Mindu

Mindu ✨️🦋⁻ᵂᵉ ʲᵘˢᵗ ᵈᵒⁿ’ᵗ ˢᵉˡˡ ᶜʳᵒᶜʰᵉᵗ ⁱᵗᵉᵐˢ – ʷᵉ ˢᵉˡˡ ᵗʰᵉ ⁱᵈᵉᵃˢ ᵗᵒ ⁱⁿˢᵖⁱʳᵉ ʸᵒᵘ. 🦋✨️
ωнαтѕαρρ: 0778179510

✨️ M I N D U ✨️මගේ පුන්චි small business එකට අදට අවුරුදු හයයි. 💛💕Mindu 6th Anniversary 😍🍰පුන්චි scrunchie යකින් පටන් ගත්...
01/05/2026

✨️ M I N D U ✨️

මගේ පුන්චි small business එකට අදට අවුරුදු හයයි. 💛💕

Mindu 6th Anniversary 😍🍰

පුන්චි scrunchie යකින් පටන් ගත්තු මගේ පුන්චි ව්‍යාපාරය . ජොබ් එකේ වැඩත් එක්ක ටික දවසකට නතර කලා වුනත් හැමදාමත් මන් ආසම ගෙතුම් වලට. 😍

මන් ආයෙම මුල ඉදන් පටන් අරං ඔයාව කවුරුත්ම දන්න brand එකක් කරනවාමයි.
I 💛 Mindu .

සියලු සිත් නිවී සැනහෙනපිංබර වෙසක් මංගල්‍යයක් වේවා...! ✨🌸 M I N D U 🌸✨
01/05/2026

සියලු සිත් නිවී සැනහෙන
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!

✨🌸 M I N D U 🌸✨

Just believe in your selfAccept new challengeNever giveup hopes Unlock your potential Aspire to greatness Rise above obs...
01/01/2026

Just believe in your self
Accept new challenge
Never giveup hopes
Unlock your potential
Aspire to greatness
Rise above obstacles
You've got this
✨️💛 Welcome January 💛✨️

සුභ නව වසරක් ෙව්වා ….!
01/01/2026

සුභ නව වසරක් ෙව්වා ….!

හෙට උදේ 8.00 වෙද්දි අපේ කොල්ලො කෙල්ලො ටික ලෑස්තියි නේද😍 "අපේ කඩුවෙල අපේ දෑතින්"නගර පිරිසිදු කිරීමේ වැඩසටහන .....අඹතලේ සි...
04/12/2025

හෙට උදේ 8.00 වෙද්දි අපේ කොල්ලො කෙල්ලො ටික ලෑස්තියි නේද😍

"අපේ කඩුවෙල අපේ දෑතින්"
නගර පිරිසිදු කිරීමේ වැඩසටහන .....

අඹතලේ සිට මහමෙවුනා අසපුව දක්වා ප්‍රධාන මාර්ගය -
වැලිවිට ,හේවාගම ,කලපළුවාව ,වල්පොල ,පොතුඅරාව ,බොරලුගොඩ

මහමෙවුනාව අසපුවේ සිට කඩුවෙල නගරය දක්වා ප්‍රධාන මාර්ගය -
කඩුවෙල ,බත්තරමුල්ල ,බටපොත ,පැලවත්ත ,ජයවඩනගම,මුත්තෙට්ටුගොඩ

කඩුවෙල සිට වෙලේ හංදිය පාලම
වෙලේ හංදිය සිට යාකාල දෙසට -
වැලිහිද,බෝමිරිය ,පෝරේ,ඔරුවල,අතුරුගිරිය

නවගමුව ඉන්දන පිරවුම්හල සිට රණාල මහින්දාරාමය දක්වා -
රණාල ,දැඩිගමුව,නවගමුව,කොරතොට,අරංගල,හෝකන්දර

මාළබේ රාහුල පාසල සිට චන්ද්‍රිකා කුමාරතුංග මාවත සහ අවට -
මාළබේ ,මාළබේ උතුර ,තලාහේන,වැල්ලංගිරිය

හෙට 2025 දෙසැම්බර් 04 උදේ 8:00 ට කඩුවෙල මහ නගර සභාවට එන්න ....

ප.ලි: රේක්ක, උදලු, ඉදල්, ග්ලවුස් වගේ දේවල් පුලුවන් අය අරන් එන්න. බූට්ස් තියෙන අය දාගෙන වැඩ කරන්න ඒවත් අරන් එන්න.

01/12/2025

COD Order දාපු සමහරුන් ගෙ ගෙයක් වත් හොයාගන්න නෑ. මිනිස්සුත් නෑ 😢😭 සදහටම යන්න ගිහින් එයාලා 😔🙏

01/12/2025

මගෙන් එකම එක Oder එකක් හරි කරගත්තු, කරගන්න ඔයාලා හැමෝම හොදින් නේද 🥹🥹

01/12/2025

කැලණි ගගේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල ආශ්‍රිත ජල මට්ටම උපරිමයට. ඉවත් වී ආරක්ෂිත වන්නැයි උපදෙස්. නැරඹීමට නොපැමිණෙන්නැයි දැඩි අවවාද - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ

🌸 වෙනදා නම් මාසෙක පළමු දවස කියන්නෙ කොච්චර සතුටු හිතෙන කොච්චර නම් ලස්සන දවසක්ද. ඒත් අද ලස්සන දෙසැම්බර් මාසෙ පළමුදාව වෙලත්...
01/12/2025

🌸 වෙනදා නම් මාසෙක පළමු දවස කියන්නෙ කොච්චර සතුටු හිතෙන කොච්චර නම් ලස්සන දවසක්ද. ඒත් අද ලස්සන දෙසැම්බර් මාසෙ පළමුදාව වෙලත් අපේ පුන්චි රට මේවෙලාවෙ මුහුණ දීල තියෙන තත්වයත් එක්ක අපි හැමෝගෙම හිත් හරි බරයි නේද.🥹

🌸 ඒත් දන්නවාද මේ තමයි ලස්සනම දෙසැම්බරය. අපි අපේ මිනිස්සු එක්ක ආදෙරෙන් අත්වැල් බැදගෙන මේ පුන්චි රට ආයෙම ආලෝකමත් කරන්න අපි අද ඉදන් පටන් ගමු.

🌸 දකුනෙන් දාස් ගනන් බඩු මුට්ටු . එයාලගෙ බෝට්ටු ටික විතරක් නෙමෙයි ඒ මිනිස්සු අපි වෙනුවෙන් ලේ ටික පවා දන් දෙනවා. කඩා වැටුනු අපේ රටේ කදුකරය නගා සිටුවන්න දහස් ගනන් මිනිස්සු එක් රොක් වෙනවා.

🌸 පාට පක්ෂවත් ආගම් බේදවත් කිසිම දෙයක් නැතිව අපේ මිනිස්සු එකම අම්මාගෙ දරුවො වගේ එකම අරමුණක් වෙනුවෙන් කැප වෙනවා.

🌸 ඉතින් මීට වඩා ලස්සන දවස් කොයින්ද. මගේ රට සත්තයි ඉක්මනින්ම තිබුනටත් වඩා ලස්සනට නැගිටිනවා.

🌸 තිස්තුන් කෝටියක් දෙවියො ඉන්නෙ අපි අතරම කියලා දැන් අපි දන්නවා.

🌸 ජීවිතේට දහසක් පාඩම් උගන්වා සමුගත්තු මේ නොවැම්බරේ අදුරු මතක අතුරුන් අපි සාමයේ, එකමුතු කමේ , සහයෝගයේ පණිවිඩය විතරක් නෙමෙයි අපේ පුන්චි රටේ මිනිස්සුන්ගෙ හදවතේ හයිය මුලු ලෝකෙටම පෙන්නන ලස්සන ආදරණීය දෙසැම්බරයක් වේවා...! කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🤍💛💕

✨🌸 චතුරි පෙරේරා 🌸✨

30/11/2025
30/11/2025

ස්වේච්ඡා සේවකයින් වහාම අවශ්‍යයි 🚩

දිවයිනේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන්, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (NDRMC) හදිසි දුරකථන අංකයට ප්‍රතිචාර දැක්විය හැකි ස්වේච්ඡා සේවකයින්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතී.
මෙම හදිසි අවස්ථා වලදී ස්වේච්ඡා සේවයට සහභාගී වීමට ඔබ කැමැත්තෙන් හා උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර පහත විස්තර අනුගමනය කරන්න.

ස්වේච්ඡා සේවක ස්ථානය: ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විද්‍යා මාවත, කොළඹ 7

ස්වේච්ඡා සේවක කුසලතා අවශ්‍ය වේ:
●තත්ව විශ්ලේෂණය
●විශිෂ්ට සන්නිවේදන කුසලතා
●බහු භාෂා කතා කිරීමේ හැකියාව
●කණ්ඩායම් තත්වයක වැඩ කිරීම
●හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය තේරුම් ගැනීමේ හැකියාව
●හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
ඔබ රැගෙන ආ යුත්තේ:
■ලැප්ටොප්
■දත්ත ලබා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථනය
■ජලය, සුලු කෑම
■ජාතික හැඳුනුම්පත
ස්වේච්ඡා සේවක වේලාව:
ස්වේච්ඡා සේවක සේවය වහාම ආරම්භ වන අතර ස්වේච්ඡා සේවකයින් රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය වේ. NDRMC හි කේන්ද්‍රස්ථානය හමුවීමෙන් පසු ස්වේච්ඡා සේවකයින්ට පුහුණුව ලබා දෙනු ඇත

NDRMC කේන්ද්‍රස්ථාන විස්තර:
මිස් හසන්ගා (+94727702671)
නාමල් මහතා (0787787367)

මිස් හසන්ගා විසින් පුහුණුව ලබා ගැනීම සඳහා රාත්‍රී 8 ට පෙර NDRMC වෙත පැමිණෙන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ රාත්‍රී 8 න් පසු ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර නාමල් මහතා අමතන්න.

ඔබගේ ක්ෂණික ස්වේච්ඡා සේවය රජයේ සහ ජාතික සංවිධාන කිහිපයක් විසින් සිදු කරනු ලබන ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉමහත් සහයෝගයක් විය හැකිය.

Address

Rajasinghe Mawatha
Kaduwela

Telephone

+94778179510

Website

Alerts

Be the first to know and let us send you an email when Mindu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mindu:

Share