Evara Bloom

Evara Bloom Evara 🌸
Where Beauty meets calm & Meaning
Bloom | Whisper | Decos
Creating beauty for meaningful moments & calm living
📨 Orders via Whatsapp

18/08/2026

යාලුවෙක්ගෙ Request එකකට හැදුන අඩි 3යි අඟල් 3ක මගෙ පළවෙනි Moon Art එක 🌕

මට හදන්න බෑ කියද්දිත් ,
නෑ ඔයා හදන්න;ඔයාට පුලුවන් ; කැත වුනත්, ලස්සන වුනත් මං ගන්නවා. එයා කිව්වෙ එච්චරයි 🥺❤️
හිතුවට වඩා හොඳට Final look එක ආවට පස්සෙ Lightning Finish කරනකම්වත් ඉන්නෙ නැතුව ගත්ත Video එකක් මේ 🫠
Light setup කරලා Final look එක වෙනම ගේන්නම්. දැනට මේක බලන්න 🙃

21/07/2026

Happy Customers 🥰

මධුභාෂිණී Thank you Akkeee 🌸💜️

10/07/2026

දම්පාටට ආස ළමයෙක්ට ගියපු Birthday Gift එකක් 💜️🌸

Hey Yellow Lovers  💛Grab your one soon 💛
07/07/2026

Hey Yellow Lovers 💛
Grab your one soon 💛

ටිකක් දිග වුනත් කියන්නම් ඕනි කියල හිතුන කතාවක්  🌸💜️The Journey of Evara Bloom මේ Evara Bloom එකේ Journey එක කියල කිව්වොත...
03/07/2026

ටිකක් දිග වුනත් කියන්නම් ඕනි කියල හිතුන කතාවක් 🌸💜️

The Journey of Evara Bloom

මේ Evara Bloom එකේ Journey එක කියල කිව්වොත් මගෙ වැරැද්දක් නෑ. මුලින්ම මං Online Business කියන Concept එකට පළවෙනි පියවර තියන්නෙ 2020 දෙසැම්බර් මාසෙ. ඒ කියන්නෙ මීට අවුරුදු 6කට වගේ කලින්.මේ දේවල් මෙහෙම කියන්න හේතුව ඔයාලට කියවන් යද්දි පැහැදිලි වෙයි.

මුලින්ම මං හැදුවෙ Dreamchatchers. ඒ වෙනකොට මං University එකේ 3rd year වගේ.You tube එකෙන් Tutorials බලාගෙන තමයි මං Dreamchathers හදන්න පටන් ගත්තෙ.ඊටත් පස්සෙ Protrait , Birthday Cards හදන්නත් මං පටන් ගත්තා.මේ වෙනකොට Page එකේ නම තිබුනෙ Creative Hands කියල. ඒ කාලෙ ඉඳන් මං එක්ක හිටිය අයට මතක ඇති.

ඊටත් පස්සෙ 2023 ජනවාරි වගේ වෙද්දි Designed slippers හදන්න වගේම ඒවා හදන්න ගන්න Raw Materials Sell කරන එක දක්වා අපේ page එක ගමන් කරනව. ඒ කාලෙ දන්න නොදන්න ගොඩක් අය මට කියල Orders ගොඩක් දාලා තියෙනව.ඒ හැමෝටම ගොඩක් ස්තූති කරනව මං.

ඒ වෙද්දි මට Logo එක ටිකක් Modify කරන්න හිතෙනව වගේම, නැවතත් Page එකේ නම Change වෙනවා Crafts by Hashee කියලා.අලුත් Logo එකක්, අලුත් නමක් එක්ක අලුත්ම වැඩ ටිකක් ඒ වෙද්දි මගෙ අතින් වෙනව.ඒ කාලේ මේ Page එකේ හොඳම කාලයක්.
ඊටත් පස්සෙ 2023 අගෝස්තු වෙද්දි මට University එකේ Final year undergraduate research එකත් එක්ක මේ වැඩ ටික Balance කරගන්න බැරි වෙනවා.ඉතින් මං නැවතත් Crafts by Hashee ට පොඩි විරාමයක් දීලා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේ විදිහට 2023 අවුරුද්ද ගෙවිල යනව. University කාලෙ ඉවරවෙලා Job එකකට දුරස් වෙන්න වෙනවා. ඒ වෙද්දිත් page එක අවුරුද්දක් විතර නිහඩව ඉන්නවා. මට නැවත දෙයක් කරන්න අවශ්‍ය වුනත් දුර , කාලය් කියන දේවල් එක්ක ඒ සිතුවිල්ල තවත් පසුබහිනව.

2025 ජනවාරි වෙද්දි මං Pipe cleaners bouquet එක්ක නැවත page එක පටන් ගන්න උත්සහ කරනව.ඒත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. 2025 අවසාන කාර්තුව වෙනකොට මට ඕනිවෙනව නැවතත් අලුත් මුහුණුවරකින් අලුතින් හැමදේම පටන් ගන්න.ඒ දේ කවුරුත් වැඩිය නොකරන, ඉල්ලුමක් තියෙන දෙයක් වෙන්න ඕනි කියන අදහස මගෙ ඔලුවෙ ලොකුවටම වැඩ කරනවා.මට කවදාවත් කාගෙවත් Copy එකක් වෙන්න අවශ්‍ය වුනේ නෑ. ඉතින් මම Social Media වගේම , Google, Chatgpt වගේ Platforms භාවිතා කරලා මාස දෙකක වගේ කාලයක් පොඩි Survey එකක් කරනවා.එතනදි මම දකිනවා Market Demand එක වැඩි Handmade items කිහිපයක්. ඒ දේවල් මං list කරනවා priority එක අනුව. ඒ අතරෙ තියෙනව අත්‍යවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන දේවල් , ඒ වගේම නිශ්පාදනය කරන්න ලොකු cost එකක් සහ ශ්‍රමයක් වැයවෙන දේවල්, කාලයක් තුළ trend එකක් වෙලා demand එක අඩුවෙන දේවල් සහ තවත් කරුණු මං සළකලා බලනවා.

මේ වෙද්දිත් 2025 දෙසැම්බර් වගේ. මේ කාලෙ ඇතුලත මං තෝරගන්නව මුලින් හදපු priority list එකෙන් product එකක්. ඒ වගේම ඒ සඳහා ඕනිකරන දේවල් සහ බලපාන සාධක ගැන තවදුරටත් අධ්‍යනය කරනවා.මොකද කිව්වොත් මට නැවතත් Business එක නැවැත්වීමට අදහසක් නෑ.
ඉතින් මං short term, middle සහ long term විදිහට හදාගත්ත goal එක්ක, primary, secondory සහ third stage විදිහට,
1.Business plan එකක් ,
2. Business එකට Website එකක් (still unpublished )
3.POS system එකක්,
4.අලුත් logo & Address sticker format
5. Payment QR
හැම Product එකකටම ආවේණික වුන Coding system එකක් වගේම Barcode සහ
6.Premium quality එකේ Business catalog එකක් මං හදනවා. ඒත් එක්කම Evara Bloom විදිහට අලුත් Logo එකකින් සහ නමකින් Business එක නැවතත් කරලියට එනවා.

දැන් මේ Business එක පිටිපස්සෙ ඉන්නෙ අත්දැකීම් සහ අලුත් අදහස් තියෙන,Graduate Enterprenuer කෙනෙක්. ඒක මං කියන්නෙ හරි ආඩම්බරෙන්.සියලුම දේ 2026 අප්‍රේල් වෙද්දි සූදානම්.
ඉතින්, 2026.05.01 වෙද්දි අපි අලුත්ම විදිහට Social media වල Busines එක පටන් ගන්නවා.මේ දේවල් මෙහෙම වෙද්දි,ලස්සන Final output එකක් එලියට දෙන්න දඟලන තවත් මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා මගේ පිටිපස්සෙ. මං මොන අලුත් අදහස ආවත් ඒක එලියට දාන්න කලින් මේ තුන්දෙනාගෙන් අහනවා. අපේ Team එක මගේ Husband , නංගි සහ මල්ලි. තනිව ආපු ගමන අපි 4 දෙනෙක් විදිහට වෙනස් වෙනවා. ඒක හරි ලස්සන දෙයක්.

මේ වෙනකොට ගතවෙන්නෙ අපේ Primary stage එක. මේ Stage වලට නිශ්චිත වෙච්ච Time Frame සහ Goals තියෙනවා.හැම මාසෙකම අලුත් Product එකක් හඳුන්වාදෙන්න අපි උත්සහ කරනවා.ඉතින් ඉස්සරහට ලස්සන දේවල් බලාපොරොත්තු වෙන්න. Evara Bloom කියන්නෙ ලොකු ගමනක පලවෙනිම Step එක. ඉතින් දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියල මං ඉල්ලනවා.

දැන් ඔයාල බලයි ඇයි මම මේ වගේ විස්තරයක් කිව්වෙ කියලා. එක හේතුවක් තමයි මං මේ Business එක පටන් ගත්තෙ කවුරුත් පටන් ගත්ත නිසාවත්, කාගෙවත් Copy එකක් විදිහටවත් නෙවෙයි. ගොඩක් අයගෙ ඔලුවෙ තියෙනව, අරය නිසා, මෙයා නිසා අරය වගේ මෙයා වගේ පටන් ගත්තා කියන්න.කොහෙත්ම නෑ.මේ දිගු කාලීන Plan එකක ප්‍රතිඵලයක් .

අනික් කරුණ තමයි මේ Final Output එක ඔයාලගෙ අතට එන්න කලින් මං experiment ගොඩක් කරා.
1.Mixing , Colouring කරද්දි Practically ඒ දේවල් ඒ විදිහටම වෙන්නෙ නෑ කියල දැනගන්න,
2. නිවැරදිම Ratio එකට Mixure එක හදගන්න,
3.Dry වෙන්න යන Actual Time එක දැනගන්න,
4.එක එක Item එකේ Demolding time එක,
5. Colour mix කරන්න ඕනි Ratio එක ,
වගේ දේවල් ගොඩක් මං ඉගෙනගත්තෙ වැඩ කරන්න පටන් අරන්. ඒකට මං ලොකු කාලයක්, ශ්‍රමයක් වගේම මුදලකුත් වැය කරා.
ඒ නිසා කෙනෙක් ඇහුවොත් මං කියන්නෙ නෑ මොනාද මං Use කරන්නෙ, මොනාද මගේ Tips කියලා.ඒක මං මටම හදාගත්ත දේවල් ටිකක්. එහෙම වෙලාවක,

➡️ එකක් හදන්න කීයක් යනවද,
➡️ එකකින් කීයක් Profit තියෙන්වද,
➡️හදන්නේ කොහොමද,
➡️Ratio එක මොකක්ද,
කියල අහන්න එපා.අහල නොකිව්වම මට බනින්නත් එපා. ඒක හරිම ප්‍රාථමිකයි. මාව දන්න හැම මනුස්සයෙක්ම දන්නව මං දෙයක් කියල දෙනව නම් ගුරු මුෂ්ටියක් නැතුව කියල දෙනව කියලා.ඒත් මට මෙතනදි එහෙම වෙන්න බැරි හේතු ගොඩක් තියෙනවා.
එකක් ,
➡️ මිනිස්සු හිතන්නෙ අපි දන්න දෙයක් කියල දුන්නම අපිට කිසිම තත්ත්වයක් නෑ කියලා.
➡️අනික අපේ මිනිස්සුන්ට නිකන් දෙයක් කියල දුන්නම කිසිම අගයක් නෑ.
➡️අනික රැල්ලට හැමදේම කරලා බලන්න උත්සහ කරන්න එපා. මේක මට හරිගියාට තව කෙනෙක්ට හරි නොයන්න පුලුවන්.

මේ වගේ හේතු නිසා තමයි මං සමහර දේවල් කියල නොදෙන්නෙ.ඉතින් ඔයාලට දෙයක් කරන්න උවමනාවක් තියෙනවා නම් හොයන්න, අපිට දැන් ඕනි තරම් Resources තියෙනවා දේවල් හොයල බලන්න. අත්හදාබැලීම් කරන්න. තව කෙනෙක් මත Depend වෙන්න එපා. තමන්ට කියලා අනන්‍යතාවයන් ගොඩනගාගන්න. මං ලොකු මනුස්සයෙක් නෙවෙයි. හැබැයි මං කරන දේ හරියටම කරනවා. ඔයාලත් උත්සහ කරලා බලන්න. ඔයාලටත් පුළුවන් 🥰

ඔයත්, මං පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකන් මගෙන් එකම එක order එකක් හරි දාපු කෙනෙක් නම් ඔයාට හිතෙන දේ කියන් යන්න.

✍️ Hansi
2026.07.03

30/06/2026

Another lovely review from one of our happy customer 🥰✨

Your kind words mean the world to us! Thank you for trusting and choosing us.
Your love and support inspire us to keep creating with care. 💖

Thank you for being a part of our journey 🌸

📩 WhatsApp: 070 469 7487

26/06/2026

📦 Ready to Dispatch! ✨

Your favorite products are packed with care and on their way! 💝

Thank you for your love and support. Place your order today and let us deliver happiness to your doorstep! 🌸

📲 WhatsApp: 070 469 7487

23/06/2026

🥰 A New Chapter Begins!

Introducing our beautiful **Scented Candles** 🌸🕯️

Crafted to bring warmth, fragrance, and elegance to your space.

📲 WhatsApp: 070 469 7487

Address

"Samadhi" , Meethenwala , Udagama
Mawathagama
60060

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Evara Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share