Word Waves

Word Waves Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Word Waves, Book shop, Moratuwa.

UK ගිය උපුල් සහ අමා..💗ස්තූතියි අචිනි ඒ ලස්සන පින්තූර එව්වට..🩷"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"Summer Waruni Wasawadaththa ...
06/09/2026

UK ගිය උපුල් සහ අමා..💗

ස්තූතියි අචිනි ඒ ලස්සන පින්තූර එව්වට..🩷

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"
Summer Waruni Wasawadaththa Deshapriya

UK ඉන්න ආදරණීය පාඨකයන් අතට ගිය උපුල් සහ අමා...හැමෝටම ස්තූතියි මේ ලස්සන පින්තූර එව්වට..."නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"Su...
01/09/2026

UK ඉන්න ආදරණීය පාඨකයන් අතට ගිය උපුල් සහ අමා...

හැමෝටම ස්තූතියි මේ ලස්සන පින්තූර එව්වට...

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"
Summer Waruni Wasawadaththa Deshapriya

මෙල්බර්න් ගිය උපුල් සහ අමා..💗ස්තූතියි චමරි...ඒ ලස්සන පින්තූරෙ එව්වාට.."නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"Summer Waruni Wasaw...
30/08/2026

මෙල්බර්න් ගිය උපුල් සහ අමා..💗

ස්තූතියි චමරි...ඒ ලස්සන පින්තූරෙ එව්වාට..

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"
Summer Waruni Wasawadaththa Deshapriya

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"නුවර සරසවි පොත් හලේදී...ස්තූතියි ධනුෂ්ක..ඒ ලස්සන පින්තූර අරන් එව්වාට...💗Summer Waruni Was...
29/08/2026

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"

නුවර සරසවි පොත් හලේදී...

ස්තූතියි ධනුෂ්ක..ඒ ලස්සන පින්තූර අරන් එව්වාට...💗

Summer Waruni Wasawadaththa Deshapriya

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"UK බලා පියාසර කල "උපුල්"  අපේ ආදරණීය කතුවරිය අතින් හැඩ වී පාඨකයන් වෙත යන්න සුදානමි වූ අයු...
26/08/2026

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"

UK බලා පියාසර කල "උපුල්" අපේ ආදරණීය කතුවරිය අතින් හැඩ වී පාඨකයන් වෙත යන්න සුදානමි වූ අයුරු...

Summer Waruni Wasawadaththa Deshapriya

Araliya Perera විසින්  රචිත "මහමේරු" කෘතිය පාඨක ඇසින්....ඇතැම් මව්වරු තම ජීවිතය තමන් වෙනුවෙන් නොව, තම දරුවන් වෙනුවෙන්ම න...
22/08/2026

Araliya Perera විසින් රචිත "මහමේරු" කෘතිය පාඨක ඇසින්....

ඇතැම් මව්වරු තම ජීවිතය තමන් වෙනුවෙන් නොව, තම දරුවන් වෙනුවෙන්ම නිහඬව වැය කරති.

“මහාමේරු" යනු එවැනි මවකගේ අසීමිත කැපකිරීම්, දරාගැනීම් සහ නිහඬ ආදරය ගැන කියවෙන අතිශය සංවේදී කතාවකි. ඇතැම් මව්වරුන්ගේ, කාන්තාවන්ගේ ජීවිත කතාවන් කියවද්දී, අවසානයේ අපට ඉතිරි වන්නේ එකම හැඟීමක් පමණකි.. ඒ ඇය කොතරම් දේවල් දරාගෙන ඇතිද යන්නයි.

අරලිය පෙරේරාගේ “මහාමේරු " නවකතාව එවැනි මවකගේ ජීවිතය හරහා මව් සෙනෙහස, කැපකිරීම් සහ පවුලක් වෙනුවෙන් කාන්තාවක් දරන අසීමිත වෙහෙස අපට දැනෙන්න සලස්වන අතිශය සංවේදී කතාවකි.

හේමමාලිනී වයස අවුරුදු 18දී තම සිත් ගත් තරුණයා හා පලා ගොස් විවාහ වූ තරුණියකි. එම තීරණය නිසා ඇයට ජීවිතයේ අසීමිත දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. නමුත් ඒ සියල්ල මැද ඇය තම ජීවිතය අතහැරියේ නැත. සැමියාගේ සහය නොමැතිව ඇය තම දරුවන් තිදෙනා වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙලා ඉටු කලාය. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තම සතුට, පහසුව සහ බලාපොරොත්තු පවා කැප කළාය. ඇය හොඳ මවක් පමණක් නොවේ. ඇය තම නැන්දණියට ඇයගේම දියණියක් වූවාය. පති භක්තියෙන් යුත් බිරිඳක් වූවාය. අවසන තම දරුවන්ගේ දරුවන්ටද මවක වූවාය.

ඇය සැබැවින්ම මහමෙරක් වැනිය. දරුවන්ට සෙවණ දෙන, ඔවුන් වෙනුවෙන්ම බර දරන, තමන්ගේ වේදනාවන්, පහසුව පසෙක ලා දරුවන් ඉදිරියේ ශක්තිමත්ව සිටින මහමෙරකි...

මෙම නවකතාව මා කියවූ මව් සෙනෙහසක පූජනීයත්වය විදහා දක්වන ඉතාම සංවේදී නවකතා ගොන්නට ඇතුලත් කල හැකි අතිශය රසවත් නවකතාවකි.

බිම්බාවක වූ පතිනියක්!සිදුහත් කෙනෙකු නොවූ නමුත් ඔහුගේ පතිනියට අහස උසට පෙම් බැන්ද සැමියෙක්....----🩵💜ආරණ්‍යා කිරිබත් කැබැල්...
18/08/2026

බිම්බාවක වූ පතිනියක්!
සිදුහත් කෙනෙකු නොවූ නමුත් ඔහුගේ පතිනියට අහස උසට පෙම් බැන්ද සැමියෙක්....

----🩵💜

ආරණ්‍යා කිරිබත් කැබැල්ලක් කඩා අස්ට කැව්වාය. ඔහුට කවන්නට එතරම් කරදර විය යුතු නැත. ඇය සිර කර අල්ලා සිටි අස්ගේ අත්, අත් හැරියාය. අස් හැරී ඇය දෙස බලා කිරි සිනා පෑවේය. ඒ විගසින් ම අනෙක් පස හැරී පිඟාන වෙත අත දිගු කළේය. කිරිබත් කැටය මිරිකිණ. පොඩි අතැඟිලි අතරින් බත් ඇට එළියට පැන්නේය. සතුට කෙතරම් ද යත් උගුර යටින් සිනා හඬ ඇසිණ. බත් කටවල් පහ හයක් කැවෙන්නට ඇත. අස් අතැඟිලි ඈත් කර අත දෙස බැලුවේය. ඇළුණු බත් ඇට සහිත ඇඟිලිවලින් කිරිබත් අහුරක් ගෙන කටට දමා ගන්නට උත්සාහ කළේය. ඉන් කොටසක් මේසය මත ඉහිරිණි. කොටසක් ආරණ්‍යාගේ උකුළ මත ය. බත් ඇටයක් දෙකක් බිමටත් වැටෙන්නට ඇත.

"Stop it." අස් තිගැස්සී ගියේය. ඔහු කිරිබත් රැඳි අතින්ම අම්මාගෙ ගෙල බදා ගත්තේය. ආරණ්‍යා වහා මිනුද දෙස බැලුවාය. ඔහු කෝප ගැන්වූයේ කුමක් විය හැකිදැයි සිතමින් ඈ ඔහු දෙස බලා සිටියාය. අර ලා රත් පැහැය, එය දෙනෙතේ විය.

ලොකු ශබ්ද වලට අස් බිය වෙයි. ඔහු ආරණ්‍යා සේ ම සංවේදී සිතක් දරයි. අස් ඇගේ ළයත් ගෙලත් අතර මුහුණ හංගා ගෙන ය. හුස්ම ගන්නා රටාවේ වෙනසකි. ඔහු හඬන්නට ගනීයැයි ආරණ්‍යා බිය වූවාය. ඉඳුල් රහිත අතින් අස්ගේ පිටට තට්ටු කළාය. ඒ එක්තරා රටාවකට ය. ඉතා මුදු ලෙසිනි.

"මොකද ඔය කරන්නේ. ළමයා හැමතැනම හලනවා පේන්නෙ නැද්ද?. ඔහොම ඉඩ දුන්නාම ළමයත් හැදේවි කිසි පිළිවෙලක් නැතුව."

ඔහුගේ ගැඹුරු ස්වරයෙන් වචන කිහිපයක් ඇගේ හදවතේ ඇමිණී නතර විය.

"ළමයත් හැදේවි කිසි පිළිවෙලක් නැතුව." යන්න යළිත් දෝංකාර දෙමින් ඇයට ඇසිණ. අස් තවමත් ගෙල මුල මුහුණ හොවා ගෙන ය. බත් ඇට රැඳි ඇඟිළි මුව තුළ ය.

මී ළඟට කුමක් කළ යුතුදැයි සිතාගත නොහී ඇය විපිළිසර වූවාය.

"සුදු බේබි නැගිටින්නකො ඔතනින්." මැණිකා… ඇය ආවේ කොයි වෙලාවේ ද? මිනුද කෑ ගසනවා ඇයට ඇසුණේ ද?

#
"සුදු බේබි බබාගෙ අත හෝදන්නකො මුලිම්ම මං කියන්නෙ." මැණිකා කීවේ ඇගේ හිස පිරිමැද ය.

ආරණ්‍යා වහා නැගිට සින්ක් එක වෙත ගියාය. මැණිකාගේ කරුණාවෙන් ඇගේ සිත දිය වී ගියේය. නමුත් නෙත නැගි කඳුළ නොසලන්නට ඇය පරෙස්සම් වූවාය. අස්ගේ හා ඇගේ අත් සෝදා ගත්තාය. අස්ට අත සේදීම ද සෙල්ලමකි. ඒ නිසාම අප්පච්චීගේ කෑගැසීම අස්ට අමතක වන්නට ඇත.

ආරණ්‍යා කෑම මේසය දෙසට හැරුණාය. මැණිකා එතැන අස්කර පිළිවෙලක් කොට ය. අලුත් පිඟානක කිරිබත් කැටයක් බෙදා ඇත. ඒ මත අස්ට බෙරිබත් කවනා හැන්ද ය. ආරණ්‍යා මැණිකාගේ මුහුණ බැලුවාය.

"සුදූ බේබි. බබාට හැන්ද දීලා එයාගෙ අතින් ම අල්ලං හැන්දෙන් එයාට කවන්න." මැණිකා පැහැදිලි කළාය. කිසිත් නොදෙඩූ ආරණ්‍යා යළි මේසයට වාඩි ගත්තා ය. මැණිකා කිව්වා හරි. අස් කලබලයක් නැතුව හැන්ද අල්ලා ගනිමින් කිරිබත් කයි. ඇයට සුසුමක් හෙළිණි.

"චූටි මහත්තයට තේකක් ගේන්නං ඉඟුරු දාලා." මැණිකාගෙ හඬින් ඇය මිනුද දෙස බැලුවාය. ඔහු ද ඇය දෙස බලාගෙන ය. නෙත් හමුවිය. එවර දෙනෙත් මුදාගත්තේ මිනුද ය.

"'මේගොල්ලො කාලා ඉවර වුණාම හදන්න මැණිකා. නැත්නම් වැඩ දෙකක් වෙනව නෙ. ඔෆිස් රූම් එකට ගේන්න."

මිනුද රෝද පුටුව ඔවුන් සිටි පැත්තට හැරෙව්වේය. ආරණ්‍යා හිස නො ඔසවා ම අස්ට කැවීමේ යෙදී සිටියි.

"My boy." මිනුදගේ සුදු අතැඟිලි අස්ගේ හිස මත තබනු පෙනෙයි. නිය රෝස පැහැතිය. ගාණට කපා ඇත. බිමට හැරවුණු නෙතින් ඔහුගේ කකුළේ ඇඟිලිද ආරණ්‍යාට ඇසට හසු වෙයි. ඒවාද එලෙසමය. කළු පැහැ පටියක් දිවුණු සෙරෙප්පුව නිසා කකුළේ කිරි පැහැය කැපී පෙනෙයි.

"අපතී." අස් හැන්ද අත් හැර මිනුද දෙසට අත් දිගු කළේය. මිනුද අස්ගේ දෙඅතම අල්ලා එහි සිපුමක් තැබුවේය. අස්ට ආරණ්‍යා සේ ම සාමකාමී සිතක් ඇත. තරහ වැඩි වෙලාවක් ඒ සිතේ නොරඳයි.

"ඔක්කොම කන්න ඕන මගෙ කොල්ලා. ඉක්මන්‍ට ලොකු වෙන්න ඕන." කියා රෝද පුටුව තව ටිකක් ළඟට ගෙන අස්ගේ කොපුළක් සිම්බේය.

ආරණ්‍යාට හිස ඔසවන්නට උවමනා විය. ඒ සිතිවිල්ල කුමකින්දෝ ආපස්සට අදියි. මිනුදගේ සූපුරුදු සුවඳ දැනෙයි. ඒ උණුසුම ඇයට දැනෙනා තරමට ඔහු ඈ ළඟිනි. ඇය දිගු හුස්මක් ගෙන ඒ සුවඳ ඈ තුළට ඇද ගත්තාය. රෝද පුටුව ඉවතට ඇදෙනු ඇගේ ඇස් අගට හසු විය. අස් හැන්ද ගෙන කිරිබත් කැබැල්ලක් මුවට ගැනීමේ උත්සාහයකය. ආරණ්‍යා ඔහු වෙත හැරුණි.

" බබයි අම්මයි කම්මු."

"කම්මු." අස් කීවේය.

---------🩵💜

මිනුද ඇඳ මත හිඳගනු දැනී මද වෙලාවකි. ඔහු තවමත් ඇඳේ වැතිර නො ගත්තේ මන්දැයි ආරණ්‍යා පුදුමයෙනි. ඒ සඳහා අද ඔහුට උදව්වක් අවශ්‍ය වී ඇති ද? ඔහුගේ ඇස් තම මුහුණ මත රැඳි ඇති සෙයක් හැඟෙයි. ඒ නිසා ඇස් ඇරිය නො හැකිය. මොහොතකි; දෙකකි. සිතිවිලි නොසන්සුන් වෙයි. හුස්ම ගන්නා රටාවේ වෙනස්වීම් ඔහු ග්‍රහණය කර ගන්නවා ඇතිද?

දිග හැරුණු ඇගේ අත මත රළු නමුත් සැහැල්ලු ස්පර්ශයකි. ඔහු ඇගේ අත වැළමිට ළඟින් නවා එය සීරුවෙන් ඇගේ කුස මත තැබුවේය. ඉන්පසු සෙමින් වැතිර ගත්තේය. ඔහුගේ උණුසුම ඇගේ දකුණු ඇලයට දැනෙයි. ඔහු සෙමෙන් පහසු ඉරියව්වකට හරි ගැහුණේය. හරිහැටි ක්‍රියා නො කරන වම් කකුල ඔහු හසුරවන්නේ ලබා දී ඇති උපදෙස් අනුව ය. මිනුද ඇගේ දකුණත ගෙන පිටිඅත්ල මත මුදු සිපුමක් තැබුවේය. නැත සිපුම් ගොඩකි. ඇගේ හුස්ම මොහොතකට නතර වුණා සේ ය. ඇයි මේ? තවත් මොහොතකින් ඔහු ඇගේ ළය හරහා අත යවා ඇයට තුරුළු විය. හිස මතද සිපුම් රැසකි. ඇය අවදි වේ යැයි බයෙන් මෙන් ඒවා ඉතා මුදු තැවරුම් ය.

"Im sorry baby.'"

ඔහු එසේ කීවා ද? තමා නින්දෙන් ද? ඒ සිහිනයක් ද?

"I know I shouldn't have shouted at you like that baby. I know I shouldn't" ඔහුගේ හැසිරීමේ මෙතෙක් තිබූ මුදු බව ගිලිහී ගියේය. මොහොතකින් ඇය ඔහුගේ දරදඬු ග්‍රහණය මැද මිරිකී ගියාය. ඒ උණුසුම් සුසුම් කනත් උරහිසත් අතර සැඟව යයි.

"I know I'm a bloody bastard." ඔහුගේ හඬ බිඳිණි. ඇගේ ඉවසීමේ සීමාවත් බිඳිණි ; මුලු හදවතම ආදරයත් සෙනෙහසත් කැටිවූ හැඟීමකින් පිරී ගියේය.

ඔහු වේදනාවෙන්!

ඇය ඔහු වෙතට හැරෙන්නට තැත් කළාය. ඒ සැණින් ග්‍රහණය තවත් දැඩි විය. ඔහුගේ ශක්තිමත් දෑත් ඔහුට පිටුපා සිටින සේ ඇයව පෙරළා ගත්තේය. ඔහුගේ මුහුණ ඇගේ ගෙල පිටුපසට තද විය. මිනුදගේ කකුල් හා උකුළේ උණුසුම ඇයට දැනෙන්නට තවත් මොහොතක් දෙකක් ගත වන්නට ඇත. ඔහුට උවමනා වූ සැනින්ම තවමත් ඒවා ප්‍රතිචාර නො දක්වයි. ඒ සඳහා අමතර උත්සායක් ගත යුතු ය.

" මිනූ."

"ඔහොම ඉඳගෙන නිදා ගන්න." ස්වරය පහත් වුවද දැඩිය.

" අයියේ."

කිව යුත්තක් සිතා ගත නොහී වුවද ඇය ඔහු ඇමතුවාය.

"ෂ්ෂ්ෂ්ෂ්…දඟලන්නෙ නැතුව ඉන්න. අද උදේ අත හූරා ගත්තා නේද. බෙතඩින් ටිකක් ගෑවද එතන?"

" හ්ම්ම්ම්… " ඇය නැවත ඔහු වෙත හැරෙන්නට තැත් කළාය. ඒ රළු ග්‍රහණයට ඇය ආශක්ත ය. ඔවුන් දෙදෙනා අතර නූලක පරතරයක්වත් නැති තරම් ය. ඔහුගේ ළමැදේ සුවපහසුව ඇගේ පිටට දැනෙයි. මින් පෙර ඔහු ඇයව උණුසුම් ලෙස සිප ගනිමින් මෙලෙස ළං වී ඇත්තේ දෙඅතේ ඇඟිලිවල එකතුවට වඩා අඩු වාර ගණනකි. ඒ අවස්ථාවලදී දැනුණු දැන් නො දැනෙන එක අඩුවක් ඇත. ආරණ්‍යාගේ සිත සෙනෙහසින් පිරිණි.

"දඟලන්නේ මොකද? දෙනව මං දැං ගුටියක්." ඇගේ කන් පෙත්තක් සියුම් ලෙස ඔහුගේ දසන්වලට හසුවිය.

"ඔහොම බනින්නෙ? මං අස් නෙවෙයි."

"ලොකු වෙනසකුත් නෑ."

හිස් මුදුනත සුපුරුදු හාදුවයි. ඊ ළඟට ඇස අගට එකකි. ඉන් නොනැවතිණි. අද විශේෂයකි. නැවතත් උරහිසට හාදුවක්. රෑ ඇඳුම සිහින් උර පටි සහිත ය. නග්න උරහිස වැඩි ප්‍රමාණයක ඔහුගේ රැවුල් සහිත කොපුළත් උණුසුම් දෙතොලත් තද විය. ඇය අනිච්ඡානුගව ම හැකිළී ගියාය. සිහින් කෙඳිරිලි හඬක් නැගුවාය. සිරුර පුරාවිදුලි සරයක් දිවගියේය.

"කිතියි නෙ." ඇය යන්තමින් කියා ගත්තාය.

"කලින් බොරු නින්දක හිටියා නේ හොර කෙල්ල."'

හඬ නැගුණේ ගෙල පාමුලට හිර වුණු දෙතොලෙනි. එතැනට ද සිපුමකි. යළි හිස් මුදුනටත් සිපුමකි. ආරණ්‍යා ඇස් පියා එය සිතු සේ වින්දාය. ඔහුගේ මිමිණුම් ස්වරය සමග සුසුම් කන් පෙති මත තැවරෙයි. සිරුර පුරා හිරිගඩු පිපෙයි.

ඔහුට පවසා සිත නිදහස් කර ගත යුතු යමක් ඇය සතුව ඇත. ඒ අවශ්‍යතාවය පවතින්නේ රෝහලට ගිය තුන්වන දිනයේ සිට ය. වරින් වර වෙනස් වන මිනුදගේ ස්වභාවය එය පැවසීමෙන් ඇය වළකයි.

මිනුද රටාවකට හුස්ම ගනියි. ආරණ්‍යා නින්දේ සිටින ඔහුගේ මුහුණ දෙස හැඟීමකින් තොරව බලා සිටියා ය.

---------🩵💜
"සිඳු රැලි මැද මා"
වරුණි වාසවදත්තා දේශප්‍රිය
Summer Waruni Wasawadaththa Deshapriya

මිලදී ගැනීම් සඳහා වට්සැප් පණිවුඩයක් තබන්න.
075 052 1312

Araliya Perera විසින් රචිත "මහමේරු " කෘතියෙන් උපුටා ගැනීමකි................................................................
14/08/2026

Araliya Perera විසින් රචිත "මහමේරු " කෘතියෙන් උපුටා ගැනීමකි............................................................................

" අනේ නෝනා... අප්පා කවුරු උනත් ඒ මගේ කෙල්ලගේ බඩේ ඉන්න දරුවනේ. මගේ කෙල්ලගෙම ඇඟේ කෑල්ලක් නේ. මං කොහොමද හිතකින් දරුවව කාටවත් දෙන්නේ. මාත් දරුවෝ තුන්දෙනෙක් ම දුක් මහන්සියෙන් හදපු අම්මෙක් නේ නෝනේ "

සැබෑය.. හේමාමාලනීගේ හිතේ කන්දක බරක් තිබේ. නමුත් එය ඈතින් පෙනෙන බ්ලූමැන්ඩල් කුණු කන්දට සම නොවේ.

ඒ මහ බරැති කන්ද සමණොළ ගිර ට සම වේ. බරැති වුව ඈ බැතියෙන් දරා සිටින්නේ එහෙයිනි.

" මං නම් තාම කියන්නේ මේක රිමූ කරමු කියලා . ආන්ටි තාම මේක බබෙක් නෙමේනේ. නංගි දන්නවනේ. තාම කල් තියෙනවා ආන්ටි. "

දරුවෙකු වැදූ.. දරුවෙකු කුස දැරූ.. කුස තුළ දරු දැඟලිලි දැනුනු .. දරු සුවඳ විඳි , සම්ප්‍රදායික සංස්කෘතික රාමුවක ඉන්නා අම්මෙකුට දරුවෙකු ගබ්සා කොට ඉවත් කර නිදහස් වීම හිතේ නිදහස ඇති කරන්නේ නැත. කුස නිදහස් වන නමුදු හිත නිදහස් වේ දැයි සැකයකි. හේමාමාලනී වැනි දරුවන්, ප්‍රණය සම කොට සිතනා මවක් ඉතුරු ජීවිත ශේෂයම විඳවීමට ඒ පාපය සමත් වනු නොඅනුමානයි .

" මට ඒ දරුවත් මගේ අනිත් තුන් දෙනා වගේමනේ මිස්. අනික එක දරුවෙක් නිදහස් කර ගන්න කියලා ඉපදිච්ච නැති දරුවෙක් මරන්නේ කොහොමද මිස්.. "

" ඒ වුනාට ආන්ටි ඒක නංගිගේ ජීවිතේට කැළලක් නේ. අනික එයා බබාව හැදුවත් කාගේ කවුරු කියලා ද කියන්නේ . එක්කෝ බබා කාට හරි දෙන්න ඕනේ . එක්කෝ අයින් කරන්න ඕනේ "

මව් රාමුවක් තුළ ඇහේ වැටුණු කුණක් සේ දරුවන් රක්නා මවක් මේ කල්පය නිමවන තුරුම ලාංකික සාමාන්‍ය ජන සමාජය තුළින් එවැනි එක් තීරණයක් හෝ ගනු නොලබනු ඇත.

මවක්... ගැහැණියකගෙන් වෙනස් වන්නේ ද එහෙයිනි.

මොනතරම් දුක් විඳින ජීවිත වුවත් පසු දා සුබ වනු ඇතැයි සිතා නින්දට යති. බස් නැවතුමක, කඩ පිළක, මැටි ගෙදරක, උළු සෙවිලි ගෙදරක සේම සඳළුතල නිවසක පවා මව්වරු සිය දරුවන් ඇකයේ සතපවමින් ඔවුන්ගේ හෙට සුබ වේවායි පතති. හේමාමාලනී තිළිණිගේ හිස කෙස් අතරේ ඇඟිලි යවමින් ඇයව රැයේ සුව නින්දකට මං තැනුවාය.

හෙටින් පසු තව දින කිහිපයකින් පසු ජීවිතය මෙවැනි වේ යැයි කීමට ඇය දැන සිටියේ නැත. ඇයගේ හිතේ රැඳි එකම කරුණ වූයේ, ' කොහොමහරි කරනවා ' යන්න පමණි .

" සුදු .. ඔයා හිතනවද අර කිව්ව විදියට කරලා ඔයාව නිදහස් කරන්නේ නැතුව මං ඔයාව තවත් කරදරේ දානවා කියලා . "

තිළිණි ඇස් ඔසවා අම්මාගේ නෙතු ඇයට ග්‍රහණය කර ගත්තාය.

" මට මේ ළමයා එපා අම්මේ. ඒත් මේක නැති කරොත් මට හැමදාම අම්මා හිතින් හරි දුක් වෙන එක බලන්න වෙයි. "

" මං හිත හදා ගත්තොත්.. එක්කෝ එහෙම කරමුද අපි.. "

තිළිණි ඇගේ අසල වාඩි ඉන්නා අම්මාගේ බඳ වටා අත යවා අම්මාට සමීප වූවාය.

" අම්මට හිත හදා ගන්න බෑ. එහෙම හිත හදා ගන්නවනම් අම්මා හිත හදා ගන්නේ මීට ගොඩක් කාලෙකට කලින් අපිව දාලා යන්න. තාත්තා කරපු හැමදේම සද්ද නැතුව ඉවසුවේ අම්මා අපි නිසානේ. මේක තියෙනවා නැති කරන්නේ නෑ කියන්නේ අම්මට හිතේ සැනසිල්ලක් වෙයි . ඒත් අම්මා හැමදාම දුක් විදිනවා මායි ඒ ලමයයි දිහා බලන් . මට දුක ඒකට.. "

හේමාමාලනී කෙස් අතර ඇඟිලි රටාව වෙනස් කලාය. දෙතොල් අතරේ මන්දස්මිතියක් ද නංවා ගත්තාය.

" දරුවෝ කියන්නේ කැළලක් නෙමේ සුදු. ඒක ඔයාගේ ජීවිතේට කැළලක් වෙන්න දෙන්නේ නැ මං. දරුවෙක් නිසා කැළැල් ඉතුරු වෙන්න ඕනේ බඩේ විතරයි පුතේ. හිතේ නෙමේ "

තිළිණි කොට්ටය මතින් හිස මෑත් කර හේමාමාලනී උකුළෙන් සැතපිනි.

" මේ කිසි එකකට ඔයා ඔය යන්න ආපු ගමන නවත්තන්න දෙන්න එපා සුදු. මොන දුකක් වින්දත් මගේ හිතේ තිබිච්ච සතුට ඒක විතරයි . දවසක මගේ කෙල්ලට වැරදිච්ච හැමදේම හරි යන්න ඕනේ . එදාටයි මට සැනසිල්ලේ නින්දේ යන්නේ. දරුවා ආවේ අපිට ඕනේවට නෙමේ කියලා හිතන්නැතුව ඉමු පුතේ. මේ දරුවට නෙමේ ඔයා කවදහරි වෙන දරුවෙකුට අම්මා වෙන්නම ඕනේනේ. "

ඒ ඇස් කෙවෙණි දාහයන්, ළයේත් උගුරේත් රිදුම් දැන් සදාකාලික , තමන්ව තනි නොකර ළඟ රැඳෙන බව මවත් දියණියත් දෙදෙනාම දනී.

" නිදා ගන්න දැන් . උදෙන් යමු. මං කිරිකෝපි එකක් බෝතලේට දැම්මා. බඩගිනි වෙනකොටම බොන්න සුදු . දරුවව බඩගින්නේ තියන්න හොඳ නෑ පුතේ. පව් "

හේමාමාලනී පිටව යන්නට සූදානම් වූවාය.

" අම්මේ.. කෝ එතකොට එයාට උප්පැන්නයක් ? "

අහස, සඳ තරු පමණක් දොඩමලු වන සුයාමයේ හිත් දෙකක් තුළ මෙතෙක් එකිනෙකාගෙන් නො විමසා වහන් කරගෙන සිටි ඒ පිළිතුරක් නැති පැනය, හදවත් දෙකම දැදිරි කරමින් ඉසියුම් ස්වරයකින් පිටවිය.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියනු ලැබේ. ගිම්හානයකට පසුව වසන්තයක් උදා වෙතැයි කියනු ලැබේ. කඨෝර ගිම්හානය ගෙවා දමන්නේ වසන්තය ඉක්මනින් දැකීමේ අපේක්ෂාවෙනි. කලු වළාවක රිදී ඉර නොවුනත් මිනිසුන් බලාපොරොත්තු අත් හැර නොගනී.

ජීවිතය ජීවත් කරවන බලාපොරොත්තු කොතරම් අගනේද..

අම්මාගේ වදනකින් හිත සැනසෙන බලාපොරොත්තුවක් තිළිණිට තිබුනි. අම්මා සතුව නිශ්චිත පිළිතුරක් නැති බව දනිතත් ඕ, වදනින් පිරිමැදුම් සුවයක් පමණක්ම බලාපොරොත්තු වුවාය. හේමාමාලනී දෙතොල් තද කර ගනිමින් මුහුණේ මස් පිඬු ලිහිල් කලාය. එයින් ඇගේ මුහුණේ සුන්දර සිනහවක් මැවිනි.

" තව කල් තියෙනවා දරුවෝ. මොනාහරි හිතමුකෝ. "

අමුතුවෙන් සිතන්නට ඈ සතු අරුමැසි දෙයක් නොවුනි. පෙරදා බොරැල්ල මංසන්ධියෙන් හරවාගෙන නැවත පැමිණි දා පටන්ම හේමාමාලනී ' අම්මෙකු ලෙස ' සියල්ල සිතින් පෙළගස්වා බලා තිබුනි. කරුණු කාරණා අවසාන අගිස්සේ එල්ලී දරුවෙකුගේ සුජාතභාවය තහවුරු කරන ලියවිල්ල තිබුනි................................................................................

"මහමේරු"

නිමක් නැති මව් සෙනෙහසක අරුමය

ඇනවුම් කිරීමට 075 052 1312 watsapp පණිවුඩයක් තබන්න.

නිල් පාට පොත්..💗Summer Waruni Wasawadaththa Deshapriya
11/08/2026

නිල් පාට පොත්..💗

Summer Waruni Wasawadaththa Deshapriya

සාංසාරික ආදරයක්!ඉරණම් සහගත හමුවීමක්! අතරමඟක අතැරුණ ද අතනෑරෙන්නැයි තරුවල ලියා තිබූ නියමයක්! චරිත දෙකක්... දෛවය උස්සා පොළො...
05/08/2026

සාංසාරික ආදරයක්!

ඉරණම් සහගත හමුවීමක්!

අතරමඟක අතැරුණ ද අතනෑරෙන්නැයි තරුවල ලියා තිබූ නියමයක්!

චරිත දෙකක්...

දෛවය උස්සා පොළොවේ ගසනා වාරයක් වාරයක් පාසා අහසට නැඟ පායා පුන් පිරූ නීල අමදර!

එක ම සිතින්, එක ම හදින්, එක ම ලෙසින් එක ම පිරිමියෙකු නමින් අත්‍යන්ත ප්‍රේමයෙන් පිරුණු උපුලන්‍යා රෝස්මරී!

මේ ඒ දෙන්නාගෙ කතාව විතරක් නෙවෙයි, සහකම්පනය ඇති මිනිසුන් සහ ඔවුන්ගේ මානුෂීය සංකල්පනාත්, ඉමිහිරි සබඳතාත් ගැන කියැවෙන කතාවක්....

——-🩵💜

"නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්"
Summer Waruni Wasawadaththa Deshapriya

For order:
Watsapp 075 052 1312

📷 Dilmi Dulara

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Word Waves posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category