Seranya Saree

Seranya Saree Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seranya Saree, Shopping Service, No. 27/2, Senanayaka Labeema, Tangalle.

24/10/2020
13/12/2019

අලුතින් හිතන .තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවැසි ඔබ සඳහාම

ලංකාවේ වගේම විදේශීය රටවලත් විවිධ වෙළෙඳාම්/ සමාගම් දවසින් දවස මේ දැනට පවතින වෙළඳපලත් එක්ක එකතු වෙනවා. නමුත් තමන්ගේ ව්‍යාපාරය නිවැරදි ආකාරයෙන් හසුරුවාගන්නේ, එහෙමත් නැත්නම් පවත්වාගෙනයන්නේ කොහොම ද කියන කාරණය ගැන පැහැදිලි වැටහීමක් නැහැ. තමන්ගේ ව්‍යාපාරය ගෙනයායුත්තේ කොතනට ද ලාභ උපයාගන්නේ කෙසේ ද තමාගේ ව්‍යාපාරයේ වෙළඳපල වටිනාකම් මොනවාද යන්න හඳුනානොගැනීම නිසා එම සමාගම්, එම වෙළඳාම් ඉතා සීමිත කාලයක් තුළ ගැටලු‍ රාශියකට මුහුණ පාලා වැසී යන තත්ත්වයටම පත්වෙනවා. අද මේ ලිපිය තුළින් කතා කරන්නේ ඔබත් අලු‍තෙන් ව්‍යාපාරයක්/සමාගමක් ආරම්භ කළාට පසු ඉදිරියට පාඩුවක් නොවී එය පවත්වාගන්නේ කොහොම ද සාර්ථකව මෙය පවත්වාගෙන යාමට කළ යුතු හා නොකළ යුතු දේවල් සම්බන්ධයෙන්.
You raise too early – ඉතා ඉක්මනින් වඩා වැඩි වර්ධනයක් බලාපොරොත්තු වීම.
සමාගමක් හෝ වෙළදාමක් වෙනුවෙන් ආයෝජනය කරන හුඟක් දෙනා බලාපොරොත්තු වෙන්නේ ඉතා කෙටි කාලයක් තුළ වැඩි ලාභයක් උපයාගැනීම.
සමහර සමාගම් පටන්අරන් ඉතා කෙටි කාලයක් තුළ දී බලාපොරොත්තු නොවූ වර්ධනයක් පෙන්නුම් කරනවා. එවිට ගොඩාක් ආයෝජකයන් කරන්නේ තවත් වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් ආයෝජන ඒ සඳහා සිදු කරන එක. ආයෝජකයන් බොහෝවිට මෙම ආයෝජන සිදු කරනු ලබන්නේ බැංකු මගින් ලබාගන්නා ණය පදනම් කරගෙන. ආයෝජකයන් සැමවිටම බලාපොරොත්තු වෙන්නේ තමා ආයෝජනය කරනවාටත් වඩා වැඩි ලාභයක් උපයාගන්න.
වෙළඳ වර්ධනය සහ ලාභ ඉපැයීම කරුණු කිහිපයක් මුල්කරගෙන සිදුවිය හැකියි.
තම නිෂ්පාදනය වෙළඳපල සඳහා නව නිෂ්පාදනයක් වීම.
පාරිභෝගිකයන් සීමිත බැවින් පාරිභෝගික සත්කාරය උපරිම අයුරින් කිරීමට හැකිවීම.
ප්‍රදර්ශනාගාරය හෝ අලෙවි මධ්‍යස්ථානය එම ප්‍රදේශයට අලු‍ත් ආයතනයක් බැවින් සහ ආකර්ශනීය ස්ථානයක් නම් පාරිභෝගිකයන් එම ස්ථානයට එන ප්‍රමාණය වැඩිවීම.
භාණ්ඩවල මිල පාරිභෝගිකයාට දැරිය හැකි සාධාරණ මිලක් වීම.
එමෙන්ම වෙළඳාම වර්ධනය නොවීම සහ වෙළඳාම ලාභ නොලබා පවත්වාගෙනයාම කරුණු කිහිපයක් මත සිදුවේ.
නිෂ්පාදනය, වෙළෙඳපොළ සඳහා අලූත් නිෂ්පාදනයක් බැවින් බොහෝ පාරිභෝගිකයන් අත්හදාබැලීම් කරනු ලබන අතර එම පාරිභෝගිකයන් ඒ සඳහා බලාපොරොත්තු වන මට්ටමට වඩා අඩු තත්ත්වයක පැවතීම.
වැඩිවන පාරිභෝගිකයන්ට තමාගේ නිෂ්පාදනයන් නිසි ලෙස ලබාදීමට නොහැකිවීම.
සේවකයන්ට ද වැඩි වැඩ ප්‍රමාණයක් නියම කිරීමෙන් නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලූ මතුවීම.
වෙළඳාමේ වර්ධනයත් සමඟම නිෂ්පාදකයා විසින් නිෂ්පාදන භාණ්ඩවල මිල ඉහළ දැමීම ද තවත් බලපාන කරුණකි.
සමාගමක් පටන්ගැනීමේ දී මූලිකව සිතා බැලිය යුතු කාරණා.
සමාගමක් පටන්ගැනීමේ දී එය ලියාපදිංචි කරන තැන පටන්ම සිතා බැලිය යුතු සහ කළ යුතු කාරණා බොහොමයක් පවතී. අවබෝධයක් නොමැතිව සහ සැලසුමක් නොමැතිව පටන්ගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
සමාගමක් පටන්ගැනීමේ දී,
ඉදිරියේ දී යා යුත්තේ කොතැනට ද?
සමාගම පටන්ගන්නේ කුමන අරමුණක් අරභයා ද?
කවදා ද පටන් ගන්නේ.
කොහෙද (ස්ථානය) පටන්ගන්නේ.
මොනවගේ නිෂ්පාදනයන් ද සිදු කරන්නේ.
කුමන සේවාවක් ද පාරිභෝගිකයාට ලබාදෙන්නේ.
කවුරුන් මේ සඳහා සහභාගී කරගන්නවා ද?
නිෂ්පාදනයන් පාරිභෝගිකයන් අතරට ගෙනයන්නේ කුමන ආකාරයෙන් ද?
මෙවැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වී සැලසුම් කරගත යුතු අතර මනා අවබෝධයක් ද මේ පිළිබඳව ලබාගත යුතුයි. එලෙසින්ම කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් බෙදා කාල වකවානු සහිතව සමාගමේ ප්‍රධාන පුද්ගලයන් සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් දැනුවත් විය යුතු අතර සමාගමේ දැක්ම පිළිබඳ සෑම දෙනාටම අවබෝධයක් එවිට ලැබේ.
එමෙන්ම විවෘත අදහස් හා විනිවිදභාවය තුළින් ද සෑම දෙනාගේම අදහස් හා යෝජනා තුළින් ද සමාගමක් පවත්වාගෙනයාමට වැඩි දායකත්වයක් හිමිවේ.
ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම. විශ්ෂයෙන් සංචාරක කර්මාන්තය Digital තාක්ෂනය උපරිමයෙන් බාවිතා කරනු ලබනවා
තාක්ෂණය දවසින් දවස දියුණු වෙමින් පවතින අතර නිෂ්පාදනයන් අලෙවි කිරීමේ දී ප්‍රචාරණය සඳහා ද වැඩි වශයෙන් භාවිතා කරයි. අද වන විට (smart phone) අතේ ගෙනයාහැකි ජංගම දුරකතනයක් භාවිත නොකරන්නෙකු සොයාගත නොහැකි මට්ටමට පැමිණ තිබෙන අතර සමාගම් ලියාපදිංචි කිරීමේ සිට නිෂ්පාදනයක් විකුණාගැනීම දක්වාම තාක්ෂණය භාවිතා කරගනිමින් වැඩ කටයුතු පහසු කරගනී.
සමාජ මාධ්‍ය භාවිතා කිරීම අතින් ඉතා ඉදිරියෙන් සිටින අතර ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ යුත්තේ කොයි ආකාරයෙන් ද කියා සේවාවන් සැපයීමට ද බොහෝ සමාගම් ද සමාජයේ ඇත. නමුත් සේවාවන් සපයන සමාගම් හරහා තම සමාගමට අවශ්‍ය පරිදි සේවාවන් ලබාගත්තත් එය නිසි ආකාරයෙන් පවත්වාගෙන නොයාම බරපතළ ගැටලු‍වකි.
උදාහරණයක් ලෙස තම සමාගමට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් සමාගම සමග ඉක්මණින් සම්බන්ධ වීමට වැනි කාරණා සඳහා වෙබ් පිටු නිර්මාණය කරගත්තත් එය ක්‍රියාකාරී ලෙස නොපැවතීම පාරිභෝගිකයා එම සමාගමෙන් දුරස් වීම වැලැක්විය නොහැක්කකි.
උදාහරණයක් ලෙස මෙවර උසස් පෙළ ලියු ශිෂ්‍යයකුට ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාලය තෝරාගැනීමට පෙළඹුණේ තාක්ෂණය භාවිත කරමින් ඔන්ලයින් ලියාපදිංචි වීම හරහා ය. පෞද්ගලික විශ්වවිද්‍යාල අන්තර්ජාලය හා නරඹමින් ඒ සඳහා ලියාපදිංචි වීම ආරම්භ කළත් එයින් පිළිතුරු ලැබී තිබුණේ එක් ආයතනයකින් පමණක් වන අතර එය ද දින කිහිපයකට පසුවයි.
මෙවැනි අවස්ථාවල දී සිදුවනුයේ පාරිභෝගිකයන් අසතුටට පත් වීම තුළින් නැවතත් කිසිදු දිනක එම ආයතන හා සම්බන්ධ නොවන අතර, තවත් අයව ද අපහසුතාවයට පත්වූවන් විසින් දැනුවත් කරන අතර වෙබ් පිටු පවත්වාගෙනයාමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ලබාගත නොහැකිවීමයි.
තවත් උදාහරණයක් ලෙස කොල්ලු‍පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාර අසල ම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළ අතර කිසිදු වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරණය මෙන්ම වෙළඳාම සඳහා යොදා නොගත් අතර අද ද එහි කිසිදු වෙනසක් සිදු නොකරයි. ඔවුන්, ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත්තේ (Facebook) මුහුණුපොත පමණක්ම වන අතර අද වනවිට කාන්තා නිමි ඇඳුම් වලට පමණක් සීමා නොවී පිරිමින්ගේ නිමි ඇඳුම් ද විකිණීම දක්වා වර්ධනය වී ඇත.
ඉහත උදාහරණ දෙක තුළින්ම ඔබට පෙන්නුම් කරනු ලැබුවේ විවිධ සමාගම් තමන්ගේ පාරිභෝගිකයන් වෙත ළං වීම සඳහා අන්තර්ජාලය මෙන්ම ඩිජිටල් තාක්ෂණය ද යොදාගන්නා ආකාරයයි. විවිධ ආකාරයෙන් තම නිෂ්පාදන හඳුන්වාදීමට, විකිණීමෙන් ලාභ උපයාගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ හැකි අතර එය හරියාකාරව හසුරුවාගනිමින් පාරිභෝගිකයන් රඳවාගැනීම ඔබ සතු දක්ෂතාවයක් මෙන්ම වගකීමක් ද වේ.
ආයෝජකයන් තමාගේ නිෂ්පාදන වෙළඳපළ තුළ වර්ධනය කරගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය.
සමාගමක් / ආයතනයක් ආරම්භ කළ සැනින් අපට අවශ්‍ය ආකාරයෙන් පාරිභෝගිකයන් ගලාඒමක් සිදු වන්නේ නැත. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ යුතු අතර තම නිෂ්පාදන පාරිභෝගිකයා අතරට යැවීම සඳහා සැලසුම් ක්‍රමයක් ද තමා සතු විය යුතුයි.
ඒ සඳහා අවශ්‍ය ලෙස පූර්ව ප්‍රචාරක කටයුතු ඉතා විධිමත් ලෙස පියවරෙන් පියවරට කළ යුතුයි.
පාරිභෝගිකයන් තම භාණ්ඩ පිළිබඳ සෑහීමට පත්වන තුරු හෝ විශ්වාසයක් ඇතිව මිලදීගැනීමට හුරුවන තෙක් කාලයක් බලාසිටීම ඉවසීමෙන් කළ යුතුයි.
Digital තාක්ෂනය භාවිතා කිරීම දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක් වෙන්න . එය නිසි අවබෝදයකින් තොරව භාවිත කිරීම . දැනට 5 වසරේ බබෙකුට උනත් Facebook පිටුවක් සැකසීමට පිළිවන් එය එසේ හෙඉන් කෙසේ හෝ facebook පිටුවක් අටවාගෙන වියාපාර කල නොහැක ඒ සඳහා පළපුරුදු ආයතනයක සේවය ලබාගත යුතුය . ලංකාව වැනි රට වල සුළු විවසයාකින් තමන් දන්නා සියලුම සිල්ප තාම විසින්ම පාන්න යාමෙන් වෙන අගතිය වැඩිය . එම නිසා තමාගේ ව්‍යාපාරයට ගොඩනැගිලි , අමුද්‍රව්‍ය සඳහා ආයෝජනය කරනවා සේම . අලෙවිකරණය සඳහාද ආයෝජනය කල යුතුය .. අලෙවිකරණය යනු facebook පිටුවක් අටවාගෙන post එකක් දෙකක් දැමීම නොව . එක්තරා ක්‍රමයකට කල යුතු කාර්යකි . මේ සඳහා බොහෝ මෙවලම් තිබේ FACEBOOK , Instagram, Pinterest, twitter , Google product , තිබේ . මේවා නිසිලෙස භාවිතා කිරීම සඳහා මනා පුහුණුවක් ඇතිය ආයතනයක් සමග සම්බන්ද වී තමාගේ Digital අලෙවිකරණය සඳහා යොමු උවහොත් වැඩි productivity එකක් සහ වැඩි පාරිබෝගිකයන් ප්‍රමාණයක් ඔබ ආයතනයට ගෙන්වා ගැනීම ඉතාමත් සුළු දෙයක් බව මා පවසන්නේ ඉතාමත් වගකීමෙනි .
මහේෂ් මාපලගමගේ

Address

No. 27/2, Senanayaka Labeema
Tangalle

Telephone

+94472244048

Website

Alerts

Be the first to know and let us send you an email when Seranya Saree posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share