25/07/2020
"අක්කේ ඔයා..."
"ඔව් මං තමයි.... අවුරුද්දයි දැක්කේ නැත්තේ... මෙයාගේ උස" කියලා හිනාවෙලා කිව්ව නෙලී, බ්‍රයන්ගේ මුහුණ අත ගෑවේ ලොකු සතුටකින්,
"ඇයි කියන්නේ නැතිව ආවේ..." බ්‍රයන් එහෙම ඇහුවේ ශිහාන් දිහා බලලා,
"මේ ඔයාගේ අක්කිගේ පිස්සු වැඩ තමයි. ඔයාලව ස්ප්‍රයිස් කරන්න ඕනේ කියලා ආවේ..."
"ප්‍රශ්න අහලා ඉවර නම් කෝ එන්න මේ බෑග් ටික ගන්න..." ඒත් එක්කම නෙලී ලඟට පැමිණි නෙලීගේ මව,
"නෙලී.... මගේ කෙල්ල..." ලෙස පවසමින් ඇයව වැළඳගත් විට, සිය මවව වැළඳගත් නෙලී,
"කොහොමද අම්මී..."
"මෙහෙම නොකියා එනවද ළමයෝ...."
"එහෙම තමයි මම, දන්නවනේ මගේ වැඩ... කෝ මාව ගෙදෙට්ට එක්කගෙන යන්නේ නැද්ද ?"
"එන්න එන්න යමු පිස්සු ළමයා..." එහෙම කිව්ව අම්මත් එක්ක ගේට්ටුවෙන් ඇතුළු වුණ නෙලී පිටිපස්ස හැරිලා,
"බ්‍රයන්, අයියත් එක්ක ඔය බෑග්ස් ටික ඇතුලට ගේන්න..."
(එදින රාත්‍රීයේදී)
එදින රාත්‍රීයේ කාමරයට වී බ්‍රයන් සමඟ කතා කරමින් සිටින නෙලී,
"බ්‍රයන් ඔයා තාත්තට කෝල් කරලා කිව්වේ නැහැ නේද...?"
"නැහැ... ඔයා එපා කිව්වනේ... මේ මට වෙනම චොකලට් බෑග් එකක් ඕනේ හරිද, යාළුවෙක් ඉන්නවා දෙන්න..."
"ඒ කව්ද ඒ... කෙල්ලෙක් නේද...?" නෙලී එහෙම ඇහුවම හිනාවුණු බ්‍රයන්,
"තමුසෙට ඒවා වැඩක් නැහැනේ, දෙනවකෝ..."
"පෙන්නනවා ෆොටෝ එකක්..."
"දැන් බෑ හලෝ අම්මත් ඉන්නවා. වෙන වෙලාවක විස්තර කියන්නම් මම..."
"අම්මේ මේ..." නෙලී අම්මට කියන්න හදද්දීම නෙලීගේ කට අතින් තද කරපු බ්‍රයන්,
"ඕකනේ බැරි තමුසෙත් එක්ක..."
"හරි හරි මම කියන්නෑ... මේ මට වඩා ලස්සනද කෙල්ල..."
"තමුසේ මොකෙක්ද හැටි බලනවකෝ..." බ්‍රයන් හිනාවෙලා එහෙම කිව්වම නෙලී,
"අම්මේ මේ මල්ලී කෙල්ලෙක් එක්ක යාළුවෙලා..." නෙලී කෑහැගහලා කිව්වත්, පහළ තට්ටුවේ ලොකු කතාවක හිටපු ශීහාන්ටයි, නෙලීගේ අම්මටයි වචන පැහැදිලිව ඇහුණේ නැහැ, ඒත් නෙලීගේ කටහඬ ඇසුණු මව,
"ඔන්න පටන් අරගෙන අක්කයි, මල්ලියි ඇවිත් පැය කීයද ගියේ..." ලෙස පැවසූ විට සිනාසුණු ශිහාන්,
"තාත්තා එද්දී හැමදාම මෙහෙම රෑ වෙනවද අම්මේ...?"
"රෙස්ටුරන්ට් එකේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් එයාට ඒකෙන් තොර ලෝකයක් නැහැ..." එහෙම කියලා වෙලාව බලපු නෙලීගේ අම්මා,
"අද 12ට කලින් එයි පුතේ, සතියේ දවසක් නිසා..."
"තාත්තට දැන් නිදහසක් නැහැ නේද, අපේ රෙස්ටුරන්ට් එක නිසා..."
"එහෙම දෙයක් නැහැ ශිහාන්, බිස්නස් එක ඔයාගෙයි නෙලීගෙයි උනත් තාත්තා ඒක බලාගන්නේ එයාගෙම දෙයක් වගේ... කොහෙද මේ ළමයා අපිට කෝල් එකක් දීලා... ආවා කියලා කියන්නත් එපා කිව්වනේ..." අම්මයි, ශිහානුයි කතා කර කර ඉද්දී හිනාවෙවී පහළට ආපු නෙලීයි, බ්‍රයනුයි අම්මා ලඟින් සෝෆා එකේ වාඩි වුනා... ඒත් එක්කම ගේට්ටුව අසල නැවතූ කාරය හෝන් කරන ශබ්දය ඇසුණු බ්‍රයන්,
"අන්න තාත්තා ඇවිත්..." බ්‍රයන් එහෙම කිව්ව ගමන් සෝෆා එකෙන් නැඟිට්ට නෙලී,
"ශිහාන් එන්න අපි දෙන්නා කාමරේට යමු. එන්නකෝ අනේ..." ලෙස පැවසූ නෙලී, ශිහාන්ගේ අතින් බලෙන්ම අල්ලා ශිහාන්වත් නැඟිටවා ගෙන කාමරයට ගොස් හැංඟී සිටීය. ඔවුන් දෙදෙනා කාමරයට යන තෙක් දොර විවෘත නොකර බලා සිටි බ්‍රයන්, දෙදෙනාම ගිය පසු දොර විවෘත කර ගොස් ගේට්ටුවත් විවෘත කරීය. කාර් එක වත්තට දැමූ නෙලීගේ තාත්තා නිවසට ඇතුළු වූයේ සුපුරුදු විලසිනි.
මේ කිසිවක් නොදන්නා අයුරින් බ්‍රයන් රඟපෑවත්, නෙලීගේ මවට ඇයගේ සිනහව සඟවා ගැනීමට නොහැකි විය. තනිවම සිනාසෙන නෙලීගේ මව දෙස බැලූ නෙලීගේ පියා,
"ඇයි ඔයා හිනා වෙන්නේ..."
"නැහැ මුකුත් නැහැ..."
"මුකුත් නැති වෙන්න බැහැ.." ඔහු එලෙස පවසන විටම කාමරයේ සිට පිටතට පැමිණි නෙලී,
"කොහොමද තාත්තා..." නෙලීව දැක්ක ඇයගේ පියාට පවසන්නට වචන නොමැතිව පුදුමයෙන් ඇය දෙස බලා ඉන්නට විය... එවිට තාත්තා අසලට පැමිණි නෙලී ඔහුව වැළඳ ගනිමින් නැවතත්,
"කොහොමද තාත්තා..."
"කොයි වෙලාවෙද ආවේ, ඇයි මට කෝල් කලේ නැත්තේ... ඇයි මෙහෙම නොකියා ආවේ..." එක දිගට සතුටින් ඇයව බදාගෙන ප්‍රශ්න වැලක් අසන නෙලීගේ පියා හා නෙලී දෙස ශිහානුත් කාමරයෙන් පිටතට පැමිණ සතුටින් බලා සිටීය.
(පසු දින උදෑසන)
ශිහාන්ව බදාගෙන ශිහාන්ගේ පපුවට ඔළුව තියාගෙන නිදා සිටින නෙලී.. හිරු එළිය ජනෙල් තුළින් මුහුණට වැටෙනවාත් සමඟම අවදි විය. ඒත් ශිහාන් තවම තද නින්දේ පසුවිය. අවදි වුණු නෙලී නිදාගෙන සිටින ශිහාන්ගේ මුහුණ දෙස බලාගෙන මොහොතක් සිට ශිහාන්ගේ නළලට හාදුවක් දුන් විට ශිහාන්,
"නෙලී.." ලෙස නිදිමතින්ම පවසමින් කොට්ටෙන් මුහුණ වසාගත්තේය. එවිට අතින් කොට්ටය එහාට කෙරූ නෙලී,
"නැඟිටින්නේ නැද්ද මගේ රයිටර්..." තවමත් දෑස් වසාගෙන සිටින ශිහාන්,
"වෙලාව කීයද.."
"දන්නැහැ උදේ වෙලා..." එවිට දෑස් ඇර ජනේලය දෙස බැලූ ශිහාන්, නෙලී දෙස බලා,
"සතුටින් නේද ඉන්නේ..."
"හ්ම් ගොඩක්... ඔයා...?" එයට පිළිතුරු නොදුන් ශිහාන්,
"දෙයක් අහන්නද...?"
"හ්ම්...."
"ඇයි ඊයේ ඔයාගේ සර්ට, මම රයිටර් කෙනෙක් කියලා කිව්වේ..."
"ඉතින් ඔයා එහෙමනේ..."
"මම තාම එක පොතක්වත් ලියලා නැහැනේ නෙලී..."
"ඔයා අවුරුදු 8ක් ඉතාලි වල දුක් වින්ඳා., දැන් අපිට කියලා බිස්නස් එකක්, ගෙයක්, මේ හැමදේම තියෙනවා. ඔයා මේ පාර බුක් ෆෙයාර් එකට ඔයාගේ පොතක් දානවා. එච්චරයි... මම දන්නවනේ ඔයා මොන ජොබ් එක කරත් ඔයා ආසාවෙන් කරන එකම වැඩේ ලියන එක. ඉතින් මම කැමතිත් මිනිස්සු ඔයාව රයිටර් කෙනෙක් කියලා දැන ගන්නවට, ඒකයි මම ඊයේ එහෙම කිව්වේ..."
නෙලීගේ කතාව නිහඬව අසාගෙන සිටි ශිහාන් සුසුමක් හෙලමින්,
"අපි අළුත් ගෙදෙට්ට ගියාම ඔයාගේ යාළුවන්ට ඩිනර් එකක් දෙමු..."
"ෂා ඒකනම් මරු අයිඩියා එක..." ලෙස නෙලී පැවසූ විට ශිහාන්,
"ඔයාගේ සංජීව සර්ටත් අපි ඉන්වයිට් කරමු..."
(සතියකට පසු)
ශිහාන්ගේ හා නෙලීගේ අළුත් නිවසට, අලුත් බඩු අඳින බ්‍රයන්, ශිහාන්, නෙලී, නෙලීගේ පියා හා මව සිටියේ හරිම සතුටින්... අළුත් නිවසකට යාමේදී කිරීමට වැඩ කොතෙකුත් තිබුණත් සියළුදෙනාම සිටියේ හිතේ සතුටින්... ඒ නිසා වැඩ ටිකත් හැමෝම හිතන්න කලින් ඉක්මණට ඉවර වුනා. වැඩ ටික ඉක්මණින් ඉවර වුණ නිසා නෙලීගේ පවුලේ පිරිස කළුවර වැටෙනවත් එක්කම නෙලීටයි, ශීහාන්ටයි සමුදීලා නිවසින් පිටත් වුනා. සියළුදෙනාම ගිය පසු ඇගේ ඇති මහන්සියට සෝෆා එක මත වාඩි වුණු ශිහාන්, දෑස් වසාගෙන සැහැල්ලුවෙන් ඉන්න විට ඔහු අසලින්ම වාඩි වුණු නෙලී,
ශිහාන්ගේ උකුල මත හිස තබාගෙන,
"මහන්සිද..."
"හ්ම්ම්... ඔයාට ?"
"හ්ම්ම්..."
"පීසා ඕඩර් කරමුද..."
"හ්ම්..." නෙලී හා යැයි පැවසූ පසු ෆෝන් එක අතට ගත් ශිහාන්, පීසාත් ඕඩර් කර නෙලී දෙස බැලීය. ඒ තප්පර ටිකට නෙලීට ශිහාන්ගේ උකුල මතම නින්ද ගිහින්, මහන්සියට නිදාගෙන සිටින නෙලීගේ හිස අත ගෑ ශිහාන්... සීරුවට නෙලීව ඇහැරවන් නැතිව නැඟිට, කොට්ටයක් ගෙනවිත් ඇයගේ හිස යටින් තැබීය. පසුව නින්දේ සිටින නෙලීගේ කොණ්ඩය ශිහාන් අතින් හදා, ෆෑන් එකත් දමා එතැනින් පිටවිය.
මෙලෙස නිවසින් පිටතට පැමිණ... සිගරට් එකක් පත්තු කර එය බොමින් කල්පනා කරන්නට ගත් ශිහාන්ගේ මනසේ මැවුණේ ඈන්ගේ රූපය ය. දෑස් වසාගන්නා සෑම මොහොතකම මතකයට නැඟෙන ඈන්ගේ රූපය ශිහාන්ගේ මනස සම්පූර්ණයෙන්ම වියවුල් කර අවසන්ය.
මා නිසා,
රයාන්ගේ සිතුවිල්ලක්...
ලබන ඉරිදා හමුවෙමු.
01 කොටසට - https://m.facebook.com/story.php?story_fbid=1186434728376426&id=329392274080680