SF Natural Remedies

SF Natural Remedies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SF Natural Remedies, Ekneligoda North, Kuruwita.
(19)

ආයුබෝවන් ! 😊

✨ බෝනොවන රෝග සඳහා සහාය දෙන ඖෂධීය හා දුර්ලභ ස්වභාවික ආහාර — දැන් ඔබගේ දොරකඩටම ✨

✔ 100% ස්වභාවික 💯🌿
✔ සාම්ප්‍රදායික පෝෂණ රහස් ⚡💪
✔ ගුණාත්මකභාවය සහ විශ්වාසය ❤️💚

🌱 EMBRACE WELLNESS NATURALLY 🍃

📲 WhatsApp :- 071 510 63 63

🌿 තෙබු (Costus speciosus) 🌿 ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මෙන්ම ගුණදායක දේශීය පලා වර්ගයකි. විශේෂයෙන්ම දියවැඩියාව පාලනය කිරීම...
10/06/2026

🌿 තෙබු (Costus speciosus) 🌿

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මෙන්ම ගුණදායක දේශීය පලා වර්ගයකි. විශේෂයෙන්ම දියවැඩියාව පාලනය කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසා බොහෝ දෙනෙක් තෙබු කොළ ආහාරයට ගැනීමට උනන්දුවක් දක්වති ! 👍

​තෙබු කොළවල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ -👇
1. ​රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම:- තෙබු කොළවල ඇති ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීමේ හැකියාව නිසා රුධිරයේ ඇති අතිරික්ත සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ. දියවැඩියා රෝගීන්ට මෙය කදිම ඖෂධීය ආහාරයකි.
2. ​ශරීරය නිවීම (සිසිල් කිරීම):- ශරීරයේ අධික උණුසුම පාලනය කර සිරුර සිසිල් කිරීමට තෙබු කොළ සතු ගුණය ඉහළය.
3. ​කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම:- රුධිරයේ ඇති අහිතකර මේදය (LDL) දියකර හැරීමට සහ හෘදයට සිදුවන අවදානම අවම කිරීමට දායක වේ.
4. ​ආහාර රුචිය වර්ධනය කිරීම සහ ජීර්ණය පහසු කිරීම:- බඩවැල් ආශ්‍රිත ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර, මලබද්ධය දුරු කිරීමටත්, ආහාර රුචිය ඇති කිරීමටත් උපකාරී වේ.
5. ​පණුවන් නෙරපා හැරීම:- කුඩා ළමුන්ගේ බඩේ පණුවන් ඉවත් කිරීම සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ තෙබු කොළ යුෂ නිතර භාවිත කෙරේ.

⚡​විශේෂ සටහන:- තෙබු කොළ සිරුරේ සීනි මට්ටම වේගයෙන් අඩු කරන බැවින්, සතියකට දින 1-2 කට වඩා නිතර ආහාරයට ගැනීම සුදුසු නොවේ.⚡

​ළපටි තෙබු කොළ සම්බෝලය සාදාගන්නා ආකාරය
​තෙබු කොළ තරමක් තිත්ත, ඇඹුල් සහ කහට රසයකින් යුක්ත නිසා, ළපටි කොළ භාවිත කිරීමෙන් සම්බෝලයේ රසය තවත් වැඩි කරගත හැක.❤️

🌿🥥 ​අවශ්‍ය ද්‍රව්‍ය :-
​ළපටි තෙබු කොළ කිහිපයක්
​ගාගත් පොල්
​රතු ලූණු
​අමු මිරිස්
​උම්බලකඩ කෑලි ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්)
​ලුණු කුඩු
​ගම්මිරිස් කුඩු ස්වල්පයක්
​දෙහි යුෂ

🥣 ​සාදාගන්නා ආකාරය :-
✅ ​කොළ සූදානම් කරගැනීම:- ළපටි තෙබු කොළ හොඳින් සෝදා, ජලය බේරෙන්නට හරින්න. පසුව මැල්ලුමකට කපනවාටත් වඩා ඉතාම සිහින්ව කොළ ටික කපාගන්න.
✅ ​පොල් මිශ්‍රණය සෑදීම:- වෙනම බඳුනකට ගාගත් පොල්, ලියාගත් රතු ලූණු, අමු මිරිස්, උම්බලකඩ, ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ එකතු කරන්න. මෙය අතින් හොඳින් පොඩි කරමින් මිශ්‍ර කරගන්න (ලූණු සහ මිරිස්වල සාරය පොල් සමඟ හොඳින් එකතු වන සේ).
✅ ​සම්බෝලය සාදාගැනීම :- හොඳින් මිශ්‍ර කරගත් පොල් එකතුවට, සිහින්ව කපාගත් තෙබු කොළ ටික එකතු කරන්න. දැන් සියල්ල සැහැල්ලුවෙන් අතින් කලවම් කරගන්න (තෙබු කොළ තැලෙන සේ තදින් නොඇනීමට වගබලා ගන්න).
✅ ​රස බැලීම:- අවසානයේ ලුණු සහ ඇඹුල් පදම බලා අවශ්‍ය නම් තවත් දෙහි යුෂ ස්වල්පයක් එකතු කරගන්න. 👍

​මෙම ක්‍රමයට සකස් කරගැනීමෙන් තෙබු කොළවල ඇති ස්වභාවික තිත්ත ගතිය මඟහැරී, ඉතා ප්‍රණීත සහ ගුණදායක සම්බෝලයක් රසවිඳිය හැකියි ! ✌️

#තෙබු #දේශීයඅහර #හෙළරස #සම්බෝල #தேபு #ගුණදායකකෑම #பாரம்பரியஉணவு #ස්වභාවිකඖෂධ #இலங்கைஉணவு #නිරෝගීජීවිතයක්

🌿 වරද්දා ගන්න එපා ! මේ තමයි නියම "කැරම් දලු".​හුඟක් දෙනෙක් නිතරම වරද්දා ගන්නා, ඒ වගේම රසවත් වගේම ගුණදායක ස්වභාවික ආහාරයක...
08/06/2026

🌿 වරද්දා ගන්න එපා ! මේ තමයි නියම "කැරම් දලු".

​හුඟක් දෙනෙක් නිතරම වරද්දා ගන්නා, ඒ වගේම රසවත් වගේම ගුණදායක ස්වභාවික ආහාරයක් ගැන අද අපි කතා කරමු.

​සමහර අය "බරකොකු / බරුකොකු" වලටත් "කැරම් කොකු" කියලා කියනවා ඔබ දැක ඇති,අසා ඇති. නමුත් ඒ භාවිතය වැරදියි ! 🚫 නිවැරදි නාමය වෙන්නේ "කැරම් දලු" යන්නයි. මොකද, කැරම් දලු කිසිවිටෙකත් 'කොකු' ආකාරයට වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒවාට "කැරම් කොකු" කියලා කියන්න බැහැ.

​💡 මොනවාද මේ කැරම් දලු? 🤔
කැරම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ රටේ දකුණු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපවල, කරදිය සහ කිවුල් දිය ආශ්‍රිත වගුරු බිම් මෙන්ම කලපු ආශ්‍රිතව ස්වභාවිකව වැවෙන මීවන (Fern) වර්ගයක්. මේ ශාකයේ නොමේරූ ළපටි පත්‍ර සහ රිකිලි තමයි අපි ආහාරයට ගන්නා "කැරම් දලු" ලෙස හඳුන්වන්නේ.👍

​✨ කැරම් දලුවල ඇති විශ්මිත පෝෂණීය සහ ඖෂධීය ගුණය ✨

​දේශීය වෙදකමේ මෙන්ම අපේ පැරැන්නන් අතර කැරම් දලු ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති සුවිශේෂී ගුණාංග නිසාවෙනි. 👇

1. ​ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants) : - සිරුරේ සෛල ආරක්ෂා කර, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
2. ​කෙඳි (Fiber) බහුලයි : - ආහාර ජීර්ණය පහසු කරවන අතර මලබද්ධය වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට උපකාරී වේ.
3. ​ලේ පිරිසිදු කිරීම : - ශරීරයේ අහිතකර විෂ ද්‍රව්‍ය ඉවත් කර ලේ පිරිසිදු කිරීමට උපකාරී වන බව විශ්වාස කෙරේ.
4. ​දියවැඩියාව පාලනය : - රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වා ගැනීමට උදවු වන ගුණ අඩංගු වේ.
5. ​ඛනිජ ලවණ සහ විටමින් : - ශරීරයේ නිරෝගීභාවයට අත්‍යවශ්‍ය වන විටමින් වර්ග සහ ඛනිජ ලවණ රැසකින් සමන්විතය. 💪

​ඊළඟ වතාවේ වෙළඳපොළේදී හෝ පරිසරයේදී දකින විට නිවැරදිව "කැරම් දලු" හඳුනාගෙන, එහි රස වගේම මේ අමිල ගුණයත් ඔබේ පවුලේ අය වෙනුවෙන් එකතු කරගන්න ! 🍽️ 💚

​ #කැරම්දලු

02/06/2026

🌿 සිරිපා අඩවියේ විශ්මිත සුව ගුණ සමඟින්, සාම්ප්‍රදායික රසය ✨

💡 බෙරලිය පිට්ටු - 👇

​📝 අවශ්‍ය ද්‍රව්‍ය :-
​✅ SF Natural Remedies විජලිත බෙරලිය පැකට්ටුවක් - ග්‍රෑම් 100ක්
✅ හාල් පිටි (බැදපු හෝ නොබැදපු) - ග්‍රෑම් 500ක්
✅ ගාගත් පොල් - ග්‍රෑම් 300ක් පමණ
✅ ලුණු - රස පදමට
✅ මඳ උණුසුම් වතුර - ස්වල්පයක්
​👩‍🍳 සාදාගන්නා ආකාරය :-
​1️⃣ 🥣 මිශ්‍රණය සකස් කිරීම :-
විනාඩි 15-20ක් පමණ ජලයෙහි පොඟවාගත් බෙරලිය හොඳින් කොටා/කුඩුකර, එයට හාල් පිටි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරන්න.
​2️⃣ 💧 වතුර ඉසීම :-
එම පිටි මිශ්‍රණයට මඳ උණුසුම් වතුර ස්වල්පය බැගින් ඉසිමින්, කුඩා කැටිති සෑදෙන පරිදි ඇඟිලි තුඩුවලින් මිශ්‍ර කරන්න. (වැඩිපුර වතුර එකතු නොකිරීමට වගබලා ගන්න).
​3️⃣ 🥥 පොල් එකතු කිරීම :-
සකසා ගත් පිටි කැටිතිවලට ගාගත් පොල් ස්වල්පයක් එකතු කර නැවත සැහැල්ලුවෙන් කලවම් කරන්න.
​4️⃣ ♨️ තම්බා ගැනීම :-
පිට්ටු බම්බුවකට හෝ වන්ඩුවකට මිශ්‍රණය පුරවා, විනාඩි 20ක් පමණ හොඳින් හුමාලයෙන් තම්බා ගන්න. බම්බුවේ කටින් හොඳින් හුමාලය පිටවන විට ලිපෙන් ඉවත් කරගන්න.

​​🥛 උණු උණු කිරි හොද්දක් සහ
🌶️ සැර ලුණු මිරිසක් සමඟ රසවිඳින්න ! 👌

​​💚 මෙය හුදෙක් වෙළදාමක් පමණක් නොව, සොබාදහමේ සුවය ශ්‍රී ලාංකීය ජනතාවට දායාද කිරීමේ මෙහෙවරකි !

#විජලිතබෙරලිය #හෙළරස #ස්වභාවිකසුවය #පාරම්පරිකආහාර #உலர்ந்தபெரலியா #இயற்கைமருந்து #பாரம்பரியஉணவு #ஆரோக்கியமானவாழ்க்கை #இலங்கை #இயற்கைஉணவு #சத்தானஉணவு 🌿🥥🍽️

🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! 🪔​"ස්වභාවිකත්වයට මුල් තැන ලබාදෙමින්බැති සිතින් උතුම් තෙමඟුල සමරමු"​විචිත්‍රවත් පරිසර හිතකා...
30/05/2026

🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! 🪔

​"ස්වභාවිකත්වයට මුල් තැන ලබාදෙමින්
බැති සිතින් උතුම් තෙමඟුල සමරමු"

​විචිත්‍රවත් පරිසර හිතකාමී වෙසක් කූඩු නිර්මාණය කරමින්, පරිසරයට ආදරය කරන සංස්කෘතියක් මතු පරපුරට දායාද කිරීමට වෙර දරන සැමට අපගේ උපහාරය ! 🙏🌿

❤️ ​අද වැනි උතුම් වෙසක් පුර පසලොස්වක පොහොය දිනක, බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරල බව සහ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන, මෙවැනි ස්වභාවික නිපැයුම් ඔස්සේ පරිසරය සුරකිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමු. 🌸✨

⚡ ​ලෝසතුන් කෙරෙහි මෛත්‍රියත්, පරිසරය කෙරෙහි කරුණාවත් පෙරදැරි කරගත් පින්බර වෙසක් උත්සවයක් වේවා ! ⚡

​ #පරිසරහිතකාමීවෙසක් #සිත්_පහන්කරනන_වෙසක්

💡 රස රහසක් - බරකොකු මාලුවේ නියම ගැමි රසය සහ ගුණය උපරිමයෙන් ලබාගැනීම සඳහා ඇලුමිනියම් භාජන වෙනුවට මැටි වළඳක් භාවිතා කිරීම ...
29/05/2026

💡 රස රහසක් - බරකොකු මාලුවේ නියම ගැමි රසය සහ ගුණය උපරිමයෙන් ලබාගැනීම සඳහා ඇලුමිනියම් භාජන වෙනුවට මැටි වළඳක් භාවිතා කිරීම වඩාත් සුදුසුය ! ❤️👍👌

​ #විජලිතබරකොකු #மின்னி #දේශීයනිෂ්පාදන

🌿 රසයෙන් වගේම ගුණයෙන් පිරි "පැල කජු" முளைத்த முந்திரி பருப்பு ගැන ඔබ දන්නවාද? 🌿​කජු කිව්වම අපිට මතක් වෙන්නේ කජු මාලුවක්,...
28/05/2026

🌿 රසයෙන් වගේම ගුණයෙන් පිරි "පැල කජු" முளைத்த முந்திரி பருப்பு ගැන ඔබ දන්නවාද? 🌿

​කජු කිව්වම අපිට මතක් වෙන්නේ කජු මාලුවක්, නැත්නම් බැදපු කජු මද. හැබැයි මේ වැසි කාලයට අපේ කජු ගස් යට හැදෙන සුපිරි දේශීය ආහාරයක් තමයි "පැල කජු" කියන්නේ.
​කජු ගෙඩියක් පොළොවට වැටිලා පැලවෙන්න ගන්නකොට, එහි බීජ පත්‍ර (Cotyledons) විදිහට හැදෙන මේ මද සාමාන්‍ය කජු මදවලට වඩා හාත්පසින්ම වෙනස් අපූරු රසයකින් යුක්තයි.

​🍃 පැල කජු විශේෂ වන්නේ ඇයි?
1. සුවිශේෂී රසය හා ව්‍යුහය :- සාමාන්‍ය කජු මදවල තද ගතිය වෙනුවට මෙහි ඇත්තේ කිරි රසැති, මෘදු, තරමක් ක්‍රීමි (Creamy) සහ නැවුම් රසයක්.
2. පෝෂණ ගුණයෙන් ඉහළයි :- බීජයක් පැලවීමේ ක්‍රියාවලියේදී (Sprouting) එහි අඩංගු එන්සයිම සක්‍රීය වන නිසා, සාමාන්‍ය බීජයකට වඩා පෝෂණ කොටස් ශරීරයට උරාගැනීමේ හැකියාව (Bioavailability) ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
3. ​ජීරණය පහසුයි :- පැලවීමේදී සංකීර්ණ පිෂ්ඨය සරල සීනි බවට පත්වන නිසා දිරවීම ඉතාම පහසුයි.

​🍽️ ​පැල කජු මාළුව :- දේශීය කුළුබඩු සහ උකු පොල්කිරි යොදා පිසගන්නා පැල කජු කිරි මාළුව බත් පතට ගෙන එන්නේ අමුතුම රසයක්. 👌

​අමුවෙන් ආහාරයට ගැනීම :- කිසිවක් නොදමා, එහි ඇති ස්වාභාවික කිරි රසය විඳිමින් එලෙසම ආහාරයට ගැනීමටත් බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා.❤️😋

​සොබාදහමෙන් ලැබෙන මෙවැනි දේශීය පෝෂණ රහස් රැකගැනීමත්, අපේ ආහාර වේලට එකතු කරගැනීමත් නිරෝගී දිවියකට හොඳම පියවරක් ! 👍
මෙවන් අගනා තොරතුරු පිලිබදව නිරතුරු දැනුවත් වෙන්න SF Natural Remedies පිටුව Like/Follow කරන්න ! 💪
#පැලකජු #முந்திரிப்பருப்பு #இயற்கைஉணவு

27/05/2026

Healthy figure

23/05/2026

සීමාවන් බිඳ එන ස්වභාවික සුවය ! 🌱✨

​තාක්ෂණයේ සීමාවන්ට කොටු නොවී,
සැබෑ පෝෂණය සහ විශ්වාසය රැගෙන SF Natural Remedies අප ඔබ අසලටම. 💯

​🛒 Islandwide Delivery & Limited Stock Available !
💬 WhatsApp 071 510 6363

🍲 අපේ කමට - ගමේ රසට "පොලොස් මැල්ලුම" 🍲​නිවෙසටම සුවඳ විහිදුවන, බත් පතට නැතුවම බැරි රසවත් සිංහල කෑමක් තමයි පොලොස් මැල්ලුම ...
20/05/2026

🍲 අපේ කමට - ගමේ රසට "පොලොස් මැල්ලුම" 🍲

​නිවෙසටම සුවඳ විහිදුවන, බත් පතට නැතුවම බැරි රසවත් සිංහල කෑමක් තමයි පොලොස් මැල්ලුම කියන්නේ. අද අපි බලමු ඉතාම පහසුවෙන් සහ පිරිසිදුව ගමේ රසට මේක හදාගන්නේ කොහොමද කියලා ! 👇
​🥣 අවශ්‍ය ද්‍රව්‍ය :-
1. ​ඇට ඉන්දුනු / ඇට සහිත(කොස් මදුලු සම්පූර්ණ වැඩුණු නොපැසුනු) ලොකු පොලොස් ගෙඩියක්
2. ගාගත් පොල් ​🥥
3. හීනියට ලියාගත් ලොකු ලූනු ගෙඩියක් 🧅
​4. කුඩාවට කපාගත් වියලි මිරිස් කරල් 2-3ක් 🌶️
5. ​කරපිංචා සහ රම්පෙ 🍃
6. ​රස අනුව ලුණු
7. ගම්මිරිස් කුඩු 🧂
8. ​කහ කුඩු ස්වල්පයක් 💛
9. ​අබ ඇට ස්වල්පයක් 🤎
10. ​තෙල් මේස හැඳි 1-2 ක්✨

🫕 සාදාගන්නා ආකාරය :-
​1. පියවර (පොලොස් ලියාගැනීම/කපාගැනීම):
​පළමුව ඔබේ අත්වල සහ පිහියේ පොල්තෙල් ස්වල්පයක් තවරා ගන්න ( කොහොල්ලෑ තැවරීම වැළැක්වීමට).
​පොලොස් ගෙඩියෙහි පිටත කොළ පැහැති ඝන ලෙල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.
​පසුව එය ඉතාම හීනියට ලියාගන්න (පින්තූරයේ පරිදි).
​2. පියවර (පොලොස් සකස්කර ගැනීම):
ලියාගත්/කපාගත් පොලොස් කැබලි සමඟ ගාගත් පොල්, ලුණු, ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ වතුර ස්වල්පයක්( වතුර අල්ලක්/එක් අල්ලටකට අල්ලන ප්‍රමාණයක්) හොඳින් මිශ්‍රකරන්න.
3. පියවර (මැල්ලුම පදම් කිරීම) :-
​භාජනයකට පොල්තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු අබ, ⁣වියලි මිරිස් කැබලි, ලොකු ළූණු, රම්පෙ සහ කරපිංචා එක් කර රන්වන් පැහැ වනතුරු තෙම්පරාදු කරගන්න.
​දැන් එයට පොලොස් ටික එකතු කර හොඳින් කලවම් කර පියනකින් වසා විනාඩියක් දෙකක් මද ගින්නේ පිසගන්න. ඉන්පසු පියන හැර හොඳින් මිශ්‍රකර නැවතත් පියනෙන් වසා විනාඩියක් පමණ පිසගන්න.
​අවසානයට පියන හැර තෙත ගතිය ඉවත්වන තුරු අඩිය නොඅල්වන ලෙස හොඳින් කලවම්​කර ලිපෙන් බාගන්න.✨
💡 රස රහසක් :- මැල්ලුම ළිපෙන් බාගත් පසු දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කරන්න ! 😋👌
ඔබත් ​අදම හදලා බලලා ඔයාලගේ අදහස් කියන්න.💬👇
මෙවන් රසවත් ආහාර පාන පිලිබදව නිරතුරුවම දැනුවත්වෙන්න SF Natural Remedies අපව Follow කර තබාගන්න ! ❤️

​ #පොලෙස්මැල්ලුම #හෙළරස

Address

Ekneligoda North
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when SF Natural Remedies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SF Natural Remedies:

Share