Bloomoro

Bloomoro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloomoro, Shopping Service, Kurunegala.

30/07/2026
30/01/2023

2024 A/L සංයුක්ත ගණිතය
මුල සිට ඇරඹෙන නව පන්තිය

අගහරුවාදා පෙ.ව. 8.30 ට (නිවාඩු මාසය සඳහා)

මෙහෙයවීම - ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක සම්පත් නවරත්න

ශක්‍යා උසස් අධ්‍යාපන ආයතනය - කුරුණෑගල
වැඩිදුර විමසීම් සඳහා අමතන්න - 071 570 0007 | 077 381 2663

24/10/2021

මල් ගැන තියෙන රසවත් කතන්දර







සමහරවිට මේ ආටිකල් එක දැකපු ගමන් ගොඩක් අය කියවන්නෙම වෙන දෙයක් ගැන හිතේ තියාගෙන. අපි අද කතා කරන්න යන්නේ අර ඔයාලා හිතන මල් ගැන නම් නෙමෙයි. අපේ පරිසරය ලස්සන කරන්න දායක වෙන මල් ගැන. හැබැයි සමහර මල් නම් අපිට අහන්න ලැබෙන්නේ සාහිත්‍යය ලෝකය තුළ විතරයි. එහෙම නම් වැඩි කතාබහක් නැතුව අපි මල් ගැන කතාබහ ආරම්භ කරමු.


1. පරසතු

මේ අපිට ලෝකයේ දැකගන්න හම්බ වෙන මල් ජාතියක් නම් නෙමෙයි. මේ මල් ජාතිය තියෙනවා කියන්නේ දිව්‍ය ලෝකයේ. මේ මලේ සුවඳ ගව් සිය ගාණක් දුර දැනෙනවලු. ඒ වගේම මේ පරසතු ගහේ මල් පිපෙන කාලෙට දෙවියෝ සැණකෙළි කෙලිනවලු. මිනිස් ලෝකය ආශ්‍රිතව පවතින පුදබිම් වන්දනාමාන කරන්න එද්දී දෙවියෝ මේ මල් අරගෙන එනවලු.


2. මදාරා

මදාරා මලුත් තියෙන්නෙ දිව්‍ය ලෝකයේ. අපේ රටේ සමහර තැන් වල මදාරා ගස් තියෙනවයි කියල කිව්වට සාහිත්‍ය පොතපත වල සඳහන් වන ආකාරයට එහි කියැවෙන්නේ වෙනස්ම විදිහේ මල් ජාතියක් ගැන කියලා හිතන්න පුළුවන්. පරසතු මල් වගේම මදාරාත් මේ නිසාම අපේ රටේ කලාකාරයන්ගේ හිතේ චමත්කාරය මතු කරන්න සමත් වෙච්ච මල් වර්ග දෙකක්. කවි, ගීත විතරක් නෙමෙයි, ඇතැම් අවස්ථාවල චිත්‍රපටිවල නම් පවා මේ මල් ආශ්‍රයෙන් නම් වෙලා තියෙනවා.


3. කඩුපුල්

කඩුපුල් මල් අපේ ගෙවතු වලත් පිපුනට මේ මල් ගහේ උපන්බිම නාග ලෝකයලු. අද පවා නාගයින්ගේ පුද පූජා වලට ලක්වෙනවායි කියලා විශ්වාස කරන කැ​ළණි විහාර පුදබිමේ පොහෝ දිනවල උදෑසන මලසුන්වල උඩ පූජා කරපු කඩුපුල් මල් දකින්න ලැබෙනවලු. මේ මල් නාග ලෝකයේ පිරිස් විසින් පූජා කරන ලද මල් කියලා විශ්වාස කරන උදවියත් ඉන්නවා.


4. නාරිලතා මල

ඇතැම් අවස්ථාවල ලියතඹරා මල විදිහටත් හැඳින්වෙන නාරිලතා මල නාමයෙන්ම හැඟවෙන විදිහට කාන්තාවකගේ හැඩහුරුකම් සහිත මල් වර්ගයක්. මේ මල් පිපෙන්නේ හිමාලයෙලු (සමහර අවස්ථාවල මේ මල් වර්ගය කියලා විකාර ඡායාරූපයක් ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙනවා) නාරිලතා මල දකින තවුසන්ගේ දැහැන් බිඳදැමීමට මේ මල් වර්ගය හේතු වෙනවලු. නාරිලතා මල් පිළිබඳව පොත පතෙහි සඳහන් වන කරුණු අධ්‍යයනය කරපු ඇතැම් අය නම් කියන්නේ මේ මල් වර්ගය උඩවැඩියා විශේෂයක් කියලායි.


5. නාසිසස්

යුරෝපයේ ගංගා සහ වැව් ඉවුරු ආශ්‍රිතව දකින්නට ලැබෙන සුදු සහ කහ පැහැති මෙම මල් වර්ගය පිළිබඳව අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. සිය රූප සම්පත්තිය පිළිබඳව අතිශයින් උඩඟු බවින් යුතු නාසිසස් නම්

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Bloomoro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share