Pothgula - පොත්ගුල

Call Directions Contact the business

Pothgula - පොත්ගුල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pothgula - පොත්ගුල, Book shop, Katubedda.

📔 කෘතිය - ළමෝ🖋️ කර්තෘ - රවින්ද්‍ර රණසිංහ📖 පිටු- 415🔵 පොතේ මිල - 2,800/-🔴 වට්ටම සහිත මිල - 2,240/-“ළමෝ” යනු රංග චිකිත්සන ...
20/01/2026

📔 කෘතිය - ළමෝ
🖋️ කර්තෘ - රවින්ද්‍ර රණසිංහ
📖 පිටු- 415
🔵 පොතේ මිල - 2,800/-
🔴 වට්ටම සහිත මිල - 2,240/-

“ළමෝ” යනු රංග චිකිත්සන සායනයට පැමිණි පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ දත්තයන්ගේ විශ්ලේෂණයකි. අද දවසේ මෙවැනි පර්යේෂණාත්මක කෘතියක අවශ්‍යතාවය වන්නේ ලාංකීය පාසල් දරුවා සහ පාසල් පද්ධතිය අතර ඇති ගණුදෙනුවේ ස්වභාවය වටහා ‌ගැනීම ට, ‌වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරීම ට සහ පාසල් දරුවාගේ මානසික සෞඛ්‍යය ‌කොතරම් වැදගත් ද යන්න තහවුරු කිරීමට ය. මෙම කෘතිය මෙරට පාසල් මනෝ උපදේශකවරුන්, විශේෂ අධ්‍යාපන ගුරුවරුන්, අධ්‍යාපන පර්යෂකයින්, මනෝ ‌වෛද්‍යවරුන්, පෙර පාසල්, ප්‍රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන්, සමාජ වැඩකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් සහ දෙමාපියන් සඳහා අත්පොතකි.

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 - 070 339 0888

📔 කෘතිය - පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව🖋️ කර්තෘ - Paulo Freire🖊 පරිවර්තනය - රවින්ද්‍ර රණසිංහ🔵 පොතේ මිල - 2,000/-🔴 අපේ මිල ...
19/01/2026

📔 කෘතිය - පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව
🖋️ කර්තෘ - Paulo Freire
🖊 පරිවර්තනය - රවින්ද්‍ර රණසිංහ
🔵 පොතේ මිල - 2,000/-
🔴 අපේ මිල - 1,600/-

දරුවන් ගැන සිතන සියලු ගුරුවරුන් සහ ජනතාව ගැන සිතන සියලු සමාජ ක්‍රියාධරයින් කියැවිය යුතු පොතකි ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’. අලුතින් ජීවිතය ගැන සිතන සියලු විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් අත තිබිය යුතු ම පොතකි මේ. ලෝකය ගවේෂණය කරන සහ ලෝකය ගැන අලුතින් සිතන සියල්ලෝ පරිශීලනය කළ යුතු මේ පොත, ලෝකයේ දසදෙස අධ්‍යාපනය නංවාලීමට සහ වැඩ කරන මිනිසුන්ගේ ජීවිත නංවාලීම ට වඩාත් යොදා ගත් කෘතියකි. ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’ නම් මේ කෘතිය අධ්‍යාපනඥයින් සහ දේශපාලකයින් කියවා ගත යුතු ම ය. මේ රට බාර ගන්නා දරුවන්ගේ අනාගතය වඩාත් ආලෝකමත් කරන්නේ කෙසේදැයි පවුලෝ ෆ්‍රෙයිරේ ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’ තුළින් කියා දෙයි. අවසානයේ ගුරුවරයාගේ සහ සමාජ ක්‍රියාධරයාගේ භූමිකාවන් ගැඹුරින් ම විශ්ලේෂණය කර දෙයි. මේ නිසා මේ පොත කවුරුත් ඇසුරු කළ යුතු ම ය.

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 070 339 0888

📌මෙම පොත ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📔 කෘතිය - ආදරය ලිංගිකත්වය විවාහය🖋️ කර්තෘ - රවින්ද්‍ර රණසිංහ📖 පිටු- 240🔵 පොතේ මිල - 1,350/-🔴 වට්ටම සහිත මිල - 1,080/-ආදරය...
19/01/2026

📔 කෘතිය - ආදරය ලිංගිකත්වය විවාහය
🖋️ කර්තෘ - රවින්ද්‍ර රණසිංහ
📖 පිටු- 240
🔵 පොතේ මිල - 1,350/-
🔴 වට්ටම සහිත මිල - 1,080/-

ආදරය ගැන වෙනත් අයට ඇති අදහස් සහ අත්දැකීම් සමග සමපාතවෙන්න පාඨකයා ට ඉඩහැරීම මේ පොතේ අරමුණයි. ඒ අදහස් රසවිඳිය යුතුව ඇත. ඒවාට එකඟවීම හෝ නොවීම පාඨකයාට අයිති කාරියකි. නමුත් කවුදෝ තමන් ට කතා කරන බව පාඨකයාට දැනෙනු ඇත. විවිධ තේමා යටතේ ඉදිරිපත් කෙරෙන අදහස් අනිවාර්යයෙන් ම පාඨකයාගේ ජීවිතයේ කොටසක් විය හැක. මේ ඉදිරිපත් කර ඇති දත්තවල වටිනාකම එයයි. ඒ අනුව තමන් වැනි ම තවත් අය මේ පොළොව මත සමාන අත්දැකීම්වලට බඳුන්ව ඇති බව හඳුනාගත හැකිය.

🔴 මනෝ උපදේශකයින්ට සහ මනෝ විද්‍යාඥයින් ට ඔවුන්ගේ සායනික ක්‍රියාවලියේදී ද, විවාහාපේක්ෂකයින් සඳහා පවත්වන වැඩමුලුවලදී සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන්වලදී ද අත්පොතක් සේ භාවිතා කළ හැකි කෘතියකි මේ.

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 070 339 0888

📌මෙම පොත ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📙  Book - Creative Arts Therapies for Autistic Children🖊 Editor - Dr. Ravindra Ranasinha📖 Pages - 286🔸  Marked Price - 2...
19/01/2026

📙 Book - Creative Arts Therapies for Autistic Children
🖊 Editor - Dr. Ravindra Ranasinha
📖 Pages - 286
🔸 Marked Price - 2,000/-
🔹 Our Price - 1,600/-

Creative Arts Therapies for Autistic Children presents global experiences and research data on the systematic use of creative arts mediators in a therapeutic context, to assist the child with autism. This book underscores the efficacy of arts therapies in developing social functioning and social information processing in autistic children. As a scientific guide, this helps the responsible care-giver to plan and implement creative activities, to enrich the autist's imagination, expression and creativity. The clinical rebellion, to reverse autism, is wholly embraced in this document.
Creative Arts Therapies for Autistic Children is a source book for the,
🔸 Clinicians
🔸 Teachers
🔸 Special need instructors
🔸 University students
🔸 Parents
who are interested in rethinking the way they work with autistic children.

🛵 දිවයින පුරා බෙදාහැරීම / Island Wide Delivery
📞 WhatsApp - 070 339 0888

🔹 ඔබට අවශ්ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

🔹 Call, text, or WhatsApp message us at the above-mentioned number to place your order for the books you require.

📔 කෘතිය - පුද්ගල උපදේශනය පුහුණුව🖊 පරිවර්තනය - රවින්ද්‍ර රණසිංහ📖 පිටු- 311🔵 පොතේ මිල - 2000/-🔴 වට්ටම සහිත මිල - 1600/-🔴 ම...
19/01/2026

📔 කෘතිය - පුද්ගල උපදේශනය පුහුණුව
🖊 පරිවර්තනය - රවින්ද්‍ර රණසිංහ
📖 පිටු- 311
🔵 පොතේ මිල - 2000/-
🔴 වට්ටම සහිත මිල - 1600/-
🔴 මනෝ විද්‍යාව හදාරණ සියල්ලන් සඳහා

“පුද්ගල උපදේශන පුහුණුව” කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප්‍රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් “උපදෙස් දෙන්නන්” ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම “පුද්ගල උපදේශන පුහුණුව” කෘතිය නිසි මග පෙන්වන්නෙකි.

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 070 339 0888

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📕 සෙනෙහසේ භුමිය''ඔයා මාව දන්නේ නැද්දඇලෙක්සැන්ඩ්‍රා?මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා''.දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ...
26/08/2022

📕 සෙනෙහසේ භුමිය

''ඔයා මාව දන්නේ නැද්ද
ඇලෙක්සැන්ඩ්‍රා?මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා''.
දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්‍රා එක් වර ම ඉදිරියට ඉක්මනින් පිය නැගුවා ය.
''මේක වෙන්න පුළුවන්ද?''
ඇය හැඟීමෙන් යුතු ව හඬ නඟා කීවා ය.
''මේ කාල් ලින්ස්ට්‍රම් වෙන්න පුළුවන් ද? ඇයි, කාල්, ඔවු, ඔයා තමයි.''
ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත්වලින් ඔහුගේ දෑත අල්ලාගත්තා ය.

_______________________
📔 පොත - සෙනෙහසේ භුමිය
🖋 කර්තෘ - Willa Cather
🖊 පරිවර්තනය - කාංචනා කොඩිතුවක්කු
🏋️ බර- 230g
📖 පිටු - 270
🔵 පොතේ මිල- 600/-
🔴 අපේ මිල - 480/-

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 071 928 3380

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📕 රාජකීය කාන්තාරයඅධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී සිටි අල් සා වුඩ් රජ පවුලේ සාමාජීකයෝ සහභාගි වු කාන්තාර සංචාරයේ දී තම එ...
26/08/2022

📕 රාජකීය කාන්තාරය

අධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී සිටි අල් සා වුඩ් රජ පවුලේ සාමාජීකයෝ සහභාගි වු කාන්තාර සංචාරයේ දී තම එඩේර ග්‍රෝතික මූලාරම්භයන් ගැන අවබෝධයක් ලබති. සියලු මුස්ලිම් රටවල ගැහැනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අවශ්‍ය ශක්තිය ලැබීමට එහි දී ලබන අත්දැකීම් හා අවබෝධය හේතු වී ඇත. තම ඥාති පුත්‍රයෙකු විසින් පකිස්තානයෙන් මිලට ගෙන එනු ලැබ සිටි ගැහැනු ළමයෙකු තවත් ඥාති පුත්‍රයන් දෙදෙනකු හා එක්ව මේ කාන්තාර කඳවුර තුළ දී දූෂණය කරන ආකාරය සිය ඇසින් දැක කෝපාවිශ්ඨ වන සුල්තානා ඇයව බේරා ගන්නා අතර සියලුම ආකාරයේ හිංසනයන්ට ලක්වන ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින බවට සපථ කර එ් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සුදානම් වන්නීය....

_______________________
📔 පොත - රාජකීය කාන්තාරය
🖋 කර්තෘ - Jean Sasson
🖊 පරිවර්තනය - එල් එස් එස් පතිරත්න
🏋️ බර- 360g
📖 පිටු - 336
🔵 පොතේ මිල- 580/-
🔴 අපේ මිල - 464/-

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 071 928 3380

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📕 තිදෙනාගෝර්කිගේ මේ රමණීය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන් මැනවින් චිත...
26/08/2022

📕 තිදෙනා

ගෝර්කිගේ මේ රමණීය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන් මැනවින් චිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදි මායාවන් සුනුවිසුණු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගණනකට පෙරය. නාගරික මුඩුක්කු, කම්හල්වල අසීරු දිවිය පහත් මට්ටමේ වැටුප් මගින් වූ ශ්‍රම සූරාකෑම යන මේ සියල්ල ඉදිරියේදී තිව්‍ර වීමට නියමිතව තිබියදී සාර්වාදී රුසියාව තුළ හිඳ ගෝර්කි ධනවාදයේ අගතීන් කදිමට පුරෝකථනය කළේය.

____________________
📔 පොත - තිදෙනා
🖋 කර්තෘ - Maxim Gorky
🖊 පරිවර්තනය - චූලානන්ද සමරනායක
🏋️ බර- 540g
📖 පිටු - 472
🔵 පොතේ මිල- 750/-
🔴 අපේ මිල - 675/-

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 071 928 3380

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📕 ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස්කෙතරම් දිගු කාලයක් ඇසුරු කර සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරයෙන් හිද විවාහ වුවද ...
26/08/2022

📕 ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස්

කෙතරම් දිගු කාලයක් ඇසුරු කර සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරයෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නොරුස්සනා බව හා මත ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි. එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතරේ වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි
________________________________
📔 පොත - ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස්
🖋 කර්තෘ - Allan, Barbara Pease
🖊 පරිවර්තනය - ප්‍රදීප්කුමාර බාලසූරිය
🏋️ බර- 340g
📖 පිටු - 350
🔵 පොතේ මිල- 750/-
🔴 අපේ මිල - 600/-

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 071 928 3380

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

📕 සේද වෛරයලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරයේ මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙ...
26/08/2022

📕 සේද වෛරය

ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරයේ මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.
කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවසට පැමිණි වට ඇගේ සතුට සම්පූර්ණ වීද

බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා...........

ඇගේ ජීවිතයේ සතුට විසුනු කළ නමුත්.........
____________________
📔 පොත - සේද වෛරය
🖋 කර්තෘ - Victoria Hal
🖊 පරිවර්තනය - නයනා ජයසිංහ
🏋️ බර- 570g
📖 පිටු - 514
🔵 පොතේ මිල- 800/-
🔴 අපේ මිල - 720/-

🛵 🎁 📦 🛒 දිවයින පුරා බෙදාහැරීම...
☎️ 📨 WhatsApp - 071 928 3380

📌ඔබට අවශ්‍ය පොත් ඇණවුම් කිරීම සඳහා ඉහත සඳහන් අංකයට දුරකථන ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක්, වට්ස්ඇප් පණිවුඩයක් නැතහොත් කෙටි පණිවුඩයක් අප වෙත එවන්න.

Address

Katubedda

Telephone

+94719283380

Website

Alerts

Be the first to know and let us send you an email when Pothgula - පොත්ගුල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pothgula - පොත්ගුල:

Shortcuts

Share

Category