Darshana Flora & Dancing Troupe - Maho

Darshana Flora & Dancing Troupe - Maho Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Darshana Flora & Dancing Troupe - Maho, Florist, Maho, Maho.
(12)

දර්ශන වික්‍රමසිංහ ජ්‍යෝතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව

ජ්‍යෝතිෂය/වාස්තුවිද්‍යා/යන්ත්‍ර මන්ත්‍ර /ශාන්තිකර්ම/පෝරුවේ චාරිත්‍ර/ෆ්ලෝරා /නර්තන කන්ඩායම්/දේවපූජා/බාරහාර/නිවාස සැලසුම් ඇඳීම/කිරිකඩසේලය/නැකැත් මංජුසා/අෂ්ඨක

01/08/2026

❤️ දීපිකා + සංජීව යුවල ❤️
පිළිගත් Homecoming Welcome Song එක
Darshana Flora & Dancing Troupe - Maho

Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ
ජ්‍යෝතිෂශාස්ත්‍රඥ
අෂ්ඨකාචාර්‍ය
0767998116 mobile
0712523829 whatsapp
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව

#අෂ්ඨක #දර්ශනෆ්ලෝරා #මගුල්බෙර #කිරිකළ #ෂැම්පේන් #දර්ශන

01/08/2026

❤️ දීපිකා + සංජීව යුවල ❤️
වෙනුවෙන් අපි දුන්නු Homecoming Welcome එක
Darshana Flora & Dancing Troupe - Maho

Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ
ජ්‍යෝතිෂශාස්ත්‍රඥ
අෂ්ඨකාචාර්‍ය
0767998116 mobile
0712523829 whatsapp
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව

#අෂ්ඨක #දර්ශනෆ්ලෝරා #මගුල්බෙර #කිරිකළ #ෂැම්පේන් #දර්ශන

30/07/2026
30/07/2026

අද ලස්සන එකක Welcome එක දෙන්න Darshana Flora & Dancing Troupe - Maho අපි ආවා Hotel Sarani එකට

Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ
ජ්‍යෝතිෂශාස්ත්‍රඥ
අෂ්ඨකාචාර්‍ය
0767998116 mobile
0712523829 whatsapp
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව

#අෂ්ඨක #දර්ශනෆ්ලෝරා #මගුල්බෙර #කිරිකළ #ෂැම්පේන් #දර්ශන

Big thanks toRathna B Wanninayakafor all of your support! Congrats for being top fans on a streak 🔥!
30/07/2026

Big thanks to

Rathna B Wanninayaka

for all of your support! Congrats for being top fans on a streak 🔥!

28/07/2026

With a bit of freedom

Darshana Flora & Dancing Troupe - Maho
Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව

27/07/2026

Darshana Flora & Dancing Troupe - Maho අපිට වැඩක් බාරදෙනවා නම් Stress කියන්නේ වචනයක් විතරයි කියලා තේරෙයි.

මේ ඉන්න මනමාල මහත්මා අම්මා එක්ක ආවේ පෝරුවේ චාරිත්‍ර බාරදෙන්න. අවසානයේ නතර උනේ ලස්සන Package එකක්ම අපිට බාරදීලා Dilshan Akalanka. ස්තුති මල්ලී අපිව තෝරාගත්තට
විශේෂයෙන් අම්මාටත් තාත්තාටත් ස්තූතියි 💗

ඉතිං ඔයාලත්
💓👉😇 කිසිම Stress එකක් නැතුව හැමදේම වෙලාවට සහ පිළිවෙලට
ඔබේ මංගල දිනය පරිපූර්ණ කරගන්න අදම අපිට කතා කරන්න. 👇
Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ
ජ්‍යෝතිෂශාස්ත්‍රඥ
අෂ්ඨකාචාර්‍ය
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව
📞 Call Us: 0767998116
💬 WhatsApp: 0712523829 (https://wa.me/94712523829)
📍 Location: Maho, Sri Lanka

#අෂ්ඨක #දර්ශනෆ්ලෝරා #මගුල්බෙර #කිරිකළ #ෂැම්පේන් #දර්ශන

27/07/2026

ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක් . හීන පස්සේ දුවන්න. ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා.
Darshana Flora & Dancing Troupe - Maho
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව
Darshana Wickramasinghe

25/07/2026

ඔබේ Wedding එකටත් #කිරිකඩසේලයක් ගන්න තැනක් හෙව්වාද...?
Darshana Flora & Dancing Troupe - Maho අපෙන් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්

❤️🌹...කිරිකඩහෙළයේ චාරිත්‍රය...🌹❤️

විවාහප්‍රාප්ත වීමට බලාපොරොත්තු වෙන නව යුවළක් විසින් මංගල පෝරුමස්ථකරූඪ වී සිදුකරන චාරිත්‍ර අතර ප්‍රධානතම චාරිත්‍රාංගය කිරිකඩහෙළයේ චාරිත්‍රයයි. මෙම චාරිත්‍රය ඔක්කාක රජ දවස සිට පවතින්නක් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.මනාලියගේ මවට
පෙවු කිරි වල ණය ගෙවිමත් කෘතගුණ සැලකීමත් පිළිබිඟු කරන චාරිත්‍රකී.

🎁කිරිකඩ සේලයට අයිති ආයිත්තම්
🌹රන් ආලේපිත හෙප්පුවක්
🌹රන් ආලේපිත කිල්ලොටයක්
🌹රන් ආලේපිත ගිරයක් ( වැදුම් ගිරය )
🌹රන් ආලේපිත කෙන්ඳක්
🌹රෙදි කච්චියක ප්‍රමාණයක්

රෙදි කච්චියක් යනු රියන් 24 ක තනි ස්වේත හෙවත් සුදු කපු රෙදි කඩකී.රෙදිකච්චිය සමඟ ගිරය කිල්ලොටය කෙන්ඳ තෑග්ගක් මෙන් ඔතා හෙප්පුව මත තබා බුලත් අතක් පඬුරක් සහිතව මනාලයා විසින් මනාලියගේ මවට මනාලිය සමඟ පෝරුව මත දී දෝතීන් පුදා වන්දනා කරයි. ඒ සමග අෂ්ඨකාචාර්‍යවරයා විසින් කවි ස්තෝත්‍ර මවට වඳින ගාථාව කියා ආශිර්වාද කරයි.

මෙමඟින් කිසිවෙක් නොසිතන අද කළයුතු නිසා කරන චාරිත්‍රයක් බවට පත්ව ඇති මෙහි ගැඹුරු අරුතක් ඇත.තම දියණියගේ දරු ප්‍රසූතියේ දී මේ සියල්ල භාවිතයට ගැනේ. අදමෙන් එදා රෝහල් නොමැති වු අතර සෑමගෙදරකම වැදුම් ගෙයක් කාමරයක් තිබී ඇත. වත්මන් පවුල් සෞඛ්‍ය සේවිකාවගේ භූමිකාව එදා වින්නඹු අම්මා විසින් සිදුකළ අතර එහි දී මේ සියල්ල භාවිතයට ගෙන ඇත.

🌹කිල්ලොටය - ඖෂධ දැමීමට
🌹ගිරය - පෙකණිවැල කැපීම ට
🌹කෙන්ඳ - පෙකණිවැල බැඳීම ට
🌹රෙදි කච්චිය - පිරිසිදු කිරීමේ කටයුතු වලට සහ දරුවා එතීමට

කච්චියෙන් ඉතිරිය තම දියණියට පුතෙකු
ලැබුනොත් පන්සලට පූජා කරන බවටත් දියණියක් ලැබුනොත් මෙහෙණී අරාමයකටත් පූජා කරන බවටත් ඉතිහාසගත ජනප්‍රවාදයේ සඳහන් වේ.

පෝරුවේ චාරිත්‍ර කෙරෙන අතරේ දී මේ පිළිබඳ කාව්‍යයෙන් කෙටි සංවාදයක් ඇසේ. ඒ සංවාදය අෂ්ඨකාචාර්‍යවරයා විසින් සිදුකරයි. එනම් මව සහ මනමාලයා අතර සංවාදයයි.

📌️ඔක්කාක නම් රජ කල
සුබ්‍රහ්ම යැයි නම් කල
නායක බමුණු කුල
තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල

📌️සුබ්‍රහ්ම යැයි කියනා
බමුණෙකු එ ගම වෙසෙනා
සෝමසිලී කියනා
බමුණු කුමරුට දාව උපනා

📌️බ්‍රහ්මමාලනිය නම්
මව් බැමිණියගේ කුසයෙන්
බිහිව ගරු විලසින්
වැඩෙන සඳ ලෙස කුමරි මනරම්

📌️මෙසේ වැඩෙනා කල
සරණක් සොයා නිසි කල
නායක බමුණු කුල
බමුණු කුමරුට සරණ දෙන කල

📌️මව් බැමිණි දුක සේ
ඇවිදින් ළඟට මෙලෙසේ
බමුණු කුමරුට මෙසේ
කීය වදනක් ඉතා දුක සේ

මව්තුමිය මෙහෙම කියනවා.....

📌️අනේක දුක් වින්ඳා
පුතණුව ම දුක සේ හන්ඳා
දෙතන කිරි කන්ඳා
මගෙන් කොපමණ බොන්න ඇද්දා

📌️මා විඳපු දුක සේ
දුව ඇති කලේ මලක් සේ
කුමරුණි නෙතක් සේ
වදා ඇතිකල දුව නිඳන් සේ

මනාලයා එවිට මෙහෙම අහනවා.....

📌️මව්තුමණි දුව හට
ඔබ ගතෙහි ලේ කිරි කොට
පෙවු ගණනක් මට
හනික උත්තර කියන් මා හට

මව්තුමිය දැඩි අපහසුතාවයකට පත්වෙලා කඳුළු සලමින් මෙහෙම කියනවා....

📌️දුවට දුන් කිරි නම්
මැනලා නැතේ මා නම්
පුතණුව නිසා දැන්
ගණන කෙලෙසක පවසම් ද මං

📌️පුතණුව එ නිසා
දුවට දුන් කිරි ගණන නො අසා
දැන ගැනුම පිණිසා
මෙ බස අසනුව කියන්නෙමී මා

📌️දස එකඩ මස සරී
උපන් දා සිට දුන් කිරි
කච්චියක් රෙදි සරී
තෙමෙන්නට ඇත දුවට දුන් කිරි

ඉන්පසු අෂ්ඨකාචාර්‍යවරයා....

📌️එතැන සිට පැවත එන
කච්ච කිරිකඩ තෑගී දෙන
පෙර බමුණු කුළයෙන
අනුව පිළිවෙල දනුව සැම දෙන

📌️රනින් හෙප්පුවකුයි
රන් ගාපූ ගිරයයි
රනින් කිල්ලෝටයයි
රනින් කෙන්දක් සමඟ පිදුවයි

කාලවේලාවේ හැටියට තවත් මව්ගුණ කවි වලින් අලංකාර කරන අෂ්ඨකාචාර්‍යවරයා ඉතා රසවත් අයුරින් මුළු මංගල සභාවම කඳුලින් සංවේදී කරවයි.

මෙසේ කිරිකඩසේලය සමඟ බුලත් අත මෑණියන්ට පිදිමෙන් පසු ආශිර්වාද කර හිස මත තබා බොහොම ගෞරවයෙන් ගෙට ගෙන යයි.

මෙම ලිපිය තුළින් කිරිකඩහෙළයේ චාරිත්‍ර පිළිබඳ සම්පූර්ණ අර්ථ සපිරි විවරණයක් කර ඇත. මේ ගමන එන්නට අත දුන් ගුරුවරුන් ගෞරවයෙන් සිහිපත් කරන්න අවස්ථාවක් කරගන්නවා.
📍මා අෂ්ඨකාචාර්‍යවරයෙකු කරන්න ට බලෙන් යොමුකළ ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය උපදේශිකා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී විජේකාන්තී ගමගේ මහත්මිය...
📍මුල්ගුරුතුමා ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන සූරීන් ...
📍දිවංගත ජ්‍යෙෂ්ඨ අෂ්ඨකාචාර්‍ය ග්‍රාමකීර්තී රාගම වල්පොල ලීලාරත්න සූරීන් ...
📍ගුප්ත විද්‍යා විශාරද යන්ත්‍රමන්ත්‍රාචාර්‍ය බියගම යූ.ඒ. චන්ද්‍රසේන සූරීන් ...
📍ක්ශේත්‍රයේ මා නව මානයකට යොමුකළ ජ්‍යෙෂ්ඨ අෂ්ඨකාචාර්‍ය ගුප්තවිද්‍යා විශාරද යන්ත්‍රමන්ත්‍රාචාර්‍ය දැඩිගමුවේ වින්සන් සූරීන්
📍ප්‍රවීණ සංගීතඥ සේනානායක වේරළියැද්ද සූරින්
📍ජ්‍යෙෂ්ඨ ජ්‍යොතිෂශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි සූරින්
ගෞරවයෙන් නමස්කාර පූර්වකව සිහිපත් කරලා පිංඅනුමෝදන් කරමි.

💓👉😇 කිසිම Stress එකක් නැතුව හැමදේම වෙලාවට සහ පිළිවෙලට
ඔබේ මංගල දිනය පරිපූර්ණ කරගන්න අදම අපිට කතා කරන්න. 👇
Darshana Wickramasinghe
දර්ශන වික්‍රමසිංහ
ජ්‍යෝතිෂශාස්ත්‍රඥ
අෂ්ඨකාචාර්‍ය
දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ හා වාස්තුවිද්‍යා ආයතනය - මහව
📞 Call Us: 0767998116
💬 WhatsApp: 0712523829 (https://wa.me/94712523829)
📍 Location: Maho, Sri Lanka

#අෂ්ඨක #දර්ශනෆ්ලෝරා #මගුල්බෙර #කිරිකළ #ෂැම්පේන් #දර්ශන #කිරිකඩසේලය #කච්චකිරිකඩ

Address

Maho
Maho
60600

Telephone

+94767998116

Website

Alerts

Be the first to know and let us send you an email when Darshana Flora & Dancing Troupe - Maho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category