Hanger- The Gift Hub

Hanger- The Gift Hub We are to give the Next generation shopping experience to your fingertip.

HANGER- The Gift Hub වෙතින් සුභ පැතුම් පත් පෙලක්
25/09/2020

HANGER- The Gift Hub වෙතින්
සුභ පැතුම් පත් පෙලක්

Hanger- Next Generation Shopping ExperienceComing Soon
11/09/2020

Hanger- Next Generation Shopping Experience

Coming Soon

❤✔
24/05/2020

❤✔

අසියර් අප වටා 500ක් එකතු වෙලාඅසියර් අපි ඔයාලා හැමෝගෙන්ම ලැබුන සහයෝගයෙන් පලමු like 500 කඩයිම ඉතාම කෙටි කාලයකදී පහු කලා.පල...
24/05/2020

අසියර් අප වටා 500ක් එකතු වෙලා

අසියර් අපි ඔයාලා හැමෝගෙන්ම ලැබුන සහයෝගයෙන් පලමු like 500 කඩයිම ඉතාම කෙටි කාලයකදී පහු කලා.

පලමු like එකේ ඉදලා අපිත් එක්කම ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි.

ඇත්තටම මේක e-marketing කියන මූලධර්මය මත අලුත් ගමනක් යන්න හිතාගෙන පටන් ගත්ත page එකක්.

මේකෙදි උත්සාහ කලේ අප වටා එකතු වෙන හැමෝටම ප්‍රතිලාභයක් ලැබෙන විදිහට ගමනක් යන්නයි.

රටේ පවතින වර්තමාන තත්වය එක්ක සියලුම දේවල් ඇනහිටලා

නමුත් දැන් නැවතත් සුභවාදී ලකුණු පෙනෙන මානයේ සිටින නිසා අපි අපේ සුපුරුදු රිද්මයෙන් අලුත් ගමනක් ආරම්භ කරනවා

එහිදී අපි හැමෝටම කතා කරන්න පුලුවන් තැනක් හදලා දුන්නා
https://www.facebook.com/groups/562759481292170/?ref=share

හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්කම එකතු වෙලා ඉන්න.

මහන්සි වෙලා අරමුණු කරා යමු

හැමෝටම ජය!!!!

ඔයාගේ යාලුවන්ට ආරාධනා කරන්න. Page එකට like කරන්න කියන්න ✔✔✔✔

දිනූ නිදහස අභිමානවත් ලෙස සමරමු!30 වසරක කුරිරු යුද්ධයෙන් පීඩා විදි ශ්‍රී ලාංකික අපගේ අභිමානවත් නිදහස දිනා දුන් සේනාධිනායක...
18/05/2020

දිනූ නිදහස අභිමානවත් ලෙස සමරමු!

30 වසරක කුරිරු යුද්ධයෙන් පීඩා විදි ශ්‍රී ලාංකික අපගේ අභිමානවත් නිදහස දිනා දුන්
සේනාධිනායකයනි,
ත්‍රිවිධ හමුදා රණ විරු දරුවනි,
පොලිස් විරු දරුවනි,
සිවිල් ආරක්ෂක සෙබලුනි
යුද්ධය ජය ගැනීම සදහා ජීවිතයෙන් කැපවුන සියලුම ශ්‍රී ලාංකිකයන්ට

ACIER - අසියර් අපගේ උත්තමාචාරය !

අපගේ විවේකී කාලය ගෙවා දමන්න ගොඩාක් අය හුරු පුරුදු වෙලා ඉන්නව ගේම් සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන්නේ PC එකකින්ද නැති නම් Mobi...
16/05/2020

අපගේ විවේකී කාලය ගෙවා දමන්න ගොඩාක් අය හුරු පුරුදු වෙලා ඉන්නව ගේම් සෙල්ලම් කරන්න.
සෙල්ලම් කරන්නේ PC එකකින්ද නැති නම් Mobile phone එකකින්ද යන්න අදාලම නෑ.
සමහරුන්ට මෙය තරමක ඇබ්බැහියක් වන තරමට මේවා සෙල්ලම් කරනවා.

අපි පොඩි කාලේ ඉදල හැමෝම කියන්නේ ගේම් සෙල්ලම් කරන එක අපේ ජීවිතයේ දියුණුවට බලපෑමක් විදිහටයි.
කවුරුත් හිතලා නැද්ද ගේම් සෙල්ලම් කරලා සල්ලි හොයන්න පුලුවන් විදිහක් ගැන.

අපේ පලමු ලිපියෙන්ම අපි අරන් එන්නේ ඒ පිලිබඳවයි.

Facebook youtube වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයාලා දැකලා ඇති ඕනෙ තරම් ගේම් සෙල්ලම් කරන ඒවා වීඩියෝ කරලා දාලා තියෙනවා. සමහර ඒවා කොටස් කොටස් එකතු කරලා ගොඩක් පිරිසක් ආකර්ශණය කරගන්න පුලුවන් විදිහට හදලා තියෙනවා.

මේ විදිහට වීඩියෝ දාන එකෙන් හිතාගන්න බැරි විදිහට මුදල් හම්බකරනවා. ක්‍රම ගොඩාක් තියෙනවා.

මේ ක්‍රමය පිලිබඳ විශේෂතා වන්නේ ආරම්භ ප්‍රාග්ධනයක් යෙදීමට අවශ්‍ය නොවන තරම්ම වීමයි.
දැනට ඔයා සෙල්ලම් කරන ගේම් එක ස්ක්‍රීන් රෙකෝඩර් එකක් මාර්ගයෙන් පටිගත කරගෙන, පොඩි වීඩියෝ එඩිටින් ඇප් එකක් හෝ සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් සිත්ගන්නාසුලු ආකාරයට සකසා ගැනීමයි.

ඊට පසුව ඔයාගෙම කියලා youtube චැනලයක් ආරම්භ කරලා ඒකට අප්ලෝඩ් කරන්න ඕනේ. Youtube චැනලයක් ආරම්භ කර මුදල් ගෙවීමක් ලැබෙන පරිදි සකසා ගන්නා ආකාරය කියලා දෙන වීඩියෝ youtube එකේ තියෙනවා.

මෙතනදි තමන්ට සෙල්ලම් කල හැකි ඕනෑම ගේම් එකක් තෝරගත හැකි අතර, එය මගින් තමා වටා රසිකයන් පිරිසක් එක් රැස් කරගත යුතුය.

ගේම් එකක් තෝරා ගැනීමේදී මේ දින වල වඩාත්ම ජනප්‍රිය එකක් තෝරා ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

(මම ආස කරන වීඩියෝ තියෙන චැනල් ටිකක් පහතින් දාන්නම්)

කොහොමද සල්ලි හොයන්නෙ කියලා බලමු
මේක ටිකක් කල් යන වැඩක්.

තමන්ගෙ දක්ෂතාව මත හා නිර්මාණ්ශීලීත්වය මත ඉක්මණින්ම කරගන්නත් පුලුවන්.

01) Youtube එකෙහි ඔයාගේ වීඩියෝ නරඹන ප්‍රමාණය හා subscriber ප්‍රමාණය මත යම් මුදලක් මාසිකව ලබාගන්න පුලුවන්.

02) ඔයාගේ වීඩියෝ වල ජනප්‍රියත්වය මත යම් යම් පාර්ශව මගින් ඔබගේ චැනලය හරහා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ඇත.

03) ඔයා භාවිතා කරන උපකරණ වලට අනුග්‍රාහකත්වයන් ලැබෙනු ඇත.

04) ගේම් නිෂ්පාදකයන් ඔයා මාර්ගයෙන් ඔවුන්ගේ නව නිර්මාණ ප්‍රවර්ධනය කරගනු ඇත.

05) නිෂ්පාදකයන් ඔවුන්ගේ සංස්කරණය කරමින් පවතින ගේම් පාරික්ෂා කරවා ගැනීම සදහා ඔබව මිලට ගනු ඇත.

ඉතින් ඔයාලටම පෙනවානේ… පොඩි දෙයක් උනාට මෙතන ලොකු කතන්දරයක් තියෙනවා.

මේ පුලුවන් තරම් කෙටියෙන් කිව්වේ. මේක කොතරම් සාර්ථක ක්‍රමයක්ද කියනවානම් මේ වන විට වෘත්තීමය වශයෙන් ගේම් සෙල්ලම් කරන පිරිසක් ඉන්නවා.
එයාලා කරන්නේ ගේම් සෙල්ලම් කරලා මේ වගේ වීඩියෝ දාන එක තමයි.

https://youtu.be/RF8HMoxMuww
https://youtu.be/VdO_Msla2gc

ඉතින්, ලොකුවට හිතන්න එපා.
වෙනස් විදිහකට හිතන්න.
හැමෝටම ජය.

තවත් අයට මේ ලිපිය වැදගත් වෙයි.

ඒ නිසා මතක ඇතිවම share කරන්න.

මේ වගේ තවත් දේවල් දැනගන්න
ACIER - අසියර් පේජ් එක LIKE කරන්න.

මේ ගෲප් එක හදලා තියෙන්නේ සියලුම ආකාරයේ සේවා හා භාණ්ඩ සපයන්නන් වගේම සියලුම ගැනුම්කරුවන් එකම තැනකට එකතු කරගැනීමටයි. අපිට ඕ...
15/05/2020

මේ ගෲප් එක හදලා තියෙන්නේ සියලුම ආකාරයේ සේවා හා භාණ්ඩ සපයන්නන් වගේම සියලුම ගැනුම්කරුවන් එකම තැනකට එකතු කරගැනීමටයි.

අපිට ඕනෙ තමන්ගේ ව්‍යාපරය ප්‍රවර්ධනය කර ගැනීම මගින් ඔබ බලාපොරොත්තු වන දියුණුවට ලගාවීමට සහයක් වීමයි.

තවද ගැනුම්කරුවන් වශයෙන් තම අවශ්‍යතාවයට සරිලන සේවා හෝ භාණ්ඩ සපයන්නන් පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාවක් ලබාදීමටයි.

ව්‍යාපාරික ලෝකයට එකතු වෙන්න බලාපොරොත්තුවක් ඇති නව ආයෝජකයන්ට අවශ්‍ය මග පෙන්වීම්, සහ ඒ ආශ්‍රිත සියලුම සේවා සපයාගැනීම සහය වීමයි.

ලෝකයම අන්තර්ජාලය හා සබැදිව නව්‍යකරණය වන අවස්ථවක සමාජ මාධ්‍ය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි ලෙසට මෙය වැඩිදියුණු කිරීම අපගේ අරමුණු වේ.

එසේම නව අදහස් සොයා යන අයට මෙම සමූහය වැදගත් ස්ථානයක් බවට පත් වනු ඇත.

ව්‍යාපාරික ලෝකය පිලිබඳ අදහස් හුවමාරු කරගැනීමට සහ අන් අයට අවබෝධයක් ලබා ගැනීම සහ තම ගැටලු ඉදිරිපත් කරමින් ඒවා සදහා සාර්ථක පිලිතුරු ලබා ගැනීමට අවකාශයක් ඇත.

රැකියාවක් සොයන්නට මෙමගින් රැකියාවක් ලබා දිය හැකි අයවලුන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ඇත.

තම ව්‍යාපරයට හෝ ආයතනයට සේවකයන් බදවා ගැනිම සදහා රැකියා පුරප්පාඩු මෙහි පලකිරීම සදහා විවෘත වේ.

සරලවම මෙය සියලුම දෙනා හට කෙදිනක හෝ වැදගත් වන ස්ථානයකි.

මේ වන විට දින 2ට ආසන්න කාලයකදී සාමජික ප්‍රමාණය 50කට ආසන්න ප්‍රමාණයක් අප හා සම්බන්ධ වී ඇත.

මෙම සමූහය සියල්ලන්ටම විවෘත වන අතර සමූහයේ සාර්ථකත්වය සාමාජික ප්‍රමාණය මත තීරණය වේ.

එමනිසා මූලිකවම සමූහයේ සාමාජික ප්‍රමාණය වැඩිදියුණු කර ගත යුතුය.

ඔබගේ සියලුම යහලු යෙහෙළියන් හට මෙම සමූහය වෙත ආරාධනා කරන්න. වැඩි වැඩියෙන් එකතු කරගන්න.
නිසැකවම ඔබත් මමත් ජය ලබනු ඇත.

හැකි තාක් මෙය share කරන්න. සියලුම දෙනා අප හා සම්බන්ධ වන්න. ඔබට ජය

https://www.facebook.com/groups/562759481292170/

Address

No. 398, Bandanagala, Kalukele
Polonnaruwa
51037

Telephone

+94766128283

Website

Alerts

Be the first to know and let us send you an email when Hanger- The Gift Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hanger- The Gift Hub:

Shortcuts

Share