ආපහු මුහුදටම මුදා හරිනවා. Condensate, එහෙමත් නැත්නම් තෙල් ටික වෙනම ගබඩා කරලා බොරතෙල් විදිහට පාවිච්චි කරනවා. එතකොට දැන් ඉතුරු වෙන්නේ ගෑස් ටික විතරයි.
සාගරයේ නැතුව ගොඩබිමේ තියෙන තද ගල් අස්සේ හිරවෙලා තියෙන ගෑස් එළියට ගන්න එක ඊටත් වඩා ගොඩක් අමාරුයි. මේකට මුලින්ම කෙලින් අතට පොළව හාරගෙන ගිහින් ඊටපස්සේ හැතැප්ම ගාණක් හරහට හාරන Horizontal drilling (තිරස් අතට හෑරීම) තාක්ෂණය පාවිච්චි කරනවා. 🚜🪨
හැබැයි එහෙම හෑරුවාට ගල් අස්සේ හිරවෙලා තියෙන ගෑස් එළියට එන්නේ නැහැ. ඒකට Hydraulic Fracturing (Fracking) කියන අතිවිශේෂ තාක්ෂණය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මෙතනදී 10,000 PSI වගේ අතිවිශාල පීඩනයකින් වතුර, වැලි සහ රසායනික ද්‍රව්‍ය ගැලුම් මිලියන ගාණක් පොළොව යටට මිනිස්සු පම්ප් කරනවා. මේ මහා බලයට අර පොළව යට තියන පාෂාණ පුපුරලා මයික්‍රෝ මට්ටමේ පැලුම් හැදෙනවා. ඒ පැලුම් අස්සට අර වැලි කැට රිංගලා ඒවා ආයෙත් ලංවෙන එක නවතිනවා. එතකොට හිරවෙලා තිබුණු ගෑස් ටික ලේසියෙන්ම ළිඳට ගලාගෙන එනවා.
දැන් මේ වෙන් කරගත්ත අමු ගෑස් ටික පිරිසිදු කරන්න ඕනේ. මුලින්ම ග්ලයිකෝල් වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා විජලන ක්‍රියාවලියෙන් ගෑස් වල තියෙන තෙතමනය සම්පූර්ණයෙන්ම අයින් කරනවා. එහෙම කළේ නැත්නම් ප්‍රවාහනය කරද්දී බට ඇතුළේ වතුර මිදිලා බ්ලොක් වෙන්න පුළුවන්. ඊටපස්සේ Sweetening කියන පියවරෙන් Amine solutions පාවිච්චි කරලා අතිශය විෂ සහිත කාබන්ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායු අයින් කරනවා. 🧪❄️
දැන් මේ පිරිසිදු ගෑස් ටික Fractionation Towers කියන දැවැන්ත සිසිලන පද්ධති වලට යවලා ගෑස් ඒකේ තියෙන එක එක කොටස් වෙන වෙනම අරගන්නවා.
මෙතනදී මීතේන් ටික සෙල්සියස් අංශක ඍණ 162 කට සිසිල් කරලා LNG (Liquefied Natural Gas) බවට පත් කරනවා.
ඊතේන් ටික ප්ලාස්ටික් හදන්න කර්මාන්තශාලා වලට යවනවා.
ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු දෙක දැවැන්ත පීඩනයකට ලක් කරලා ද්‍රවයක් බවට පත් කළාම තමයි අද අපි ගෙදර පාවිච්චි කරන LPG (Liquefied Petroleum Gas) එක හැදෙන්නේ!
හැබැයි මේ භයානක ගෑස් එක ගෙදරට ගේන්න පුළුවන් වෙන්නේ අර අපි දකින යකඩ සිලින්ඩරය නිසයි. මේක හදන්නේ Hot-rolled steel හෝ Cold-rolled steel (උණුසුම්ව හෝ සීතලව රෝල් කරන ලද වානේ) කියන විශේෂ යකඩ තහඩු වලින්. මේවා ප්ලාස්මා මැෂින් වලින් කපද්දී මිලිමීටරයක හරි වෙනසක් වුණොත් සිලින්ඩරයේ පීඩනය දරාගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. 🏗️🛡️
Heavy-duty presses පාවිච්චි කරලා ටොන් ගණනක බලයක් දීලා මේ තහඩු වලින් සිලින්ඩරයේ කඳ සහ උඩ/පහළ අර්ධ ගෝලාකාර කොටස් සම්බන්ධ කරනවා. ඊටපස්සේ සෙල්සියස් අංශක දහස් ගාණක රස්නයකින් Automated arc welding තාක්ෂණයෙන් මේවා එකට පාස්සනවා. මෙතනදී ඒ පාස්සන මැෂින් එකෙන්ම වෝල්ටීයතාවය සහ වේගය නිරීක්ෂණය කරනවා කිසිම සිදුරක් හැදෙන්නේ නැති වෙන්න. අවසානෙට මළකඩ කන්නේ නැති වෙන්න High-speed sand-blasting කරලා විශේෂ තීන්ත ආලේපයක් Electrostatic කියන ක්‍රමයට ගානවා. මේකෙන් දශක ගාණක් යනකම් සිලින්ඩරයට ආරක්ෂාව ලැබෙනවා.
හැබැයි ගෑස් පුරවන්න කලින් මේ හැම හිස් සිලින්ඩරයක්ම අනිවාර්යයෙන්ම "Bubble Test" එකකට ලක් කරනවා. ඒ කියන්නේ සිලින්ඩරයට ලොකු පීඩනයකින් සාමාන්‍ය වාතය දීලා විනිවිද පේන වතුර ටැංකියක ගිල්වනවා. එකම එක පොඩි බුබුලක් හරි එතකොට ආවොත් ඒ සිලින්ඩරය එතනින්ම අයින් කරලා දානවා. ⚖️🔎
මේ පරීක්ෂණය පාස් වුණු සිලින්ඩර Filling Line එකට ගියාම, අධි පීඩිත LPG ගෑස් මේවට පුරවන්නේ හරියටම ග්‍රෑම් එකට පවා කිරලා බලන automated systems වලින්. එහෙම පිරෙව්වාට පස්සේ ඉලෙක්ට්‍රොනික නහයක් වගේ තියෙන අතිසංවේදී ලීක් ඩිටෙක්ටර්ස් වලින් සිලින්ඩරය පොඩ්ඩක් හරි ලීක් වෙනවාද කියලා ආයෙත් චෙක් කරනවා. මේ හැමදේම 100% ක් හරියට තිබුණොත් විතරයි සිලින්ඩරයකට සීල් එකක් වැටිලා ඔයාගේ ගෙදරට එන්න අවසර ලැබෙන්නේ.
මුහුදු පතුලේ කරන Acoustic surveys වල ඉඳන්, 10,000 PSI පීඩනයෙන් කරන Fracking හරහා පොළවෙන් එළියට ඇවිත්, අවසානයට ගෑස් සිලින්ඩරයේ ගාන electrostatic තීන්ත ලේයර් එක වෙනකන්ම මේක අතිශය සංකීර්ණ, මහා පරිමාණ ගමනක්. දහස් ගාණක් සෙන්සර් වලින් සහ ආරක්ෂිත පරීක්ෂාවන් කිහිපයකින් පස්සේ තමයි මේ මහා බලශක්තිය සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරන්න පුළුවන් ආරක්ෂිත දෙයක් බවට පත්වෙන්නේ. 🔵🔥
ඊළඟ පාර ඔයා ගෙදර ගෑස් ලිප ඔන් කරලා ඒ නිල් පාට ගිනිදැල්ල දිහා බලද්දී මතක් කරගන්න, ඒ පොඩි ගිනිදැල්ල පිටිපස්සේ තියෙන්නේ ටොන් මිලියන ගාණක පීඩනයක් සහ දශක ගාණක අතිවිශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයක් කියලා!
ගෑස් සිලින්ඩරයක් පිටිපස්සේ මෙච්චර ලොකු කතාවක් තියෙනවා කියලා ඔයා කලින් දැනගෙන හිටියාද? මේ තාක්ෂණය ගැන ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, දිනපතා පාවිච්චි කරන දේවල් වල හැංගුණු තාක්ෂණය ගැන දැනගන්න ආස ඔයාගේ යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා! 👍💬🗣️
Written By : Sulochana Dissanayake
Source : Internet