මියුSick

මියුSick Music

05/09/2026

මහ රෑ යාමේ… 🎶❤️

මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...
ආවෙමි අඳුරෙම ඔබව සොයා
ආවෙමි අඳුරෙම ඔබව සොයා

සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට

හොඳ නෑ ඇයි එය නොසිතූවේ
හොඳ නෑ ඇයි එය නොසිතූවේ...

ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරන සෙනෙහස යයි ඉතිරී ..
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරන සෙනෙහස යයි ඉතිරී ..

කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...

ඔබ කියනවනම්
අසා සිටින්නම්

ඔබේ දෙපා මුල සැතපීලා ...

අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...

දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...

#මහරෑයාමේ #සිංහලගී #සිංහලසින්දු

04/09/2026

රණබර ඉඳුදුනු සිතුවම් | Ranabara Idudunu Sithuwam 🎶❤️

#සිංහලගීත #සිංහලසින්දු #ගීත #සංගීතය

03/09/2026

ආදර සීනුව 🔔❤️ | හදවතට දැනෙන ආදරණීය ගීතයක්

ආදර සීනුව පෙම්ලොව දොර ලග රැවුදෙන්නේ
ජිවන විජිතෙ ආදර දෙවගන හිනහෙන්නෙ
ලස්‌සන හදවත් පමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යාහැකි දුරමා නැත දන්නේ

කාගේ වේවා ලේ එකවාගේ දිස්‌වන්නේ
මගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජයටැබ පෙනුනත් ජය හිමිවෙදො නැ දන්නෙ
යායුතු මාවත කොයිඅතවෙදො නැ දන්නෙ

සංසරේ හුරු සුවදයි ඈ මට ගෙන එන්නෙ
අහසයි මුහුදයි ලන්වි දෙනුවන් රවටන්නේ
ආලයමායා සිතිජය මෙදො නැත දන්නෙ
කාලය විසදුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

#ආදරසීනුව 🎶❤️ fans මියුSick

03/09/2026

🎶 සිතින් පතා ඉන්නම් | හදවතින්ම ආදරය කරන ගීතයක් ❤️

සිතින් පතා ඉන්නම්
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්
ඔබගේ රූ මවමින්

කියාගන්න බැරි
වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ
ඒ තුළ සැඟවුණු
මිහිරි හැඟුම් වැල
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හදතුල සදා රැඳේ
බැලු බැලු හැමතේ සිනාහඬ ඇසේ
ඔබගේ රුව මිහිරේ

ඔබ යනෙනා තැන මා ගත යනමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ලඳ මා හට නැතිමුත්
කාටද ඔබේ සෙනේ
මාහට නැතිමුත් ඔබගේ සෙනෙහස
මාහද දිනූ ළඳේ
සිනාසෙන්න මට
ඒ ඇති මතුවට සනසා සිත මාගේ
සිතින් පතා ඉන්නම්
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්
ඔබගේ රූ මවමින්

#සිතින්පතා 🎶❤️

02/09/2026

කොමළ ලියා බොළඳ ලියා ❤️ | ආදරණීය මතකයන්

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා......
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා....

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා...
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා......
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා....

නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා...
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා......
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා....

#කොමළලියා 🎶

02/09/2026

ඔබතුමාට නිවන් සුව ලැබේවා. 🙏🕊️

01/09/2026

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//
ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ...//

ලේ කිරි කරලා අමමාත් මාගේ පෙව්වද
නැත්නම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා...//
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//

දස මාසේ කුසේහි මා දරලා ඉසිලූ බර
තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කර වන්නට
මව් පදවිය ඔබ ලබන ලදි...//
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//
ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ...//

Address

11
Pelmadulla
11

Telephone

+94769465989

Website

Alerts

Be the first to know and let us send you an email when මියුSick posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මියුSick:

Shortcuts

Share