28/11/2021
අලුත උපන් බබෙක් බලන්න ගියාම මේ දේවල් නම් කරන්න, කියන්න එපා…
මේලිපියෙන් කතා කරන්නේ අලුත් පැංචෙක්ව බලන්නගියාම නොකළ යුතු, නොකිව යුතු දේවල් මොනවදකියන එක ගැන. ඔබ මේ වැරදි නොකරන කෙනෙක්උනත් ඔබගේ පවුලේ වැඩිහිටියන්, හිතවතුන් මේදේවල් කරනවා නම් එවැනි අයව මේ ගැන දැනුවත්කරලා අලුත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ හිත රිදෙනඑක වළක්වන්න ඔබට පුළුවන්කම තියෙනවා.
👍මාස 3ක් වත් ඉවසන්න.
හිතවතෙක්ට දරුවෙක් ලැබුණා කියලා දැනගත්තගමන් ඒ දරුවව බලන්න යන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණය දුර්වලදරුවටත්, නොවේළුණු තුවාලත් සහිතව ඉන්නඅම්මටත් අමුත්තන් පිළිගන්න තරම් හැකියාවක්නැහැ. දවසක් දෙකක් ඉදලා දුරකතනයෙන් සුබපතන්න. දරුවට මාස 3ක් විතර වුණාම අළුත්මව්පියන්ට පහසු දිනයක සහ වෙලාවක දරුවවබලන්න යන්න. අසනීපත්, අපිරිසිදුකමත් නම් අරන්යන්නෙපා. දරුවට වගේම අම්මටත් පොඩි තෑග්ගක්, ආස කෑමක් වගේ දෙයක් අරන් යන්න කාරුණිකවෙනවනම් ඇයගේ විඩාපත් මනසට ඒක ලොකුසතුටක් වෙයි.
👍නිවසේ ඇද කුද / අපිළිවෙල.
තමන්ට හැකියාවක් තියෙනවනම් නිවැසියන්ගේඅවසරය ඇතිව හැකි උදව්වක් කරනවා මිස නිවසේඅපිළිවෙල ගැන කතා කරන එක නම් නම් සුදුසුනැහැ. ගර්භනී වෙන්න කලින් ඇය තමන්ගේ නිවසපිරිසිදුවට ලස්සනට තියාගත්තා උනත් අළුත්අමුත්තගේ පැමිණීමත්, කිසිවෙකුගේ උපකාරනොමැතිකමත් එක්ක ඔවුන්ට ඒ දේවල් ගැනවෙන්කරන්න වෙලාවක් නොමැති වෙන්න පුළුවන්.
👍මවගේ ශාරීරික වෙනස්කම්.
මාස 9ක් දරුවව කුසේ තියාගෙන හිටපු අම්මටතමන්ගේ රූපය ගැන වෙහෙසෙන්න වෙලාවක් නෑ. ඒ වගේම ගර්භණී සමයේ බොහෝ ආලේපණ ඇයටඅකැපයි. තරබාරු වීම, අතපය ඉදිමීම, ශරීරයේකැළැල්, ශරීරය අවපැහැ වීම මේ කාලෙටසාමාන්‍යය දෙයක්. දරුවා ලැබුණු පසුවත් ඇතැම්මව්වරුන්ගේ තරබාරුකම අඩු වෙන්නේ නෑ. දරුවාමව්කිරි බොනවිට හිසකේ ගැළවීයාම පවා වැඩිවෙනවා. ඒ ගැන කනස්සල්ලෙන් ඉන්න මවට“අවුරුද්දක් විතර යනකොට ඕවා හදාගන්න පුළුවන්, බයවෙන්නෙපා” කියනවා මිසක ඇය දුටු ගමන්“හානේ ඔයා හොදටම මහත්වෙලා, කළුවෙලා” වගේ දේවල් කියන එක නම් සුදුසුම නෑ.
👍දරුවා වඩාගැනීම
අම්මා තාත්තා තමන්ගේ කිරි කැටියව වඩාගන්නදෙන්න අකමැති වගේ පෙනෙනවනම් බලෙන්වඩාගන්නවත්, ඒ ගැන යම් යම් දේ කියමින් ඔවුන්වඅපහසුතාවයට ලක් කරන්නත් එපා. වඩාගන්නදෙනවනම් ඊට කලින් හොඳට පිරිසිදු වෙලාවඩාගන්න. පුංචි පැටියගේ ආරක්ෂාව සහ ශරීරසෞඛ්‍ය ගැන ප්‍රධාන ලෙසම වගකීම ඇත්තේමව්පියන්ට පමණයි.
👍කිරි ප්‍රශ්න
දරුවා වෙනුවෙන් කිරි නිෂ්පාදනය වීම මවකගෙන්මවකට වෙනස් වෙනවා. ශාරීරිකවෙනස්කම්, මවගේ කායික මානසික නිරෝගී බවවගේ දේවල් මිස දරුවා කෙරෙහි ඇති ආදරය කිරිනිපදවීමට හෝ නොවීමට බලපාන්නේ නෑ. ඉතින්දරුවාට යහමින් මව් කිරි දෙන මවට “පිටි කිරිඑකකුත් පුරුදු කරගන්න වෙයි නේද?” වගේඋපදෙසුත්, කුමක් හෝ සාධාරණ හේතුවක් නිසාවෛද්‍ය උපදෙස් මත තමන්ගේ දරුවට පිටි කිරි දෙනමවකට “ඔහොම නම් බෑ, කොහොමහරි අම්මගේකිරිම දෙන්න ඕනි” වගේ හිත රිදෙන උපදෙසුත් ලබාදෙන්න උත්සහ කරන එක නම් සුදුසු දෙයක්වෙන්නේ නැහැ.
👍ඩයපර්ද? රෙදි නැපිද?
ඇය තමන්ට පහසු නිසා ඩයපර් අන්දන මවක් නම්එහි නුගුණ කීමටත් දරුවාට රෙදි නැපි අන්දන මවක්නම් “අයියෝ ඩයපර් අන්දන්නකෝ, ඒකනේලේසි“ කියමින් ඇයට ඔච්චම් කිරීමටත්පෙළඹෙන්නෙපා. ඔවුන් ඒ දේවල් තෝරාගන්නේතමන්ගේ කලමනාකරණයට, ශක්තියට සහකාර්යටබහුලකමට ගැළපෙන අයුරිනුයි.
👍නෝර්මල්ද? සීසර්ද?
“ප්‍රසව වේදනාව විඳලා දරුවා ලැබුනේ නැත්තන්වැඩක් නෑ අනේ. මම මැරුනත් දරුවව නෝර්මල්ගන්න තමයි හිටියේ“, “අම්මෝ නෝර්මල්ද? සීසර්කරගන්න තිබුනනේ ඔච්චර දුක් විදින්නේ නැතිව. අපි නම් කලින්ම හිතන් හිටියේ සීසර් කරන්න” වැනිකතා හැකිතාක් අවම කරගන්න. දරුවා ලැබිය යුතුආකාරය මවගේ සෞඛ්‍යමය තත්ත්වය අනුවතීරණය කළ යුත්තේ අදාළ වෛද්‍යවරුන් වන අතරඑය පිටස්තර අයට අදාළ වෙන්නේම නෑ.
👍රජයේ ද? පෞද්ගලිකද?
“අපි නම් යන්නේ අහවල් ප්‍රයිවට් හොස්පිට්ල් එකට. බබා ලැබුනෙත් එතන. වැක්සීන් දෙන්නෙත් එතනින්. ගවන්මන්ට් හොස්පිට්ල් වල කට්ට කන්න බෑ අනේ” කියමින් හෝ “අම්මෝ අපිනම් ගවමන්ට් විතරයි. ප්‍රයිවට් ගිහින් මොකක් හරි උනොත් ආයේ එවන්නේගවර්මන්ට් හොස්පිටල් එකකටමයි” කියමින්ඔවුන්ගේ තේරීම හෑල්ලුවට ලක් කරන්නත් උපදෙස්ලබාදෙන්නත් උත්සහ නොකිරීම හිතවත්කම්ආරක්ෂාවීමටත් හේතුවක් වේවි.
👍දරුවගේ හැඩ හුරුකම්
“බබාගේ ඔළුව ඇදයි, කකුල් බකල්, නහය මුක්කන්, පෙකණිය යටට තල්ලු කරලා හදන්න, කන් දෙකකලුයි කියන්නේ බබා ලොකු වෙනකොට කළුවෙනවා කියන එක, අම්මා තාත්තා කළු වෙලා බබාසුදු උනේ කොහොමද?, ඔයාල දෙන්නම සුදු වෙලාබබා කළු උනේ කොහොමද?, බබාගේ කම්මුල්එල්ලෙනවා, අම්මගේ පෙනුම ඇත්තෙම නෑ, බාප්පාවගේමයි” වගේ කතා කියමින් අළුත් දෙමව්පියන්ගේහිත් රිද්දන එක මහ පාපකරී දෙයක් කියන එකතදින්ම හිතට අරන් පොඩ්ඩව බලන්න ගියොත්හොඳයි.
👍උපදෙස් මාලා / වැරදි උපදෙස්
“බබාව අතගාලා අතපය හදන්න, අතට අහුවෙනදේවල් කන්න දීලා ඕනි දේකට හුරු කරන්න, තොටිල්ලේ නොතියා ළග නිදිකරවගන්න, මාසගානෙන්ම වෙන්කරලා වෙනම නිදිකරවන්න” වැනිදේවල් කියමින් දෙමව්පියන්ට උපදෙස් ලබා දෙන්නයන්නෙපා. ඒ දේවල් ඔවුන් වෛද්‍යවරුන්, හෙදියන්සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි සුදුසුකම් ඇතිඅයගෙන් උපදෙස් ලබාගෙන ඔවුන්ට සුදුසුආකාරයට ගළපාගනිවී.
“අඬනකොට ටක් ගාලා ග්‍රයිප්වෝටර් ටිකක් දෙන්න, අනිවාර්යෙන් රත කල්කය දෙන්න, දත් එනවා වගේනම් මී පැණි ටිකක් ගාන්න, කොට්න් බඩ් එකක් දාලාහොදට කන් සුද්ද කරන්න, නෑව්වට පස්සේ හොදටපව්ඩර් ක්‍රීම් කොලෝන් දාන්න, නිදා ගන්නකොටකොට්ට වටේට ලන්කරලා හොඳට රෙදි පොරවන්න, කිරි දීලා මුනින් අතට තියලා නිදිකරවන්න, මාස 3 පහු උනාම බත් කැඳ ටිකක් එහෙම දෙන්න, කන්නහොරයි වගේ නම් ලුණු චුට්ටක් දාන්න” වගේ වැරදිඋපදෙස් නම් දෙන්නෙපා. මේවා වර්තමානයවෙනකොට වෛද්‍යවරුන් විසින් අනුමත නොකරනදේවල්. ඒ නිසා තමන්ගේ දරුවාට ඉස්සර ඔබ කළදේවල් පවසමින් උපදෙස් ලබා දීමත් අනුමතකරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි.
👍පුරාජේරුකම්
“මට නම් පොඩ්ඩක්වත් අමාරු උනේ නෑ, මම නම්තනියම වැඩත් කරගත්තා, මටනම් උදව්වටඅම්මලත් හිටියා, ගලන්න තරම් මට කිරි එරුණා, කෑමෙන් බීමෙන් කිසි අඩුවක් තිබුනේ නෑ, ප්‍රයිවෙට් ගිය නිසා සැපට හිටියා, අන්දලාඉවරකරන්න බැරි තරම් අපේ බබාට ඇඳුම් ලැබුනාඅනේ” වැනි දේවල් කියන්නෙපා. ඔබේ හිතවතියටපහසුකම් කිසිවක් නැතිවෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය දෑ කියමින් ඇයගේ හිත නොරිදවා ඔවුන්සමග ගතකරන කාලය ඇයට සැනසිල්ලක්ම වනආකාරයට කටයුතු කිරීමෙන් ඔබ ගැන ඇගේ හිතේඇති හිතවත්කම තවත් වැඩි වෙයි.
උපුටාගැනිමකී අයිතිය මුල් හිමිකරුට☝️