Flicky

Flicky 📽️ Flicky – Your Gateway to Cinema Magic! 🍿
Explore trending films, must-watch classics, and exclusive reviews—all in one place!

Let Flicky be your movie night companion. 🌟

Upcoming Movies...රිටිගල ජයසේනවෙනස්ම සිනමා අත්දැකීමක් රැගෙන "රිටිගල ජයසේන"ලඟදීම ප්‍රේක්ෂකාගාරයට...ජයන්ත චන්ද්‍රසිරිගේ අධ...
14/08/2026

Upcoming Movies...
රිටිගල ජයසේන

වෙනස්ම සිනමා අත්දැකීමක් රැගෙන "රිටිගල ජයසේන"
ලඟදීම ප්‍රේක්ෂකාගාරයට...

ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණය සහ තිර රචනයෙන් හෙමාල් රණසිංහ, උමා අසේනි, තුමිදු දොඩම්තැන්න, යසස් නිවුන්හැල්ල, අරුණි රාජපක්ෂ සහ කාංචනා මෙන්ඩිස් රංගනයෙන් දායක වන මේ සිනමාපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.

ආදරණිය තරුවක් අද සිට ප්‍රේක්ෂකාගාරයේ...සාරංග දිසාසේකරගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය වන ආදරණිය තරුවක් සිනමාපටය දිල්ශාන් අමරස...
06/08/2026

ආදරණිය තරුවක් අද සිට ප්‍රේක්ෂකාගාරයේ...

සාරංග දිසාසේකරගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය වන ආදරණිය තරුවක් සිනමාපටය දිල්ශාන් අමරසිංහගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ද වනවා.
සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීතා වීරරත්න, චානුක ප්‍රබුද්ධ, ප්‍රසන්න දැකුම්පිටිය, සුජීව ප්‍රියලාල්, කිං රත්නම්, සනත් ගුණතිලක, රොෂාන් පිලපිටිය, ජීවන් කුමාරතුංග. ඇතුළු නලුනිලි රැසක් මේ සිනමාපටයට රංගනයෙන් දායකවේ.

Upcoming Movies...ප්ලේන් ටී...අතිශය ජනප්‍රිය වූ නෙළුම් කුළුණට පසුව ඉලංගෝ රාම්  අධ්‍යක්ෂණය කරන අලුත්ම සිංහල චිත්‍රපටය "ප්...
03/08/2026

Upcoming Movies...
ප්ලේන් ටී...

අතිශය ජනප්‍රිය වූ නෙළුම් කුළුණට පසුව ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන අලුත්ම සිංහල චිත්‍රපටය "ප්ලේන් ටී" හි වැඩ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයට සජිත අනුත්තර, ශනුද්‍රි ප්‍රියසාද් සහ හේමසිරි ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, ජෙනට් ඇන්තනි ඇතුලු නලු නිලියන් රැසක් එක්වීමට නියමිතයි.

මෙහි නිෂ්පාදනය සිදු කරන්නේ හිරන්‍යා පෙරේරා ඉලංගෝ විසිනි.

Upcoming Movies...විහඟ ප්‍රේමය...ශ්‍රී ලංකාව තුළ සිදුවන බිළිඳු දරුවන් විදේශකයින් හට අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින...
13/07/2026

Upcoming Movies...
විහඟ ප්‍රේමය...

ශ්‍රී ලංකාව තුළ සිදුවන බිළිඳු දරුවන් විදේශකයින් හට අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයේ සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ රංගනයෙන් එක් වෙයි.

මේ සිනමාපටය අගෝස්තු 07වනදා සිට ප්‍රේක්ෂකාගාරයේ තිරගත වීමට නියමිතයි.

01/07/2026

Upcoming Movies...
ප්‍රේමියේ...

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ලද නවතම සිංහල චිත්‍රපටය "ප්‍රේමියේ" ලගදීම ප්‍රේක්ෂකාගාරයට පැමිණීමට නියමිතයි.

ඇය සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ශලනි තාරකා, දර්ශන් තවරාජා, සහ ධනුක දිල්ශාන්ද අනුරාධ මල්ලවාරච්චි, නිරෝෂන් විජේසිංහ, කාවිංග පෙරේරා ඇතුළු නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වේ.

Upcoming Movies...කොල්ලෙක්..."කොල්ලෙක්" හේමාල් රණසිංහගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් ළඟදීම ඇරඹීමට නියමිතයි. මෙහි අධ්‍යක...
03/06/2026

Upcoming Movies...
කොල්ලෙක්...

"කොල්ලෙක්" හේමාල් රණසිංහගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් ළඟදීම ඇරඹීමට නියමිතයි. මෙහි අධ්‍යක්ෂණය ඉසුරු ගුණතිලක සහ තිර පිටපත දිදුල ඉඳුවර විසින් රචනා කර ඇත.

හේමාල් රණසිංහ ප්‍රධාන රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයට තරින්දි ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, ශ්‍යාම් ප්‍රනාන්දු, උමාලි තිලකරත්න, සනත් ගුණතිලක ඇතුලු තවත් නලු නිලියන් රැසක් දායක වනවා.

Upcoming Movies...මං හොයන්නේ ප්‍රේමයක්...​තිළිණ බොරලැස්සගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන "මං හොයන්නේ ප්‍රේමයක්" චිත්‍රපටය ල...
02/06/2026

Upcoming Movies...
මං හොයන්නේ ප්‍රේමයක්...

​තිළිණ බොරලැස්සගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන
"මං හොයන්නේ ප්‍රේමයක්" චිත්‍රපටය ලගදීම ලාංකේය සිනමාවට පැමිණේ. මෙම සිනමාපටයේ අභිලාශි සන්තුෂ්කි සමඟින් දර්ශන් තාවරාජා ප්‍රධාන චරිත සදහා නිරුපනය දායක වේ.

Upcoming Movies...ආදරණීය තරුවක්...නුදුරේම තිරගත වීමට නියමිත "ආදරණීය තරුවක්" සිනමා සිත්තම ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය සමග...
26/05/2026

Upcoming Movies...
ආදරණීය තරුවක්...

නුදුරේම තිරගත වීමට නියමිත "ආදරණීය තරුවක්" සිනමා සිත්තම ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය සමගින් දිසාසේකර Films වෙනුවෙන් සාරංග දිසාසේකර නිෂ්පාදනයකි.
ශනුද්‍රි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, සංගීතා වීරරත්න ප්‍රධාන චරිත සමගින් එක්වෙයි.

Upcoming Movie…රැජිණියේ...නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ චරිතය ඇසුරින් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන "රැජිණියේ" සිනමාසිත්තම ල...
06/05/2026

Upcoming Movie…
රැජිණියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ චරිතය ඇසුරින් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන "රැජිණියේ" සිනමාසිත්තම ලගදීම ප්‍රේක්ෂකාගාරයට පැමිණීමට නියමිතයි. තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා සහ නිෂ්පාදනය ආචාර්ය ජයන්ත ධර්මදාස විසිනි.

මාලනී ෆොන්සේකා ලෙස තාරුකා වන්නිආරච්චිත් විජය කුමාරතුංගයන්ගේ චරිතය සදහා දමිත් විජයතුංග මෙන්ම ජනිත් වික්‍රමගේ ගාමිණී ෆොන්සේකාගේ චරිතය නිරූපණය කරනු ලබනවා.

23/04/2026

රිවස්ටන් අද සිට ප්‍රේක්ෂකාගාරයේ...

ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කල ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය ප්‍රභාත් රොෂාන් සහ නිමන්ති පෝරගේ සම-නිෂ්පාදනය කරන ලදී. ශ්‍යාම් ප්‍රනාන්දු සහ මහේන්ද්‍ර පෙරේරා චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක සහ ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු රංගන ශිල්පින් රංගනයෙන් එක් වේ.

Address

Lakmi Production No 257/1/1 Old Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Flicky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share