18/06/2026
මීට අවුරුදු 12කට කලින්, මගේ අම්මාගේ උපන්දිනය වෙනුවෙන් අප්පච්චි අපේ පළමු මල් වත්ත මිලදී ගත් දවසේ, මම කවදාවත් හිතුවේ නැහැ දවසක මම මේ ක්ෂේත්‍රයට එයි කියලා. ඒ වගේම මගේම wedding එක, අපේම ආයතනයෙන් කරගන්න ලැබෙයි කියලත් හිතුවේ නැහැ.
මේ හැමදේම පටන් ගත්තේ කඩදාසියක ඇඳුණු sketch කිහිපයකින්. ඒ හැම sketch එකක්ම, හැම අදහසක්ම, හැම පුංචි detail එකක්ම reality එකක් කරගන්න තරිඳු අයියා ලොකු කොටසක් වුණා. Wedding stress එක මාව පිස්සු වට්ටන හැම වෙලාවකම තරිඳු අයියායි, ජානනි අක්කයි ඒ හැමදේම ඉවසීමෙන් සහ ආදරෙන් handle කළා. ඒ දෙන්නටම මේ ගමන පුරාම මගේ ශක්තිය වුණාට හදවතින්ම මම ස්තූති කරනවා ❤️
මම හැදී වැඩුණේ ව්‍යාපාරික පවුලක. අප්පච්චි scrap metal (පරණ යකඩ) recycling business එකේ නිරත වෙන අතර, මගේ සීයා සහ පවුලේ බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ “පිත්තල වෙළෙන්දෝ” වුණා. පුංචි කාලේ ඉඳන් ගෙදර, වත්තේ, ව්‍යාපාර ස්ථානවල හැමතැනම පිත්තල බඩු දකින්න ලැබුණා. ඒත් ඒ කාලේ ඒවා ගැන මට කිසිම විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ.
හැබැයි මගේ wedding එක plan කරද්දී, මගේ ඇතුළේ හිටපු පුංචි රංජුලා මට ඒ මතක ආයෙත් මතක් කළා. ඒ වෙලාවේ මට හිතුණා මේ පිත්තල කෑලි ටික මගේ wedding එකේ කොටසක් වෙන්න ඕනේ කියලා. මගේම කතාවක් ඒ තුළින් කියන්න ඕනේ කියලා.
අපේම මල් වත්තේ මල් වගේම imported flowers එකතු කරලා, අපේම signature touch එකක් එක්ක මේ හැම arrangement එකක්ම නිර්මාණය කළා. ඒ හැම මලකම අපේ ගමනත්, අපේ මූලයන්ත්, අපි කරන දේට තියෙන ආදරයත් තිබුණා.
මේක Bimbara Flowers කරපු තවත් wedding decoration එකක් විතරක් නෙවෙයි. මේක පවුලේ ඉතිහාසය, ළමා කාලේ මතක, හීන, සහ මගේ එක්ක හැම පියවරකම හිටපු මිනිස්සු එක්ක එකතු වෙලා ගොඩනැගුණු සිහිනයක්.
ඒ හැමදේටම වඩා වැදගත්ම දේ… මේ wedding එක පුංචි රංජුලාව ගොඩක් සතුටු කළා. 🤍✨
විශේෂ ස්තූතිය තරිඳු අයියාට, ජානනි අක්කාට, සංජීවට, කලණට, අම්මාට, අප්පච්චිට සහ මේ හැමදේම ලස්සන කරපු අපේ මුළු කණ්ඩායමටම. ❤️