23/08/2026
ශ්‍රේෂ්ඨ මිනිස්සු ලෝකෙට බිහිවෙන්නේ කලාතුරකින්...ඒ අතරිනුත් පීඩිත මිනිසුන්වෙනුවෙන් හඬක් ඇවිසි මිනිසුන් වෙනුවෙන් හඬක් අවදි කර තමන්ගේ ජීවිතය පවා පුද කරන්න සූදානම් මිනිස්සු අතිශ්‍රේෂ්ඨයි...
මගේ පොත්ගුලේ එහෙම ශ්‍රේෂ්ඨ මිනිස්සු ගොඩ දෙනෙක්ගේ චරිත කතා අතරින් වික්ටර්හාර ,බෝබිමාලි.,ගුණදාස කපුගේ.. වැනිේෂ්ඨයන්ගේ පොත් අතරතියෙන මේ හිඩැස අනිවාර්යයෙන් පුරවන්නේ නන්දා මාලනියන්ගේ නමින්.
එදා චිලී ග්‍රවුන්ඩ් එකේදී හාරගේ ඇඟිලි එකින් එක පොරවකින් කපා දමමින්..."දැන් ඉතින් උඹේ සින්දුව කියපන්"...කියමින් සරදම් කරන විටත්.වික්ටර් හාරා දුබල හඬින් "ජය නියතයි" (venceremos) ගීතය ගැයූ බව මේ පොත් වල සඳහන් වෙනවා...
රාජ්‍ය ත්‍රස්තවාදය පාරවල් දිගේ දෝරේ ගලන කාලේ....
තමන්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කළත්...stage නැගලාා රටේ පාලකයා "ගාතකයෙක් "කියන්න තරම් හයියක්...
අපේ භාෂාවෙන් කියනවනම් ගටක් තිබ්බේ අඩි පහක්වත් උස නැති පුංචිම පුංචි නන්දට විතරයි...
ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි.... එහෙම හයියක් හැම ගැහැනියකුටම පිහිටන්නේ නෑ....
එහෙම අරමුණක් එහෙම ප්‍රතිපත්තියක් එක්ක මුළු ජීවිත කාලෙම ගෙවන්න හැම කෙනෙකුටම බැහැ....
අලුත් ලෝකයක් ගැන හිතපන් කියන ගිනිදැල්ල අපේ හිත් වල ඇවිලුවේ ඇයයි.
අපේ දෙතොල් අතර ඇයගේ ගීත මිමිනෙන තාක් කල් ....
අපේ සවන් තුල ඇයගේ ගීත ප්රතිරාවය වන තාක් කල්...
ඇයගේ එඩිතරභාවය විසින් අප වඩාත් ප්‍රබල ආත්ම ධෛර්යයක් තුළ රඳවා ලැබ සිටින තාක් කල්.......
නන්දා මාලනියන් කිසිවිටකත් මියෙනු නැත.