09/11/2026
Hello ❤️ පොඩි දෙයක් කියන්න ආවේ…
හරිම කනගාටුවෙන් කියන්න වෙන දෙයක් තියෙනවා. 🥺
මේ page එකේ දැනට 119k කට ආසන්න පිරිසක් ඉන්නවා. අවුරුදු 5කට ආසන්න කාලයක් තිස්සේ මම මේ page එක පවත්වාගෙන යන්නේ ඔයාලගේ විශ්වාසය, ආදරය සහ සහයෝගය එක්ක. ඒ ගැන මම ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ❤️
AliExpress ගැන ගොඩක් දේවල් මම මේ page එක හරහා ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ දේවල් බලලා AliExpress වලින් තමන්ටම orders දාලා බඩු ගෙන්න ගත්ත අයත් ගොඩක් ඉන්නවා. 🥰
ඒ වගේම, order එකක් දාගන්න අමාරු අයට මම පුළුවන් විදිහට free support එක දීලා තියෙනවා. ඒ වගේම මගේ කාලය සහ මහන්සිය වෙනුවෙන්, order එකක් දාලා දෙන service එකක් Rs.150ක් වගේ පොඩි මුදලකට මම ලබා දෙනවා.
මේ අවුරුදු ගණනාව තුළ මට හොඳ මිනිස්සු වගේම, ඇත්තටම හිත රිදෙන විදිහට හැසිරුණු අයත් හම්බවෙලා තියෙනවා. Order එක දාගෙන payment එක නොදී block කරන අය වගේ දේවල් නිසා, දැන් මම කිසිම කෙනෙක් වෙනුවෙන් unpaid orders දාන්නේ නැහැ.
Order එකක් දාගන්න ඕනේ කෙනෙක්ට, තමන්ටම order එක දාගන්න පුළුවන් විදිහ මම කියලා දෙනවා. ❤️
තව එක දෙයක් ආදරයෙන් කියන්න ඕනේ. 🙏
Post එකක අපි price එකක් දාන්නේ ඒ වෙලාවේ තියෙන actual price එක බලලා, 100%ක් නිවැරදිව දැනුවත් කරන්නයි. ඒ නිසා post එකක් දැක්ක ගමන්, හරියට නොදැන කටට එන දේ කියලා comment කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. 🥺
“මේක විශ්වාස කරන්න එපා”, “බොරු price දාලා” වගේ දේවල් කිසිම හේතුවක් නැතුව comment කරන්න එපා කියලා ආදරයෙන් ඉල්ලනවා. ❤️
මොකද මේ page එක අවුරුදු 5ක් තිස්සේ මම මහන්සියෙන්, අවංකව සහ මිනිස්සුන්ගේ විශ්වාසය රැකගෙන පවත්වාගෙන ආපු එකක්. ඒ විශ්වාසය මට ගොඩක් වටිනවා. 🥹❤️
ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන කිහිපදෙනෙක් හැර, order එකක් දාගන්න ඕනේ ඕනෑම කෙනෙක්ට මගෙන් පුළුවන් උපරිම support එක හැමදාම ලැබෙනවා. ❤️
ඔයාලා මෙච්චර කාලයක් මට දුන්න ආදරයට සහ විශ්වාසයට ගොඩක් ස්තූතියි. 🥰🙏
ඉස්සරහටත් පුළුවන් තරම් හොඳින්, අවංකව ඔයාලා එක්ක ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. ❤️