Onal ඔනාල්

Onal ඔනාල් * “Family first… හැම සතුටක්ම මෙතන ❤️”
Positive vibes

10/09/2026

පුතෙක් හදනවා කියන්නේ
ගෙදරට තවත් පිරිමියෙක් එකතු කරන එක විතරක් නෙමෙයි…
හෙට දවසේ ලෝකයට යන හොඳ මනුස්සයෙක් හදන එක. 🤍

තමන්ගේ අම්මාට ගරු කරන්න දන්න,
ගැහැණු කෙනෙක්ගේ වටිනාකම තේරුම් ගන්න,
ඇගේ කඳුළක් දැක්කාම හිත උණුවෙන,
ඇගේ සිහිනවලට ඉඩ දෙන,
ඇගේ නිදහසට ගරු කරන මිනිසෙක්…

අද මගේ අතේ ඇඟිල්ලක් අල්ලගෙන
පුංචි පුංචි පියවර තියන මගේ පුතා…
හෙට කවදාහරි කෙනෙකුගේ ජීවිතයට
ආදරය, ආරක්ෂාව සහ ගෞරවය ගෙනෙන මිනිසෙක් වේවි කියන එකයි
අම්මා කෙනෙක් විදිහට මගේ ලොකුම බලාපොරොත්තුව. 🥹🤍

ඒ නිසා පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ම
තමන්ගේ පුතාට ජීවිතය ජයගන්න විතරක් නෙමෙයි,
මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නත් උගන්වමු.

මොකද හොඳ පුතෙක් හෙට
හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න පුළුවන්…
හොඳ තාත්තෙක් වෙන්න පුළුවන්…
ඒ වගේම තවත් කෙනෙකුගේ ජීවිතය
ආරක්ෂිත, සතුටුදායක තැනක් කරන්න පුළුවන් හොඳ මිනිසෙක් වෙන්නත් පුළුවන්. 🤍

මගේ පුංචි පුතාට මම දෙන්න කැමති
ලොකුම දේ සල්ලිවත්, දේපළවත් නෙමෙයි…
හොඳ හදවතක්. ❤️

🌙🤍ishani

05/09/2026

මගේ චූටි පණට උණ වැඩි වෙලා, උණ අඩු වෙන්නේ නැති නිසා hospital එකේ admit කරන්න සිද්ධ වුණා… 🥺💔

අම්මා කෙනෙක් විදිහට මගේ පැටියා මෙහෙම අසනීප වෙලා ඉන්නවා දකින එක හරිම අමාරුයි. ❤️‍🩹

ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන්,
මගේ චූටි පණට තියෙන සියලුම ලෙඩ දුක් දුරුවෙලා,
ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා! 🙏🪷❤️

ආයෙත් ඒ ලස්සන හිනාවත් එක්ක සතුටින් දුව පැනලා සෙල්ලම් කරන මගේ පණව දකින්න ලැබේවා… 🥺❤️

බුදු සරණයි මගේ චූටි පණට. 🙏❤️

මේ දවස් ටිකේ ඇවිදිලා ඇවිදිලා… දැන් ඉතින් සනීපත් නෑ 🥺❤️ බබාට උණ හැදිලා.දරුවෙක් ලෙඩ වුණාම අම්මා කෙනෙක්ට දැනෙන්නේ හරියට මුළ...
01/09/2026

මේ දවස් ටිකේ ඇවිදිලා ඇවිදිලා… දැන් ඉතින් සනීපත් නෑ 🥺❤️ බබාට උණ හැදිලා.

දරුවෙක් ලෙඩ වුණාම අම්මා කෙනෙක්ට දැනෙන්නේ හරියට මුළු ලෝකෙම කඩාවැටුණා වගේ… 🥺💔
ඒත් ඉතින් ජීවිතේ කියන්නේ මේ දේවල්වලටත් අපි හුරු වෙන්න ඕනේ. දරුවෝ ලෙඩ වෙනවා, ආයෙත් සනීප වෙනවා… ඒ අතරේ එයාලා ටික ටික ලොකු වෙනවා. ❤️

අපිට කරන්න පුළුවන් දේ තමයි එයාලා ලෙඩ වුණාම ළඟින් ඉඳගෙන ආදරෙන් බලාගන්න එක. 🫶

මගේ පුංචි පැටියා ඉක්මනට සනීප වෙලා ආයෙත් හිනාවෙලා දුව පැනලා ඉන්නවා දකින්න තමයි මගේ එකම ප්‍රාර්ථනාව. 🥺❤️🙏

මේ තමයි ජීවිතේ… හැමදේකටම හුරු වෙන්න අපිත් ඉගෙන ගන්න ඕනේ. ❤️

30/08/2026

🧡

30/08/2026

A little day out with my little ones 🥰🦁🐘

Today was all about smiles, fun, and making beautiful memories together. Watching the kids get excited seeing all the animals was such a happy moment for me. ❤️

Sometimes, the simplest family days become our most precious memories. 🥹💕

A day full of laughter, little adventures, and lots of love. 🫶✨

These are the moments I wish I could keep forever. ❤️

30/08/2026
25/08/2026

පුංචි අවස්ථාවක්… ලොකු හීනයකට පාරක් ❤️✨

මගේ දුව සැලෝන් එකේ girl කෙනෙක්ට මේකප් එකක් කරනවා..💄❤️
එයාට මේකප් ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා එයාගේ ඒ ආසාවට අවස්ථාවක් දෙන්න මට පුළුවන් විදිහට මම අවස්ථාවක් දුන්නා. 🥰

කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න ලොකු ආසාවක් තියෙනවා නම්, මුලින්ම එයාට ඕනේ වෙන්නේ අවස්ථාවක් සහ හරි මඟ පෙන්වීමක් විතරයි. ❤️

අද මගේ දුව එයාට මේකප් කරනවා ලස්සනට
හෙට දවසක එයා තවත් කෙනෙක්ව ලස්සනට හැඩ කරන දක්ෂ මේකප් ශිල්පිනියක් වෙයි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🌸✨

කෙනෙක්ගේ හැකියාවක් දියුණු වෙන්න පුංචි හරි අවස්ථාවක් දෙන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම වටිනාකම. ❤️

Address

New Kandy Road Malabe
Kaduwela
10640

Telephone

+94767557858

Website

Alerts

Be the first to know and let us send you an email when Onal ඔනාල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category