26/06/2024
Dilvita Ayurveda
ලස්සන ළමයෝ.... 🥰
ඔයාගෙ hair type එක මොකක්ද කියලා දන්නවද ඔයා...
දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලලා එන්න..
https://www.facebook.com/share/p/WRHqW8YY1Gh4oqwd/?mibextid=WC7FNe
අද මම කතා කරන්නේ...
පිත්ත type hair ගැන.
ඉතාමත් තුනී, මෘදු හා තඹ පැහැයට හුරු හිසකෙස් නම් ඔයාට තියෙන්නෙ ඒ වගේම මද්‍යම ප්‍රමාණයේ සවිවරතාවයක් තියන straight pattern එකේ hair එක්ක නම් ඔයා පිත්ත type hair තිබෙන කෙනෙක්.ඒ වගේම oily ගතිය තියන dandruff ඉක්මනින් හටගන්න scalp එකක් ඔයාට තියනවා.
අධිකව උෂ්ණ දේවලට, හිරු රෂ්මියට, ගින්දරට නිරාවරණය, උණුසුම් වතුරෙන් නිතර නෑම
උෂ්ණ අධික ආහාර, මිරිස්, කුලුබඩු වර්ග මිශ්‍ර ආහාර, අධික තෙල් සහිත හා කටු අම්ල ලවණ රස ආහාර, මුදවපු කිරි වගේ මුදවන ලද ආහාර වර්ග, cola වගේ කාබණීකෘත පාන වර්ග, ක්ෂණික ආහාර, ඉස්සෝ,දැල්ලෝ, බලමාලු, කකුළුවො, සැමන්, හරක් මස්, ඌරු මස්, අබ, විනාකිරි දාපු චට්නි, අච්චාරු වගේ ආහාර නිතර නිතර ගන්නවා නම් පිත් ප්‍රකෘතික ඔයාගේ පිත්ත ලක්ෂණ වැඩි වෙනවා.
රසායනික ද්‍රවය අධිකව යොදපු නිශ්පාදන වර්ග ඔලුවට යොදනවා නම් හිස්කබලේ පෝෂණය අඩු වෙලා පිත් ලක්ෂණ වැඩි වෙනවා. ඒ වගේම නිතර නිරාහාරව සිටීමත් නිතර කෝප ගන්නවා නම් එහෙම ඔන්න ඔයාගෙ පිත් ලක්ෂණ වැඩි වෙලා කොන්ඩේ යන්න පටන් ගන්නවා. තට්ටෙ පෑදෙනවා(Boldness)
ඒ වගේම කොන්ඩේ ඉක්මනට සුදු වෙනවා.
Seborrheic dermatitis/eczema, tinea capitis වගේ තත්ව පහසුවෙන්ම ඇති කරවනවා.
පිත් කෝපය එක්ක පරිවෘත්තීය ක්‍රියා හරියට වෙන්නෙ නැතිවෙලා ඔයාගෙ හිස්කබලට ලැබෙන පෝෂණය අඩු වීම තමයි මෙහිදී මූලිකවම වෙන්නෙ.
පිත් ශමනය කරන තෙල් වර්ගයකින් හිස සම්භාහනය, ශිරෝධාරා වගේ ප්‍රතිකර්ම ඔයාට ගොඩක් හොදයි. ශිරෝධාරා නම් කරන්න ඕනේ වෛද්‍ය අදීක්ෂණයක් යටතේ විතරයි.
එඩරු තෙල්, ඔලිව් තෙල්, black seed oil, Tea tree oil ඔයාට ගොඩක් හොදයි. ආයුර්වේද තෙල් වර්ගත් භාවිතා කරන්න පුලුවන් වෛද්‍ය උපදෙස් මත.
තෙල් දාල හිසකෙස් අග දක්වා හොදින් පීරන්න තෙල් හිසකෙස් වල අග දක්වාම ව්‍යාප්ත වීමට. පැය 2ක් විතර තියලා shampoo කරන්න. දවසක් හැර දවසක් නාන්න.
ස්නානය සදහා medicated water භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඒ සදහා
කොහොඹ කොළ, අමු කහ තම්බපු වතුර
දෙහි, උලුහාල් තැම්බූ වතුර
භාවිතා කරන්න පුලුවන්.
ආහාර විදියට ඔයාට ගොඩක් හොදයි
ගිතෙල්, කිරි ආහාර, මධුර, තික්ත, කශාය රස ආහාර
කැරට්, පිපිඤ්ඤා, බතල, වට්ටක්කා, ඕට්ස්, බාර්ලි, තිරිගු, සහල්, පරිප්පු, මුං ඇට, සෝයා, ආමන්ඩ්, සූරියකාන්ත ඇට, රට ඉදි, මුද්දරප්පලම්, පලා වර්ග, කැද වර්ග නිතර ආහාරයට ගන්න.
ප්‍රාණායම, සූර්ය නමස්කාර, සලබාසන, උපවිශ්ටකෝණාසන, පශ්චිමෞත්තානාසන
වගේ යෝග ආසන ඔයාට ගොඩක් හොදයි.
මෛත්‍රී භාවනාව වගේ පුරුදු වෙන්න පුලුවන් නම් ඔයාගෙ පිත් ස්භාවය balance කරගන්න හැකියාව තියෙනවා.
Dr. Dilasha Jayawardene
BAMS(hons)
University of Kelaniya