20/07/2026
මාගල්ලේ වැව අයිනේ සුදු වැලි ඉවුරක
අතිනත් අල්ලාගෙන අපි
යමු හෙමි හෙමිහිට.....
ආදරයෙන් තුරුලු වෙලා එක කුඩයක් යට....
ආසයි ඉන්නට වහිනා හිරි පොද වැස්සට.....
අනුහස් ඇති දේවාලෙක අයියනායක
භාර වුනා ඔබ මගේම වන්නට දිනක
පුංචි කූඩුවක් තණලා රුහුණේ ගමක
කැන්දාගෙන යන්නෙ ඔයා තියලා මලක......
මාගල්ලේ වැව අයිනේ සුදු වැලි ඉවුරක
අතිනත් අල්ලාගෙන අපි
යමු හෙමි හෙමිහිට.....
ආදරයෙන් තුරුලු වෙලා එක කුඩයක් යට....
ආසයි ඉන්නට වහිනා හිරි පොද වැස්සට.....
හසුන්පත්වලට ලස්සන පෙම් කවි ලියමින්
දුරින් නොව ඔයා ඉන්නේ මගේ සිත ලගින්....
රටින් දුරක හිටියත් මා ඉඩ ලද විලසින්
එන්නෙ ඔයා බලන්න සිත පිරුනු ආදරෙන්....
මාගල්ලේ වැව අයිනේ සුදු වැලි ඉවුරක
අතිනත් අල්ලාගෙන අපි
යමු හෙමි හෙමිහිට.....
ආදරයෙන් තුරුලු වෙලා එක කුඩයක් යට....
ආසයි ඉන්නට වහිනා හිරි පොද වැස්සට.....
ගායනය : කින්ග්සලි පීරිස්