Eguds Online Marketplace

Eguds Online Marketplace Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eguds Online Marketplace, Udugampola.

29/07/2017

200 Page Likes! Thanks all for following EGUDS...

An online store that sells anything you want.

You can sell any product or service you can think of joining eguds as a seller as well.

Eguds වෙතින් නුදුරේදීම ලුහුඬු දැන්වීම් සේවාවක්...ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීමට, මිලයට/කුලියට ගැනීමට,අවශ්‍ය ඕනෑම දෙයක...
25/05/2017

Eguds වෙතින් නුදුරේදීම ලුහුඬු දැන්වීම් සේවාවක්...
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීමට, මිලයට/කුලියට ගැනීමට,අවශ්‍ය ඕනෑම දෙයක් අලෙවි කරගැනීමට ඉතා පහසු මිලකට දැන්වීම් සේවාවක් අපෙන්.
භාණ්ඩ හා සේවා, මංගල යෝජනා, සුරතල් සතුන්, නිවාස
/ඉඩකඩම් ඇතුළු වර්ගීකරණ රාශියක් යටතේ ඔබගේ දැන්වීම් පළකරවා ගන්න.

Await our newest addition.. Eguds Classified Ads...
Buy/Sell/Rent anything and everything. Find what you want. Publish your ads under Goods and Services, Marriage proposal, Pets, Real Estate and many more categories.🚗🚐🚜🚁🎻🏏🐕🐿️🦅🏡⚒️📚💡💻📺📻

19/05/2017

මාගල්ලේ බීරළු රේන්ද කර්මාන්තය

කළුතර, මාකෙළිය කිතුල් නිෂ්පාදන
19/05/2017

කළුතර, මාකෙළිය කිතුල් නිෂ්පාදන

Sri Lanka Tourism Development Authority (SLTDA) functioning a domestic tourism travel promotional program titled “Adaraneeya Sri Lanka (Lovingly Sri Lanka)”,...

වෙබ් අඩවියේ වැඩ දැන් නිමයි. කැමති අයට පහත ලිපින ඔස්සේ ගිහින් සම්බන්ධ විය හැකියි.ඔබේ නිෂ්පාදන අළෙවියට අමතරව වෙබ් අඩවිය පහ...
16/05/2017

වෙබ් අඩවියේ වැඩ දැන් නිමයි. කැමති අයට පහත ලිපින ඔස්සේ ගිහින් සම්බන්ධ විය හැකියි.

ඔබේ නිෂ්පාදන අළෙවියට අමතරව වෙබ් අඩවිය පහසු මිලකට ලුහුඩු දැන්වීම් පලකිරීමටද අවස්ථාව ලබා දෙනවා. ඒක තියෙන්නෙ Classifieds යටතේ.

ඒ වගේම ඔබේ ප්‍රදේශයේ ඔබ දන්නා සහ සොයා ගත හැකි සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්, ස්වයං රැකියාකරුවන්, ව්‍යාපාරිකයින් මුණ ගැසී වෙබ් අඩවියේ නියෝජිතයකු ලෙස ඔවුන් හා ඔබටත් ලාභයක් ලැබෙන පරිදි ගිවිසගත් මිලකට ඔවුන්ගේ නිෂ්පාදන, දැන්වීම් අප වෙබ් අඩවියේ පල කොට ඔවුන්ගේ අළෙවිකරණ කටයුතු වලට සහාය දෙමින් මුදල් ඉපයීමට ඔබටත් හැකියාව තියනව. ඔබ එසේ කරනවා නම් අප ඔබට නොමිලයේ අළෙවිසැලක් ලබා දී සහාය වෙනවා.

උනන්දුද? එසේ නම් අමතන්න..

දුරකථන | වයිබර් | වට්සැප් : 0763 460177
ඊමේල් : [email protected] | [email protected]
උදව් ලිපි : https://eguds.lk/sell/
වෙබ් අඩවිය : https://eguds.lk

👉👉👉👉 පසුගිය මැයි 15 දින EGUDS කණ්ඩායම කැළණි මිටියාවතේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ නියුතු කාර්මිකයන් රැසක් මුණ ගැසී ඔවු...
16/05/2017

👉👉👉👉 පසුගිය මැයි 15 දින EGUDS කණ්ඩායම කැළණි මිටියාවතේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ නියුතු කාර්මිකයන් රැසක් මුණ ගැසී ඔවුන්ගේ නිෂ්පාදන සහ ඇණවුම් සඳහා වෙබ් අඩවියේ ඉඩ කඩ වෙන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවන්හි නිරත වූ අතර ඉතා සාර්ථකව ඔවුන් ඒ සඳහා තම එකඟතාවය හා සහයෝගීතාවය ප්‍රකාශ කලහ. රටෙහි පවතින අභාවයට යමින් පවතින් පැරණි කර්මාන්ත මෙන්ම නොයෙකුත් ස්වයං රැකියාවන් සඳහා හොඳ වෙළඳපලක් ලබා දෙනු වස් කොන්දේසි විරහිතව උපරිම සහයෝගයෙන් eguds.lk කටයුතු කරනු ඇත. මෙය එවන් දැවැන්ත අරමුණක එක් කුඩා පියවරක් පමණි. .............................................................
On 15th May 2017, EGUDS Team visited an entire pottery village in Kelani valley, Western Province, in order to seek the potential and possibility to represent their presence online as a traditional-industry-supporting and responsible marketplace. We are happy to announce that our attempt succeeded. EGUDS will host all kinds of their products and customized product ordering through us will be possible. As always, EGUDS will be helping your business unconditionally.
......................................................

ඔබත් ඔබ ප්‍රදේශයේ සිටින නොයෙකුත් දේශීය නිෂ්පාදකයන්ට සහය වනු වස් ඔවුන් අප හා සම්බන්ධ කරන්න. නොමැති නම් ඔවුන්ගේ නිෂ්පාදන කතිකා කරගත් මිල ගණන් වලට අප වෙබ් අඩවියේ ලාභයක් සහිතව අළෙවි කොට නිවසේ සිටම, නැතිනම් ඔබ ප්‍රදේශයේ සිටම අමතර ආදායමක් උපයා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න.

ඔබ සතු ඕනෑම නිශ්පාදනයක් සඳහා රට පුරා අළෙවි අවස්ථා වැඩි කරගන්න. නව ව්‍යාපාරික අවස්ථා සොයාගන්න. ලංකාවේ පළමු වරට ඔබටම ඔබේ අළෙවිසැලක් හිමි වන අන්තර්ජාල වෙළඳපලක්. ව්‍යාපාරිකව ලොකු කුඩා සැමට විවෘතයි..

අමතන්න : 0763 460177 ( Phone | WhatsApp | Viber )
ඊමේල් : [email protected] | [email protected]
උදව් : https://eguds.lk/sell/
වෙබ් අඩවිය : https://eguds.lk/

.නව කෘෂි සම්ප්‍රදායක් හදන්න ඕනැ..අපේ නිෂ්පාදකයා තීරකයා කරන්න ඕනැ..එහෙම නොවීම නිසා රටට බත සපයන එකාට අද යන එන මං නැති වෙලා...
05/05/2017

.නව කෘෂි සම්ප්‍රදායක් හදන්න ඕනැ..අපේ නිෂ්පාදකයා තීරකයා කරන්න ඕනැ..එහෙම නොවීම නිසා රටට බත සපයන එකාට අද යන එන මං නැති වෙලා..අතරමැදියො තුට්ටුවට දෙකට ඒ මිනිස්සුන්ගෙ නිෂ්පාදන ගත්තම ඒ මිනිස්සුන්ට ලාභයක් තියාගන, ජීවත්වෙලා ඊලඟ කන්නෙට වැඩ කරන්න බැහැ..ඉතින් නොයෙකුත් තැන් වලට ණය වෙලා කබලෙන් ලිපට වැටෙනවා..අතරමැදියන්ට තියෙන්නෙ මුදල් පස්සෙ හඹා යාමේ උණක්..ලොකු ව්‍යාපාරිකයො නිසා අස්වනු ප්‍රවාහනයේදී හානි වෙලා අහක යන ප්‍රමාණය ගැන තැකීමක් නැහැ..මේ නිසා පසු අස්වනු හානිය අධිකයි.

අපි නිෂ්පාදකයාට තරඟකාරී වෙලඳපලක් නිර්මාණය කරමු. තම නිෂ්පාදන වලට තම විය හියදම් පියවෙන, ලාභයක් ලැබෙන, තම ආර්ථිකයට සවියක් වෙන මිලක් නියම කරන්නට උදව් කරමු. අතරමැදියන්ගේ ඒකාධිකාරය බිඳිමු..ගොවියා රජ කරමු. වස විශ අධිකව භාවිත වෙන්නත් එක හේතුවක් ගොවියාට සාධාරණ මිලක් නොලැබීම.

විකුණගන්න බැරුව ලොරි ගණන් අලින්ට හලන එළවළු, මහ මග තැලිල පොඩි වෙලා විනාශ වෙන එලවළු, පලතුරු ගැන වේදනාව තියෙන්නෙ හදපු මිනිස්සුන්ටයි. අපි ඔවුන්ටම බලය දෙමු...

https://eguds.lk

කෘෂි ව්‍යාපාර වල නියුතු බොහෝ අයට ඇති ගැටළුවක් තමයි තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට අපහසු වීම...ඒ අයගේ කැප කිරීම...
05/05/2017

කෘෂි ව්‍යාපාර වල නියුතු බොහෝ අයට ඇති ගැටළුවක් තමයි තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට අපහසු වීම...ඒ අයගේ කැප කිරීමට සුදුසු ගරුත්වයක් නොදී, ඔවුන්ගේ පැවැත්ම සහ වෘත්තීය වටිනාකම අවතක්සේරුවට ලක් කරමින් තමයි සංවිධානාත්මකව කුණුකොල්ලෙට නිෂ්පාදන මිලදී ගන්නෙ. අතරමැදියන් විශාල ලාභ ලබමින් ව්‍යාපාරිකව වැජඹෙන අතර නිපදවන අය නොයෙකුත් අපහසුතා මැදයි එය කරන්නෙ.
මෙතනදි ගොවීන්ට මේ අතරමැදියන්ගේ ඒකාධිකාරය මතම යැපෙන්න වෙලා තිබීමට ප්‍රධාන හේතුවක් වෙන්නෙ ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින තරඟකාරී වෙළඳපලකට තම නිෂ්පාදන ඉදිරිපත් කිරීමට හැකියාවක් හෝ පසුබිමක් නොමැතිකමින්...මෙන්න මේ ගැටළුවට අප ලබාදෙන තාක්ෂණික විසඳුම තමයි eguds.lk. මෙය ඕනෑම අයෙකුට තම නිෂ්පාදන හෝ සේවා සඳහා ඔන්ලයින් වෙළඳසැලක් සකසා ගත හැකි ඔබ හොඳින් දන්නා ebay, aliexpress වගේ අලෙවිකරුවන් විශාල ප්‍රමාණයක් හා ඔවුන්ගේ නිෂ්පාදන වලින් සැදි වෙබ් අඩවියක්. නිවසේ සිටම තම නිෂ්පාදන සහ මිල ගණන් ඡායාරූප සමග ඇතුළත් කොට ඒවා මුළු ලොව හමුවට ගෙන යා හැකි තාක්ෂණික පහසුකම් සපිරි ඔන්ලයින් වෙළඳපළක් (Online marketplace)..

දැන් ගැටළුවක් වෙලා ඇති කොහොමද මීට එකතුවෙන්නෙ කියල. එය ඉතාම පහසුයි.

01.සක්‍රිය ඊමේල් ලිපිනයක් භාවිතයෙන් https://eguds.lk හි I am a vendor ලෙස තෝරා ලියාපදිංචි වන්න.
02.ඒ හා සමගම ඔබව ඔබගේ අළෙවිසැලෙහි මූලික සැකසුම්වලට (settings) යොමු කෙරේ. එහිදී ඔබ ඔබගේ ලිපිනය,බැංකු තොරතුරු,රටේ විවිධ ප්‍රදේශ හා වෙනත් රටවල් සඳහා ප්‍රවාහන ගාස්තු (shipping charges),බැනරය,සම්බන්ධ කරගැනීමේ තොරතුරු ආදිය ඇතුළත් කල යුතුය.
03.නමුත් තවමත් ඔබට ඔබේ නිෂ්පාදන ඇතුළත් කල නොහැකිය. ඔබ ඔබගේ පදිංචිය හා අනන්‍යතාවය තහවුරු කරන නීත්‍යානුකූල ලිය කියවිලි අප වෙත සැපයීමෙන් පසු භාණ්ඩ අළෙවි කිරීමේ හැකියාව ලැබේ.

අප ඔබේ නිෂ්පාදන මිලදී නොගන්නෙමු. අළෙවි කරන්නේ ඔබයි. වෙබ් අඩවිය කරනුයේ ඔබේ නිෂ්පාදන සම්බන්ධ තොරතුරු පාරිභෝගිකයන්ට සවිස්තරව ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ අන්තර්ජාල ගෙවීම් ලබාගැනීමත්ය.

ඇණවුමක් ලද විගස ඊමේල් හරහා ඔබව දැනුවත් කෙරෙන අතර ඔබ හැකි ඉක්මණින් පාරිභෝගිකයාගේ ලිපිනයට භාණ්ඩය යැවිය යුතුය. මීට පහසුවෙන් උදව් කරගත හැකි කුරියර් හා තැපැල් සේවා රට පුරා ඇත.

ඇණවුම සම්පූර්ණ වීමෙන් පසුව එනම් පාරිභෝගිකයාට භාණ්ඩය ලැබී එය ඔහු බලාපොරොත්තු වූ තත්වයෙන්ම ඇති බවට තහවුරු වීමෙන් පසු භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවූ වටිනාකම අළෙවිකරුගේ බැංකු ගිණුමට බැර කෙරේ. මෙම මුළු විකුණුම් එකතුව මාසය අවසානයේ ඔබගේ ඉපයීම් ලෙස ලබා ගත හැකිය.

ඔබට අවශ්‍ය උදව් සහ සියළු මග පෙන්වීම් අප ලබා දෙන්නෙමු. ඔබට සෘජුව කරගෙන යාම අපහසු නම් ඔබ වෙත පැමිණ නිෂ්පාදන තොරතුරු ලබා ගැනීමට අපට හැකිය.

මූලිකව ඔබ ව්‍යාපාරය ගොඩනගාගෙන සාර්ථකත්වය කරා යන තුරු අපගේ සේවාවන් සඳහා අයකිරීම් නොකරන්නෙමු. නමුත් වෙබ් අඩවියද සේවයක් මුල් කරගත් ව්‍යාපාරයක් නිසාත් එහි නඩත්තුව හා පවත්වාගෙන යාම වෙනුවෙන් අප එම සේවා සපයන ආයතන වලට ගෙවීම් කරන නිසාත් ඔබට හැකි අයුරින් මුදලින් දායක වන්නේ නම් අගය කරමු. එසේම වෙබ් අඩවිය සක්‍රියව පවත්වාගෙන යාම ඔබගේ මෙන්ම අන් අයගේ ව්‍යාපාරික දියුණුවටද වැදගත් කාරණයකි.

කෘෂි නිෂ්පාදන ඔන්ලයින් වෙළඳසැලක අළෙවිය මගින් පොදුවේ ලැබිය හැකි වාසි EGUDS සපයන සේවයටද අදාළව පහත පරිදි දැක්විය හැක.

01.තරඟකාරිත්වය නිසා හොඳ මිලක් කතිකා කර ගත හැකිය.
02.නිෂ්පාදන සඳහා වෙළඳපළ පුළුල් වීම
03.විදේශීය වෙළඳපළ මෙන්ම විදේශීය ගැනුම්කරුවන්ද සොයා ගත හැකිය.
04.නිවසේ සිටම අවම වියදමකින් ඉහලම පාරිභෝගික ප්‍රජාවක් කරා නිෂ්පාදන ඉදිරිපත් කල හැකි වීම
05.වෘත්තීය සහ ව්‍යාපාරික ස්ථිරතාවය වැඩිදියුණු වීම
06.නව ව්‍යාපාරික අවස්ථා උදා වීම හා ආදායම් වැඩි වීමත් සමග ආයෝජන සහ නිෂ්පාදන වල ගුණාත්මය ඉහල යාම
07.නැවුම් නිෂ්පාදන පාරිභෝගිකයාට සැපයිය හැකි වීම
08.අතරමැදියන්ගේ අසාධාරණ ඒකාධිකාරය බිඳ වැටීම
09.පසු අස්වනු හානිය අවම කර ගත හැකිය. (අස්වැන්නෙහි වටිනාකම දන්නේ එය තැනීමට දහඩිය මුගුරැ හෙළූ කෙනාය.)
10.ඇණවුමට මුදල් කලින්ම වෙබ් අඩවියට ගෙවන නිසා මුදල් ගනුදෙනු සුරක්ෂිතය.
11.වෘත්තීය සුරක්ෂිතභාවය ඔස්සේ කෘෂිකර්මාන්තයට හා කෘෂි ව්‍යාපාර වලට වැඩි දෙනෙකු යොමු කල හැකි වීම
12.දැනට නොයෙකුත් හේතූන් නිසා ඇණහිට ඇති කෘෂි ව්‍යාපාර සඳහා නව බලාපොරොත්තු සැපයීම
13.ගොවි ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවිය හැකි විසදුමක් වීම
14.යම් යම් විශේෂිත අරමුණු මුදුන් පමුණුවා ගත හැකි වීම ; උදා> සාම්ප්‍රදායික භෝග වගාවට, කාබනික වගාවට උනන්දු කොට එම නිෂ්පාදන සඳහා රටෙහි හොඳ ඉල්ලුමක් හා මිලක් ඔන්ලයින් අළෙවිසැල් ඔස්සේ ඇතිකිරීම මගින් ගොවීන් ඒවාම වගාවට යොමු කිරීමත් එමගින් මහජනතාවගේ පෝෂණ හා සෞඛ්‍යමය ගැටළු සඳහා විසදුම් සෙවීමත්
15.නව වගාවන් හා ඒවායේ නිෂ්පාදන ප්‍රචලිත කල හැකි වීම
16.සාමාන්‍ය වෙළඳපල ක්‍රමය යටතේ කුඩා ප්‍රදේශයකට සීමා වන යම් යම් විශේෂිත හා දුලබ නිෂ්පාදන පහසුවෙන් ඕනෑම අයෙකුට ලබා ගත හැකි වීම
17.අවශ්‍ය නිෂ්පාදනය හා එය නිපදවන අය පහසුවෙන් සොයාගත හැකි වීම
18.ඔබ අළෙවිසැල වෙනුවෙන් දිනකට වැය කල යුත්තේ ඉතා සුළු කාලයකි. මේ නිසා සාමාන්‍ය දෛනික කටයතු වලට දැඩි බලපෑමක් සිදු නොවේ.
19.ඔබට පහසු ඕනෑම තැනක සිට පරිගණකයෙන් හෝ smart දුරකථනයෙන් අළෙවිසැලෙහි කටයුතු පරිපාලනය කල හැකිය.
20.සියල්ල ස්වයංක්‍රීයව සිදු වන නිසා මහා පරිමාණ ව්‍යාපාරයක් වුවද තනි පුද්ගලයෙකුට කාලය,ශ්‍රමය,මුදල් ඉතිරි කරගෙන කාර්යක්ෂමව කරගෙන යා හැක.
21.අඩු පිරිවැයකින් ඇරඹිය හැකි වීම හා සම්පත් කාර්යක්ෂම ලෙස යෙදවිය හැකි වීම

(තව කරුණු මතක් වුනොත් ලියන්නම් :))

මේ ආදී ලෙස දේශීය ගොවියාට ප්‍රයෝජනවත් මෙකී නොකී කරුණු බොහොමයක් මේ ඔස්සේ සපුරාගැන්මට පුළුවන.
🍅🍆🍇🍈🍉🍊🍏🍎🍌🍋🍄🍛🍐🍑🍒🍓🍍

කෘෂි නිෂ්පාදන පමණක් නොව වෙබ් අඩවිය ඔබගේ ඕනෑම නිෂ්පාදනයකට විවෘතයි. ඔබ කුමන මට්ටමක ව්‍යාපාරයකට හිමිකම් කීවද අප ඔබට අපගේ උපරිම සහාය දෙන්නෙමු.

උනන්දු නම් සම්බන්ධ වන්න අදම....

අපගේ ෆේස්බුක් පිටුවට Like එකක් ලබා දෙන්න.

අමතන්න: 0763460177 (WhatsApp| Viber)
Email: [email protected] | [email protected]
Facebook :
Web: https://eguds.lk
Help: https://eguds.lk/sell/

01/05/2017

මී මැස්සන් බොහොමයක් ශාක වල පල දැරීමේ ක්‍රියාවලියට අවශ්‍යයි. කෘමිනාශක භාවිතය සහ මිනිසා නිසා සිදුවන පාරිසරික වෙනස්කම් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක්..

ඔබ මී මැසි පාලනයේ යෙදෙන්නෙක්ද? ඔබේ නිෂ්පාදන සඳහා රට පුරා විහිදුනු වෙළඳපලක් eguds.lk සමග තනාගන්න..ඔබේ අළෙවිකරණ අවස්ථා වැඩි කරගන්න..

EGUDS, සැමට සියළු දේ සපිරි තැනක්..

////////////////////////////////////////////////////////////////////////////////////////////////////

ඔබගේ ව්‍යාපාරය මෙන්ම දේශීය ව්‍යවසායකයා නව මගකට ගෙන යාමට ඔබත් අදම අප සමග අත්වැල් බැඳගන්න.

>>> ඔබ අළෙවි කරන ඕනෑම නිශ්පාදනයකට හෝ සේවාවකට අපෙන් ඉඩක්

🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐මේ අයගේ නිෂ්පාදන මුළු ලෝකයටම ගෙනයන්න eguds.lk සූදානම්..ඒ ඔස්සේ ඔවුන්ගේ ශිල්පීය දැනුම සහ කුසලතාවයන් ...
30/04/2017

🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐

මේ අයගේ නිෂ්පාදන මුළු ලෝකයටම ගෙනයන්න eguds.lk සූදානම්..ඒ ඔස්සේ ඔවුන්ගේ ශිල්පීය දැනුම සහ කුසලතාවයන් රැකගන්නත්, ඔවුන්ගේ ආර්ථිකයන්ට සවියක් වෙන්නත් තමයි EGUDS වෑයම.

මේ අයට පූර්ණව නොමිලේ වෙබ් අඩවියේ අළෙවිකරණ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. එසේම ඔවුන්ට අවශ්‍ය පුහුණුව අප සපයනවා. ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් අප ඔබට සහය වන්නේ එලෙසින්..

ඔබත් දන්නා මෙවැනි ව්‍යාපාර, සාම්ප්‍රදායික කර්මාන්ත වේ නම් නොපමාව අපට සම්බන්ධ කරන්න. අප ඔවුන්ට සවිය සහ ජවය වන්නෙමු.

////////////////////////////////////////////////////////////////////////////////////////////////////

ඔබගේ ව්‍යාපාරය මෙන්ම දේශීය ව්‍යවසායකයා නව මගකට ගෙන යාමට ඔබත් අදම අප සමග අත්වැල් බැඳගන්න.

>>> ඔබ අළෙවි කරන ඕනෑම නිශ්පාදනයකට හෝ සේවාවකට අපෙන් ඉඩක්

පරිසරය ගැනත් හිතමු...
28/04/2017

පරිසරය ගැනත් හිතමු...

Address

Udugampola
11030

Telephone

+940763460177

Alerts

Be the first to know and let us send you an email when Eguds Online Marketplace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eguds Online Marketplace:

Shortcuts

Share