UWA Books

UWA Books UWA Books is a subsidiary of Uditha Waidyasekara Associates (UWA)

භාවනාව මැකීගිය හිරු රැස්අවර දිග අහසේවෛවරණ පාටින්රටාවන් මවන විටහමන මද සුලගින්සැලෙන බෝ පතින්හැඩවුනු බෝ මලුවේපත්කඩය එලා මම,...
06/07/2025

භාවනාව

මැකීගිය හිරු රැස්
අවර දිග අහසේ
වෛවරණ පාටින්
රටාවන් මවන විට
හමන මද සුලගින්
සැලෙන බෝ පතින්
හැඩවුනු බෝ මලුවේ
පත්කඩය එලා මම,
අදුරුකර මසිත
වසාගත් "ආශාව"
වෙහෙසක් දැරූවෙමි.

මීට සත් මසකට පෙර මියදුන මගේ පියා ලියා තැබ මා නෙත ගැටී හද පෑරවූ වදන් පෙල මෙසේ, ඔහු කියාදුන් මග ගිහින් නතර වූ සුන්දර නවාතැන් පොලක සුවපහසු ලෙස එකතැන්ව
උන්ට පිං දෙමින් කොටා තැබු වගයි.

මගේ අම්මා සහ ගෝර්කි  #03දිනය: පහුගිය චන්දේ දාහතරෙ කනිසම වදින හනිකටඉදෙන බත කෝ නෑනේ ලිප උඩකිසිම අසනීපෙකට බැරි විනිපරදන්නට ...
11/03/2025

මගේ අම්මා සහ ගෝර්කි #03
දිනය: පහුගිය චන්දේ දා

හතරෙ කනිසම වදින හනිකට
ඉදෙන බත කෝ නෑනේ ලිප උඩ
කිසිම අසනීපෙකට බැරි විනි
පරදන්නට ඇගේ මේවග
පීඩිතම පන්තියේ ඉදගෙන
ඉදි කලා ඈ සුර විමන මට
අමන හැත්තක් නැති කලේ ඒ
ඇගේ ලේ කදුලු සිතුවම...

විප්ලවයේ ඒ පලමු වෙඩිමුර
තබන්නට කාටත් කලින්
මගේ අම්මා ගිහිල්ලා අද චන්ද පොල වෙත
කාටත් හොරෙන්
මට දිනා දුන් ලොව යලිත්
දින්නන්ට සටනට වදින්
ගෝර්කි ගේ පොත් කුමට මට
මගේ අම්මා තාමත් පණපිටින්

හංසි

අම්මට මම ලීයූ කවි  #02කච්චියක් රෙදි කිරෙන් පොගවාකොහේ පියවනුද ඒ ණය...දැනුනේ හරියට දුව ලැබුනදාඔබේ නොමියෙන ආදර බරලොවක් දිනල...
10/03/2025

අම්මට මම ලීයූ කවි #02

කච්චියක් රෙදි කිරෙන් පොගවා
කොහේ පියවනුද ඒ ණය...
දැනුනේ හරියට දුව ලැබුනදා
ඔබේ නොමියෙන ආදර බර

ලොවක් දිනලා එන්නෙමි මම
එතෙක් ඉනු දෑසම අයා...
පලදවන්නෙමි ඒ ඔටුණු මම
ඔබේ ඔය සිරසම වටා

ගෙනත් දිවි සළු අන්දවා හැඩ
රැජින කරවා අපෙ ලොවේ...
පතන්නෙමි තව සියක් ආයුෂ
රත්තරං අම්මට මගෙ.

හංසි

මියගිය තාත්තා සොයා යෑම  #01දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ලග ඉන්නමහ ලොකු ගනන් මැද්දේ ගිනුම් පොත් බලපු මගේ තාත්තාගේ හුස්ම යද්දි...
05/03/2025

මියගිය තාත්තා සොයා යෑම #01

දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ලග ඉන්න
මහ ලොකු ගනන් මැද්දේ ගිනුම් පොත් බලපු
මගේ තාත්තාගේ හුස්ම යද්දි මං දැගලුවා අලන්න

කොයිවෙලෙත් අපි දෙන්නා මොකක් හරි රණ්ඩුවක්
ඇයි කෑවේ නොහොද කෑම වැඩියෙන්
ඔය බෙහෙත් හොදයිද
කොහේ ගියේ මට හොරෙන්

මම ඇහුවා කාලයක්

ඒකාලේ එයා වැලක් මං ගහක්

කෝ ලකුණු, ඇයි නොගියේ පන්තියට
වැඩ ඇරිල පුස්තකාලේ යමු
පඩි අරන් පාක් ඇවෙනිව් එකෙන් කමු

ඒකාලේ එයා ගහක් මං වැලක්

කොච්චර නම් මතකෙට ආවත්
මම කිව්වා නේ අන්තිමට

තාත්ති බය නැතුව යන්න මං බලාගන්නම්
ඒ නිසා හිස කෙලින් ඔයා පෙන්නපු පාරේ
මං යනවා අපේ ගමන අම්මා යි නංගිත් එක්ක

හැබයි එක දෙයක් ඇත්ත තාත්ති

දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ලග ඉන්න

හංසි

📖 ශාන්ති නිකේතනයෙන් කයිරෝවට 📖ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ පනහ දශකය සහ හැටේ දශකයයි. න...
19/09/2022

📖 ශාන්ති නිකේතනයෙන් කයිරෝවට 📖

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ පනහ දශකය සහ හැටේ දශකයයි.

නොබෙල් ත්‍යාගය හිමි වූ ප්‍රථම ආසියාතිකයා වූ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් විසින් ආරම්භ කරන ලද ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පිහිටි "ශාන්ති නිකේතනය" සහ හැත්තෑ වසරක ලාංකීය සහ ජාත්‍යන්තර වාමාංශික දේශපාලනයේ හසල අත්දැකීම් අලලා ලියැවුණු ශාස්ත්‍රීය කෘතියකි. මෙම කෘතිය තුළින් ඔබට

- ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භය
- ටොම්ස්කි ස්ටාලින් අරගලය
- ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවීම
- එහි පුරෝගාමීන් වූ උඩුකැන්දවල සිරි සරණංකර හිමි, වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්දිස්, ඒ. චෛත්‍යලිංගම්, පීටර් කේතමන්
- බ්‍රිතාන්‍ය පාලන සමයේදී බෙංගාලය -ශාන්ති නිකේතනය
- බුද්ධ ජයන්තිය
- නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු
- ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය.
- සෝවියට් - චීන අර්බුදය
- 1965 - 1977 දක්වා දේශපාලන වාතාවරණය
- අප්‍රිකා - ආසියා ජනතා සහයෝගතා සංවිධානය
- ආරාබි වසන්තය
මෙම සියලු දේ ඇතුලත් පිටු 132 ක කුඩා පොත පරිශීලනය කිරීමෙන් ඔබට ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගැන හසල අවබෝධයක් ලබාගත හැක.

UWA Books
පොත් ඇනවුම් කල හැකි ක්‍රම
පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා අපගේ 077-9138339 හෝ 011-2788461 දුරකථනයට ඇමතීම මගින්
ඕනෑම වෙලාවකදී SMS, Whatsapp (077-9138339) සේවා වලට පහත විස්තර එවීම මගින්

නම -
ලිපිනය -
දිස්ත්‍රික්කය -
ගෙවීම් කරන ආකාරය - Cash on delivery/ Bank deposit
මිල රු. 450.00

බෙදාහැරීමේ ගාස්තු
- කොළඹ ඇතුලත රු. 250.00
- කොළඹ අවට රු 350.00
- කොළඹින් පිට කුරියර් ගාස්තු දැනගැනීමට, අවශ්‍ය පොත් සංඛ්‍යාව සහ ඔබේ ආසන්නතම නගරය අපට ඉන්බොක්ස් කරන්න.

Address

106/2 Parakrama Mawatha
Malabe

Alerts

Be the first to know and let us send you an email when UWA Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UWA Books:

Share

Category