06/06/2024
කතුවරිය විශ්‍රාමික ලේඛිකාවකි.
ඇය වැඩිහිටි නිවාසයකට යාමට සූදානම් වන අවස්ථාවේ ඇයට ඇතිවූ හැඟීම් ඇය මෙසේ විස්තර කරයි.🥰❤️❤️❤️
මම වැඩිහිටි නිවාසයකට යන්නයි සූදානම් වන්නේ. මට වෙන විකල්පයක් නෑ.
ඔබට තවදුරටත් මාව රැකබලා ගැනීමට නොහැකි නිසාත්,
මගේ දරුවන් කාර්යබහුල නිසාත්,
ඔවුන්ගේම දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ට සිදුව ඇති නිසාත්,
කිසිවෙකුට මා රැකබලා ගැනීමට වෙලාවක් නොමැති නිසාත්,
මට කළ හැකි එකම දෙය මෙයයි.
මේ වැඩිහිටි නිවාසය,
සරල හා ප්‍රායෝගික විදුලි උපකරණ වලින් සමන්විත පිරිසිදු තනි කාමර සහිත හොඳ තත්ත්වයේ එකක්.
එහි සියලුම ආකාරයේ පහසුකම් තියෙනවා. ආහාර ඒ තරම් රස නොවූවාට,
සේවාව ඉතා හොඳය.
අය කිරීම අඩු නොවුණත්,
එහි පරිසරය ඉතා අලංකාරය.
මගේ විශ්‍රාම වැටුපෙන් මේකට ගෙවන්න පුළුවන්කමක් නැහැ.
නමුත් මට මගේම නිවසක් තිබෙනවා.
මම ඒක විකුණා ගත්ත හොත් සල්ලි ප්‍රශ්නයක් නෑ. මට එය මේ සඳහා යොදා ගත හැකියි.
ඉතිරිය මගේ පුතාට දෙන්නට පුළුවන්.
පුතාට මේ ගැන ගැටලුවක් නෑ.
ඔහු මට කිව්වා,
"අම්මේ, ඔබේ මුදල් සහ දේපල ඔබ භුක්ති විඳින්න ඕනේ. අප ගැන කරදර වෙන්න එපා." යනුවෙන් !
දැන් මම මේ වැඩිහිටි නිවාසයට යාමට සූදානම් වෙන්න ඕනි.
මම සූට්කේස්, පෙට්ටි, බෑග්, කැබිනට්, සහ ලාච්චු වලින් පිරුණු මගේ නිවස දෙස බැලුවෙමි;
සියලු ආකාරයේ අවශ්‍යතා වලට ගත් දේවල්,
දුටු නිසා ගත් අනවශ්‍ය දේවල්,
මගේ චිත්‍ර එකතුව,
සියලු වර්ගවල ඇඳුම් පැළඳුම්,
මිල අධික ඇඳ ඇතිරිලි,
සුවිශේෂී රිදී හැඳි ගෑරුප්පු සහ
වටිනා පිගන් භාණ්ඩ!
මම දේවල් එකතු කිරීමට කැමතියි; මුද්දර, පෙන්ඩන්ට්, මාල රාශියක් මා සතුව ඇත.
විශේෂයෙන්ම මම පොත්වලට ආසයි. මගේ බිත්තිවල පොත් රාක්ක පිරිලා තියෙන්නේ, ඒවායින් බොහොමයක් කියවලාවත් නැහැ.
හොඳ විදේශීය වයින් බෝතල් දුසිම් ගණනක් තියෙනවා. ගෘහස්ත උපකරණ කට්ටල තිබෙනවා; විවිධ ඉවුම් පිහුම් උපකරණ, භාජන, කුළුබඩු මහ ගොඩක්, විවිධ සෝස්, හාල්, පැස්ටා, ශීත කළ මාළු සහ මස් වැනි ආහාර ද්‍රව්‍ය රාශියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවනම් මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය පිරීලා!
හරියට ළමා නේවාසිකාගාරයක් පවත්වාගෙන ගිහින් වගේ!
ඊට පස්සේ පවුලේ මතක සටහන් තියෙනවා. වීඩියෝ කැසට් දුසිම් ගණනක්, සහ ලොව පුරා විසිරී ඉන්නා ලොකු නැන්දලා, ලොකු මාමලා, ආච්චිලා සීයලා, මාපියන්, මාමලා, නැන්දලා, ඥාති සහෝදරියන්, බෑනලා, ලේලියන් සහ මිතුරන්ගේ ඡායාරූප ඇල්බම 100කට අධික ප්‍රමාණයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ කලක සිට මේ මිහිතලයෙන් සමුගෙන. තවත් බොහෝ අය ඔවුන්ගේ සන්ධ්‍යා කාලයේ, දෙවියන් වහන්සේ ඔවුන්ව කැඳවන තෙක් බලා සිටිනවා.
මේ සියල්ල දෙස බලා මම දැඩි කනස්සල්ලට හා දුකට පත් වීමි. වැඩිහිටි නිවාසයේ මට ලැබෙන්නේ කැබිනට්ටුවක්, මේසයක්, ඇඳක්, සෝෆාවක්, ශීතකරණයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, රූපවාහිනියක්, කුකර් සහ මයික්‍රෝවේව් උදුනක් සහිත එක් කාමරයක් පමණි.
මට ඇත්තටම අවශ්‍ය සියලුම දේ තමයි ඒ.
මගේ ජීවිත කාලය පුරාවට එකතු කරගත් ධනය හා මනදොළ, ගබඩා කිරීමට තැනක් දැන් නැහැ.
මේ මොහොතේ මට හැඟෙන්නේ මගේ ඊනියා ධනය අතිරික්තයක් බවත්, එය මට අයිති නැති බවත්ය. මම ඒවා පරිහරණය කළා පමණයි. ඇත්තටම ඒවා කාටවත් අයිති නෑ. මම මගේ යැයි කියාගත් "ධනය" අතමාරුවක් පමණි. ඒවා තවදුරටත් මගේ නොවේ. මේවා වෙන කෙනෙකුට හෝ වෙන තැනකට යාවි, දිරාපත්වී හෝ විනාශ කර නැති වෙන තෙක්.
මා වෙහෙස මහන්සි වී, දහඩිය වගුරුවා, ගොඩනැගූ නිවසට පවා මාව මතක නැති වේවි. මීළඟ අයිතිකරුවන්ට මා කවුද, මේ ගේ කොච්චර මට වැදගත් ද කියන එක පිළිබඳව අදහසක් නැති වේවි. මම මේ ගෙවත්තේ සෙවණැල්ලක් පමණක් වේවි. ඔවුන් මා හිටවපු ඇපල් ගසෙන් ඇපල් කඩාගෙන කාවි. මම හිටවපු ලස්සන මල්වල ආස්වාදය විඳිවි.
අපොයි !
මම මොනතරම් මෝඩද!
නොකඩවා වැඩ කරනවාට වඩා ජීවිතය භුක්ති විඳීමට අවධානය යොමු කළ යුතුව තිබුණා නේද?
තහනම් නගරය, කාගේ මාලිගයද?
අධිරාජ්‍යයා එය තමන්ට අයිති යැයි සිතූ නමුත්
අද එය මිනිසුන්ට සහ සමාජයට අයත් වෙලා.
මට ඇත්තටම අවශ්‍ය මගේ නිවසේ ඇති දේවල් පරිත්‍යාග කිරීමටයි. නමුත් එය කිරීමට හැකියාවක් මට දැන් නැහැ.
මා එකතු කරගත් දේ අගය කරන්නේ ඉතා සුළු තරුණ පිරිසක් පමණී.
බොහෝ දෙනෙකුට මේවා කුණුගොඩවල්.
මගේ දරු, මුනුබුරු, මිනිබිරියන්ට
මම දුක් මහන්සියෙන් රැස් කරගත් මේ වස්තුන් ලැබුණු පසු,
එය කෙබඳු වේදැයි මට සිතාගත හැකිය.
ඔවුන් මගේ ඇඳුම් සහ ඇඳ ඇතිරිලි විසි කරාවි; වටිනා ඡායාරූප දුසිම් ගණනක් විනාශ කරාවි ;
පොත්, පරණ පොත් කඩේකට විකුණාවි.
ගෘහ භාණ්ඩ ඔවුන්ට වැඩක් නැති නිසා අඩු මිලකට විකුණා දමාවි, නැත්තං නිකම් දේවි.
ඉතින්, මම කැමතිම දේවල් කිහිපයක් පමණක් තෝරා ගත්තා. මම පිගන්, සාස්පාන් කට්ටලයක්; කියවිය යුතු පොත් කිහිපයක්; තේ පෝච්චියක් පමණක් වෙන් කර ගත්තා.
මම මගේ හැඳුනුම්පත,
ජ්‍යෙෂ්ඨ පුරවැසි සහතිකය,
සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත, සහ
බැංකු කාඩ්පතක් පමණක් ගත්තා. මේ ඇති!
මගේ අසල්වාසීන්ගෙන් සමුගෙන,
මම දොර ළඟ දණින් වැටී තුන් වරක් වැඳ
මේ නිවස නැවත ලෝකයට ලබා දුන්නා.
ඔව්!
ජීවිතයේ දී,
ඔබට නිදා ගත හැක්කේ එක ඇඳක පමණි,
ජීවත් විය හැක්කේ එක් කාමරයක පමණි.
ඊට වඩා යමක් ඇත්නම් ඒවා හුදු සුඛෝපභෝගීත්වය සඳහා පමණි!
ජීවිත කාලය පුරාම ජීවත් වූ පසු,
මිනිසුන්ට අවසානයේ මෙය තේරුම් යනවා:
අපට ඇත්ත වශයෙන්ම බොහෝ දේ අවශ්‍ය නෑ. සතුටින් සිටීමට සිතා
අනවශ්‍ය දේවලින් විලංගු වෙන්න එපා!
ප්‍රසිද්ධිය සහ ධනය සඳහා තරඟ කිරීම විහිළුවකි.
ජීවිතය යනු එක් ඇඳක්, ඇඳුම් කිහිපයක් සහ වරකට එක ආහාර වේලක් පමණක් නොවේද? ඔබට මේවා සියගණනක් තිබිය හැකිය, නමුත් ඔබට භාවිතා කළ හැක්කේ වරකට එකක් පමණි.
අවුරුදු 40/50 ට වැඩි පුද්ගලයින් වන අප , අපගේ ගමනේ ඉතිරි කාලය මිහිමත ගත කරන්නේ කෙසේද යන්න ගැන ඔබ හොඳින් සිතා බැලිය යුතු නොවේද?
ඇත්තටම වැදගත් වන සාරධර්ම ගැන අප දරුවන්ට කියා දිය යුතු නොවේද?
දිනපතා කෑමට, පැළඳීමට හෝ භාවිතා කිරීමට නොහැකි දේවල් ගොඩගසන්නට එපා.
නිරෝගීව, සතුටින් සිටින්න.
ඔබගේ දුරකථන නාමාවලිය හරහා ගොස් ඔබගේ ඉතිරි කාලයට අගය එකතු නොකරන පුද්ගලයින් මකා දමන්න. ඒ වගේම ඔබ ආදරය කරන අය සමඟ කාලය ගත කරන්න.
තව එකක්,
හැමෝටම වැඩිහිටි නිවාසයකට යාමට තරම් කල් ජීවත් වන්නට නොලැබිය හැකිය.
[උපුටා ගැනීමක් ]:(copyright/