Newchapter.lk

Call Directions Website Contact the business

Newchapter.lk New Chapter is an online Books & Music Store focused in bringing you the best Books & Music albums

20/08/2026
20/08/2026

කොවිඩ් වසංගතයේ අඳුර මකා පෑයූ රිදී ඉර - 7th new chapter - සත් වැනි නැවුම් පරිච්චේදයට .......................

මීට සය වසරකට පෙර එනම් පළමු කොවිඩ් වසංගත රැල්ල හේතුවෙන් මුළු රටම නිවෙස් වලට සීමා වී සිරවී සිටි දිනවල අප පවුලේ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අප වැනිම වූ සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන් නොඑසේ නම් පොත්ගුල්ලන් වෙනුවෙන් ප්‍රබන්ධ නොවන (NON-FICTION) අන්තර්ජාල පොත් අලෙවිසැලක් ඇරඹීමට තීරණය කළෙමු. ඉන් දින කිහිපයකට පසුව වෙබ් අඩවිය ගොඩනැගීමේ කටයුතු ඉදිරියට යද්දී අපගේ තවත් දැඩි ඇබ්බැහි කමක් වූ ගීත තැටි සහ සංයුක්ත තැටි ද අප වැනිම වූ ගීත ලෝලීන් නැතහොත් සිංදු පිස්සන් වෙනුවෙන් මේ වෙබ් අඩවියට ඇතුල් කිරීමට අප ගත් තීරණය එක්තරා ආකාරයක අභියෝගයක් විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඒ වන විට මෙරට ගීත ලෝලීන් ගෙන් බහුතරයක් අන්තර්ජාලය ඔස්සේ පමණක් ගීත ශ්‍රවණය කිරීමට පුරුදු වී සිටීම නිසා ගීත කැසට්, සංයුක්ත තැටි (CD) සහ LP තැටි වෙළඳපොල සම්පුර්ණයෙන් ම වියැකී අළෙවිය ද සැලකිය යුතු ලෙස පහත යාම නිසා බහුතරයක් නිෂ්පාදන සමාගම් වැසී ගොස් තිබීම සහ ක්‍රියාකාරී ව පැවති සමාගම් ද මන්දෝත්සාහී ව තිබීමයි.

එය එසේ වුවත් අපගත් තීරණය නිවැරදි බව අදින් හරියටම සය වසරකට පෙර එනම් 2020 අගෝස්තු මස 20 දින අප වෙබ් අඩවිය එළිදක්වා දින කිහිපයක් ගතවන විට අපට පසක් විය. ඒ ඇරඹි ගමනට එදා සිට අද දක්වා අප කෙරෙහි විශ්වාසය තබා අප වෙතින් ගීත ඇල්බම් සහ පොත් මිලදී ගනිමින් මල්පොකුරු, සුභ පැතුම් එක් කර අප දිරිමත් කල අපගේ ගනුදෙනුකාර රසික රසිකාවියන් සහ පාඨකයන් සැම දෙනා වෙනුවෙන් මෙන් ම ගල් මුගුරු විසි කර පරිභව කරමින් අපට පන්නරයක් ලබා දුන් අයටද අපගේ අවංක ආදර ස්තුතිය පිරිනමමු.

මේ ගමන ඇරඹීමට ඉමහත් පිටුවහලක් වෙමින් අපට අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීමට අමතරව SINGLANKA සමාගම සහ අප අතර සම්බන්ධීකරණය සිදු කල SINGLANKA සමාගම ද ඇතුලත් වූ TRANSLANKA සමූහ ව්‍යාපාරයේ හිටපු නීති නිලධාරිනී නීතීඥ සරෝජා දුල්ලෑව මැතිණියට අපගේ ගෞරව පූර්ව ස්තුතිය පුද කරමු. එමෙන් ම සිංහල සුභාවිත ගීතයට නිහඬව විසල් මෙහෙයක් සිදු කල SINGLANKA සමාගමේ නිර්මාතෘ සහ සභාපති ආනන්ද ගනේගොඩ මැතිතුමාටත්, කුලරත්න ආරියවංශ මැතිඳුන්ටත් තිරය පිටුපස සිටිමින් ඒ සමාගම වෙනුවෙන් අපට සුවිශේෂී සහයෝගයක් ලබා දුන් තාමරෂි ආරියවංශ මහත්මියටත් අපගේ ස්තුතිය නැවතත් මෙසේ පල කරමු.

එමෙන්ම අනෙකුත් මෙහි පුද්ගලිකව නම් සඳහන් නොකළ SOORIYA, THARANGA, KND, LALSIRI. VIMIRA, STANLEYS, TORANA, STARLANKA, NILWALA සහ RANSILU ඇතුළු සියලු නිෂ්පාදන සමාගම් වල අධිපතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයන්ට ද අපගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතාටත් අනෙකුත් සියලුම දෙස් විදෙස් ග්‍රන්ථ ප්‍රකාශන සහ ආනයන සමාගම් වලටත් ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

එමෙන් ම මේ වෙබ් අඩවිය නිර්මාණයට මග පෙන් වූ නිශාන් ද සිල්වා මහතාටත් (Nishan De Silva , Jump Sri Lanka) අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.
ගත වූ සය වසර තුල අපට නන් අයුරින් සහාය වූ මෙහි නම් සඳහන් නොකළ කුරියර් සේවා සමාගම් වලටත් අනෙකුත් සියලු දෙනාටත් newchater.lk ආයතනයේ ස්තූතිය පල කරමු. අවසාන වශයෙන් ගත වූ කාලය තුල අප වෙත ලබා දුන් සහයෝගය ඉදිරියත් එලෙසින්ම ලබා දෙන ලෙස ඔබ සැමගෙන් ස්තුති පූර්වකව ඉල්ලා සිටිමු.

🔴 Brand New විවිධ ගායක ගායිකාවන්ගේ ගී ඇල්බම් (CD) එකතුවක් Newchapter lk වෙතින්. 🔴 එකක් රු.400/-ක් බැගින් Original CDs ලබ...
11/08/2026

🔴 Brand New විවිධ ගායක ගායිකාවන්ගේ ගී ඇල්බම් (CD) එකතුවක් Newchapter lk වෙතින්.
🔴 එකක් රු.400/-ක් බැගින් Original CDs ලබාගන්න.
🔴 Call / WhatsApp 070 707 0451
🔴 ඔබේ රුචිය පරිදි අවශ්‍ය නම් වෙන වෙනම වුවද ලබා ගත හැක.
🔴 CASH ON DELIVERYපහසුකම සහිතයි.
.

🔴 Brand New විවිධ ගායක ගායිකාවන්ගේ ගී ඇල්බම් (CD) එකතුවක්   වෙතින්. 🔴 එකක් රු.750/-ක් බැගින් Original CDs ලබාගන්න.🔴 Call...
11/08/2026

🔴 Brand New විවිධ ගායක ගායිකාවන්ගේ ගී ඇල්බම් (CD) එකතුවක් වෙතින්.
🔴 එකක් රු.750/-ක් බැගින් Original CDs ලබාගන්න.
🔴 Call / WhatsApp 070 707 0451
🔴 ඔබේ රුචිය පරිදි අවශ්‍ය නම් වෙන වෙනම වුවද ලබා ගත හැක.
🔴 CASH ON DELIVERYපහසුකම සහිතයි.
.

Best of Sri Lankan Vinyl RecordsVisit our website Call / WhatsApp 0707070451
21/06/2026

Best of Sri Lankan Vinyl Records
Visit our website
Call / WhatsApp 0707070451

🔴 Best of Sri Lankan Vinyl Albums ❤️❤️❤️📢 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.☎️ Call/WhatsApp 070 707 0451     ...
18/06/2026

🔴 Best of Sri Lankan Vinyl Albums ❤️❤️❤️
📢 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
☎️ Call/WhatsApp 070 707 0451

කුලරත්න ආරියවංශ - ස්වකීය අපූර්ව ගේය පද රචනා ඔස්සේ සුවහසක් රසික රසිකාවියන් සැනසූ සහ සිය සක්‍රීය දායකත්වය මගින් SINGLANKA ...
17/06/2026

කුලරත්න ආරියවංශ - ස්වකීය අපූර්ව ගේය පද රචනා ඔස්සේ සුවහසක් රසික රසිකාවියන් සැනසූ සහ සිය සක්‍රීය දායකත්වය මගින් SINGLANKA LIMITED වෙතින් සිංහල සුභාවිත ගීතයේ පැවැත්ම වෙනුවෙන් නම් දැරූ කලාකරුවන් ට අමතරව ආධුනික ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ තනු නිර්මාණ කරුවන් රැසකට අත හිත දුන් සහෘදයාණනි, ඔබට සුබ උපන්දිනයක් වේවා! නිදුක් නිරෝගී වේවා! දීර්ඝායු වේවා!
Photo Credits: Mr. Dayan Witharana

🎈පහතින් දැක්වෙන්නේ පසුගිය දෙසතිය තුළ ඔබේ WhatsApp / Messenger පණිවිඩ වලට කලට වේලාවට පිළිතුරු දීම අතපසු කිරීමට හේතු වූ ප්...
05/05/2026

🎈පහතින් දැක්වෙන්නේ පසුගිය දෙසතිය තුළ ඔබේ WhatsApp / Messenger පණිවිඩ වලට කලට වේලාවට පිළිතුරු දීම අතපසු කිරීමට හේතු වූ ප්‍රධානතම කණ්ඩායම යි.
🎈ඒ අතරිනුත් උඩම පේළියේ අය සහ යටම පේළියේ තුන් වෙනියාත් විශේෂ යි.
🎈ඒ පමාව දරාගෙන ඇණවුම් ලබාදුන් ඔබ සැමට තුති! 🙏❤️💐
🎈 ඔබේ ඇණවුම් පෙර මෙන්ම ඉදිරියටත් සුරක්ෂිතව ඔබ වෙත ලබා දෙන්නෙමු.
ස්තුතියි

Address

SOORIYAMAL MAWATA
Nugegoda
10290

Alerts

Be the first to know and let us send you an email when Newchapter.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Newchapter.lk:

Shortcuts

Share