Fly Hit.lk

Fly Hit.lk online shopping

09/10/2022
25/07/2021

do you like this song😎😎😎🤗

25/07/2021

අහිමි ආදර කාතාව😶😔

මේ පුරුදු ඔබටත් තියෙනවා ද...?
25/07/2020

මේ පුරුදු ඔබටත් තියෙනවා ද...?

මේ ජීවත් වෙන පුංචි කාලේ හැම දවසකම කාගේ හරි විහිළුවකට ලක් වුණොත් ඔයාට මොනා හිතෙයිද... මිනිස්සුන්ට මාව විහිළුවක් කියලා දැන...
25/07/2020

මේ ජීවත් වෙන පුංචි කාලේ හැම දවසකම කාගේ හරි විහිළුවකට ලක් වුණොත් ඔයාට මොනා හිතෙයිද... මිනිස්සුන්ට මාව විහිළුවක් කියලා දැනෙන්න ගත්ත දවසේ ඉඳන් මේ මොහොත වෙනකම්ම මගේ ජීවිතේ මේ ලෝකෙට විහිළුවක්. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ගේම ජීවිතේ ලස්සනම මතකය එයාලාගේ පාසල් මතකය. ඒත් මං වගේ කෙනෙක්ට ජීවිතේ අසුන්දරම මතකය පාසල. ගෑණියෙක්ට වඩා සියුමැලිව කතා කරන එක, ගෑණියෙක්ට වඩා ලතාවට ඇවිදින එක... වැඩ කරන එක නිසා මාව මේ මුළු සමාජේටම විහිළුවක් වුණා. මම ස්කූල් එකේ යාළුවෝ කියලා හිතාගෙන හිටපු හැමෝටම මාව නිකම්ම නිකම් බයිට් එකක් විතරයි. හැමෝටම දැනගන්න ඕනේ වුණේ මගේ කලිසම ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා. මුළු පන්තියක්ම එකතු වෙලා හැමදාම මට අපහාස කලා. පොඩි කාලේ හිතට දැණුන ඒ දුක නිසා සමහර දවස් වල මාස ගණන් ස්කුල් නොයා ගෙදර හිටියා. මම මගේ ජීවිතේ ස්කූල් පහකට විතර ගිහින් ඇති ඒත් ඒ හැම ස්කූල් එකකින්ම මට ලැබුණේ ජීවිතේ එපා කරවන දුකක් විතරයි. මේ ලෝකේට ළමයි ඇස් අන්ධ වෙලා, කතා කරන්න බැරුව, කන් ඇහෙන්නේ නැතිව ඉපදෙනවා... ඒ හැම ළමෙක්ටම මේ සමාජෙන් ලැබෙන්නේ අසීමිත අනුකම්පාවක්, ඒත් මම වගේ කෙනෙක්ට මේ සමාජෙන් හැමදාම ලැබුණේ අපහාසයක් විතරයි. අබාධිත ළමයි වගේම... මමත් මේ ලෝකෙට, මේ ඉපදුන විදිය කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. මගේ මේ හැසිරීම මට වෙනස් කරගන්න පුළුවන්නම් මම තරම් සතුටුවෙන වෙන කවුරුත් නැතුව ඇති මේ ලෝකේ... අවුරුදු 13ක කාලකණ්ණී පාසල් ජීවිතෙන් පස්සේ මම දැන් මේ සමාජේට මුහුණ දෙන්න ඕනේ... පත්තරේ තිබ්බ එක එක ජොබ් වල ඉන්ටර්වීව් වලට ගියත් රස්සාව ලැබෙන්න කලින් මම ඒ මිනිස්සුන්ගේ මූණවල් වලින් දැක්කේ මගේ මේ හැසිරීම දිහා බලලා, මූණට හිනාවෙන්න බැරුව හිනාව තද කරගෙන ඉන්න විදිය... මගේ අක්කයි අම්මයි නැත්නම් මම මේ විහිළුවක් වුණ ජීවිතේ නැති කරගෙන ගොඩක් කල්... මේ ලෝකේ ජීවත් වෙන හැමෝම වගේ මමත් ආසයි සෝෂල් මීඩියා යූස් කරන්න. හැමෝම කරන නිසා මම ආස සිංදුවකට ටික් ටොක් එකක් කරලා දැම්මා. එදා තමයි මම ඒ ඇප් එක යූස් කරපු පළවෙනි හා අන්තිම දවස.. වීඩියෝ එක දාපු වෙලේ ඉඳන් මිනිස්සු බැන්නේ මට විතරක් නෙමෙයි. මගේ අම්මටයි තාත්තටත් එක්ක... ඒ මොන දේ ඉවසුවත්, හවස වැඩ ඇරිලා ආපු තාත්තා මගේ කණට ගහලා කිව්වේ...

"මාව අම්මගේ බඩේදීම මැරුණේ නැත්තේ එයාගේ කරුමෙට කියලා."

තාත්තා මට ඒ කතාව කියපු තුන්වෙනි පාර. දරුවෙක් තමන්ගෙම තාත්තාගේ කටින් ඒ දේ අහන්න කොච්චර අවාසනාවන්ත වෙන්න ඕනේද... ඒත් එයාගේ පැත්තෙන් මගේ තාත්තා හරි. ඔෆිස් එකේ කවුද එයාට මම දාපු වීඩියෝ එක පෙන්නලා හිනාවෙලා. එදා අක්කා බේරුවේ නැත්නම් තාත්තා මගේ ෆෝන් එකත් කඩනවා. මම නිසා මේ ගෙදර හැමෝම දුක් විඳිනවා. මම මේ ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙක්ට වැරැද්දක් කරලා නැහැ. ඒත් මාව මේ ලෝකෙට, මේ සමාජේට විතරක් නෙමෙයි මේ ගෙදෙට්ටත් වැරැද්දක් වගේම බරක්... ඒත් මගේ අක්කා මාව කිසිම දවසක තනි කළේ නැහැ. කිසිම තැනකින් මට ජොබ් එකක් ලැබුණේ නැති වුණාම. එයා මාව සල්ලි වියදම් කරලා සැලොන් කෝර්ස් එකකට දැම්මා.

කඩේකට බඩුවක් ගන්න ගියත් මිනිස්සු හිනාවෙන මම වගේ කෙනෙක්ට මිනිස්සු හිනා නොවෙන එකම රස්සාව ඒක... මම ගොඩක් ආසාවෙන් ඒ වැඩ ඉගෙන ගත්තේ... කෝර්ස් එක ඉවර වුණාට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ සැලෝන් එකක මට වැඩ කරන්නත් චාන්ස් එක ලැබුණා. මගේ අහිංසක අක්කාව අපේ මැඩම් එක්ක එකතු වෙලා ලස්සන මනමාලියෙක්ට ඇන්දුවෙත් මම... එදා මගේ තාත්තායි අම්මයි හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්... ඒත් මගේ අක්කා අද මාව දාලා වෙන ගෙදරකට යනවා. වෙඩින් එක ඉවර වෙලා එයා යද්දී තාත්තාට වඩා බදාගෙන ඇඬුවේ මාව.... එයාට මං ගැන ලොකු දුකක් වගේම බයක් තිබුණේ... එදා අක්කා කියපු හැම වචනෙකින්ම ඒ දේ මට තේරුණා. ඒත් මට සතුටුයි අක්කා මගේ ලඟ නැති වුණත් ජීවිතේ ලස්සනට ඉස්සරහට යන එක ගැන හිතලා.

කාලයත් එක්ක අක්කත් ගෙදරින් ගිහින් මාස හයකට වඩා ගෙවුණා. මම ගෙදර එද්දී හැමදාම වගේ ටිකක් රෑ වෙනවා, සැලෝන් එකේ වැඩත් එක්ක.... කොච්චර පරක්කු වෙලා ගෙදර ආවත් අම්මා මට කන්න බත් එක හැමදාම බෙදලා දෙනවා. ඒත් එයා අද එහෙම කළේ නැහැ. තාත්තත් හිටියේ තරහින් කියලා මට හොඳටම තේරුණා. ගෙදරට ඇවිත් විනාඩි 5ක් ගියේ නැහැ අම්මා මට කිව්වේ අක්කා ප්‍රෙග්නට් වෙලා කියලා. ඒ කතාව මට ඇහුණම හිතට දැණුනේ කියාගන්න බැරි තරම් සතුටක්... මම ඉක්මණටම රූම් එකට ගිහින් අක්කට කෝල් කලා.

"හෙලෝ අක්කේ අම්මා මට කිව්වා... ඇයි ඔයා මට කෝල් කළේ නැත්තේ... මම හෙටම එන්නම් ඔයාව බලන්න." මම හිතේ තිබ්බ සතුටට ඒ දේවල් කියාගෙන ගියත් අක්කා කිසිම දෙයක් කියන්නේ නැතුව අඬන්න පටන් ගත්තා.

"ඇයි ඔයා අඬන්නේ හලෝ... ඇයි මොකද වුණේ..."

"මට සමාවෙන්න මල්ලී..."

"ඇයි මේ.... කියන්න මොකද වුණේ..."

"ඔයා මෙහේ එන්න එපා මාව බලන්න.." අක්කා සමාව ඉල්ල ඉල්ල අඬ අඬ මට කිව්වේ ඔය වචන ටික විතරයි...

"ඇයි මේ... මට කියන්න මොකද වුණේ..."

"අයියයි, එයාගේ අම්මයි කැමති නැහැ බබාව හම්බවෙන්න කලින් ඔයාව මීට් වෙනවට. මට ගෙදර යන්නත් එපා කිව්වා. අම්මලාව බලන්න ඕන්නම් එයාලට මෙහෙට එන්න කියන්න කිව්වා..." ඇත්තටම අක්කා අඬ අඬ කියපු දේ මට ඒ වෙලාවේ තේරුණේ නැහැ.
"ඒත් ඇයි අයියා එහෙම කියන්නේ..."
"අයියා බයේ ඉන්නේ මල්ලි.... මම නිතරම ඔයාව හම්බුනොත්, මගේ දරුවත් ඔයා වගේ..." කියපු අක්කා ආයිත් අඬන්න පටන් ගත්තා. ඒ වචන ටිකට මගේ මුළු පපුවම පිච්චිලා ගිහින් ඇස්වල කඳුළු පිරුණත්, මගේ අහිංසක අක්කාට දුකක් දෙන්න බැරි නිසා මම ඒ වෙලාවේ ඇඬුවේ නැහැ...,
"ඔයා අඬන්න එපා. මම කොහොමත් සැලොන් එකට යන්න එන්න කරදර නිසා සැලොන් එක ලඟින් රූම් එකක් ගත්තා. ඊලඟ සතියේ මම කොහොමත් ගෙදරින් යන්න හිටියේ... ඔයා මෙහේ ඇවිත් ඉඳලා අම්මලාව බලලා යන්න. දැන් අඬන් නැතුව ඉන්න. මම පස්සේ කෝල් එකක් ගන්නම් ඔයාට..." කියපු මම කෝල් එක කට් කළේ තවත් හිතේ දුක හිර කරගෙන කතා කරගන්න බැරි වුණ නිසා. මම තනියම කාමරේට වෙලා කොච්චර වෙලා ඇඬුවද කියලා මට මතක නැහැ... ඒත් මේ තමයි මගේ සැඟවුණු ජීවිතේ... කිසිම කෙනෙක්ට වැරැද්දක් නොකර ලෝකෙට හැමදාම විහිළුවක් වැරැද්දක් බරක් වුණු මගේ සැඟවුණු ජීවිතය.

නිමි
රයාන්ගේ සිතුවිල්ලක්...

මාහි.... මතකයෙන් පිරුණු ජීවිතයේ දුක වගේම සතුට හැමෝටම පොදු දෙයක්, මගේ ජීවිතේ මගේ සතුටුම මතකය මගේ ආදරේ, මගේ මාහි... වයස වි...
25/07/2020

මාහි.... මතකයෙන් පිරුණු ජීවිතයේ දුක වගේම සතුට හැමෝටම
පොදු දෙයක්, මගේ ජීවිතේ මගේ සතුටුම මතකය මගේ ආදරේ,
මගේ මාහි... වයස විසිහයක් වෙද්දී මහරගම පිළිකා රෝහලේ
නර්ස් කෙනෙක් විදියට රැකියාව පටන් ගත්ත මම පිරිමි නර්ස් කෙනෙක්,
පොඩි කාලේ අම්මත් නැති වුනේ පිළිකාවකින්, පිළිකාවෙන් දුක්
විඳින මිනිස්සුන්ට, උදව් කරනවා කියන දේ මගේ හිතට ආවේ
අම්මා මාව දාලා ගිය දවසෙමයි. දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනත්
අන්තිමේදී මම පිළිකා රෝහලේ නර්ස් කෙනෙක් වෙලයි නතර වුනේ.
හැමදාම ඇස් දෙකට පෙන්නේ මිනිස්සුන්ගේ කඳුලු, දුක වේදනාව..
වේදනා විඳින මිනිස්සු අතරේ කොණ්ඩේ දිග සුදු ලස්සන කෙල්ලෙක්
මගේ ඇඟේ හැප්පුනේ අහම්බෙන්, මට සොරි වත් නොකියා එයා
වාඩි වෙලා හිටිය වයසක ජෝඩුවක් ගාවට ගියා, පෙනුමෙන් නම්
එයාගේ අම්මයි තාත්තයි වගේ.... අම්මගේ ඇස් වල කඳුලු,
අම්මා අඬ අඬ කතා කරන්නේ... තාත්තා මුකුත් නොකියා දුව දිහා
බලන් ඉන්නවා. ඒත් මේ කෙල්ලගේ මූණේ පොඩි දුකක්වත් නැහැ, එයා
අම්මව සනසන්න හදනවා. ඈත ඉඳන් බලන් හිටිය මට පෙනුනේ ඔච්චරයි.
මට දැන ගන්න ඕනි වුනා කාටද මේ කරුම ලෙඩේ හැදිලා තියෙන්නේ
කියලා,. ඉතින් මම බොරුවට දෙපාරක් තුන්පාරක් එතනින්
එහාට මෙහාට ගියා. ඒත් වැඩක් වුනේ නැහැ එයාලා කතා කරන්නේ
දෙමළින්.. මේ කෙල්ලව දැක්කාම දෙමළ කියලා පොඩ්ඩක්වත් හිතා ගන්න
බැහැ. එයාවයි මාවයි එකට තියලා මෙතනින් දෙමළ කව්ද කියලා
කියන්න කිව්වොත් මිනිස්සු කෙළින්ම පෙන්නන්නේ මාව, මොකද මම කළු,
උස කොල්ලෙක්... මේ කෙල්ල බොනික්කියෙක් වගේ ලස්සනයි. මට
කරන්න තිබ්බ වැඩත් අමතක වුනා මෙයාව දැක්කම,
"මොනාද බන් මෙතෙන්ට වෙලා හිටගෙන කරන්නේ
අන්න උඹට, ඩොක්ටර් අසංක කතා කලා..."
"හරි මම එන්නම්. උඹ පලයන්.."
අජිත් අයියා පණිවිඩේ දුන්නට පස්සේත් මම එතෙන්ට වෙලා, විනාඩි
දෙක තුනක් හිටියේ. මේ කෙල්ලව මට දාලා එන්න හිත දුන්නේ නැති
නිසයි. ඒත් ඉතින් වැඩ කරන ටයිම් එකේ පිස්සු නටලා බැරි නිසා. මම
ඩොක්ටර් කතා කළේ ඇයි කියලා බලන්න ගියා... ඊට පස්සේ එක දිගට
වැඩ වල හිර වුන මට ආයිත් ඒ පැත්තට එන්න වුනේ හවස
7ත් පහුවෙලා. ආයිත් එද්දි ඒ කෙල්ල පේන්නවත් නැහැ. එතන වෙන
කට්ටියක් වාඩි වෙලා හිටියේ.. 8ට විතර මාත් ඕෆ් වුනා. එදා රෑ
කරන්න තිබ්බ වැඩ ඔක්කොම ඉවර වෙලා ඇඳට වැටුන මගේ
මතකෙට එන්නෙම අර කෙල්ලව. කව්ද මේ කෙල්ල... ඇයි මට එයාව
මතක් වෙද්දී හිතට සතුටක් දැනෙන්නේ... ටික වෙලාවක් යද්දී ඇඟේ
මහන්සියටම මට නින්ද ගියා. පහු වෙනිදත් සුපුරුදු පරිදි උදෙන්ම වැඩට
ගියා. මම පිරිමි නර්ස් කෙනෙක් නිසා මම වැඩ කලේ පිරිමි වාට්ටුවක..
හදිස්සියකට විතරයි... ගෑණූ වාට්ට්ටුවක වැඩට යන්නේ. උදේ 11 වගේ
වෙද්දී වැඩ පොඩ්ඩක් අඩු වුනා. පේෂන්ලගේ රිපොර්ට් වගයක් අරගෙන
මම 4 වෙනි වාට්ටුවට ගියා.. වාට්ටුව මැදින් වට පිට බල බල ගිය මවා
එක පාරටම නතර වුනා. ඊයේ හවස දැකපු කෙල්ල ඇඳක් උඩ වාඩි වෙලා
පොතක් කියවනවා... මෙයා මේ වාට්ටුවේ මොකද කරන්නේ.. මට හිතා
ගන්න බැරි වුනා. එයත් එක්ක කතා කරන්න මට හිතුනත්, අනේ මන්දා
ඒක කරන්න පොඩි බයක් දැනෙනවා. පස්සේ මම වාට්ටුව බාර
ඩොක්ටර්ව හම්බවෙලා මේ කෙල්ල ගැන විස්තර ඇහුවා. ඕන තරම්
ලෙඩ්ඩුන්ගේ විස්තර මේ කන්දෙකට ඇහිලා තිබ්බත්. මෙයා ගැන
විස්තර ඇහෙද්දී මගේ හිතට අමුත්තක් දැනෙන්නේ ඇයි කියලා මට හිතා
ගන්න බෑ. නම මාහි... වයස විසි එකයි. වකුගඩුවක කැන්සර් එකක්...
ලෙඩේ පරණ වුනාට පස්සෙයි අඳුන ගෙන තියෙන්නේ... මම රිපෝට් ටික
ඩොක්ටර්ට දිලා. ආයිත් මේ කෙල්ල ගැන හිත හිතා වාට්ටුව මැදින් ආවා.
මම අඳුරන නර්ස් කෙනෙක් කට්ටියට බෙහෙත් දෙනවා. නර්ස් හිටියේ
මෙයාගේ ඇඳ ලඟමයි, ඕන දෙයක් වුන දෙන් කියලා මම ගියා නර්ස්
එක්ක කතා කරන මුවාවෙන් මෙයත් එක්ක කතා කරන්න හිතාගෙන.
"අක්කේ පුතාට දැන් කොහොමද... අඩුද උණ ?"
"ඔව් මල්ලි, දැන්නම් උණ හොඳයි අද ඉස්කෝලෙත් ගියා.."
නර්ස් එක්ක කතා කරන ගමන් මම මෙයාගේ රිපෝර්ට්ස් අරන් බැලුවා.
"මාහි ද නම.."
"ඔව් ඩොක්ටර්... "
එයා මට ඩොක්ටර් කිව්වම මගේ මූණට එක පාරටම හිනාවක් ආවා..
ඇඳ ලඟ හිටිය නර්ස්ටත් හිනා,
"අයියෝ මම අතේ නලාවක් තියන් හිටියට ඩොක්ටර් කෙනෙක් නෙමෙයි...
මෙයාලා වගේම මමත් නර්ස් කෙනෙක්... වෙනසකට තියෙන්නේ පිරිමි
නර්ස් කෙනෙක්,"
කෙල්ලගේ මූණටත් ලාවට හිනාවක් ආවා, මම කිව්ව කතාවට..
ඒ දිලිසෙන ඇස් වලින්.. ඒ හිනාවෙන්, මට මගේ ඇස් අහකට ගන්න
ලෝභයි. ඒ තමයි මාහියි මමයි කතා කරපු පළවෙනි වතාව... එදා මගේ
හිතට අමුතු සතුටක් දැනුනා. පහුවෙනිදත් උදේ වැඩට ආපු
ගමන් යුනිෆෝම් එකත් ඇඳගෙන මුලින්ම ගියේ 4 වෙනි වාට්ටුව
පැත්තට, මාහිව දැකලම වැඩ පටන් ගන්නවා කියලා හිතාගෙන, ඒත්
ඊයේ පොතක් කියව කියව සතුටින් ඇඳ උඩ හිටපු කෙල්ල නෙමෙයි.
අද ඉන්නේ, ඔක්සිජන්... සේලයින් ගහපු මාහිවයි මට උදෙන්ම
දකින්න ලැබුනේ.. අනන්තවත් මේ වගේ දේවල් දැකලා තිබුනත්.. ඒ
මොහොතේ මගේ හිතට දැනුණ දුක වචනෙන් විස්තර කරන්න බෑ.. මම
සද්ද නොකර මාහිගේ ඇඳ ලඟට ගිහින් එයා දිහා බලන් හිටියා.
රෑ වේදනාවට ගිය කඳුලු පාරවල් තාමත් ඒ ලස්සන මුහුණේ
පේන්න තියෙනවා. නින්ද යන්න බෙහෙත් දීලද කොහෙද මම ඇඳ ලඟ
හිටගෙන එයා දිහා බලන් ඉන්නවා කියලා එයාට දැණුනෙවත් නැහැ.
මගේ ඇස්වලත් කඳුලු මටත් නොදැනිම... එදා දවසෙම මට හරියට
වැඩක් කරගන්න බැරි වුණා. මම ලෙඩ වෙලා වගෙයි මගේ හිතටයි,
ඇඟටයි දැණුනේ. එදා ඉඳන් හැමදාම දවසට දෙපාරක්වත් මාහිව
බලන්න 4 වෙනි වාට්ටුවට යන එක මගේ පුරුද්දක් වුනා. ඒ යන හැම
වතාවකම මොනා හරි දෙයක් එයත් එක්ක කතා කරලා එන්න මම
අමතක කළේ නැහැ. ඒත් මාහි මාත් එක්ක කතා කරන්නේ ආඩම්බරෙන්,
එයාට තේරිලාද මන්දා මම මෙහෙම එයාව බලන්න එන්නේ එයා ගැන
හිතේ ආදරයක් තියාගෙන කියලා. දැන් හොස්පිටල් එකේ ඉන්න
ඩොක්ටර්ස්ලා, නර්ස්ලා හැමෝම වගේ දන්නවා මම මාහිට
කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒත් මාහිට මට මේක කියන්නේ කොහොමද
කියලා මට හිතා ගන්න බෑ. සමහර ඩොක්ටර්ස්ලා මට අවවාධ
කලා ලෙඩ්ඩුත් එක්ක සම්බන්දකම් තියාගන්න එපා කියලා. ඒත් මේ
හොස්පිටල් එකට එයා එක ලෙඩෙක් විතරක් වුනාට... මට එයා මගේ
ජීවිතේ.. මාහිව මට හම්බුනේ ලෙඩෙක් විදියට, පිළිකාව නිසා හැමෝම
විඳින දුක් එයත් විඳිනවා මම මගේ ඇස් දෙන්කන්ම හැමදාම දකිනවා..
එයාව මගේ ජීවිතේට ලං කරගන්නවට වඩා එයාව මගේ ජීවිතෙන්
ඈත් කරගන්න හේතුයි මට තිබ්බේ.. ඒත් මේ කෙල්ල මට මායාවක් වගේ,
මම එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා වෙනුවට මම එයාගේ ජීවිතේට ලං
වුනේ අහසින් පොළවට වැටෙන වතුර බිංදුවක් ගානට... මුලදී මට
ආඩම්බරකම් පෙන්නපු මාහි, මම දැන් වාට්ටුවට එද්දී.. අයිස්
කැප් එකක් ඔලුවට දාගෙන ලැජ්ජාවෙන් බිම බලාගන්නවා. ඒ මාහිගේ
කොණඩේ ගිහින් තට්ටේ තැනින් තැනින් පේන නිසා. මාහිගේ
දිග ලස්සන කොණ්ඩෙත් පිළිකාවට කරන බෙහෙත් නිසා ගියා. මාහි
දැන් හොස්පිටල් එකේ නතර වෙලා මාසයකටත් වැඩි.. ඒත් පොඩි
අඩුවක්වත් නැහැ. මෙහෙම ලෙඩින් ඉන්න කෙනෙක්ට මම කොහොමද
මගේ හිතේ තියෙන දේ කියන්නේ..
ඒත් මම මේක එයාට කියනවා කියලා හිතාගෙන
රෑ ඇඳට ඇවිත් ෆෝන් එක අතට අරන් වොයිස් රෙකෝඩ් ඔන් කරලා..
මගේ හිතේ තියෙනදේ කියන්න පටන් ගත්තා.
"මාහි... කොහොමද ඔයාට..?, මම මෙහෙම ඔයාට වොයිස් රෙකෝඩ්
එකකින් මගේ හිතේ තියෙන දේ කියන්නේ, මට වාට්ටුවේ ලෙඩ්ඩු
ඉස්සරහා, අනිත් කට්ටිය ඉස්සරහා ඔයාට මේ දේ කියන්න බැරි නිසයි.
මම ඔයාට ආදරෙයි. ඔයාව දැකපු පළවෙනි දවසෙමයි මගේ හිත ඔයාට
පිස්සු වැටුනේ, හැමෝම කියන්නේ ඔයාට ආදරේ කරන්න එපා
කියලා. ඒත් මේ හිත ඔයාට ආදරේ කරන එක දවසින් දවස වැඩි
වෙනවා මිසක් කවදාවත් අඩු උනේ නම් නැහැ. ආයිත් මම වාට්ටුවට
එද්දී ලැජ්ජාවෙන් අයිස් කැප් එකක් දාගෙන බිම බලාගන්න එපා.
ඔයා ඔය ඉන්න විදිය ලෝකෙට කැත වුනත් මට ලස්සනයි,.. ඔයා මට
කැමතිද නැද්ද කියලා මම දන්නෑ.. ඒත් ඔයාගේ උත්තරේ මොකක් උනත්
ඔයාගේ වොයිස් රෙකෝඩ් එකකින් ඒක මට කියන්න.. මම ඔයාට ආදරෙයි මාහි."
ඒදා මුළු රෑම මට නින්ද ගියේ නැහැ. පහුවෙනිදා උදෙන්ම 4 වෙනි
වාට්ටුවට ගිය මම මාහිත් එක්ක පොඩ්ඩක් කතා කරලා මගේ
ෆෝන් එකයි හැන්ඩ්ස් ෆ්‍රී දෙකයි එයාට දීලා ආවා. මේකෙ වොයිස් රෙකෝඩ්
එකක් ඇති ඔයා ඒක අහන්න මම දවල්ට එන්නම් ෆෝන් එක ගන්න
කියලා. ෆෝන් මාහිට දෙද්දී මගේ අත වෙව්ලනවා. මාහිත් පුදුමෙන්
වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. එයා වචනයක් වත් නොකියා
ෆෝන් එක ගත්තා. ෆෝන් එක දීපු ගමන් මාත් එතනින් ඉක්මනට ආවා.
මගේ පපුව ගැහෙනවා.. මාහි මොනා කියයිද.. මට බනියිද, නැත්නම් මට
කැමතියි කියයිද..? ඔය වගේ දේවල් දවල් වෙනකම් හිත හිතයි මම හිටියේ...
වෙලාව 12ත් පහුවුනා. මට ෆෝන් එක ගන්න යන්න මොකක්ද වගේ,
අඳුරන මල්ලි කෙනෙක්ව යවලා මම ෆෝන් එක ගෙන්න ගත්තා.
ෆෝන් එක අතට ගත්ත ගමන් මම වොයිස් රෙකෝඩ් වලට ගිහින්
බැලුවා මාහිත් වොයිස් රෙකෝඩ් එකක් එවලද කියලා.. මාහි වොයිස්
රෙකෝඩ් එකක් එවලා. මට මේක අහනකම් පිස්සු වගේ, මම
ඉක්මණට වොෂ් රූම් එකට ගිහින් හැන්ඩ්ස් ෆ්‍රී දෙක ගහගෙන
රෙකෝඩ් එක ප්ලේ කරා..
"අම්මලගෙන් අහන්න..."
මම අයිත් ප්ලේ කරා.. කොච්චර ප්ලේ කරත් මුළු වොයිස් රෙකෝඩ්
එකටම තිබුනේ ඔච්චරයි. අම්මලගෙන් අහන්න කියන්නේ මාහි මට
කැමතිද ?... ඒකද මෙයා මේ නොකියා මට කියන්නේ.. මට හරියටම මුකුත්
හිතා ගන්න බෑ මේ කෙල්ල මට හරි උත්තරයක් නොදුන්න නිසා. ඒ
මොනා උනත් මම අන්තිමේදී තීරණය කලා මාහිගේ අම්මගෙනුයි,
තාත්තගෙනුයි මේ ගැන අහන්න.. ඒදා හවසත් හැමදාම වගේ මාහිව
බලන්න අම්මයි තාත්තයි ආවා. මම මේක කොහොමද අහන්නේ කියලා
හිතාගන්න බැරිව 4 වෙනි වාට්ටුවේ එහාට මෙහාට ඇවිදිනවා., මාහිත්
මාව දැක්කා. එයා මාව නොදැක්ක ගාණට බිම බලාගෙන තනියම හිනා
වෙනවා. ලෙඩ්ඩු බලන වෙලාවත් ඉවර වුණා මාහිගේ අම්මයි තාත්තයි
එයා ගාවින්න් එනකම් එනකම් ඉඳලා මම එයාලගේ පස්සෙන් ගියා.
"අංකල්... අංකල්.."
මාහිගේ තාත්තා මම කතා කලාම පිටිපස්ස හැරුනා. මාව වෙව්ලනවා.
"ඕව්..කියන්න.."
කවදා හරි මේක කරන්න ඒපැයි කියලා හිතා ගත්ත මම ඕන දෙයක්
උනා වේ කියලා. මාහිගේ අම්මයි තාත්තයි ගාවට ගියා කතා කරන්න.
"මේ මාහිගේ අම්මයි, තාත්තයි නේද..?"
"ඕව්..."
"මට අංකලුයි, ඇන්ට්යි එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද... ඒක
මෙහෙම හොස්පිටල් එකේ කියන්න බැහැ... මට අංකල්ලගේ ගෙදරට එන
විදිය කියන්න. මම හවසට ඕෆ් වෙලා එන්නම්. අංකලුයි, ඇන්ටියි එක්ක
මේ ගැන කතා කරන්න."
මම මේ දේ කිව්ව විදියට ඒ මිනිස්සු දෙන්නා හොඳටම බයවෙලා,
"ඇයි.. දුවගේ ලෙඩේ ගැන දෙයක්ද... අපිට ඇත්ත කියන්න දුවව සනීප
කරගන්න බැරි වෙයිද අපිට.."
"නැහැ අංකල් මේ මාහිගේ ලෙඩේ සම්බන්ද දෙයක් නෙමෙයි. අංකලුයි
ඇන්ටියි.. කලබල වෙන්න එපා. මම හවසට ඇවිත් කියන්නම්.."
එහෙම කියපු මම, මාගිලගේ ගෙදරට යන විදියත් අහගෙන.. හවස
7ට විතර ඕෆ් වෙලා මාහිගේ ගෙදර ගියා. වැඩි දුරක නෙමෙයි මාහිගේ
ගෙදර තිබුනේ.. කොට්ටවේ.. තට්ටු දෙකේ ගෙයක් ටිකක් යමක් කමක්
තියෙන මිනිස්සු.. කේක් එකකුත් අරගෙන බයික් එකේම එහෙට ගිය
මම.. බෙල් කරාම මාහිගේ තාත්තා ඇවිත් දොර ඇරියා. තාම ඒ මිනිස්සු
හොස්පිටල් එද්දී ඇඳන් ආපු ඇඳුම් පිටින්මයි.
"වාඩි වෙන්න.. පුතා, අපි තාම ඇඳුම් වත් මාරු කළේ නැහැ. පුතා
එනකම් හිටියේ. දුව ගැන කියන්න තියෙන්නේ මොකක්ද කියලා දැන
ගන්න. අපිට ඇත්ත කියන්න... මට මගේ කෙල්ලව බේර ගන්න බැරි
වෙයිද ?"
අයියෝ.. මේ අම්මයි, තාත්තයි තවම හිතන් ඉන්නේ මම මාහිගේ ලෙඩේ
ගැන කතා කරන්න ආවා කියලා. තවත් වෙලා අරගෙන මේ
අසරණ මිනිස්සු දෙන්නව බය කරන්න මට ඕනි වුනේ නැහැ. ඊට පස්සේ
මම කියන්න ආපු කාරණාව මාහිගේ අම්මටයි, තාත්ටයි කිව්වා. අම්මයි
තාත්තයි පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. අම්මගේ
ඇස්වල කඳුළු.. නිහඬව දෙන්නම මගේ කතාව අහගෙන හිටියා.
ඊට පස්සේ මාහිගේ තාත්තා,
"මට තේරෙන් නැහැ පුතා මේකට කොහොම උත්තරයක් දෙන්නද
කියලා.. අපි සාමාන්‍ය විදියට ජීවත් වෙන දෙමළ මිනිස්සු.
මගේ හැමදේම මගේ දුව. මේ දේපල, මම හම්බකරපු දේවල් හැම
දේම මගේ දුවට.. ඒත් දැන් ඒ කිසිම දේකින් වැඩක් නැහැ..
මගේ දුව මාව දාලා යන්න හදනවා. පුතා දුවගේ තත්වේ අපිටත් වඩා
හොඳින් දැනගෙන... දුවට කැමති වුන එක මට තාමත් පුදුමයක්...
මගේ දුව කැමති කාටද, මම එයාට කැමති. දුවගේ සතුට විතරයි... මගේ
හැමදේම.." මාහිගේ තාත්තා මේ දේවල් මට කිව්වේ. මගේ
ඉස්සරහා අඬන්න බැරිව ඇස්වල කඳුලු පුරවගෙන. එයාලත් එක්ක
ටිකක් වෙලා කතා කර කර හිටිය මම ඊට පස්සේ එතනින් ආවා. මම
එන්න හදද්දී මාහිගේ අම්මා මට කිව්වා. "පුතා මාහිගේ උපන්දිනේ
අනිද්දා," කියලා. එතනින් ආපු මම බයික් එක්කේ එද්දී හිත හිත ආවේ..
අද දවසේ වුන දේවල් ගැන.. මාහි කියනව අම්මලගෙන් අහන්නලු.
එකේ අනිත් පැත්ත එයාගේ අම්මයි තාත්තයි කිව්වේ. දුව කැමති නම්
එයාලා කැමතිලු. අනේ මන්දා මට මොනා කරන්නද කියලා හිතා ගන්න
බෑ... අනිද්දා මාහිගේ උපන්දිනේ මාහිව පුදුම හිතෙන දෙයක් කරන්න
ඕනේ.. මොනද කරන්නේ කියලා රෑ නින්ද යනකම් හිතුවා. ඒත් අයිඩියා
එකක් ආවේ නැහැ.. පහු වෙනිදත් හිතුවා, අන්තිමේදී මට හොඳ අදහසක්
ආවා. අද මාහිගේ උපන්දිනේ.. මම රෝස මල් පොකුරක් අරන් ගියා උදේ
වැඩට යද්දී... මාත් එක්ක වැඩ කරන හැමෝම අහනවා. ඇයි මේ කියලා.
මම වැඩ කරන හැමෝටම රෝස මල ගානේ දුන්නා. දීලා කිව්වා.
එක්කෙනා එක්කෙනා මාහිට මල ගානේ දීලා ගිහින් විෂ් කරන්න කියලා.
හැමෝටම මගේ වැඩ වලට හිනා. ඒත් එයාලා ෆිල්ම් එකක වගේ
මාහිට ගිහින් විෂ් කලා. කෙල්ල පුදුම වෙලා මම ඈත ඉඳලා හැමදේම
බලන් හිටියා. ඒ ලස්සන හිනාවා ආයිත් එයාගේ මූණේ මැවුණා.. මගේ
හිතට හරි සතුටුයි. එයා මගේ යාළුවෙක්ගේ අතේ මගේ ෆෝන් එක
එවන්න කියලා. මමත් දුන්නා. පැයකට විතර පස්සේ යාළුවගේ අතේම
මට ආයිත් ෆෝන් එක එව්වා. මට හිතුනා අදවත් මෙයා මම අහපු
දේට උත්තරයක් කියලා ඇති කියලා. මම ඉක්මණට වොයිස් රෙකෝඩ්
වලට ගිහින් බැලුවා. අදත් වොයිස් රෙකෝඩ් එකක් තියෙනවා.
"ඔයාට ගොඩක් පින් මගේ උපන්දිනේ.. දවසේ මාව සතුටු කලාට.."
මගේ හිතටත් හරිම සතුටුයි. එයා හිනා වෙලා හිටපු එකට. එයා මට
උත්තරයක් නොදුන්නත්.. එයාගේ සතුටයි මට හැම වෙලේම ඕන වුනේ..
අපි දෙන්නා දිගටම කතා කළා වොයිස් රෙකෝඩ් වලින්. ඒත් තාම එයා
මට කැමැත්ත දුන්නෑ.. මාහිගේ ලෙඩේ එන්න එන්නම වැඩි වුණා.
තිබුණේ එකකම විසඳුමයි. ඒ මාහිගේ කැන්සර් එක තියෙන වකුගඩුව
අයින් කරන එකයි. සති තුනක් ඇතුළත ඒ ඔපරේෂන් එක කළා.
මේ හැමදේම වෙනකම් මම එයාගේ හෙවනැල්ල වගේ එයා ලඟින්ම
හිටියා. ඔපරේෂන් එකෙන් සතියකට පස්සේ මාහිගේ ටිකට් කැපුවා.
ඒත් කැන්සර් එක අනිත් වකුගඩුව පැතිරිලාද නැද්ද කියන රිපෝට් එක
එන්නේ සතියකින්, මාහි ගෙදර ගියාට පස්සේ මම එයාව බලන්න
ගෙදරත් ගියා. ඒත් මේ කෙල්ල තාම මට කැමැත්ත දෙන් නැහැ මාත්
එක්ක කතා කලාට. ඒත් මගේ මාහි...
මේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගොඩක් කල් ගියේ නැහැ. එදා
දවස ඔක්තොම්බර් 15 මට අද වගේ මතකයි. අජිත් අයියත් උදෙන්ම අපේ
ගෙදර ආවා. එදා මම නිවාඩු.. අපේ ගෙදර වැඩකට උදව්
වෙන්නයි අජිත් අයියා අපේ ගෙදර ආවේ. වැඩ කරද්දී වෙලාව යනවා
තේරුනේ නැහැ. මගේ ෆෝන් එකට කෝල් එකක්
හොස්පිටල් එකෙන්, මෙච්චර කාලෙකට කවදාවත් මට නිවාඩු දවසේ
හොස්පිටල් එකෙන් කෝල් ඇවිත් නැහැ. වෙලාවත් දවල් 12 පහුවෙලා..
මගේ හිතට අමුත්තක් දැනෙනවා. ඒත් මම ෆෝන් එක ආන්සර් කලා.
"පැතුම්.. පුළුවන් තරම් ඉක්මණට හොස්පිටල් එකට එන්න. මාහිට අමාරු
වෙලා මේ දැන් හොස්පිටල් එකට ගෙනාවා. මාහි දැන් අයි.සී.යූ එකේ
ඔයා පුළුවන් තරම් ඉක්මණින් එන්න...."
මාව එක පාරටම ගල් ගැහුනා වගේ වුනා. මගේ කටින්
වචන පිටවුනේ නැහැ. අජිත් අයියා අහනවා ඇයි මොකද වුනේ කියලා.
මගේ කටින් වචන පිටවෙන්නෑ මාව වෙව්ලනවා. ටික වෙලාවකට පස්සෙයි
මම අජිත් අයියට විස්තරේ කියලා. ඉක්මණට ඇඳන් හිටපු ඇඳුම
පිටින්ම බයික් එකට නැඟේ. ඒත් අජිත් අයියා මට බයික් එක යන්න නොදී
එයාගේ ත්‍රීවිල් එකේ යමු කිව්වා. ඊට පස්සේ අජිත් අයියයි මමයි.
ඉක්මණින් ගෙදරින් පිටත් වුනා. හොස්පිටල් එකට එනකම්ම.. මම මාහිගේ
අම්මටයි, තාත්තටයි කෝල් කලා. ඒත් ඒයාලා ෆෝන් අන්සර් කලේ නැහැ.
ඊට පස්සේ හොස්පිටල් එකේ යාළුවෝ හැමෝටම ගත්තා. ඒ
කවුරුත් ෆෝන් අන්සර් කරන් නැහැ. අද මාහිගේ රිපෝට් එක එන දවස,
ඇයි අදම මෙයාට මෙහෙම වුනේ. මගේ ඔලුව පිස්සු වගේ.. මාහිව මට
නැතිවෙයිද සඳටම.. මගේ ඇස් කඳුලින් බොඳ වෙලා. විනාඩි 45ක් යද්දී
හොස්පිටල් එකට ආවා. ත්‍රීවිල් එක නවත්තන්න කලින් මම එළියට
පැනලා හොස්පිටල් එක ඇතුළට දුවලා ගියා. මම කෙළින්ම දිව්වේ
අයි.සී.යූ එක පැත්තට. මඟදී හම්බවුණ යාළුවෝ මාව නවත්තන්න හැදුවා.
ඒත් මම පිස්සෙක් වගේ අයි.සී.යූ එක පැත්තට දිව්වා. අයි.සී.යූ එක
ලඟ නැවතුන මම වටපිට බැලුවා. පාළුම පාළුයි.. මම අයි.සී.යූ එකේ
දොර ලඟට ගියෙත් බයෙන් බයෙන්.. මහා මූසල හැඟීමක් මගේ හිතට
දැණුනේ. වීදුරුවෙන් ඇතුළ බලපු මගේ ඇස් වල මෙච්චර වෙලා හිරවෙලා
තිබ්බ කඳුලු ඉබේම එළියට ආවා. අයි.සී.යූ එක ඇතුළේ මාහිව
සුදු රෙද්දකින් වහලා. අඬ අඬම මම දොර ඇරගෙන අයි.සී.යූ එක ඇතුළට
ගියා. මාහි නැති මේ ජීවිතේ මට මොකටද කියන දේයි මගේ හිතට ආවේ.
අනේ මම මේ සුදු රෙද්ද අයින් කරලා එයාගේ ලස්සන මුණ බලන්නේ
කොහොමද මගේ අත වෙව්ලනවා. අඬ අඬම වෙව්ලන අත්වලින්
මම සුදු රෙද්ද අයින් කලා.
"මමත් ඔයාට ආදරෙයි.."
ඇඳ උඩ තිබුණේ කොට්ට ගොඩක් විතරයි. උඩම කොට්ටේ
"මමත් ඔයාට ආදරෙයි" කියලා ලියලා. ඒත් එක්කම මට එළියෙන්
කට්ටිය අත්පුඩි ගහන සද්දයක් ඇහුනා. අතින් කඳුලු පිහිද ගත්ත මම
දොර ඇරගෙන එළියට ආවා. අයි.සී.යූ එක ඉස්සරහා දොස්තරලා
නර්ස්ලා පිරිලා. මම එළියට ආවට පස්සේ හැමෝම මැදින් එහාට වුනා.
දෙවියනේ මාහි ලස්සන වෙඩින් ගවුමක් ඇඳගෙන රොද පුටුවක වාඩිවෙලා.
බෝඩ් එකකුත් අතේ තියාගෙන..
"ඔයා මාව බඳිනවද ?"
බෝඩ් එකේ ලියලා තිබුනේ ඕක. මාහිත් හිනා වෙවී අඬනවා...
මම මාහි ලඟට ගිහින් දණගහලා එයාව බදාගත්තා.
පිටට තට්ටු කරපු මාහිගේ තාත්තා.. මගේ අතට මුද්දක් දුන්නා.
හැමෝම ඉස්සරහා මම එයාගේ ඇඟිල්ලට
මුද්ද දැම්මා.
"මාහි ඇයි මේ දේ කියන්න මෙච්චර කල් ගත්තේ..?"
"අද මගේ රිපෝට් ආවා. මට දැන් හොඳයි. මට මේ පිස්සට මම මැරෙනවනම් බොරු
බලාපොරොත්තු දෙන්න ඕනි උනේ නැහැ. මොකද මම ඔයාට ආදරේ කළේ
මගේ හදවතින්මයි පැතුම්..."

නිමි.
රයාන්ගේ සිතුවිල්ලක්

25/07/2020
"ජීවිතේදී මිනිස්සු අසරණ වෙන හේතු කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒත් අපි හැමෝටම දැනෙන, අපි හැමෝම අසරණ වෙන පොදු හේතුවක් තමයි ...
25/07/2020

"ජීවිතේදී මිනිස්සු අසරණ වෙන හේතු කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒත් අපි හැමෝටම දැනෙන, අපි හැමෝම අසරණ වෙන පොදු හේතුවක් තමයි සල්ලි, සල්ලි නැති වුනාම විතරද මිනිස්සු අසරණ වෙන්නේ... නැහැ, ජීවිතේ මොන දේ හම්බවුණත් තමන්ගේ කියලා කෙනෙක් ලඟ නැති වුනාම දැනෙන අසරණකම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. මේ හැඟීම් දෙකම එකපාර හිතට දැණුනාම දැනෙන හැඟීමට කියන නම මොකක්ද ?"

හිස් පිටුවකට අපූරුවට වචන එකතු කරන ශිහාන්, ලියන එක මොහොතකට නතර කරලා... එයාගේ එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ශිහාන්ගේ උරහිසට ඔළුව තියාගෙන නිදාගෙන ඉන්න නෙලී දිහා බලපු ශිහාන්,
"මැඩම්ට නැඟිටින්න අදහසක් නැද්ද...?" කියලා නෙලීගේ මූහුණට වැටිලා තිබුණු කෙස් කැරලි දෙක තුන අතින් එහාට කරන ගමන් ඇහුවා. එහෙම අහපු ශිහාන් දිහා නිදිමතින්ම ඇස් දෙක ඇරලා බලපු නෙලී,
"ඔයා නිදාගත්තේ නැද්ද...?"
"නැහැ මම කතාවේ ටිකක් ලිව්වා..." ශිහාන් එහෙම කිව්වම ශිහාන්ගේ අත තදින් තුරුල් කර ගත්ත නෙලී,
"ඔයා තමයි පොළොවෙයි, අහසෙයි, මුහුදෙයි, බස් එකේ, කෝච්චියෙයි කතා ලියන එකම රයිටර්..." නෙලීගේ කතාවට ලාවට හිනාවුණු ශිහාන්,
"තව පැය බාගෙකින් ලෑන්ඩ් කරනවා කියලා අනවුන්ස් කලා දැන්, නැඟිටින්න..."
"හරි තව පැය බාගයක්ම තියෙනවනේ, තව විනාඩියක් මම මෙහෙම ඉන්නම්..." නෙලී එහෙම කිව්වම අතේ තිබ්බ පොත වහපු ශිහාන්, ප්ලේන් එකේ වීදුරුවෙන් ඈතට පේන ලංකාව දිහා වලාකුළු අතරින් බලාගෙන හිටියා.

ට්‍රොලි එකේ ට්‍රැවලින් බෑග්ස් තියාගෙන එයාර්පෝර්ට් එකෙන් එළියට එන ශිහාන්, නෙලී එක්ක හිනාවෙවී කතා කර කර ආවත් නෙලීගේ ඇස් දෙක තිබුණේ වෙනම තැනක... සැරෙන් සැරේ පිටිපස්ස බලන නෙලී දිහා බලපු ශිහාන්,
"ඇයි මොකද වුණේ..."
"නැහැ මං අඳුරන කෙනෙක් වගේ කෙනෙක් හිටියා. හරියටම එයාමද කියලා ෂුවර් නැහැ.. අපි ගිහින් කතා කරමුද....?"
"එයා නෙමෙයි නම්..."
"එයා නෙමෙයිද කියලා දැන ගන්න කතා කරලම බලමු මැට්ටෝ, පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.." එහෙම කියලා ශිහාන්වත් නතර කරපු නෙලී, පිටිපස්සෙන් එන කෙනා එනකම් නැවතිලා බලාගෙන හිටියා.. නෙලී ලඟින් ඒ පිරිමි කෙනා යනකොටම කතාකරපු නෙලී,
"එක්ස්කියුස්මී... පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ඳ ?" නෙලීගේ හඬට නැවතුණු ඒ පිරිමි කෙනා,
"ඔව් කියන්න..."
"ඔයාගේ නම සංජීවද ?"
"ඔව් මේ කව්ද...?" සංජීව එහෙම කිව්වම සතුටින් හිනාවෙලා ශිහාන් දිහා බලපු නෙලී,
"ශිහාන් මං හිතුවා හරි... මේ එයා..." නෙලී එහෙම කිව්වත්. නෙලීගේ මේ පිස්සු වැඩ වලට ශිහාන්ගේ හිතේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. එහෙම කියපු නෙලී ආයිත් සංජීව දිහා සතුටින් බලලා,
"සංජීව සර්ට මාව මතක නැද්ද...?"

"සර්" යන අමතර වචනය නෙලී එකතු කරාම මුහුණට හිනාවක් ආපු සංජීව,
"මතකයක් නම් නැහැ... ඒත් මගේ ක්ලාස් ආපු කෙනෙක් කියලනම් දැන් දන්නවා..."
"නැහැ මම සර්ගේ ක්ලාස් ආවේ නැහැ, සර්ට මතකද සර් අපේ ගෙදර ආවා මට ක්ලාස් කරන්න... රද්දොළුව ස්කීම් එකේ..." නෙලී එලෙස පැවසූ විට ඇයව හඳුනාගත් සංජීව,
"මේ නෙලීද... ඔයා වෙනස් වෙලානේ.. කොණ්ඩේ කපලා, අඳුනගන්නවත් බෑ..." එවිට සිනාසුණ නෙලී,
"මං විතරද... සර් රැවුල වවලා, අමාරුවෙන් මං අඳුන ගත්තේ, සර් මේ ඉන්නේ මගේ හස්බන්ඩ් ශිහාන්..." නෙලී එහෙම කිව්වට පස්සේ සංජීව එක්ක හිනාවෙලා අතට අත දීපු ශිහාන්,
"මිස්ටර් සංජීවත් 368 ෆ්ලයිට් එකේමද ආවේ..."
"ඔව්, ඒකනේ පුදුමේ කියන්නේ... වෙන රටක ඉඳලා එකම ෆ්ලයිට් එකේ ඇවිත් අන්තිමට දැක්කේ ලංකාවෙදී..." සංජීව එහෙම කිව්වම ලාවට සිනාසුණු ශිහාන්,
"එහෙනම් අපි කතා කර කරම යමුද...?" ශිහාන් එහෙම කිව්වට පස්සේ ශිහාන්ගේ අතේ එල්ලුන නෙලී ගුවන් තොටුපොළින් පිටතට යන ගමන්,
"සර් ඉතාලි වල ගොඩක් කල් හිටියද ?
"නැහැ නෙලී ක්ම්පණි ටුවර් එකක්, මාස තුනයි ?"
"සර් තාමත් ක්ලාස් කරනවද ?"
"නැහැ නෙලී... කැම්පස් ඉන්න කාලේ ක්ලාස් කරාට, දැන් මම ක්ලාස් කරන්නේ නැහැ. ඉතින් ශිහාන් මොනාද කරන්නේ කිව්වේ නැහැනේ..." ඒකට ශිහාන් උත්තර දෙන්න කලින් කතා කරපු නෙලී,
"ශිහාන් රයිටර් කෙනෙක්.."

මේ විදියට ආගිය තොරතුරු කතා කර කරම එයාර්පෝර්ට් එකෙන් එළියට ආපු සංජීව බැලුවේ එයාගේ වයිෆ් කොහෙද ඉන්නේ කියලා... සංජීව එයාගේ වයිෆ් හොයන අතරතුර බුක් කරපු වාහනේට කෝල් එකක් ගන්න ෆෝන් එකත් කණේ තියාගෙන පොඩ්ඩක් එහාට ගිය ශිහාන්,

"හෙලෝ... ඔව් අපි ඇවිත් ඉන්නේ කොහෙද ඔයා...?
හරි ඉක්මණට එන්න. මෙතනට ඇවිත් මට කෝල් එකක් දෙන්න.." කියලා කෝල් එක කට් කරපු ශිහාන් නැවත නෙලී දෙසට පියවර තැබුවත් නෙලී එක්ක හිනාවෙවී කතා කර කර හිටපු සංජීවගේ වයිෆ්ව දැක්ක ශිහාන් එකපාරම පුදුම වුණා වගේ හිටගෙන ඒ පැත්ත බලාගෙන හිටියා. බයවෙලා වගේ ඉන්න ශිහාන් දිහා හැරිලා බලපු නෙලී,
"ශිහාන් මෙහාට එන්න...." නෙලීගේ හඬට නෙලී දිහා බලපු ශිහාන් ආයිත් බැලුවේ සංජීවගේ බිරිඳ දිහා., ශිහාන්ව දැකපු සංජීවගේ බිරිඳගේ තිබ්බ හිනාවත් එකපාරම මුහුණෙන් අතුරුදහන් වුණා. නෙලී ලඟට ශීහාන් පියවර තැබුවත්... ශිහාන්ගේ ඇස් තිබුණේ සංජීවගේ බිරිඳ ලඟ. ඒත් මේ කිසිවක් නොතේරුණු සංජීව,
"ශිහාන් මේ ඉන්නේ මගේ වයිෆ් ඈන්..." සංජීව එහෙම කිව්වත් ශිහාන්ට මේ කිසිම වචනයක් ඇහුණේ නැහැ. ශිහාන් තාමත් ඈන් දිහා බලාගෙන... ශිහාන්ගේ මේ අමුතු හැසිරීම දිහා බලාගෙන හිටපු නෙලී,
"ශිහාන් ඔයා ඈන්ව අඳුරනවඳ....?"
"ආ.. නැහැ..." ශිහාන් එහෙම කියනවත් එක්කම කතා කරපු ඈන්,
"නෙලී එහෙනම් අපි යන්නම්. අපි පස්සේ දවසක මීට් වෙමු. සංජීව අයියේ අපි යමුද...?" ලෙස සීරුවට කතාව වෙන පැත්තකට පෙරලපු ඈන් සියළුදෙනාටම සමුදී සංජීව සමඟින් එම ස්ථානයෙන් පිටත් විය. ඔවුන් දෙදෙනා ගිය පසු ශිහාන් බුක් කරපු වාහනයත් ටික වෙලාවකින් එම ස්ථානයට පැමිණියේය. මෙලෙස පැමිණි වාහනයේ යන අතරතුරත් නෙලී සමඟ කිසිම කතාවක් නැතිව ඈන්ව දුටු මතකය සිහිකරමින් යන ශිහාන් දෙස කිහිපවරක්ම බැලූ නෙලී,

"ශිහාන් මොනාද හිතන්නේ..."

"නැහැ, මුකුත් නැහැ බබා..."

"ඔයා සංජීව සර්ගේ වයිෆ්ව දන්නවද...?"

"නැහැ, ඇයි එහෙම අහන්නේ ඔයා...?"

"නැහැ ඔයා එයා දිහා බලන් හිටපු විදියට මං දිහාවත් අද වෙනකම් බලලා නැහැ..."

"එහෙම දෙයක් නැහැ මැට්ටී., මට එයාව කොහෙදී හරි දැකලා පුරුදුයි. එකයි මම ඒ වෙලාවේ කල්පනා කරේ. ඇයි එහෙම බලද්දී ජෙලස්ද ආ....?" එහෙම කියපු ශිහාන් හිනාවෙලා නෙලීගේ අතින් අල්ලගත්තා.
"ඔව් ජෙලස් තමයි. ඔයා මගේනේ..
මේ ඒක නෙමෙයි, සර්ගේ හැටියට වයිෆ් ගොඩක් පොඩියි නේද...?" නෙලී එලෙස පැවසුවත් එයට කිසිම පිළිතුරක් නොදුන් ශිහාන් නැවතත් වීදූරුවෙන් පාර දෙස බලාගෙන ඈන්ව දුටු මතකය සිතන්නට විය.

(පැයකට පමණ පසුව)

දෙමහල් නිවසක බැල්කනියේ සිට ෆෝන් එක ඔබමින් සිටින වයස අවුරුදු 18ක් වන බ්‍රයන්, තමන්ගේ නිවස ඉදිරියේ නැවතු කාරය දෙස ඕනවට එපාවට බැලුවත්... නැවතූ කාරයෙන් බැසි නෙලීව දුටු බ්‍රයන් එකවර පුදුම වී, අතේ ඇති ෆෝන් එකත් අතින් වැටෙන්නට ගොස් බේර ගත්තේ නූලෙන්ය. පුළුවන් ඉක්මණින් නෙලීව දුටු විගස නිවස තුලට දිව්ව බ්‍රයන්..,
"අම්මේ අක්කා ඇවිත්... අම්මේ කෝ අනේ ඔයා... අක්කා ඇවිත්..."
"පිස්සුද ළමයෝ... අක්කා කොහෙද මෙහේ ?"
"මෙන්න මේ එන්න අනේ ප්‍රශ්න අහන්නේ නැතිව. අක්කා ඇවිත්.." කියමින් හැකි ඉක්මණින් පහළට දිව ගොස් නිවසේ දොරත් ඇර... ගේට්ටුවත් ඇර නෙලී අසලට දිව ගිය බ්‍රයන්,
"අක්කේ ඔයා..."
"ඔව් මං තමයි.... අවුරුද්දයි දැක්කේ නැත්තේ... මෙයාගේ උස" කියලා හිනාවෙලා කිව්ව නෙලී, බ්‍රයන්ගේ මුහුණ අතගෑවේ ලොකු සතුටකින්,
"ඇයි කියන්නේ නැතිව ආවේ..." බ්‍රයන් එහෙම ඇහුවේ ශිහාන් දිහා බලලා,
"මේ ඔයාගේ අක්කිගේ පිස්සු වැඩ තමයි. ඔයාලව ස්ප්‍රයිස් කරන්න ඕනේ කියලා ආවේ..."
"ප්‍රශ්න අහලා ඉවර නම් කෝ එන්න මේ බෑග් ටික ගන්න..." ඒත් එක්කම නෙලී ලඟට පැමිණි නෙලීගේ මව,
"නෙලී.... මගේ කෙල්ල..." ලෙස පවසමින් ඇයව වැළඳගත් විට සිය මවව වැළඳගත් නෙලී,
"කොහොමද අම්මී..."
"මෙහෙම නොකියා එනවද ළමයෝ...."
"එහෙම තමයි මම, දන්නවනේ මගේ වැඩ... කෝ මාව ගෙදෙට්ට එක්කගෙන යන්නේ නැද්ද ?"
"එන්න එන්න යමු පිස්සු ළමයා..." එහෙම කිව්ව අම්මත් එක්ක ගේට්ටුවෙන් ඇතුළු වුණු නෙලී පිටිපස්ස හැරිලා,
"බ්‍රයන් අයියත් එක්ක ඔය බෑග්ස් ටික ඇතුලට ගේන්න..."

මා නිසා...
රයාන්ගේ සිතුවිල්ලක්...
ලබන ඉරිදා හමුවෙමු.

"අක්කේ ඔයා...""ඔව් මං තමයි.... අවුරුද්දයි දැක්කේ නැත්තේ... මෙයාගේ උස" කියලා හිනාවෙලා කිව්ව නෙලී, බ්‍රයන්ගේ මුහුණ අත ගෑවේ...
25/07/2020

"අක්කේ ඔයා..."
"ඔව් මං තමයි.... අවුරුද්දයි දැක්කේ නැත්තේ... මෙයාගේ උස" කියලා හිනාවෙලා කිව්ව නෙලී, බ්‍රයන්ගේ මුහුණ අත ගෑවේ ලොකු සතුටකින්,
"ඇයි කියන්නේ නැතිව ආවේ..." බ්‍රයන් එහෙම ඇහුවේ ශිහාන් දිහා බලලා,
"මේ ඔයාගේ අක්කිගේ පිස්සු වැඩ තමයි. ඔයාලව ස්ප්‍රයිස් කරන්න ඕනේ කියලා ආවේ..."
"ප්‍රශ්න අහලා ඉවර නම් කෝ එන්න මේ බෑග් ටික ගන්න..." ඒත් එක්කම නෙලී ලඟට පැමිණි නෙලීගේ මව,
"නෙලී.... මගේ කෙල්ල..." ලෙස පවසමින් ඇයව වැළඳගත් විට, සිය මවව වැළඳගත් නෙලී,
"කොහොමද අම්මී..."
"මෙහෙම නොකියා එනවද ළමයෝ...."
"එහෙම තමයි මම, දන්නවනේ මගේ වැඩ... කෝ මාව ගෙදෙට්ට එක්කගෙන යන්නේ නැද්ද ?"
"එන්න එන්න යමු පිස්සු ළමයා..." එහෙම කිව්ව අම්මත් එක්ක ගේට්ටුවෙන් ඇතුළු වුණ නෙලී පිටිපස්ස හැරිලා,
"බ්‍රයන්, අයියත් එක්ක ඔය බෑග්ස් ටික ඇතුලට ගේන්න..."

(එදින රාත්‍රීයේදී)

එදින රාත්‍රීයේ කාමරයට වී බ්‍රයන් සමඟ කතා කරමින් සිටින නෙලී,
"බ්‍රයන් ඔයා තාත්තට කෝල් කරලා කිව්වේ නැහැ නේද...?"
"නැහැ... ඔයා එපා කිව්වනේ... මේ මට වෙනම චොකලට් බෑග් එකක් ඕනේ හරිද, යාළුවෙක් ඉන්නවා දෙන්න..."
"ඒ කව්ද ඒ... කෙල්ලෙක් නේද...?" නෙලී එහෙම ඇහුවම හිනාවුණු බ්‍රයන්,
"තමුසෙට ඒවා වැඩක් නැහැනේ, දෙනවකෝ..."
"පෙන්නනවා ෆොටෝ එකක්..."
"දැන් බෑ හලෝ අම්මත් ඉන්නවා. වෙන වෙලාවක විස්තර කියන්නම් මම..."
"අම්මේ මේ..." නෙලී අම්මට කියන්න හදද්දීම නෙලීගේ කට අතින් තද කරපු බ්‍රයන්,
"ඕකනේ බැරි තමුසෙත් එක්ක..."
"හරි හරි මම කියන්නෑ... මේ මට වඩා ලස්සනද කෙල්ල..."
"තමුසේ මොකෙක්ද හැටි බලනවකෝ..." බ්‍රයන් හිනාවෙලා එහෙම කිව්වම නෙලී,
"අම්මේ මේ මල්ලී කෙල්ලෙක් එක්ක යාළුවෙලා..." නෙලී කෑහැගහලා කිව්වත්, පහළ තට්ටුවේ ලොකු කතාවක හිටපු ශීහාන්ටයි, නෙලීගේ අම්මටයි වචන පැහැදිලිව ඇහුණේ නැහැ, ඒත් නෙලීගේ කටහඬ ඇසුණු මව,
"ඔන්න පටන් අරගෙන අක්කයි, මල්ලියි ඇවිත් පැය කීයද ගියේ..." ලෙස පැවසූ විට සිනාසුණු ශිහාන්,
"තාත්තා එද්දී හැමදාම මෙහෙම රෑ වෙනවද අම්මේ...?"
"රෙස්ටුරන්ට් එකේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් එයාට ඒකෙන් තොර ලෝකයක් නැහැ..." එහෙම කියලා වෙලාව බලපු නෙලීගේ අම්මා,
"අද 12ට කලින් එයි පුතේ, සතියේ දවසක් නිසා..."
"තාත්තට දැන් නිදහසක් නැහැ නේද, අපේ රෙස්ටුරන්ට් එක නිසා..."
"එහෙම දෙයක් නැහැ ශිහාන්, බිස්නස් එක ඔයාගෙයි නෙලීගෙයි උනත් තාත්තා ඒක බලාගන්නේ එයාගෙම දෙයක් වගේ... කොහෙද මේ ළමයා අපිට කෝල් එකක් දීලා... ආවා කියලා කියන්නත් එපා කිව්වනේ..." අම්මයි, ශිහානුයි කතා කර කර ඉද්දී හිනාවෙවී පහළට ආපු නෙලීයි, බ්‍රයනුයි අම්මා ලඟින් සෝෆා එකේ වාඩි වුනා... ඒත් එක්කම ගේට්ටුව අසල නැවතූ කාරය හෝන් කරන ශබ්දය ඇසුණු බ්‍රයන්,
"අන්න තාත්තා ඇවිත්..." බ්‍රයන් එහෙම කිව්ව ගමන් සෝෆා එකෙන් නැඟිට්ට නෙලී,
"ශිහාන් එන්න අපි දෙන්නා කාමරේට යමු. එන්නකෝ අනේ..." ලෙස පැවසූ නෙලී, ශිහාන්ගේ අතින් බලෙන්ම අල්ලා ශිහාන්වත් නැඟිටවා ගෙන කාමරයට ගොස් හැංඟී සිටීය. ඔවුන් දෙදෙනා කාමරයට යන තෙක් දොර විවෘත නොකර බලා සිටි බ්‍රයන්, දෙදෙනාම ගිය පසු දොර විවෘත කර ගොස් ගේට්ටුවත් විවෘත කරීය. කාර් එක වත්තට දැමූ නෙලීගේ තාත්තා නිවසට ඇතුළු වූයේ සුපුරුදු විලසිනි.

මේ කිසිවක් නොදන්නා අයුරින් බ්‍රයන් රඟපෑවත්, නෙලීගේ මවට ඇයගේ සිනහව සඟවා ගැනීමට නොහැකි විය. තනිවම සිනාසෙන නෙලීගේ මව දෙස බැලූ නෙලීගේ පියා,
"ඇයි ඔයා හිනා වෙන්නේ..."
"නැහැ මුකුත් නැහැ..."
"මුකුත් නැති වෙන්න බැහැ.." ඔහු එලෙස පවසන විටම කාමරයේ සිට පිටතට පැමිණි නෙලී,
"කොහොමද තාත්තා..." නෙලීව දැක්ක ඇයගේ පියාට පවසන්නට වචන නොමැතිව පුදුමයෙන් ඇය දෙස බලා ඉන්නට විය... එවිට තාත්තා අසලට පැමිණි නෙලී ඔහුව වැළඳ ගනිමින් නැවතත්,
"කොහොමද තාත්තා..."
"කොයි වෙලාවෙද ආවේ, ඇයි මට කෝල් කලේ නැත්තේ... ඇයි මෙහෙම නොකියා ආවේ..." එක දිගට සතුටින් ඇයව බදාගෙන ප්‍රශ්න වැලක් අසන නෙලීගේ පියා හා නෙලී දෙස ශිහානුත් කාමරයෙන් පිටතට පැමිණ සතුටින් බලා සිටීය.

(පසු දින උදෑසන)

ශිහාන්ව බදාගෙන ශිහාන්ගේ පපුවට ඔළුව තියාගෙන නිදා සිටින නෙලී.. හිරු එළිය ජනෙල් තුළින් මුහුණට වැටෙනවාත් සමඟම අවදි විය. ඒත් ශිහාන් තවම තද නින්දේ පසුවිය. අවදි වුණු නෙලී නිදාගෙන සිටින ශිහාන්ගේ මුහුණ දෙස බලාගෙන මොහොතක් සිට ශිහාන්ගේ නළලට හාදුවක් දුන් විට ශිහාන්,
"නෙලී.." ලෙස නිදිමතින්ම පවසමින් කොට්ටෙන් මුහුණ වසාගත්තේය. එවිට අතින් කොට්ටය එහාට කෙරූ නෙලී,
"නැඟිටින්නේ නැද්ද මගේ රයිටර්..." තවමත් දෑස් වසාගෙන සිටින ශිහාන්,
"වෙලාව කීයද.."
"දන්නැහැ උදේ වෙලා..." එවිට දෑස් ඇර ජනේලය දෙස බැලූ ශිහාන්, නෙලී දෙස බලා,

"සතුටින් නේද ඉන්නේ..."
"හ්ම් ගොඩක්... ඔයා...?" එයට පිළිතුරු නොදුන් ශිහාන්,
"දෙයක් අහන්නද...?"
"හ්ම්...."
"ඇයි ඊයේ ඔයාගේ සර්ට, මම රයිටර් කෙනෙක් කියලා කිව්වේ..."
"ඉතින් ඔයා එහෙමනේ..."
"මම තාම එක පොතක්වත් ලියලා නැහැනේ නෙලී..."
"ඔයා අවුරුදු 8ක් ඉතාලි වල දුක් වින්ඳා., දැන් අපිට කියලා බිස්නස් එකක්, ගෙයක්, මේ හැමදේම තියෙනවා. ඔයා මේ පාර බුක් ෆෙයාර් එකට ඔයාගේ පොතක් දානවා. එච්චරයි... මම දන්නවනේ ඔයා මොන ජොබ් එක කරත් ඔයා ආසාවෙන් කරන එකම වැඩේ ලියන එක. ඉතින් මම කැමතිත් මිනිස්සු ඔයාව රයිටර් කෙනෙක් කියලා දැන ගන්නවට, ඒකයි මම ඊයේ එහෙම කිව්වේ..."

නෙලීගේ කතාව නිහඬව අසාගෙන සිටි ශිහාන් සුසුමක් හෙලමින්,
"අපි අළුත් ගෙදෙට්ට ගියාම ඔයාගේ යාළුවන්ට ඩිනර් එකක් දෙමු..."
"ෂා ඒකනම් මරු අයිඩියා එක..." ලෙස නෙලී පැවසූ විට ශිහාන්,
"ඔයාගේ සංජීව සර්ටත් අපි ඉන්වයිට් කරමු..."

(සතියකට පසු)

ශිහාන්ගේ හා නෙලීගේ අළුත් නිවසට, අලුත් බඩු අඳින බ්‍රයන්, ශිහාන්, නෙලී, නෙලීගේ පියා හා මව සිටියේ හරිම සතුටින්... අළුත් නිවසකට යාමේදී කිරීමට වැඩ කොතෙකුත් තිබුණත් සියළුදෙනාම සිටියේ හිතේ සතුටින්... ඒ නිසා වැඩ ටිකත් හැමෝම හිතන්න කලින් ඉක්මණට ඉවර වුනා. වැඩ ටික ඉක්මණින් ඉවර වුණ නිසා නෙලීගේ පවුලේ පිරිස කළුවර වැටෙනවත් එක්කම නෙලීටයි, ශීහාන්ටයි සමුදීලා නිවසින් පිටත් වුනා. සියළුදෙනාම ගිය පසු ඇගේ ඇති මහන්සියට සෝෆා එක මත වාඩි වුණු ශිහාන්, දෑස් වසාගෙන සැහැල්ලුවෙන් ඉන්න විට ඔහු අසලින්ම වාඩි වුණු නෙලී,

ශිහාන්ගේ උකුල මත හිස තබාගෙන,
"මහන්සිද..."
"හ්ම්ම්... ඔයාට ?"
"හ්ම්ම්..."
"පීසා ඕඩර් කරමුද..."
"හ්ම්..." නෙලී හා යැයි පැවසූ පසු ෆෝන් එක අතට ගත් ශිහාන්, පීසාත් ඕඩර් කර නෙලී දෙස බැලීය. ඒ තප්පර ටිකට නෙලීට ශිහාන්ගේ උකුල මතම නින්ද ගිහින්, මහන්සියට නිදාගෙන සිටින නෙලීගේ හිස අත ගෑ ශිහාන්... සීරුවට නෙලීව ඇහැරවන් නැතිව නැඟිට, කොට්ටයක් ගෙනවිත් ඇයගේ හිස යටින් තැබීය. පසුව නින්දේ සිටින නෙලීගේ කොණ්ඩය ශිහාන් අතින් හදා, ෆෑන් එකත් දමා එතැනින් පිටවිය.

මෙලෙස නිවසින් පිටතට පැමිණ... සිගරට් එකක් පත්තු කර එය බොමින් කල්පනා කරන්නට ගත් ශිහාන්ගේ මනසේ මැවුණේ ඈන්ගේ රූපය ය. දෑස් වසාගන්නා සෑම මොහොතකම මතකයට නැඟෙන ඈන්ගේ රූපය ශිහාන්ගේ මනස සම්පූර්ණයෙන්ම වියවුල් කර අවසන්ය.

මා නිසා,
රයාන්ගේ සිතුවිල්ලක්...
ලබන ඉරිදා හමුවෙමු.

01 කොටසට - https://m.facebook.com/story.php?story_fbid=1186434728376426&id=329392274080680

Address

Kiribathgoda

Telephone

+94760215422

Website

Alerts

Be the first to know and let us send you an email when Fly Hit.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fly Hit.lk:

Share