09/09/2026
📱 | නවතම iPhone 18 Pro සහ 18 Pro Max මාදිලි නිවේදනය කරයි.
ලොව ජනප්‍රියම Smart ජංගම දුරකතන සමාගමක් වන Apple ආයතනය ඔවුන්ගේ මීලඟ iPhone මාදිලිය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව iPhone 18 pro සහ iPhone 18 Pro Max වර්ග ද්විත්වය සඳහා සැප්තැම්බර් 12 වනදා සිට පෙර ඇනවුම් ලබා දිය හැකි අතර මිලදි ගැනීමට හැකියාව ලැබෙන්නේ සැප්තැම්බර් 18 වනදා සිටයි.
මෙම iPhone මාදිලි Black, Silver, Glacier, සහ Burgundy වර්ණ ඔස්සේ නිකුත් කර තිබෙනවා.
නිවේදනය කර ඇති ආකාරයට මිල ගණන් වාර්තා වන්නේ මේ ආකාරයටයි.
💰 iPhone 18 Pro - ඩොලර් 1199 (256) | රුපියල් 393,272/=
💰 iPhone 18 Pro Max - ඩොලර් 1299 (256) | රුපියල් 426,072 /= (ආසන්න වශයෙන්)
📱 iPhone 18 Pro මාදිලිය අඟල් 6.3ක Anti reflective coating Display එකකින් යුක්ත අතර Battery ධාරිතාව 4288mAh ක්.
ඒ වගේම 48mp ක ප්‍රධාන කැමරා ත්‍රිත්වයකින්ද, 18mp සෙල්ෆි කැමරාවකින් යුක්තයි.
📱 iPhone 18 Pro Max මාදිලිය අඟල් 6.9ක Anti reflective coating display එකකින් යුක්තයි. Battery ධාරිතාව 5567mAh ක්.
48mp ප්‍රධාන කැමරා ත්‍රිත්වයක් සහ 18mp ක සෙල්ෆි කැමරාවක් මෙම smart දුරකතනය සතුයි.
මීට සමගාමීව iPhone Duo නමින් Foldable දුරකථනයක් ද apple ආයතනය හඳුන්වා දී ඇති අතර එහි මිල ඩොලර් 1999ක්.
ඒ අනුව තවත් දින කීපයකින් ඔබට නවතම iPhone 18 මාදිලි මිලදී ගත හැකියි.