06/09/2026
🎨 පාට කෙළිය -
අපි එදා කතාකරපු පික්සලයන්ගේ අංක ටික...
නිකම්ම ගොඩගහලා තිබුණොත්?
Photo එකක් හැදෙයිද? 😐
නෑ..
Photo එකක් ලොවෙත් නෑ !
--------
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤔
ඔය එක පික්සලයෙක්ද?
නෑ..
එකෙක් නෙමෙයි...
ඌත් එක්ක තවත් එකෙක්.
ඌත් එක්කත් තවත් එකෙක්.
ඒ විතරද?
නෑ..
තවත් පික්සලයෙක් එක්ක තවත් එකෙක්.
ඌ විතරකුත්ද?
ඒත් නෑ..
තව තව - තව තව පික්සලයෝ..
දැන් ඔහොම ඔහොම - ඔහොම ඔහොම
පික්සලයෝ කැලතක්.
එතකොට...
මේ කැලතම
තම තමන්ගේ පාට අරගෙන
තම තමන්ගේ තැන් තැන්වලම
ඔහේ හිටියොත්?
එතන එකෙක්...
මෙතන එකෙක්...
තව තැනක තවත් එකෙක්...
හැබැයි...
මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
මේ පික්සලයන්ට
ගන්න පාට කියලා තියෙන්නේ...
රතුයි, කොලයි, නිලුයි විතරමයි.
ඒත් අපි Photo එකක් බලද්දි
ඔය පාට තුන විතරමද තියෙන්නේ?
නෑනේ...
කහ තියෙනවා.
තැඹිලි තියෙනවා.
දම් තියෙනවා.
තව කොච්චරනම් පාට තියෙනවාද?
එහෙනම්...
රතු, කොළ, නිල්.
මේ තුනෙන්
මේ හැම පාටක්ම එන්නේ කොහොමද?
මෙතන තමයි...
අපිට හම්බවෙන්නේ....
අර අමුතු අකුරු තුන.
RGB.
Red-Green-Blue.
හැබැයි RGB කියන්නේ
පාට තුනක නමක් විතරක් නෙමෙයි.
එක පික්සලයෙක් ළඟ
අංක තුනක් තියෙනවා.
රතු අගය කොච්චරද?
කොළ අගය කොච්චරද?
නිල් අගය කොච්චරද?
ඒ අංක තුනේ
ප්‍රමාණය වෙනස් වෙනකොට...
ඒ ඒ පික්සලයාගේ පාටත්
වෙනස් වෙනවා.
උදාහරණ අරන් බලමු...
රතු අගය 255යි.
කොළ අගය 0යි.
නිල් අගය 0යි.
255, 0, 0 = රතු.
හැබැයි...
රතුයි
කොළයි
දෙකම එක පාර උපරිමයට
වැඩි කළොත්?
රතු අගය 255යි.
කොළ අගය 255යි.
නිල් අගය 0යි.
255, 255, 0 = කහ.
--------
රතුයි - කොලයි - නිලුයි
3ම එක පාර උපරිමයට
වැඩි කළොත්?
රතු අගය 255යි.
කොළ අගය 255යි.
නිල් අගය 255යි.
255, 255, 255 = සුදු.
--------
රතුයි - කොලයි - නිලුයි
3ම එක පාර අවම කළොත්?
රතු අගය 0යි.
කොළ අගය 0යි.
නිල් අගය 0යි.
0, 0, 0 = කලු.
--------
හෝව් ! හෝව් !!
පොඩ්ඩක් ඉන්න. ✋
කහ
සුදු
කලු
කොහෙන්ද ආවේ?
කහ, සුදු, කලු කියලා
වෙන වෙනම අංකයක් දුන්නෙත් නෑ...
වෙන වෙනම පික්සලයෙක් ආවෙත් නෑ...
රතුයි, කොළයි, නිලුයි
එක එක විදියට
ඇවිත් නෑවිත්
කෙල නොවී....
කහ වෙලා..
සුදු වෙලා
කලු වුණා.
--------
දැන් එතකොට තේරෙනවා...
රතු - කොළ - නිල්
පාට තුනේ ප්‍රමාණය වෙනස් කර කර...
අලුත් අලුත් පාට මවන්න
අලුත්ම අලුත් පාට මතුකරන්න පුළුවන්.
අන්න ඒක තමයි...
මේ... 🤌ක !
ඕක ?
අහවල් මේකද? 🤔
මේක තමයි...
පාට කෙළිය ! 🤣
--------
හරි, දැන් ආපහු
අපි පික්සලයෝ කැලත ළඟට ගියොත්...
එක පික්සලයෙක් ළඟ
තමන්ගෙම අංක තුනක්.
තව එකෙක් ළඟ
තමන්ගේ අංක තුනක්.
තවත් එකෙක් ළඟ
තමන්ගේ අංක තුනක්.
කෙනෙක් ළඟ
රතු වැඩියි.
තව කෙනෙක් ළඟ
කොළ වැඩියි.
තව කෙනෙක් ළඟ
නිල් වැඩියි.
තවත් කෙනෙක් ළඟ
රතුයි කොළයි නිලුයි
එකට එකතු වෙලා.
එක එකාට
තම තමන්ගේම පාට.
හැබැයි...
තවමත් මේක
තනිකරම කැලතක් විතරයි.
ඔහේ තැන් තැන්වල.
එකෙක් මෙතන.
තව එකෙක් එතන.
තවත් එකෙක්
වෙන තැනක.
පාට හරි.
අංක හරි.
පික්සලයෝ ඉන්නවා.
ඒත්...
මූණක් තියා...
මයිල් ගහක්වත් නෑ.
ඇයි ඉතිං එහෙම?
හරි, දැන් මෙහෙම හිතන්නකෝ...
එක පික්සලයෙක්
තමන්ගේ පාටත් අරගෙන
මෙතනට ආවා.
තව එකෙක්...
වෙන තැනකට ගියා.
තවත් එකෙක්...
තව තැනකට ගියා.
එක එකා
එක එක තැන්වල.
අන්තිමට, ඔයින් මෙයින්...
ඇහැ තියෙන්න ඕනි තැන
කන තිබුණොත්...
කන තියෙන්න ඕනි තැන
කට තිබුණොත්...
කොහොමද අයියෝ...
රට ලෝකෙට මූණ දෙන්නෙ? 🤣
අන්න එතකොට තේරෙනවා...
පාටත් හරි.
අංකත් හරි.
හැබැයි තැන වැරදියි.
පෙනුම...
අංඤ කොරොස් නේද? 😐
එහෙනම්...
පාට තිබුණා කියලා
විතරක් මදි.
පික්සලයන්ට
තම තමන්ට නියමිත තැනකුත්
හොයාගන්න වෙනවා.
අන්න එහෙම...
එක පික්සලයෙක්...
තමන්ගේ ඉලක්කම් ටික අරගෙන
තමන්ට නියමිත තැනට ගියා.
එහෙම්මම තව එකෙක්...
ඌ වගේම තවත් එකෙක්...
ඔහොම ඔහොම
කැලතම.
එකෙක් මෙතන.
තව එකෙක් එතන.
තවත් එකෙක් ඊට පස්සේ...
හෙමින් හෙමින්...
තැන් තැන්වල විසිරිලා තිබුණු
පාට ටික
එකිනෙකා ළංවෙන්න පටන් ගත්තා.
අඳුරු පාටක්...
තවත් අඳුරු පාටක් ළඟට.
දීප්තිමත් පාටක්...
ඒකටම අදාළ තැනකට.
සමට ලා පාටක්...
කෙස්වල අඳුරට වෙනම පාටක්.
ඇස් ළඟ
තවත් අඳුරක්.
ඔන්න ඕක
ටිකක් ඈත් කරලා බලපුවාම....
තිත් තිත් - තිත් තිත් - තිත් තිත්
තියෙනවා...
ඒ තිත් තිත් ගොඩ ඇරෙන්න
වෙන කිසිදෙයක් නෑ.
එතකොට මූණක්..... ?
නෑ.
තවම නෑ.
අපි ටිකක්
පස්සට යමු.
තව ටිකක්...
තවත් ටිකක්...
තවමත්
පැහැදිලි මූණක් නෑ.
තව පික්සලයෙක්...
තවත් එකෙක්...
තවත් එකෙක්...
එකිනෙකාව හොයාගෙන,
තම තමන්ට නියමිත තැන්වල
හරිම පිළිවෙළකට ඉන්නවා.
අපි තවත්
පස්සට ගිහින් බලමු.
-------
😳
ආයිෂ් අම්මා..
මූණත් තහඩුව !
--------
අන්න එතැනයි...
අපිහොයා හොයා ආපු
අර පුදුමකාර රහස
එළියට එන්නේ.
නිකම්ම නිකම්
අංක ගොඩක් වෙච්ච
අර බිංදු ටිකයි
එකේ ටිකයි
මුහුදු පතුල යට ඉඳලා..
වීදුරු තන්තු දිගේ
එළි වෙලා ඇවිත්...
අන්තිමට මෙන්න මේ විදිහට
එකිනෙකා අඳුනගෙන,
එකිනෙකා වැළඳගෙන,
එක මිටට - එක පෙළට
තම තමන්ට නියමිත තැන්වල
පැලපදියම් වුණාම...
අපි දකිනවා
අපි අතින්ම යැවුණු,
අපි හිතුවටත් වඩා
ජීවමාන අර ලස්සනම ලස්සන
ඩිජිටල් රූපය.
ස්වභාවධර්මයේ නෙමෙයි...
ගණිතයේ සහ
ආලෝකයේ
අරුමයෙන් මැවුණු
💡 පික්සල මූණත් තහඩුව.
..
හැබැයි ඉතින්...
මෙතනින් මේ කතාව
ඉවරයි කියලා හිතුවානම්..
ඔයා වැරදියි. 😌
අපි හැම තැනකම දැක්කේ
අර 255 කියන සීමාව.
රතු 255යි.
කොළ 0යි.
නිල් 0යි.
..
256 ත් නොවී...
1000 ත් නොවී...
255 ම වුණේ ඇයි?
අපිට ඕන ඕන විදිහටහරි...
පික්සලයන්ට ඕන විදිහටහරි...
වෙන කාට කාටහරි
ඕන විදිහටහරි...
ඒක වෙනස් කරන්න බැරි ඇයි?
කවුද මේ අංකෙට
මෙච්චර තදින්
සීමාවක් දාලා තියෙන්නේ?
--------
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤔
සමහරවිට ඒක..
අනාගතේ එක එකාගේ
පාට උලපු
බොරුවලට, කෙබරවලට,
පචවලට අහුවෙලා පච නොවී ඉන්නත්
ලොකූ උදව්වක් වේවි ! 😌
ඒ කොහොම වුණත්...
අපිටනම් ඉතිං නීති දාන්නේ
225 දෙනෙක්නෙ නේද?
එතකොට මේ...
255 ට නීති දාන්නෙ කවුද?
කවුද ඒ නීති සම්පාදක?
ඒ නීති වලංගු 255ට විතරමද? 🤔
© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.