09/09/2026
https://www.facebook.com/share/p/1MHw3oKH6M/
“ඔයාට නම් හැමදේම ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන් නේද?”
ගොඩක් අය මගෙන් එහෙම අහනවා....
මම ඒ හැම වෙලාවෙම හිනා වෙනවා...
ඒත් ඒ හිනාව පිටුපස තියෙන කටුක කතාව,
ඒ අය දන්නේ නැහැ…
රැකියාවට යන්න කලින්
ගෙදර වැඩ ටික බලන කාන්තාවක්…
රාජකාරිය අතරතුරත්
ගෙදර දරුවන් කෑවද, පාසලේ වැඩ ටික කළාද,
අද ගෙදර ගෙනියන්න ඕන මොනවද කියලා
හිතන කාන්තාවක්…
වැඩ ඉවර වෙලා
ශරීරය හොඳටම මහන්සි වෙලා ගෙදර ආවත්,
“අද නම් මට බැහැ…” කියලා
සියල්ල පැත්තකට දාලා නිදාගන්න බැරි කාන්තාවක්…
ඒ තමයි…
රැකියාව කරන කාන්තාව. ❤️
ඇය උදේ ගෙදරින් එළියට යන්නේ
රැකියාවක් කරන්න විතරක් නෙමෙයි.
ඇයත් එක්ක
ගෙදර ප්‍රශ්න,
දරුවන්ගේ හීන,
දෙමව්පියන්ගේ බලාපොරොත්තු,
ගෙදර වගකීම්,
තමන්ගේම හීන…
හැමදේම අරගෙනයි යන්නේ.
සමහර දවස්වල
රාජකාරිය ඇයව සම්පූර්ණයෙන්ම හෙම්බත් කරනවා.
ඒත් ගෙදර දොර අරිද්දී
ඇයට තමන්ගේ මහන්සිය
දොරෙන් එළියේ තියලා එන්න වෙනවා…
දරුවෙක්,
“අම්මේ…” කියලා කතා කළාම
ආයෙත් සිනහවෙන් වැඩ පටන් ගන්නවා. ❤️
ආදරණීය කෙනෙක්,
“අද මහන්සිද?” කියලා ඇහුවාම
දවස පුරා හිතේ තියාගෙන හිටපු බර
ටිකක් සැහැල්ලු වෙනවා.
ඒ නිසා…
කාන්තාවක් හැමදේම කරන්නේ
ඇය යකඩෙන් හැදුණු නිසා නෙමෙයි.
ඇය අනිත් අයට ආදරය කරන නිසා.
ඒත් මේ ගමනේ
මට තේරුණ වැදගත්ම දේ තමයි,
කාන්තාවක් ශක්තිමත් කියලා
ඇයට හැමදේම තනියම කරගන්න අමාරුයි.....
ඒක නිසා,
ඇයගේ ශක්තිය
ඇයව තවත් වැඩවලින් පුරවන්න
හේතුවක් කරගන්න එපා.
ඇයට උදව් කරන්න.
ඇය මහන්සි වෙලා ඉන්න දවසක
“අද මම කරන්නම්” කියන්න.
ඇය නිහඬව ඉන්න දවසක
“මොකද වුණේ?” කියලා අහන්න.
ඇයගේ රැකියාව
“ඔයාගේ වැඩක්” කියලා වෙන් නොකර,
ඇයගේ ජීවිතයේ කොටසක් විදිහට පිළිගන්න.
මොකද…
රැකියාව කරන කාන්තාවකට
වැටුපක් විතරක් නෙමෙයි,
තේරුම් ගැනීමත් අවශ්‍යයි. ❤️
සමහර කාන්තාවන්
උදේ තමන්ගේ දරුවාට කෑම හදලා
රාජකාරියට යනවා.
සමහරු
දරුවා නිදාගන්න කලින් ගෙදර එන්න බැරිව
හිතෙන් අඬනවා.
සමහරු
තමන්ගේ අම්මා තාත්තාට වෙලාව දෙන්න බැරිව
වරදකාරී හැඟීමකින් ඉන්නවා.
සමහරු
රැකියාවෙන් ඉහළට යන්න හීන දකින අතරේ
“මම හොඳ අම්මා කෙනෙක්ද?” කියලා තමන්ගෙන්ම අහනවා.
සමහරු
ගෙදර අය වෙනුවෙන්
තමන්ගේම හීන කල් දානවා.
ඒ හැම කාන්තාවක්ම
තමන්ගේම විදිහට
නිහඬ සටනක් කරනවා. 🌷
ඒ සටන හැමදාම කාටවත් පේන්නේ නැහැ.
ඇගේ මුහුණේ තියෙන්නේ
හිනාවක් විතරයි.
නමුත් ඒ හිනාව පිටුපස
කොච්චර මහන්සියක් තියෙනවාද කියලා
දන්නේ ඇයම විතරයි.
ඒ නිසා අද
රැකියාව කරන කාන්තාවක් දැක්කොත්
ඇයට තවත් වගකීමක් පටවන්න කලින්
මේක මතක තියාගන්න…
ඇයත් මහන්සි වෙනවා.
ඇයටත් විවේකයක් ඕන.
ඇයටත් කෙනෙක්ගේ උරහිසක් ඕන.
ඇයටත්
“ඔයා කරන දේ මට පේනවා”
කියන වචන ටිකක් ඕන.
ඇයටත්
තමන් වෙනුවෙන් ජීවත් වෙන්න
ටිකක් වෙලාවක් ඕන.
ඒ වගේම…
ඇයට තමන්ගේ හීන අත්හරින්න
ඕන නැහැ. ❤️
රැකියාවත් රැකගෙන,
පවුලත් ආදරයෙන් රැකගෙන,
තමන්වත් අමතක නොකර
ඉදිරියට යන්න ඇයට පුළුවන්....🌸
සමහර දවස්වලට
හැමදේම හොඳින් කරගන්න බැරි වෙයි.
ගෙදර වැඩක් මඟ හැරෙයි.
රාජකාරියේ අඩුපාඩුවක් වෙයි.
දරුවන්ට අවශ්‍ය තරම් වෙලාව දෙන්න බැරි වෙයි.
ඒකට කමක් නැහැ…
ඔබ අසාර්ථක කාන්තාවක් නෙමෙයි.
ඔබ
ඔබට හැකි උපරිමයෙන්
ඔබේ ජීවිතය රැකගෙන යන
කාන්තාවක්. 🌸
ඒ නිසා අද
කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන
ඔබටම එක දෙයක් කියන්න…
“මම හැමදේම පරිපූර්ණව කරන්නේ නැහැ.
ඒත් මම හැමදාම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා.
ඒකම ඇති.” ❤️
රැකියාව කරන,
පවුල රැකගන්න,
හීන පස්සේ දුවන,
නිහඬව කඳුළු පිසදාගෙන
ඊළඟ දවසේ ආයෙත් සිනහවෙන් නැගිටින
හැම කාන්තාවකටම මේ ලිපිය උපහාරයක් වේවා 🌷❤️
ඔබ තනි නැහැ.
ඔබ කරන සටන වටිනවා.
ඔබත් වටිනවා.
✍️ හෙදියකගේ සිතුවිලි 🌿