20/01/2025
බොහෝ මිනිසුන් ට ජීවිතයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම පහසුකමක්ම පවතී
නමුත් ඔවුන් සාර්ථකත්වය සඳහා උත්සාහයක් දරන්නේ නැත ... සියලුම පහසුකම් තිබියදීත් ප්‍රශ්න නොතිබීම නිසා නැති ප්‍රශ්න හදා ගෙන තම අසාර්ථකත්වයට මග පාදා ගනී
නමුත් සියලුම පහසුකම් නොතිබෙන දුගී දුප්පත් මිනිසුන් නැති බව තම අභිප්‍රේරණය කරගෙන ජීවිතේ ජය ගැනීමට වෙහෙසක් දරයි
ඔබ අද දිනයේ නිර්මාණය කරනු ලබන්නේ අනාගතයේ සිත්තමයි
හොඳ මොලයක්,අතපය නිසි ආකාරයෙන් පවතින ඔබට කළ නොහැක්කක් නොමැත
සෑම පහසුකමක්ම පවතින බොහෝ මිනිසුන් අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ව අභිප්‍රේරණය කිරීමට කිසිදු ප්‍රශ්නයක් තම වටපිටාවේ නොමැති වීමයි
ඒ නිසා ඔබ වටා පවතින ප්‍රශ්න කිසිවිටෙක ඔබව දුර්වල නොකරයි,එම ප්‍රශ්න විසින් ඔබව අභිප්රේරණය කරයි
ඔබ වටා පවතින ප්‍රශ්න හමුවේ ඔබ කිසිවිටෙක දුර්වල නොවන්න . ඔබ ජීවිතය ජය ගත් එක්තරා අවධියක ඔබ විසින්ම ඔබ වටහා ගනිවි මෙවැනි ප්‍රශ්න සහිත අතීතයක මා ජීවත් නො වූවා නම් කිසි විටෙක මෙවන් වර්තමානයක් උදා නොවන බව
ස්තුති කරන්න ඔබ ව වට්ටන්න හදන මිනිස්සුන්ට