12/02/2025
හාල්මැස්සන් බැදුම 🌶😋
සමහර වෙලාවලට හාල්මැස්සො බැදුම් හැදුවට රස පොඩ්ඩක් අඩුයි නේද. 🤔 එහෙම නොවෙන්න රසම රසට හාල්මැස්සන් බැදුමක් හදාගන්න විදිහ බලමුද අපි එහෙනම්.
අවශ්‍ය ද්‍රව්‍ය
🐟හාල්මැස්සො
🐟බීලූනු
🐟කඩ මිරිස් කරල්
🐟ලුනු
🐟මිරිස් කුඩු
🐟තුනපහ කුඩු
🐟කහ කුඩු
🐟පොල් තෙල්
🐟දෙහි
සාදා ගන්නා ආකාරය
🐟හාල්මැස්සන්ගෙ ඔලුව කඩලා හොදට සෝද ගන්න
🐟වතුර ටික බේරෙන්න තියලා. හල්මැස්සො ටිකට තුනපහ කුඩු ගොඩක් නෙමෙයි පොඩ්ඩක්,කහ කුඩු,මිරිස් කුඩු,එකතු කරලා හොදට හාල්මැස්සන්ගෙ තැවරෙන තරමට කලවන් කර ගන්න. දෙහි ගෙඩි බාගයක යුෂත් එකතු කරලා වහලා පැත්තකින් තියන්න
🐟බී ලූනු කපා ගන්න. ලූනු කෑලි එකට එකක් ඇලිලා තියෙයි නම් අතින් ඒවා පොඩි කර ගන්න.කඩ මිරිස් කරල් ටිකත් කපා ගන්න. දැන් ලූනුයි,කඩ මිරිසුයි ටිකත් වෙනම තියා ගන්න
🐟තෙල් තාච්චිය ලිපෙන් තියලා තෙල් හොඳට රත් වෙන්න දෙන්න.
🐟හොඳට රත් උනාම තෙල් ටිකට හාල්මැස්සො එකතු කරලා. බැදෙන්න දෙන්න රන්වන් පාට වෙනකන්.
🐟හොඳට බැදුනම ලූනු ටිකයි, කපා ගත්තු මිරිස් කරල් ටිකයි එකතු කරන්න.මේකට කහ කුඩු පොඩි ප්‍රමාණයක් දාන්න. දැන් හොදට කලවන් කරන්න
🐟ටික වෙලාවක් යද්දි හොඳ සුවඳකුත් එක්ක ලූනු ටික තැම්බුනු පාටක් වෙනවා.
🐟ලිපෙන් බාලා බත් ටිකකුත් එක්ක සම්බෝලෙකුත් කොටා ගෙන කාලා බලන්නකො රස කොහොමද කියලා. 😋😌