23/01/2023
"මම දවසක ගෙදර ආවෙ නැත්තන් ඒ මගෙ රැකියාවෙ ඇති අවදානම නිසයි🤔"
උඩින් ලිව්වෙ අපේ ගිලන් රථ රියදුරුGayan Gamagee සහෝදරයා තමන්ගෙ බිරිඳට පේන්න ශෙයා කරල තිබුන පෝස්ට් එකක්.
මේ ඒ බිරිඳ ස්වාමියාට නොකී කතාව
-------------------------------==------------------------------------
හිමියනි නුඹ එනතුරු....
දුක රැඳි කඳුළු බිඳු බිඳු වැගිරුණිය .......නෙතින්
එය නොම දැකපු පුතු හිනැහුනි බිළිඳු .....වතින්
සැම රැක වරණ හිමියනි මම පතමි ........හිතින්
කොතරම් දෙනෙක් සුරැකෙනවද නුඹගෙ අතින්
සිය පණ යදින අසරණ වුන කෙනෙකු .....වෙත
මහ මග තිබෙන බාධක ගැන නැතිය........සිත
වෙදදුරු සමග රිය තුල රැඳි සියළු ...............සත
තම මුළු දිවියෙ බර තැබුවය නුඹගෙ ........මත
දුරු ගම්පියසෙ හිඳ පැද යන කොළඹ ......බලා
නුඹෙ ඔය දෙ අත නිදි නැති රැය එළිය .....කලා
ඇසි පියවුනොත් නිදිමත විත් දෙනෙත ..පෙලා
යන ඒ හැඟුම මගෙ හදවත සලිත ..........කලා
නිවසෙහි මෙමට අහිමිව ගියමුදු ............නින්ද
අහිතක් හිතන්නට හිමියනි ..............පුළුවන්ද
අසරණ කෙනෙකු හට රැකදෙන පණ. කෙන්ද
නුඹ දෙවියෙක් ය මිහිපිට, අපි නොම ....වැන්ද
අපි මග බලන්නම් ගෙයි හිඳ මහත් .... පෙමින්
යන්නට කියන්නට නොහැකිය ගොඩක් හිමින්
හිත නිදහසින් පැදයනු මැන ලෙඩෙක් ...නමින්
මගෙ රත්තරන් හිමියනි හරි ...........පරිස්සමින්
-------------------------------------------------------------------------
දිවි හිමියෙන් කැපවන සියළු ගිළන් රථ රියදුරු මහතුන්ට උපහාරයක් වේවා