08/23/2024
මිනිස්සු වෙනුවෙන් බොහෝ කැපකිරීම් කලාම ඒ මිනිස්සු ඔබට ආදරේ වෙයි කියලා ඔබටත් හිතෙනවාද ?
එහෙනම් ඒ ගැන දෙපාරක් හිතන්න...🙏
අපි කැපකිරීම් කල පලියට,
අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු පලියට,
අපේ කාලය ශ්‍රමය මුදල් ඔවුන් වෙනුවෙන් යොදවපු පලියට කවුරුත් අපිට ආදරේ වෙන්නෙ නෑ...
ඒක සම්බන්ධව ඔබට ඕනෑතරම් ජීවන අත්දැකීම් ඇති.
මිනිස්සු බහුතරයක් ඇත්තටම කැමති
තමන් හරි හෝ වැරදි වේවා
තමන්ට ප්‍රශංසා කරන අයට.
තමන්ගෙ කොච්චර අඩුපාඩු තිබ්බත් තමන්ව මුරුංගා අත්තේ තියලා හරි සතුටු කරන අයට.
තමන්ගෙ ගුණ විතරක් කියන අයට.
බුද්ධියෙන් හීන මිනිස්සුන්ගෙ වැරදි අඩුපාඩු පෙන්නන්න ගියොත් එයාට නරකම මනුස්සයා වෙන්නෙ ඔයා 😵💫
මිනිස්සු වෙනුවෙන් කැපකිරීම් කරන්න ❤
කාලය, ශ්‍රමය, මුදල් වැය කරන්න ❤
හැබැයි,
ඒ තමන් කරන යුතුකම් තමන්ට පිනක් කියලා විතරක් හිතාගෙන කරන්න.
ඒ පින හැකි තරම් හොදින් කරන්න ❤
අපි කරන පින් සොබාදහම බලාගෙන ඉන්නවා...
අපි උදව් කරන කෙනාගෙන්ම පෙරලා අපිට සැලකිලි නොලැබුණත්,
අපි කරන යහපත වෙනුවෙන් යම් දවසක අපිට යහපත සැලසෙනවා❤❤❤
අපි සලකන හැමෝටම අපේ වගේම සිතුවිලි නැති වෙන්න පුළුවන්.
මිනිස්සු එකිනෙකාට වෙනස් !
සිතුම්- පැතුම් වෙනස් !
ඒ නිසා,
ඔබ කෙනෙක් වෙනුවෙන් කොච්චර කැපකිරීම් කලත් ඒක පිනක් කියලා හිතලා කරනවා මිසක්,
ඒ කෙනා මටත් මෙහෙම සලකාවි කියල හිතාගෙන කලොත් ඔබ දවසක ගොඩක් අසරණ වෙන්න පුළුවන් .
✍️ වෛද්‍ය හසනි ලේල්වල