17/12/2025
💪🥺
Business Magnate Series - 14
PhD එකක් තියෙන තාත්තා ණයකාරයෙකු ලෙස මියයන විට,
8 වසරට පමනක් ගිය තාත්තා හවායි දූපතේ ලොකුම සල්ලිකාරයා වුණු හැටි! 📉🆚📈
අපි පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන්නේ, ටියුෂන් යන්නේ, කැම්පස් යන්නේ අන්තිමට "හොඳ රස්සාවක්" කරන්න බලාගෙන නේද?
හැබැයි රොබට් කියෝසාකි (Robert Kiyosaki) කියන මනුස්සයා මුළු ලෝකෙටම අභියෝග කළා:
"ඉස්කෝලේ ක්‍රමය ඔයාව හදන්නේ පොහොසතෙක් කරන්න නෙවෙයි, හොඳ සේවකයෙක් කරන්න විතරයි!" කියලා.
ඇයි ඔහු එහෙම කියන්නේ? ඔහුට හිටියා තාත්තලා දෙන්නෙක්.
👨🏫 1. දුප්පත් තාත්තා (Poor Dad):
මේ රොබට්ගේ ඇත්ත තාත්තා. ඔහු ආචාර්ය උපාධියක් (PhD) තියෙන, රජයේ උසස් නිලධාරියෙක්. ඔහු ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක්.
එයා රොබට් ට නිතරම දුන්න උපදෙස මේකයි:
"පුතේ හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාට හොඳ සමාගමක රස්සාවක් හොයාගන්න පුළුවන්."
හැබැයි ප්‍රශ්නේ වුණේ, මේ තාත්තා ජීවිත කාලෙම සල්ලි ප්‍රශ්න එක්ක පොරබැදුවා. ඔහු මිය ගියේ ණය බරක් ඉතුරු කරලා.
👨💼 2. පොහොසත් තාත්තා (Rich Dad):
මේ රොබට්ගේ යාළුවාගේ (Mike ගේ) තාත්තා. ඔහු 8 වසරට විතරයි ඉස්කෝලේ ගියේ. හැබැයි ඔහු ව්‍යාපාර ගැන, සල්ලි වැඩ කරන විදිය ගැන ප්‍රායෝගිකව ඉගෙන ගත්තා.
එයා රොබට් ට දුන්න උපදෙස මේකයි:
"පුතේ හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාට පුළුවන් හොඳ සමාගමක් මිලදී ගන්න."
මේ 8 වසරට ගිය තාත්තා, හවායි දූපතේ හිටපු ධනවත්ම පුද්ගලයා බවට පත් වුණා.
🛑 කාර් එකේ නිදාගත් කෝටිපතියා!
රොබට් කියෝසාකි පොහොසත් තාත්තාගේ පාරේ යන්න තීරණය කළා. හැබැයි ඒ ගමන ලේසි වුණේ නෑ.
1985 දී ඔහු සහ ඔහුගේ බිරිඳ (Kim) සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණා.
ඔවුන්ට ඉන්න ගෙයක් තිබුණේ නෑ. සති ගාණක් ඔවුන් නිදාගත්තේ තමන්ගේ පරණ Toyota කාර් එක ඇතුලේ.
යාළුවෝ ඔවුන්ට හිනා වුණා. "උඹලා උපාධියක් තියන් ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ?" කියලා ඇහුවා.
ඒත් රොබට් කිව්වේ එක දෙයයි:
"අපිට ඕන රස්සාවක හිර වෙන්න නෙවෙයි. අපිට ඕන නිදහස් වෙන්න."
ඔවුන් කාපු කටු වල ප්‍රතිඵලයක් විදියට අවුරුදු කිහිපයකින් ඔවුන් කෝටිපතියෝ වුණා. තමන් ඉගෙන ගත්තු දේ එකතු කරලා ඔහු ලිව්වා "Rich Dad Poor Dad" පොත.
අදටත් ලෝකයේ වැඩියෙන්ම විකිණෙන Business පොත ඒකයි.
🧠 ඔහු ලෝකයට උගන්වන ප්‍රදානම පාඩම් තුන,
1️⃣ Rat Race (මී පොරය):
බොහෝ දෙනෙක් කරන්නේ උදේ පාන්දර නැගිටිනවා, වැඩට යනවා, බිල් ගෙවනවා... ආයෙත් උදේ නැගිටිනවා, වැඩට යනවා. මේක හරියට රවුමට දුවන මීයන් වගේ. මැරෙනකම්ම දුවනවා, නමුත් යන්නෙ එකම තැනක. මේකෙන් එලියට එන්න නම් "ආයෝජනය" (Investing) ඉගෙන ගන්න ඕන.
2️⃣ Assets vs Liabilities:
ඔබේ සාක්කුවට සල්ලි එන දේවල් (Business, Stocks, Rent කරන ඉඩම්) විතරයි වත්කම් වෙන්නේ.
ඔබේ සාක්කුවෙන් සල්ලි එළියට යන දේවල් (ලොකු ගෙවල්, වාහන, ණය) වගකීම් වෙනවා.
පොහොසත් වෙන්න ඕන නම් Assets එකතු කරන්න.
3️⃣ සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා:
දුප්පත් අය සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. පොහොසත් අය සල්ලි ලවා වැඩ කරගන්නවා (Make money work for you)