Be Beauty

Be Beauty ❤️ සමහර දේවල් වචන වලටවඩා නිහඬතාවයට ලස්සනයි 🥀

23/08/2026

ගෑනු ළමයි හැමදාම ඇඬුවේ තමන්ගේ මුළු ලෝකෙම වුණු ආදරේ තව කෙනෙක් එක්ක බෙදාගන්න බැරි තරම් පපුවට දැනුණු තනිකම හින්දා...
කොල්ලෝ හෙව්වේ ඒ ආදරේ අස්සේ හුස්ම ගන්න පුළුවන් පොඩිම පොඩි නිදහසක්...
එක අතකින් ඒ ආදරේ මහ ලොකු බරක් වගේ දැනෙද්දී, අනිත් අතින් ඒ නිදහස ලොකු අඩුවක් වගේ දැනුණා...
ඒත් එකිනෙකාගේ අසරණකම තේරුම් අරන්, ආදරේ කියන්නේ බන්ධනයක් නෙවෙයි ආරක්ෂාවක් කියලත්, නිදහස කියන්නේ ඈතට යන එක නෙවෙයි ලඟින්ම ඉන්න එක කියලත් තේරුම් ගත්තා නම්... අදටත් ඒ ආදර කතා පපුව අස්සේ තුවාලයක් වී ඉතිරි වෙන්නේ නැහැ. 🥀🖤✨

14/07/2026

සමහරවිට මේ ආත්මයේ මගේ ඉරණම මේ වගේ හුදකලා රිදවීම් නිහඬවම විඳදරාගන්න එක වෙන්න ඇති. හැමෝම ආදරෙන් වැළඳගන්නා, සතුටින් හිනාවෙන ඒ ලස්සන ආදරණීය ලෝකය දිහා මම අද ඈත ඉඳන් බලාගෙන ඉන්නේ ඇස්වල පිරෙන කඳුළු ලෝකයාට නොපෙනෙන්න හංගගෙනයි. වටපිටාවේ දහසක් මිනිස්සු හිටියත්, තනියම විඳවන මේ පාළුව සහ හිත ඇතුළේ තියෙන බර දන්නේ මගේ හදවත විතරයි. හැමෝටම ආදරය දෙන්න, හැමෝගෙම හිත් සනසන්න උත්සාහ කලත්, දවසක කෙළවරක මට ඉතිරි වෙන්නේ මහදවල් දැනෙන හුදකලාවක් විතරමයි.
ඒත්... ඒ හැම රිදවීමක් අස්සේ වුණත් මම අදටත් මගේ හිත රවටාගන්නවා. මම මටම ආදරෙන් මුමුණනවා. මටත් කවදා හරි දවසක, එකම එක ආත්මයක හරි, මාව මගේ අඩුපාඩු එක්කම තේරුම්ගන්නා... මගේ හිත නොරිදවන... මගේම කියලා කියන්න පුළුවන් හරිම ආදරණීය, ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන්ම ලැබේවි කියලා. කඳුළු පිසදාන, මගේ නිහඬ බව තේරුම්ගන්න පුළුවන් ආත්මීය බැඳීමක් මාව හොයාගෙන ඒවි කියලා මම අදටත් විශ්වාස කරනවා.
අන්න ඒ බලාපොරොත්තුව විතරක් මගේ හිතේ එක කොනක පරිස්සමට තියාගෙන, හැම දුකක්ම හිත ඇතුළේ හිරකරගෙන, මම හෙටත් මගේ පාඩුවේ ලෝකයා ඉදිරියේ හිනාවෙලා ඉන්නම්... මොකද මගේ හිනාව පිටුපස තියෙන කඳුළ දකින්න තරම් කවුරුත් මට සමීප නැති හන්දා...

06/07/2026

"උපදින කිසිම ආත්මයක මේ වගේ ආදරෙන් විතරක් පිරුණු, හැමදේම ඕනෑවට වඩා සංවේදීව හිතන හිතක් එක්ක ආයෙ නම් මාව උපදින්න එපා...
ඒක ඇත්තටම හරිම වේදනාවක්. ආදරේ කරන කෙනාට මුළු හදවතින්ම අවංක වුණාම, ඒකෙන් ලැබෙන රිදවීම් දරාගන්න එක ලෙහෙසි නැහැ.

මට ඕනෙ හැමදේම දිහා සැහැල්ලුවෙන් බලලා, සතුටින්, නිදහසේ ජීවත් වෙන්න. ඒත් මේ වගේ ඉක්මනින්ම උණුවෙන, බොලඳ හිතක් මට මහා බරක් වෙලා. කොච්චර හිත හදාගන්න හැදුවත්, කොච්චර ශක්තිමත් වෙන්න හැදුවත්, එක පුංචි දේටත් කඩා වැටෙන එක නවත්තගන්න මට තවමත් බැහැ.

පිටතින් හිනාවෙලා හිටියට, හැමදේම හිත ඇතුළේ හිර කරගෙන විඳින මේ මහා තනියම විඳින වේදනාව හැමෝටම තේරෙන්නේ නැහැ. කාටවත්ම පේන්නේ නැහැ. ලෝකෙට ආදරේ කියන දේ ගොඩක් අයට වෙන්නෙම, නැත්නම් නිතරම රිදෙන්නෙම හිත හොඳ වැඩි නිසා වෙන්න ඇති. වැඩියෙන් ආදරේ කරන, වැඩියෙන් හිතන හදවත්වලට ඉතිරි වෙන්නේ බලාපොරොත්තු සුන්වීම් විතරයි කියලා හිතෙන වාර අනන්තයි..."

*
*
*
*
*
*

20/06/2026

"කාලයත් එක්ක හැමෝම වෙනස් වෙද්දී,
එකම එක කෙනෙක් වෙනුවෙන් විතරක් තමන්ගේ හිතේ තියෙන ආදරේ අබමල් රේණුවක්වත් වෙනස් නොකර බලාගෙන ඉන්න එක... ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ආදරේ කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන් වුණාට, ඒ ආදරේ ඇතුළේ තියෙන 'ඉවසීම' අයිති කරගන්න පුළුවන් වෙන්නේ හරිම කලාතුරකින් කෙනෙකුට විතරයි.
ඒ බලා සිටීම ඇතුළේ තියෙන්නේ ලොකු රිදවීමක් වුණත්, ඒකෙන් ලැබෙන සැනසීම දන්නේ ඇත්තටම ආදරේ කරපු කෙනෙක් විතරයි... 🕊️❤️"

19/06/2026

❝ මටත් නොදැනිම මම ඔයාට මේ තරම් ආදරේ කලේ කොහොමද... ❞
සමහර බැඳීම් තියෙනවා, ඒවට කිසිම හේතුවක් නෑ. ඇයි මේ තරම්ම හිත ඔයාට ළං වුණේ කියලා මට අදටත් රහසක්. මට තේරෙන්නේ නැහැ මම මේ තරම් ඔයාට බැඳුණේ කොහොමද කියලා... ඒත් එක දෙයක් මම දන්නවා, මගේ මුළු ලෝකයම දැන් ඔයා සතුයි. ❤️✨
හැම මොහොතකම මගේ හිත හොයන්නෙම ඔයාව. මේ දැනෙන ආදරේ, මේ ගැඹුරු බැඳීම වචන වලට පෙරලන්න මම දන්නෙ නෑ. ඒත් මගේ හුස්මක් හුස්මක් පාසා තියෙන්නේ ඔයා ගැන විතරමයි. මම ඔයාට ගොඩක් ආදරෙයි! 🌸🧸

15/06/2026

"ජීවිතේ සමහර කාලවල් තියෙනවා,
අපි සමහර මිනිස්සුන්ව,
සමහර බැඳීම්ව අපේ පණටත් වඩා තදින් අල්ලාගෙන ඉන්න උත්සාහ කරන.
ඒත් අපි තේරුම් ගන්න ඕනේ එකම දෙයයි,
හැම දේකටම වගේම හැම බැඳීමකටම නියමිත වෙලාවක් තියෙනවා.
ඒ වෙලාව ආපුවාම,
අපිට කොච්චර රිදුණත් ඒ හැමදේම අත්හරින්න අපිට සිද්ධ වෙනවා.

ආදරේ කියන්නේ තවත් කෙනෙක් අස්සේ හිරවෙලා,
තමන්ගේ ආත්මගරුත්වය නැති කරගෙන,
හිත ගැහි ගැහී විඳවන එකකට නෙවෙයි.
අපිට ආදරේ නැති,
අපේ අගයක් නැති තැනක බලෙන් රැඳිලා ඉන්න එකෙන් වෙන්නේ අපිව තවත් පෑරෙන එක විතරයි.
ඒ නිසා යන්න ඕන කෙනෙකුට නිදහසේ යන්න දෙන්න.
ඒක දරාගන්න බැරි තරම් ලොකු පාලුවක්,
ලොකු දුකක් තමයි, ඒත් කාටවත් බැහැ තමන් ළඟ ඉන්න අකමැති,
තමන්ව මඟහරින කෙනෙක්ව බලෙන් නවත්තගන්න.
ආදරය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඉතින්, ඔය හැම වේදනාවක්ම දරාගෙන ජීවිතයට ශක්තිමත්ව මුණ දෙන එකයි අපි කරන්න ඕනේ.
ඔයාට ආදරේ නැති,
ඔයාගේ හැඟීම් සෙල්ලමකට ගත්ත කෙනෙක් වෙනුවෙන්,
ඔයාගේ ඒ පිරිසිදු ආදරයේ වටිනාකම බිංදුවට දාගන්න එපා. අඬන්න එපා, බැගෑපත් වෙන්න එපා.
ඔයාගේ වටිනාකම,
ඔයා කරපු කැපකිරීම් ඔවුන්ට දැනෙන දවසක් අනිවාර්යයෙන්ම ඒවි.
හැබැයි එදාට... ඔයා ඔවුන්ට කවදාවත් අතකින්වත් අල්ලන්න බැරි තරම්, හීනෙකින්වත් ළඟාවෙන්න බැරි තරම් ගොඩක් දුර ඉඳීවි.
රිදෙන තැන් තදින් අල්ලන් ඉන්නවට වඩා, නිදහසේ අත්හරින එක කොයිතරම් සහනයක්ද? අත්හරින්න..

✍️ Madhu

නුඹ ළඟ නැති පාලු තත්පර පවා, නුඹේ මතකයන්ගෙන් විතරක්ම මෙච්චර ලස්සන වෙන්න පුළුවන් නම්... මගේ ජීවිතේ හැමදාටම නුඹේ හුස්ම ළඟින...
14/06/2026

නුඹ ළඟ නැති පාලු තත්පර පවා,
නුඹේ මතකයන්ගෙන් විතරක්ම මෙච්චර ලස්සන වෙන්න පුළුවන් නම්...
මගේ ජීවිතේ හැමදාටම නුඹේ හුස්ම ළඟින්ම තියාගන්න ලැබෙන එක කොයිතරම් නම් ලස්සන වාසනාවක් වේවිද
මගේ ආදරණීය වෙන්න..! 🥺 නුඹයි මගේ මුළු ජීවිතයම ලස්සන කළ එකම කෙනා..!

14/06/2026

යන අය ට යන්න දීලා ඔයාගෙ හිත හදා ගන්න.. ❤️🥀

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Be Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share