13/12/2024
⭕Sponsored ඇඩ් වලට මේ දේවල් කරන්න එපා..!
Hi යාලුවනේ...
පොස්ට් එකක් boost කලාම ඔයාගේ ඇඩ් එක පෙන්වන්නේ "sponsored" කියල. Fb එකේ මේ වගේ ඇඩ් දැකලා ඇති ඔයාලා අනිවාරෙන්ම. එහෙම ඇඩ් එකක් දැක්කම මේ දේවල් කරන්න එපා...!
‼️ පොස්ට් එකේ තියෙන දේවල් ඔයාට ගන්න හැකියාවක් (මුදල්) අවශ්‍යතාවයක්, ආසාවක් නැතිනම් කිසිම වෙලාවක පොස්ට් එකට මැසෙජ් කරන්න යන්න එපා..
හේතුව :- මේ වගේ ඇඩ් දාන්නෙත් ඔයාල වගේම පුංචි බිස්නස් කරන අය. ඔයාල නිකම් දාන හැම මැසෙජ් එකකටම ඇඩ් එකෙන් ගානක් කැපෙනවා. ප්‍රොමෝශන් එක දන්නෙ නැනෙ ඔයා මොනා හිතේ තියන් මිල අහනව ද කියලා. ඒක හිතන්නෙ ඔයා customer කෙනෙක් නිසා මැසේජ් කරනව කියල. එහෙම නිකම් pp, pp කියල මැසෙජ් කරන්න එපා. එතකොට ඇඩ් එක දාන කෙනාට තව ඇත්තම customer කෙනෙක්ව හොයාගන්න තියන අවස්ථාව ඔයා නැති කරන්නේ.
හැම පොස්ට් එකකම මිල, ගෙවන විදිය, (deposit /cod) ද කියල දාල තියෙනවා හුගක් වෙලාවට. ඒව හරියට නොකියවා මැසෙජ් කරලා cod නැද කියල අහන්න එපා. එහෙම කරද්දි පොස්ට් එක දාන කෙනාට කොච්චර අපහසුතාවට පත් වෙනව ද කියල හිතන්න. එයාලා ඇඩ් එකකින් මැසෙජ් එකක් එනකල් බලන් ඉන්නෙ sale එකක් කරගන්න. ඉතින් සමහර අය cod නැද , pp කියල නිකම් මැසෙජ් එවද්දි ඒ seller ගැන පොඩ්ඩක් හිතන්න. ඔයාට ගන්න අවශ්‍ය ම නැත්තම් මැසෙජ් කරන්න එපා. එයාල සල්ලි ගෙවලා ඔයාල වගේ වැඩකට නැති අයගෙන් නිකම් මැසෙජ් ගෙන්නගන්න නෙවෙයිනේ ඇඩ් දාන්නේ.
‼️ sponsored ඇඩ් වල comment වල පොස්ට් එජේ තියෙනවා ට වඩා අඩුවෙන් හෝ වෙන items තියෙනවා කියල ඔයාල පොටෝ, phone numbers දාන්න යන්න එපා.. ඒක නම් කැත වැඩක් 😂😂
මං එහෙම අය හුගක් දැකලා තියෙනවා. අනික් අය අමාරුවෙන් සල්ලි ගෙවලා දාන ඇඩ් වලට අඩුවට තියෙන එවා comment කරන අය.
තමන්ට තනියෙම පොස්ට් එකක් දාල sale කරගන්න බැරිනම්, ඒතරම් වත් තමන්ගේ items ගැන විශ්වාසයක්,ආදරයක් නැතිනම් online sale කරන්න යන්න එපා. එහෙම අය අනික් අය මහන්සි වෙලා දාන වටිනා පොස්ට් වලට comment නොදා ඉන්න.
‼️ ඇඩ් වලට account දෙක තුනකින් මැසෙජ් කරන්න යන්න එපා.
හේතුව :- ඔයා account දෙක තුනකින් මැසෙජ් කරත් ඒ මැසෙජ් කරන account ගාන අනූව ඇඩ් එකෙන් seller ට pay කරන්න වෙනවා. හේතුවක් නැතිව එකම කෙනා වෙනුවෙන් ගොඩක් pay කරන එක තේරුමක් නැ නේද.
⭕⭕ මෙ පොස්ට් එක වැදගත් කියල හිතෙන කෙනෙක් ට share කරන්න.
⭕ ඔයත් පුංචි බිස්නස් කරන කෙනෙක් නම්, අනික් අයට උදව් කරන කෙනෙක් නම්, මේකෙ පැහැදිලි කරපු අනවශ්‍ය දෙවල් නොකර ඉන්න බලන්න.
Thank You.
Grow your page with Bloomings