05/02/2025
කිරි ටොෆි හරියට හදමු
අවශ්‍ය දේවල්
🌷මිල්ක් මෙයිඩ් ග්‍රෑම් 510
🌷සිනි ග්‍රෑම් 500
🌷බැදගත් කජු ග්‍රෑම් 80 ක් ( තිබේනම්)
🌷බැදගෙන කොටාගත් එනසාල් ඇට 10ක්
🌷වැනිලා තේ හැදි 1 ක් (තිබේනම්)
🌷බටර් ග්‍රෑම් 15 ක්
🌷වතුර මිල්ක් මේඩ් ටින් 1/3 ක්
සාදන විදිහ
👩🍳 සාමාන්‍ය ගින්දරේ බදුනක් ලිපේ තබා එයට මිල්ක් මේඩ්, සිනි, වතුර එකතු කරගෙන නොකඩවා ලී මිටකින් කවලම් කරගන්න...
👩🍳සාමානයෙන් මේක පදම ගානට එන්න විනාඩි 17-25 අතර කාලයක් ගත වෙන්න පුළුවන්..හැබයි ඔබ ලබා දෙන ගින්දර සැර අනුව මේ වේලාව අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්..
👩🍳ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා... එහෙම වුනොත් පිච්චෙන්න පුළුවන්..ඒ වගේම ටොපි ඒක සෙට් වෙන් නැති වෙන්න පුළුවන්......
👩🍳දැන් විනාඩි 17 කින් වගේ ලිප ඔෆ් කරලා මං පහල සදහන් කරන දේවල් පිළිවෙලට ඒක ගානේ එකතු කර හොදට මිශ්‍ර කරගන්න. එනසාල්, කජු, වැනිලා, බටර්
දැන් ඒ දේවල් හොදට මිශ්‍ර වුණු පසු ආයෙම ලිප ලාවට ඕන් කර මිශ්‍රණය කවලම් කරමින් මද වෙලාවක් රත් කරගන්න....
👩🍳මිල්ක් ටොපි එකේ පදම හොයාගන්නේ ලී මිටකින් උඩට ගත් විට කැඩී කැඩී වැටෙනවා නම් පදම හරි....
👩🍳දැන් කිරි ටොපි මිශ්‍රණය හරි පදම ආවාම ට්‍රේ එකට දාගෙන...ඉක්මනට තුනී කරගෙන උඩින් හොදට සමතලා කර කැට කපාගන්න... ඉන්පසු මෙය නිවෙන්න තියන්න.....
👩🍳නිවුණු පසු කිරි ටොපි ටික වෙන් කරගන්න..
👩🍳කිරි ටොපි මිශ්‍රණය දාන ට්‍රේ එකේ සහ සමතලා කරන පිහියේ හෝ spachula එකේ මුලින්ම බටර් ටිකක් ගාගෙන ඉන්න......
( උපුටාගැනීමක් )