Richard Stationery Store

Richard Stationery Store We are the leading stationery store in Ratnapura, All your school and office stationery items under one roof.

07/09/2026

පුංචි හදවත් බලාපොරොත්තුවලින් පුරවන
තවත් සුන්දර පාසල් වාරයක ඇරඹුම... 🎒✨

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ කැපවෙන අපේ ආදරණීය අම්මලා තාත්තලාට 'රිචඩ්' අපේ උත්තමාචාරය!

අම්මගෙයි තාත්තගෙයි ඒ සුන්දර මතක අවදි කරන්නට මෙන්න ඔබට අනගි අවස්ථාවක්...

ඔබේ අම්මාගේ හෝ තාත්තාගේ ළමා කාලයේ වඩාත්ම සුන්දර, නොමැකෙන මතකය මොකක්ද?

ඔවුන්ගේ ඒ අපූරු අත්දැකීම ගැන කියන විනාඩියකට අඩු වීඩියෝවක්,
නම / ගම / පාසල
සමඟින් අදම අප වෙත එවන්න.
ඒ සොඳුරු මතකයන් අපි එකතු වී ලෝකයටම කියමු! 🎥❤️

වීඩියෝ එවිය යුතු ආකාරය: WhatsApp හරහා අප වෙත යොමු කරන්න.

රත්නපුර හොලීපිටිය පුරාණ ගල්ලෙන් විහාරයේ "ඇසළ කලාපයට" සමගාමීව දර්ශණීය තොරන් රාජයා විවෘත කිරීම...
03/08/2026

රත්නපුර හොලීපිටිය පුරාණ ගල්ලෙන් විහාරයේ "ඇසළ කලාපයට" සමගාමීව දර්ශණීය තොරන් රාජයා විවෘත කිරීම...

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! හුදී ජන පහන් සංවේගය උපදවාඅනුබුදු මිහිඳු මාහිමියන්, ලක්දිවට වැඩම කර,සම්බුදු පියාණන් වහන්ස...
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

හුදී ජන පහන් සංවේගය උපදවා
අනුබුදු මිහිඳු මාහිමියන්, ලක්දිවට වැඩම කර,
සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය
සිරිලකට තිළිණ කළේ
අදවැනි උතුම් පොසොන් පොහෝ දිනයකයි.

"මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පොහොය දින,ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්,දයාවෙන් සහ ම...
30/05/2026

"මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පොහොය දින,
ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්,
දයාවෙන් සහ මෛත්‍රියෙන් පිරී ඉතිරේවා!
ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.!


#වෙසක් #වෙසක්පෝය #සුබවෙසක් #වෙසක්මංගල්‍යය

"මව් සෙනෙහස තරම් උතුම් තවත් කිසිවක් මේ ලොව නැත... ❤️මුල්ම අකුරේ සිට අනාගතය දක්වාම සෙනෙහසින් මඟ පෙන්වන ලොව සියලුම ආදරණීය ...
10/05/2026

"මව් සෙනෙහස තරම් උතුම් තවත් කිසිවක් මේ ලොව නැත... ❤️
මුල්ම අකුරේ සිට අනාගතය දක්වාම සෙනෙහසින් මඟ පෙන්වන ලොව සියලුම ආදරණීය මව්වරුන්ට, රිචඩ් ස්ටේෂනරි පවුලේ අපෙන් සුබ පැතුම්!
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!"..................................
"Behind every great success story is a mother’s unconditional love and silent sacrifice. ❤️

Wishing a very Happy Mother’s Day to all the amazing Mother's out there!
– From the team at Richard Stationery Store."

අපි විවෘතයි!අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු සමඟින් රිචඩ් ස්ටේෂනරි නැවතත් ඔබගේ සේවයට විවෘතයි. ඔබ සැමට සුබ අලුත් අවුරුද...
20/04/2026

අපි විවෘතයි!

අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු සමඟින් රිචඩ් ස්ටේෂනරි නැවතත් ඔබගේ සේවයට විවෘතයි. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Thilini Nisansala Madani M Thotapitiya Richard Karawita

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!😍🙏💛             Richard Karawita Nuwan Karawita Dinusha G Karawita Pradeep Nawara...
13/04/2026

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
😍🙏💛


Richard Karawita Nuwan Karawita Dinusha G Karawita Pradeep Nawarathne Thilini Nisansala Madani M Thotapitiya

🎉 වසර 10ක සාර්ථක අභිමානය! 🎉කුඩාවට ඇරඹි "රිචඩ් ස්ටේෂනරි" අද රත්නපුර නගරයේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය වෙළඳසැලක් ලෙස හිස ඔසවා ස...
01/04/2026

🎉 වසර 10ක සාර්ථක අභිමානය! 🎉

කුඩාවට ඇරඹි "රිචඩ් ස්ටේෂනරි" අද රත්නපුර නගරයේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය වෙළඳසැලක් ලෙස හිස ඔසවා සිටින්නේ වසර 10ක කැපවීම සහ ගුණාත්මක සේවාව නිසාවෙන් බව නිහතමානිව කියන්නට කැමැත්තෙමු.

අපගේ මේ සාර්ථක ගමනේ ශක්තිය වූ පාරිභෝගික ඔබ සැමට අපගේ ගෞරවාදරය පුද කර සිටින අතර අපගේ සේවක මණ්ඩලයට ද අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

වඩාත් හොඳ සේවාවක් සැපයීමට අප සැමවිටම කැපවී සිටිමු.

from,
Richard Karawita
Padma Malani
Nuwan Karawita

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරටත් බුදු පහසින් ආලෝකමත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි…ශ්‍රී ලංකාද්වීපය දෙවනවරට බුදු සිරිපා ...
01/04/2026

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරටත් බුදු පහසින් ආලෝකමත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි…

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරට බුදු සිරිපා පහසින් ආලෝකමත් වූයේත් දහම් සුවදින් නිවී සැනසී ගියේත් මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයේය.

බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි චූලෝදර – මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළගක් වෙනුවෙන් ඇති වූ සටනක් දිවැසින් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් එය සංසිදුවන පිණිස බක් පොහෝ දිනයේ අලුයම නාගදීපයට වැඩි සේක.

ඉන්පසුව ලෝකනාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට ධර්මය දේශනා කළහ.

දහම් අසා ප්‍රීතියට පත් නා රජුන් දෙදෙනා යුද්ධය ඇති වීමට හේතු වූ මිණි පළග තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දානය වළදා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ සහිත පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් පිණිස කිරිපලු රුක හා මිණි පළග නාගයන්ට පවරා දී සැවැත්නුවර බලා පෙරළා වැඩියහ.

ඔබ සැමට උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය සිහියට නැගෙන පින්වන්ත දිනයක් වේවා.

15/01/2026

Designing, Printing & Delivering – All Under One Roof

Address

No 8/10 Kudugalwatta
Ratnapura
70000

Telephone

+94452233777

Website

Alerts

Be the first to know and let us send you an email when Richard Stationery Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category