Kumudu Enterprises

Kumudu Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumudu Enterprises, Retail Company, 474/2 mampe north, Piliyandala.

21/07/2026

හැබැයි ඇත්තටම මැරෙයි කියලා බය හිතුන දවසක්..🤢
අපි හතර දෙනා ත්‍රිකුණාමලේ ගිහින්,
අනුරාධපුර, හබරණ හරහා කොළඹ යන ට්‍රිප් එකේ අන්තිම දවසේ මේ..👇

ඒ කියන්නේ උදේ නැගිට්ටේ හබරණ ඉකෝ විලා එකෙන්..🌻
අද ප්ලෑන් එක සීගිරිය නැගලා,
රංගිරි දඹුලු විහාරයට ගිහින් එක පිම්මට ගෙදරට යන එක..🗾
රෙන්ට් එකට ගත්ත පොඩි ඉන්දියන් ඇල්ටෝ එකකින් තමයි ගමන...

ඔන්න 9 ට වගේ සීගිරිය නැග්ගා..
පහළට එද්දි 12 ට වගේ ඇති..
උදේටත් ලොකුවට කෑවේ නැති නිසා පට්ට බඩගින්නේ හිටියේ..

සීහිරියේ ඉදන් හබරණ ටවුන් එක පැත්තට එන පාර මාරම ලස්සනයි..
මිනිස්සු ලස්සනට පොඩි රෙස්ටෝරන්ට් දාලා, ක්ලීන් එකට තියන් ඉන්නවා..

ඇයි සීසන් එකක් කියලා නැතුව දවස් තුන්සිය හැට පහම ටුවරිස්ට්ලා කැරකෙන පැත්තක් මේක..🇱🇰

ඉතිං අපිත් ලස්සනට හැඩ කරපු පොඩි රෙස්ටෝරන්ට් එකක නැවැත්තුවා...
දවල්ට නම් රයිස් ඇන්ඩ් කරි තමයි කන්න හොයන්නේ..
ඒකත් බුෆේ තිබ්බොත් පංකාදුයි..
හරි මෙතන ඒ විදියටම තිබ්බා...
අපි කන්න පටන් ගත්තා...

චිකන් බොරේට,
මඤ්ඤොක්කා කිරට,
බණ්ඩක්කා තෙල් දාලා,
කලවම් මැල්ලුම,
බීට් කරිය,
පපඩම් , මිරිස් බැදලා

කට්ටිය හොදට කෑවා..

ඩ්‍රයිව් කරන්න තියෙද්දි මම බත් කන්නේ අඩුවෙන්..
ඉතිං වෑංජන යහමින් දාගෙන කෑවා..
දෙපාරක් විතර බෙදාගත්තා..
ට්‍රිප් එකක් ගියාම කෑම බීම සීමා කරලා නැති නිසා කට්ටිය තමන්ට ඕන දේවල් බොන්න ගත්තා..

මාත් එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් එකක් ගත්තා..
ඒක නැතුව වෙන ජාති සෙට් නෑ..🍾

කාලා බීලා එතන හිටපු සුද්දෙක් එක්කත් චැටක් දාගෙන ඉදලා පිටත් වුනා...

හබරණ ටවුන් එකෙන් වමට දඹුල්ල පැත්තට හරවද්දිම ඔලුව කැරකිල්ලක් වගේ ආවා..🙄

නිදිමත සීන් එකක් කියලා හිතලා නැවැත්තුවා..
එතකොටත් කාලා විනාඩි 10 - 15 වගේ ගිහින්..

ඇස් කෙවෙනවා වගේ දැනුනා..😵‍💫
මූණ නිකන් ඉදිමෙනවා වගේ දැනුනා..
මූණ කට හෝදගත්තා..
හරියන්නේ නෑ..

මට නිකන් අමුත්තක් තේරුණා..
අවුරුදු 36 කටම කිසිම දෙයක් ඇලජික් වෙලා නැති මට ,
මඤ්ඤොක්කා + ඉගුරු කම්බිනේශන් එක මගේ අත්තටු කපන්න යන්නේ කියලා තේරුණා..😶‍🌫️

අර සුද්දාට කොළඹින් හොද ජෙම්ස් සෙට් කරන්නම් කියලා වට්ස් ඇප් නම්බරේ ගත්තනේ..
පට ගාලා ඒකට ගත්තා..

මිනිහා තාම රෙස්ටොරන්ට් එකේ..

සුද්දා ලව්වා කඩේ කෙල්ලට ෆෝන් එක දීලා ඇහැව්වා කලවම් කොළ මැල්ලුමේ මොනවද තිබ්බේ කියලා..
ආ හරි මඤ්ඤොක්කා දළුත් හොදට දාලා..
මුකුත් කිව්වේ නෑ, ආයෙත් ඔය මෙනූ එක දෙද්දි ඉල්ලුවත් ජින්ජර් බියර් දෙන්න එපා කියලා ෆෝන් එක තිබ්බා..

දැන් එක ඇහැක් වැහිලා..
1990 ගහන්න කලින්,
චැට් GPT එකෙන් ඇහුවා මොකද කරන්නේ කියලා..?

මූණ ඉදිමිලා ඒක බෙල්ල වෙනකන් ඇවිල්ලා හුස්ම ගන්න නාල ඉදිමුනොත් මාරාන් | තිකයි කියලා කිව්වා...😪

හැබැයි තාමත් නහයෙන් පහලට ආවේ නෑ ඉදිමුම..
කෝකටත් වයිෆ්ට කිව්වා සිහි නැති වුනොත් හරි,
තොල් ඉදිමෙනවා දැක්කොත් මම එපා කිව්වත් පාරේ යන වාහනයක් නතර කරලා හරි හොස්පිට්ල් එක්කන් යන්න කියලා..

මොකද මට ඕවර් කන්ෆින්ඩන්ස් එකක් තියනවා මගේ ඇගෙන්ම මාව රිකවර් කරයි කියලා..
මගේ ඔය ඕවර් කන්ෆිඩන්ස් එක තමයි දවසක පාස්පෝට් එකට වීසා ගහන්නෙත්...🥹

පැයක් වගේ යද්දි වැහිච්ච ඇහැ ඇරුණා..
හොදට වතුර බිව්බා..
බෙහෙත් මුකුත් බිව්වේ නෑ..
මරණීය බය ගියාට පස්සේ හිමීට රංගිරි දඹුලු විහාරයට ගියා..🙏

ඔය එහෙට ගියාට පස්සේ තමයි ෆොටෝ එක ගත්තේ...
මඤ්ඤොක්කා ඉගුරු හොද නැති සුසංයෝගයක් කියලා දන්නවා වුනත්,
එදා ජින්ජර් බියර් එක එච්චරට මීටර් වුනේ නෑ..

එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් එකේ ගහලා තියනවා ලංකාවේ සැබෑ ඉගුරු වලින් නිෂ්පාදිතයි කියලා..
ඒකනම් ඇත්ත කියලා එදා ඔප්පු වුනා...😅

ඇයි මෙහෙම වෙන්නේ කියලා විද්‍යාත්මක හේතුවත් දාලම හෑල්ල නවත්තනම්කෝ..

⚠️️ සයනොජෙනික් සංයෝග (Cyanogenic Glycosides)

මඤ්ඤොක්කා වල ස්වාභාවිකවම "ලිනමරින්" කියන සංයෝගය අඩංගු වෙනවා. මඤ්ඤොක්කා තම්බද්දී පියන වහන්නේ නැතුව තම්බන්න ඕනේ කියන්නේ ඒ වි| ෂ වාෂ්ප වෙලා යන්නයි.

⚠️️ ආමාශයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව

මඤ්ඤොක්කා කෑවට පස්සේ ජින්ජර් බියර් වගේ කාබොනේටඩ් (Fizzy) සහ ආම්ලික බීමක් බිව්වහම, බඩ ඇතුළේ තියෙන එන්සයිම සහ ආම්ලිකතාවය නිසා අර සංයෝග වේගයෙන් බිඳවැටිලා හයිඩ්‍රජන් සයනයිඩ් (Cyanide) කුඩා ප්‍රමාණවලින් නිදහස් වීම සහ දරුණු ආහාර වි | ෂ වීමක් (Food Toxi| city) සිද්ධ වෙනවා.

⚠️️ දරුණු ඇලර්ජික් ප්‍රතික්‍රියාව

ඒ විෂ වීමත් එක්කම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එකපාරටම ප්‍රතික්‍රියා කරලා, ඇඟ ඇතුළේ හිස්ටමින් (Histamine) එකපාරටම වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මූණ, ඇස්, තොල් එකපාරටම මේ විදිහට ඉදිමෙන්න පටන් ගන්නේ.
මේක ඇග ඇතුලේ අවයව ඉදිමීමක් දක්වා ගියොත් මර | ණය පවා සිද්ධ වෙන්න පුළුවන්..
ඒක හින්දා මං වගේ මෝඩ | යෙක් වෙන්නේ නැතුව ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්නම ඕන..

✅ ප.ලි - මට දැන් හොදටම සුවයි..❤️
ඒ වුනාට මං වගේ මෝඩයෙක්ට දැන් ඇත්තටම හිතෙන දේ පළවෙනි comment එකේ තියනවා..
ඒකත් බලාගෙන යන්න...

එහෙනම් අපි නැවතුනා..
මේ වගේ තව ඇලජික් වෙන දේවල් දන්නවනම් හැමෝටම දැනගන්නත් එක්ක comment එකක් දාගෙන යන්න..👇

21/07/2026
Desk Lamp Rs.1990/=0773133843
14/02/2026

Desk Lamp Rs.1990/=
0773133843

LED Bulb + Battery Emergency Energy  Saving Lamp Rs.1100/= 0773133843
14/02/2026

LED Bulb + Battery
Emergency Energy Saving Lamp Rs.1100/=
0773133843

22500
03/02/2026

22500

Address

474/2 Mampe North
Piliyandala
10300

Telephone

+94773133843

Website

Alerts

Be the first to know and let us send you an email when Kumudu Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumudu Enterprises:

Shortcuts

Share

Category